බොහෝ වැඩ, රෝගීන් ගේ කටයුතු සහ අධ්‍යයන කටයුතු කරන්න තිබුණු නිසාවෙන් බඩාට අළුත් කතා ලිවිල්ල ටිකකට මග හරුණා. ඒ ගැන බඩා මුලින්ම සහෘද පිරිසෙන් සමාව භජනය කර සිටිනවා.
බඩා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ නාරි සහ ප්‍රසව විද්‍යාව උගන්නන්න මහාචාර්යතුමෙක් හිටියා. උස, මහත, කළු, වලහෙක් වගේ මයිල් තියෙන, දරදඬු පෙනුමක් තමයි මේ මහැදුරුතුමාට තිබුණේ. ඒ වුණත්, ඉතාම කාරුණික, රෝගී සේවයට ලැදි, අති දක්ෂ ප්‍රසව හා නාරි වේදී වෛද්‍යතුමෙක් එතුමා තුල සිටියා. ඒ වගේම මෙතුමාගේ හැම වැඩක්ම ඉතාමත් වේගවත්. සොයිසා රෝහලේ පළමු තට්ටුවේ ඉඳන් දෙවනි තට්ටුවට විදුලි සෝපානය එන ටිකට මෙතුමා පඩි පෙළ නැගලා වාට්ටුවටත් එනවා! ඒ වගේම තමයි සැත්කම් කරන වේගය. අනික් වෛද්‍යවරු විහිළුවට වගේ කියන්නේ ලෙඩාට රිදෙන්නව තරම් ත් වෙලාවක් යන්නේ නෑ කියල. ඒ වගේම තමයි, ප්‍රශ්න අහන වේගයත්. ඒ ප්‍රශ්න අහන වේගෙට උත්තර දෙන්න මෙලෝ මිනිහෙකුට බෑ. කොටින්ම ළමයා හදන එක ඇරෙන්න අනික් ඔක්කොටම මෙතුමාට තියෙන්නේ පුදුම හදිස්සියක් කියලයි හැම දෙනාම කිව්වේ.
වැඩට දක්ෂයා වගේම තමයි මෙතුමා කියුම් මරුවා. ඕනම වෛද්‍ය ශිෂ්‍යයෙක් එන්නේ මොකාටද කියලා මොහොතින් තේරෙන අතරම, අපි අවුරුදු ගාණක් තිස්සේ දැනගත්තු යහළුවන්ගේ චරිත ලක්ෂණ මෙතුමා ඇසිල්ලකින් හොයා ගෙන ඒ ගැන කියුම් කියනවා. දැන් නයි ඇරිල්ල පැත්තකින් තියලා කතාව කියන්නම්. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි කියුම් එකතුවක්.
ප්‍රසවවේදයේ දී ගර්භයක් පරීක්ෂා කරලා කළලයේ බර අනුමාන කරන්න අපිට උගන්වනවා. ඔය විදියට සති 28 ක කළලයක බර අනුමාන කරන්න බඩාට භාර වුණා.
"කිලෝ 1.9යි" බඩා කිව්වා (ඒක ඒ කාලෙට ගොඩක් වැඩි ගාණක්, අනික උත්තරේ දුන්නේ කඩ්ඩෙන්). බඩා දිහා කින්ඩියට බලාපු මහාචාර්යතුමා "තමුසේ හිතන්නේ මේකේ ඉන්නේ තමුසේ වගේ අලි පැටියෙක් කියලද?" අර බඩ දරු අම්මටත් බඩ අල්ලන් හිනා. ආ කියන්න බරි වුණා, බඩා ඒ කාලේ කිලෝ 104ක් බරයි!
අපේ කණ්ඩායමේ හිටපු හා හෝවක් නැති එකෙක් සමයි විකී. දවසක විකීට ප්‍රශ්නයක් යොමු වුණා. නිකනුත් කතා නොකරන විකී ඉතින් ගොත ගහනවා, මේක දකින මහදුරුතුමා කට හදලා කියනවා "තමුසෙලගෙන් උත්තරයක් ගන්න එක හරක් දක්කනව වගේ වැඩක්නෙ. අර බෝන් ලීය උඩ ඉඳන් "චක්, චක්" කිය කිය බිජ්ජට තට්ටු කරනවා වගේ දක්කන්න එපායැ" එහෙම කියන ගමන් කකුලෙන් හරකාගේ අර අහවල් අවයවයට තට්ටු කරන හැටිත් මෙතුමා ලස්සනට පෙන්නනව. අපේ බඩවල් නෑ එව්ව දැකල. අපේ විතර නම් කමක් නෑ, අර බඩ දරු අම්මලටත් එහෙමයි.
තවත් දවසක අපේ හංස කොළුවට රෝගී විස්තරයක් (history) ඉදිරිපත් කරන්න සිද්ද වුණා. රෝගී කාන්තාවට යෝනි ස්‍රාවයක් තියෙන බව හංස කොළුවා කිව්වේ හර බර කරල බැරෑරුම් විදියට. ඔළුව කස කස හිටපු මහාචාර්ය තුමා "Is it offensive?"(ඒක ගඳ ගහන එකක්ද?), "Is it itchy?" (ඒක කසන එකක්ද?) කියල ඇහුවා. හංස කොලුවගේ උත්තරේ නෑ කියන එක. "ලියුකෝරියා නේ ඕයි" (leukorrheaයනු සාමාන්‍ය තත්වයක්). "තමුසේ හොඳයි ගෑණු බය කරන්න. පාස් අවුට් උණාම ක්ලිනික් එකක් දා ගන්නව "කන්සල්ටන්ට් ඩි සුදයාම" කියල". හංස කොලුවා හොල්මන්ද පොල් කොල!
අපේ කණ්ඩායමේ නොවුණත් තවත් කොළුවෙක් හිටියා ඩැනා කියල. ඩැනා ගෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වුණාම කෝපාවිෂ්ට වෙච්ච මහැදුරුතුමා බණිනනවා "තමුසෙට වැඩ බැරි පාඩම් කරන්නෙ නැති නිසා. අර බ්ලොම් එකේ හතරවෙනි තට්ටුවට වෙලා, පාරේ යන ගෑණුන්ගේ පුකවල් බල බලා, "හොහ්! හොහ්!" ගගා ඉන්නව ඇරෙන්න තමුසෙට වෙන වැඩක් නෑනේ. දැන්වත් හැදෙන්න බලනවා!"
මහාචාර්යතුමා ඩැනාගේ කාමරේ හැංගිලා හිටියද කියලත් සැක හිතෙනවා!
මෙතුමාගේ කතා බොහොමයි. තවත් කියුම් ටිකකටත් ඉඩ තියා ගන්න එපායැ!