රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල ගොඩනැගිලි සංකීර්ණයක්. දහය වසරේ පන්ති තිබුණේ වෙනම ගොඩනැගිල්ලක. මේ ගොඩනැගිල්ලේ තට්ටු තුනට විද්‍යාගාර තුනක් තිබිල තියෙනවා. ඒත් 1992 වෙද්දී ඒවා එතනින් අයින් කරලා ඒ කාමර වලත් පන්ති. බඩා හිටපු 10 වසරේ පන්තියත් ඒ වගේ එකක්. විද්‍යාගාරයක් නිසා පන්ති කාමරය මහා විසාලයි. ඩෙස්ක්, පුටු, ගුරු මේස ඈ ආදිය ඇති තරම් ඉඩ අරන් තිබ්බත් පන්තියේ තුනෙන් දෙකක ඉඩ. මේ දැවන්ත පන්තිය නිසා විභාග වලදී නම් කොපි කිරීම පහසු වුනේ නෑ.
කොච්චර සත්තු වගේ වුණත්, පන්තියේ කොල්ලෝ බුද්ධ රූපයක් පන්තියේ තියල මල් පහන් තියන්න අමතක කලේ නෑ. බෞද්ධයෝ එහෙම නම් අපි සෙකන්ඩ් වෙන්නේ මොටද කියන්නා වාගේ පන්තියේ හිටපු ක්‍රිස්තියානි සිසුන් සුරුවමක් ගෙනල්ල පන්තියේ එල්ලුවා. ඒ දවස් වල බඩාගේ පන්තියට කියන්නේ මුස්ලිම් කොන්ග්රස් එක කියල. මොකද මුස්ලිම් සිසුන් දහයක් විතර, ඒ කියන්නේ පන්තියෙන් 25% විතර හිටියා. ඒ අය පිළිම වඳින්නේ නැති නිසා උන් ටික නම් මොකුත් ගෙනත් එල්ලුවේ නෑ.
පන්තියේ තියෙන මේ දැවන්ත ඉඩ පාවිච්චි වෙන්නේ එක්කෝ ටැප් රගර්, එහෙම නැත්නම් වන් බවුන්ස් කියන සෙල්ලම් වලට. ටැප් රගර් කියන්නේ රගර් වගේම් ක්‍රීඩාවක්, හැබැයි කකුල් මාට්ටු (ටැකල්) දැමිලි කරනෙන නෑ. පන්දුව ගෙනියන කෙනාට පොඩි තට්ටුවක් දැම්මොත් පන්දුව අත අරින්න ඕන. තට්ටුව නොවැටෙන්න පාස් කරන එක තමයි සෙල්ලම. වන් බවුන්ස් කියන්නේ ක්‍රිකට්ම තමයි ඒත් පන්දුව පොළොවේ එක වරක් හෝ ඊට අඩුවෙන් වැදිල එද්දී ඇල්ලුවොත් දැවී යනවා. බිත්ති සහ වහළට මේක වාර දෙකක් වෙනවා. ලේසි වගේ පෙණුනට මේක ලේසි නෑ. පන්දු රකින්නෝ අතරින් හයියෙන් ගහන්න ඕන. එහෙම නැත්නම් ඩෙඩ් බැට් කරල කකුල් ලඟම වැටෙන්න සලස්වන්න ඕන.
අපේ පන්තියේ හිටි ප්‍රගියා තමයි සුර්වම එල්ලුවේ. මූ හෙනම දේව භක්තිකයා. හැබැයි වන් බවුන්ස් උණක් මූට තිබුණේ. ප්‍රගියා එවපු පන්දුවකට බඩා වැරෙන් පාරක් එල්ල කලාම ඒක ගිහින් සුරුවමේ වැදුනේ හෙණ ගහන්නා වගේ. වෙච්ච දේට බඩාට හොඳටම අවුල්. සුරුවම ගාවට දුවගෙන ගිය ප්‍රගියා දණ ගහගෙන යාච්ඥා කරන්න ගත්තා. වැඩේ කෙළ වුනා කියලයි කට්ටියම හිතුවේ. විනාඩියකින් විතරනැගිටපු ප්‍රගියා, "අඩෝ බඩා, මොනවද බලන් ඉන්නේ, බැට් කරපං. මම සමාව ගත්තා, ලොක්කගේ අවුලක් නෑ මචන්!
ඔන්න ප්‍රගියගේ දේව භක්තිය සහ වන් බවුන්ස් උන්මාදය!