Showing posts with label ඉංග්‍රීසි. Show all posts
Showing posts with label ඉංග්‍රීසි. Show all posts

Thursday, December 8, 2011

සුදෙන් තන්ඩර්

මේ කතාව සිද්ද උණේ මම දහය වසරේ විතර ඉන්න කාලේ. අපේ පන්තියේ හිටිය පැණියයි, මමයි, පොඩි උවමනාවකට බොරැල්ලට ආ ගමන්. (උවමනාව පස්සෙ දවසක!)  රිට්ස් සිනමා හල ඉස්සරහින් බස් එකට නගින්න ඉන්දැද්දී පැණියා බෙල්ල කරකව කරකව මොකද්ද එකක් බලනවා. මමත් ඉතින් පැණියගෙන් ඇහුව බලන්නෙ මොකද්ද කියල. "බඩෝ, උඹට ඉංග්‍රීසි ටිකක් ඇහැක්නෙ, මොකද්ද බන් අර බෝඩ් එකේ ගහල තියෙන්නේ "සුදෙන් තන්ඩර්" කියල?" පැණිය අහපි. මම බෙල්ල හරවලා රිට්ස් එකේ ප්‍රධාන් දැන්වීම් පුවරුව දිහා බලද්දී මෙන්න මෙහෙම තියෙනවා!
Sudden Thunder

පැණියගේ කතා එතනින් ඉවර නෑ. ටවුන් හෝල් කිට්ටු වෙද්දී තියෙන බාටා කඩයක් දිහාත් මූ අමුතු බැල්මක් දගෙන ඉන්නවා. බැල්මේ හැටියට තවත් ආතල් එකක් ලඟ එන බව මට තේරුණා. "මොකද්ද බන් අර "සැලේ, සැලේ" කියල ගහල තියෙන්නේ? උගෙ අහවල් එක සැලෙනවද දන්නේ නෑ නේද?" කඩේ දිහා බලපු මට ආයෙත් හිනාව නවත්ත ගන්න බැරි උණා. කඩේ ගහල තියෙන්නේ Sale, Sale (සේල්, සේල්) කියල!

ඉංගිරිසි වැරදියට කියවන අපේ තවත් යාලුවෝ හිටිය. සිසිර එහෙම එක පොරක්. විශ්ව විද්‍යාලේ පටන් ගන්න කලින් තියෙන ඉංග්‍රීසි පන්ති වලදී අපි පොඩි විනෝද ගමනක් ගියා. ගමන දකුණු වෙරළ තීරෙට. ඉතින් රා බෝතල් කීපයක් එහෙ මෙහෙ ගිය බව කියන්න ඕනේ නැතුව ඇති මම හිතන්නෙ. ඉඳුරුව හරියෙදී
සිසිරයා අහනව "මොකද්ද බන් අර ඉඳුරුව බීච් "රොසෙට්" කියන්නෙ?" (රොසෙට්, Rosette = මල් පොකුර, අහුර) කියල. රා මත උඩ "ඉඳුරුව බීච් රිසෝට්" (Resort) සිසිරයට පෙනිල තියෙන්නේ එහෙම!