Showing posts with label සායනික පන්තිය. Show all posts
Showing posts with label සායනික පන්තිය. Show all posts

Sunday, January 12, 2014

Sperm bank

බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්‍රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ හැකියාව නැහැ. සමහර අයගේ ජානමය විකෘති බහුලයි. ඔය අතරින් දෙවැනි කණ්ඩායමට නළ දරුවන් (in vitro fertilization) ලබා ගැනීමට හැකියාව තියෙනවා. නළ දරුවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිකාර ක්‍රමය. නමුත් පළමු හා තුන්වන කණ්ඩායම් වලට ඒ අවස්ථාවත් නැහැ. මේ වගේ වෙලාවට කරන්න වෙන්නේ වෙන පිරිමියෙක්ගේ ශුක්‍රාණු පාවිච්චි කරලා (sperm donation) දරුවකු ලබා ගැනීම. 

1999 වගේ කාලේ මේ කියපු ක්‍රමය ලංකාවට ආගන්තුක එකක්. මොකද එහෙම කරන්න නම් ශුක්‍රාණු ගබඩා කර තියා ගන්නා ශුක්‍රාණු බැංකු ඇති වී තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගබඩා කරන්නේ ද්‍රව නයිට්‍රජන් ඇසුරේ. ඒ නිසා එවන් බැංකුවක් පවත්වා ගැනීම සෙල්ලමක් නෙවෙයි. ශුක්‍රාණු බැංකු පාවිච්චි වෙන තව අවස්ථාවක් තමයි ඊවිතය බේරා ගැනීම සඳහා ශුක්‍රාණු විනාශ විය හැකි ඖෂධ දෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක (පිළිකා සහ ඇතැම් වකුගඩු රෝග මේකට උදාහරණ ) ප්‍රතිකාරයට කලින් අනාගතය උදෙසා ගබඩා කර තැබීමට. ශුක්‍රාණු දායකයෙක් ගේ නම කොයි වෙලාවකවත් අනික් අයට හෙළි කරන්නේ නැහැ. උස, කෙස් සහ ඇස් වල පාට, සහ බුද්ධි ඵලය වගේ විස්තර ලබා දීමෙන් තෝරා ගැනීමකට ඉඩ ලැබෙනවා.

1999 වගේ කාලෙක එක්තරා නාරි හා ප්‍රසව වේදය පිලිබඳ වෛද්යතුමෙක් ශුක්‍රාණු බැංකුවක් පටන් ගන්න තීරණය කලා. දැන් මේකට දායකයොත් හොයා ගන්න ඕන. ඒ විද්‍යතුමා එවකට සායනික පුහුණුවට ආපු බඩා සහ කණ්ඩායමට ශුක්‍රාණු දායකයන් වෙන්න යෝජනා කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බුද්ධි ඵලය ඉහළයි කියල පිළිගන්නා නිසා දායකයන් හැටියට ඔවුන්ට තියෙන්න ඉල්ලුමත් බොහොම වැඩියි. ඒකට කණ්ඩායමෙන් ආවේ එක එක ප්‍රතිචාර.

සාමාන්යයෙන් ශුකාණු ලබා ගන්නේ ස්වයංවින්දනයේ යෙදීමෙන්. තැන්පත් කල ශුක්‍රාණු වලින් ගැබ් ගන්වීමක් කරන්නේ artificial insemination කියන ක්‍රමයෙන්. අපේ කණ්ඩායමේ හිටපු මුස්ලිම් සිසුවෙක් කියනවා "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියල. මේකා නොකියා ඉල්ලන්නේ ශුක්‍රාණු දෙන්න නම් බිරිඳකුත් හොයලම දෙන්න කියල! කොටියා කියන්නේ ඕක බැංකුවෙන් කරන්න ඕන නෑ මං ගාවට එව්වොත් ස්වභාවික ක්‍රමයටම (natural insemination) කරල දෙන්නම් කියල. සමනා කියන්නේ උගේ ගති ළමයට ගියොත් දායකයා හොයා ගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ, එතකොට මේ ගෑණු වන්දි ඉල්ලන් ඒවි කියල. ඒ ඔක්කොටම උඩින්, ශුක්‍රාණු බැංකු කරන වෛද්‍යතුමාට බඩා නම දැම්මා "ධාතුසේන" කියල. එදා ඉඳන් සහෝදර විශේෂඥ වෛද්‍යවරු පවා එතුමාට කතා කරනෙන "ධාතුසේන" කියලමයි.

ප.ලි.ලෝකේ අදක්ෂම
බැංකු හොරු ශුක්‍රාණු බැංකුවක් බිඳපු කතාවත් යන්තම් මතක් වෙනවා!

ප.ප.ලි. - දන්නෙම නැතුව කතා 50ක්ම ලියලා!

Friday, January 10, 2014

අතේ ද? කකුලෙ ද?

මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා කියනවා "you have to ask about testicular pain" කියල. දැන් "testicular pain" කියන එක සිංහලෙන් අහන එක ගැන අපේ අර කොට ජීවිත සෙට් එකට හරි ප්‍රශ්නයක්. හැබැයි මේ ලෙඩාගෙන් අදාල වෛද්‍යතුමා ඇහුවේ "වෘෂණ කෝෂය පැත්තට කැක්කුම යනවද?" කියල. ලෙඩත් "ඔවු" කියල පිළිතුරු දුන්නා. මේ ලෙඩා සිංහල ලෙඩෙක්.

Testis කියන්නේ වෘෂණ කෝෂය විදියට හිතේ තියා ගත්තු අපේ කොට ජීවිතයක් ඊලඟ ලෙඩාගෙන් රෝගී විස්තරය ගන්නවා. මේ ලෙඩාගේ ප්‍රශ්ණය වෘෂණ කෝෂයක් ඉදිමීම. හැබයි මේදා සැරේ ලෙඩා මුස්ලිම්. අපේ කොට ජීවිතේ අහනවා "දැන් ඉදිමිලා තියෙන්නේ කොයි පැත්තේ වෘෂණ කෝෂයද ?" කියල. සිංහල හරියට නොදන්නා මේ ලෙඩා හොල්මන්ද පොල්කොල. "අනේ නෝනා මාතියා ඒම එකක් ඉදිමිල නේ" ලෙඩා කියනවා. "එහෙනම් ඉදිමිලා තියෙන්නේ මොකද්ද?" මෙහෙම අහන්නේ අපේ කොට ජීවිතේ. "නෝනා, ඉදිමිලා තියෙන්නේ ඇටේ නේ" කියල. "ආ කොහේ ඇටේද? අතේද? කකුලෙද?" කියල අහන්නේ අපේ කොට ජීවිතේ! ලෙඩා කියනවා "අර දෙකක් තියෙන ඇටේ නෝනා" කියල. අහන් ඉන්න අපිට පට්ට හිනා!

ප.ලි. අස්ථි පඤ්ජරය හෙවත් ඇට සැකිල්ල කියන එකේ අකුරු මාරු වෙච්ච සංගෙඩිය පාඨක ජනයා දන්නවා ඇතැයි බඩා උපකල්පනය කරනවා.

Sunday, December 22, 2013

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.

බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ලස්සනට, ව්‍යාකරණානුකූලව සිංහලෙනුත් කතා කරන්න අයට හැකියාව තිබුණා.

නමුත් කණිෂ්ඨ කණ්ඩායම් වල නම් මේ ලෝගුව ඇඳගත්තු කීප දෙනෙක් හිටියා. මේ සිද්ධිය වෙන්නේ අන්න ඒ අයගෙන් කෙනෙක් සම්බන්ධව. ඒ දවස් වල බඩා හිටියේ ළමා වාටුව පැත්තේ, අවසන් වසර සායනික පන්ති වල. කණිෂ්ඨ කණ්ඩායම් සඳහා වන පළමු සායනික පන්ති වලට යොමු කරවීමේ වැඩසටහනකට අදාලව ඒ සිසු-සිසුවියනුත් පැමිණ සිටියා. මේ අතර හිටියා ලෝගුව ඇඳගත්තු කෙනෙක්. ළමුන් සමග කතා කර "රැපෝ" (rapport) එක හදා ගැනීම ළමයකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙනවා. අපේ අදාල ලෝගුදාරී සිසුවියත් ළමයෙකුට ලං වුණා. මේ ශිෂ්‍යාව නිකාබ් ඇඳගෙන සිටියේ. අපිට ඒක ලොකු ප්‍රශනයක් නොවුනට ළමයා ට නම් ප්‍රශ්නයක් වෙලා! "බිල්ලෙක්! බිල්ලෙක්!" කිය කිය මහ සද්දෙට ළමයා අඬනවා. එකෙක් අඬන්න ගත්තම වාටුවම නළාව ගහන්න ගන්න එක ළමා වාට්ටු වල සිරිතක්. එදත් එහෙම වුණා! අන්තිමට ෆර්දාව ගලවලා රෝග විස්තර අහන්න අදාල සිසුවියට සිද්ධ වුණා.

දෙවැනි සිද්ධිය වෙන්නේ බඩා වෛද්‍යවරයෙක් විදියට සෙවය කරද්දී. තවත් කණිෂ්ඨ කණ්ඩායමක මේ විදියම වෛද්‍යවරියක් හිටියා. මේ අය ආවේ විභාගයක් සඳහා රෝගීන් පරීක්ෂා කර පුරුද්ද ලබා ගැනීමට. ඇය ඇන්දේත් නිකාබය. මේ වගේ වෙලාවට විභාග වලට ගන්න විදියෙ රෝගීන් අපි ලැයිස්තුගත කරලා තියෙනවා පිටින් එන වෛද්‍යවරුන්ගේ පහසුවට. මෙයින් එක් රෝගියෙක් පෙර කී වෛද්‍යවරියට ඔහුව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. "ලෝගුව ඇඳගෙන මෙතෙන්ට සිය ගාණක් එනවා. දොස්තර කවුද, බිල්ලා කවුද කියල මම කොහොමද දන්නේ?" රෝග්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක.

මේ සිද්ධි වෙනකොට අදාල අංශවල මුස්ලිම් වෛද්‍යවරු සහ මහාචාර්යතුමලා පවා සිටියා. ඒත් අපේ සමහර අන්තර්ජාල වීරයෝ වගේ එතුමලා රෙදි උස්සන් කෑ ගැහුවේ නැහැ. "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා.

Sunday, December 8, 2013

දඩයමේ යනවද?

මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්.

බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ!) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා. 

ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද?" කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද?" කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.

ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද?" කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා!

Sunday, November 3, 2013

සුද්ද නිසා බේරුණා

මේ කතාව සිද්ධ වෙන්නේ 2001 අවුරුද්දේ. ඒ වෙනකොට අපි හතර වන වසර ශිෂ්‍යයෝ. මේ සිද්ධියට පාදක වෙන්නේ අපේ ජ්‍යේෂ්ඨ කණ්ඩායම, මහාචාර්ය සායනික ඒකක වල වැඩ කරපු කාලය. මහාචාර්ය ඒකක වල ප්‍රධානියා බොහෝ විට ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙක් බව ඔබ දන්නවා ඇති. මේ මහාචාර්ය තුමාත් එහෙමයි. උසස් පාසලකින් ඉගෙන ගත්තු, උසට සරිලන මහත තියෙන බොහොම තේජවන්ත මහාචාර්යතුමෙක්. තරුණ කාලයේදී වෙඩි උණ්ඩ වගේ වේගයෙන් පන්දු යවන්න පුළුවන් වූ බවටත් ප්‍රසිද්ධයි. ඒ වගේම තමන්ගේ විෂයයේ ලෝක පූජිත මහචාර්යතුමෙක්. මේ නිසාම දේශීය සිසුන් විතරක් නෙවෙයි, කෙටි කාලීන අධ්‍යාපන පැවරුම් (clinical appointments) සඳහා විදේශීය සිසුන් පවා මහාචාර්යතුමා ගාවට එනවා. බොහෝ මහැදුරන් වගේම මෙතුමාටත් ඉතාම තදින් කේන්ති යන කෙනෙක්. ඒ වගෙම තමන් ඉතා කැපවීමෙන් වැඩ කරන නිසා සියළු  දෙනාගෙන්ම ඒ ආකාරයේ වැඩ කිරීමකුත් එතුමා බලාපොරොත්තු වුණා.

මහාචාර්ය ඒකකයක සාමාන්‍යයෙන් සිසුන් 25ක පමණ කණ්ඩායමක් ඉන්නවා. මේ අතරට සුද්දෝ පස් දෙනෙකුත් ඉන්නවා. වෝඩ් රවුන්ඩ් කරද්දී මහැදුරු තුමා පිටිපස්සෙන් මහ සෙනගක්  එනවා. කලින් කතාවකත් කියලා තියෙන විදියට අපි රෝගීන්ගේ රෝග ඉතිහාසය, ඔවුන් පරීක්ෂා කිරීම සහ වෙනත් අදාල කරුණු සටහන් කරගෙන වෝඩ් රවුන්ඩ් එකට ලෑස්තියෙන් ඉන්න ඕන. කොහොමෙන් කොහොමෙන් හරි, මේ විදියට ලෑස්ති නොවූ කෙනෙක්ව මහැදුරුතුමා අතටම අල්ලා ගත්තා. එහෙම කරගත්තම නිකම් ඉන්නේ නෑ, මිනිත්තු පහළොවක් විතර ලුණු ඇඹුල් ඇතුව අහගන්නත් සිද්ධ වුණා. තමන් කරපු වැඩේ හරි බව අපට පෙන්නනත් එක්ක මහැදුරුතුමා සුද්දන්ගෙන් අහනවා "What will your Professor do if you've done something like this?" (මෙහෙම වැඩ නොකරන කෙනෙක් අහු වුණොත්, ඔයගොල්ලන්ගේ මහාචාර්
තුමා කරන්නේ මොනවද?) කියල. 

කිණ්ඩි හිනාවක් මූණට දාගත්තු සුද්දා කියාපි "He will utilize that quarter an hour to teach rather than wasting on scolding (ඔය බණින්න නාස්ති කල පැය කාලෙත් ඔහු අපට උගන්නාවි)  කියල. අපේ මහැදුරුතුමාට මළ පැණගෙන එන කොට නහයේ කොණ රෝස පාට වෙලා කන් දෙකත් රෝස පාට වෙනවා. එදා තිබුණු පැහැය වඩා කිට්ටු බීට් අලයකට කිව්වොත් වඩා නිවැරදියි. ඔළුව්ට උඩින් දුම් විසිවෙන්න ඔන්න මෙන්න ගානට තද වෙලා. කවදාවත් සිසුන් එක්ක ඉංග්‍රීසියෙන් ඇරෙන්න වෙන භාෂාවකින් කතා නොකරන මහැදුරුතුමා අපේ යාළුවා දිහාවට හැරිලා කියනවලු "මතක තියා ගණින්, උඹ සුද්ද නිසා බේරුණා කියල"

Wednesday, July 25, 2012

Landminner


වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ගොඩ දෙනෙක් කලේ "ෂේප් න්‍යායෙන්" මේ වැඩේ කරන එක. හැබැයි අහු වුණොත් නම් ඉතින් ජල බැණුම් තමයි. 

අපේ කණ්ඩායමේ කලා කාමී කොල්ලෙක් හිටියා. පිරිත් මණ්ඩප ගනන්න, වෙසක් කූඩු හදන්න, කැටයම් කපන්න වගේ දේවල් වලට මේකා හරිම සූරයා. ඒ වගේම තමයි දෙකක් දාගත්තම නියමෙට ආතල් සැපයීමත් සිද්ධ කරනවා. මේ සිද්ධිය වුනේ ළමා රෝග වාට්ටූ පැත්තේ. බඩා අර මුලින් කිවු විදියට රෝගීන් ගේ තොරතුරු තියාගෙන ඉන්න කියන්නේ හදිස්සියෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සායනික පන්තියක් (clinical class / ward class) පවත්වන්න ඒක පහසුවක් නිසා. එක දවසක් ළමා රෝග වාටුවේ මහචාර්යතුමෙක් අපේ කලාකාමියාට කතා කරලා රෝගියෙක් පෙන්නලා, හෙට මේ රෝගියා සායනික පන්තියකට ගන්න නිසා, විස්තර හොයාගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා දන්වලා තියෙනවා. වෙනදට හරියටම එකොලහ මාර වෙද්දී පණින මිනිහා හවස් වෙනක්ම්ම මෙන්න වාට්ටුවේ! රතු ඉර ගහන්න කලින් දුවන් එනවා වගේ හරියටම උදේ අටට එන මිනිහා මෙන්න උදේ හතට වාට්ටුවේ! 

ඊළඟට එළඹුනේ සායනික පන්තිය. කලාකාමියගේ රෝගී විස්තරය (history) නියමයි. කොටින්ම මහාචාර්ය තුමාට පවා පුදුමයි. රෝගී විස්තරය ඉදිරිපත් කරන කොට රෝගියාගේ සමාජ තත්වය ගැනත් සඳහනක් කරනවා. Social history කියන්නේ ඒකට. සමාජ තත්වය කියද්දී මෙන්න කලාකාමියා ගොත ගහනවා. "His father is a . . . a . .  Landminner!" කියල කියාපි. කට්ටියටම බඩ අල්ලන් හිනා වුණාට වෙන්නේ මොකද කියන එක ගැන හරි තේරුමක් නැහැ. වුණේ මොකද්ද කියල හරියට තේරුණේ සූර පප්පට විතරයි, මොකද කලාකාමියාගේ පොත කෙලින්ම පෙණුනු නිසා. "Father - මැණික් පතල් හාරනවා" කියල ඒකේ ලියල තිබුණා!