මේ බම්බා බූ බම්බා නම් නෙමෙයි. බම්බා කිව්වෙ අපේ කෘෂිකර්ම ගුරුතුමාට. ආසලේ හිටපු ජ්‍යේෂ්ඨතම ගුරුතුමෙක්. කොච්චර ජ්‍යේෂ්ඨ ද කියල කියනව නම් (කට කහන දුමී ගෙ කිංචා වගේ) බඩා ගේ නැන්දා පළමු පත්වීම අරන් පාසලට එද්දිත් (අවුරුදු 40කට විතර ඉස්සර මයෙ හිතේ), බම්බ අම්බානක ජ්‍යේෂ්ඨයි. හැබැයි කෘෂිකර්මය උගන්නන්න කියාපු ගුරුතුමා. හැම දේම මූලධර්මය විතරක් නෙවෙයි, ඒක කරන හැටි හිටන් කියල දුන්න. මේ හින්ද අපට බොහොම ලස්සන කෘෂිකර්ම ඉඩමක්, එහෙම නැත්නම් ගෙවත්තක් තිබුණ. හැබැයි බම්බ නම් කොහොමටවත් කැමති නෑ මනුස්සයට බම්බ කියනවට. බම්බ තරමක් ස්ථූල ශරීරයක් තියෙන අලස විදියට ඇවිදින, රවුල උඩට කරකවල ඉන්න චරිතයක්. හැබැයි ජේ.ඕ.සී. එකේ බෝම්බෙ පිපුරුණු දවසෙ නම් බම්බ කකුල් දෙකට වැඳ වැඳ දිව්වෙ බෙන් ජොන්සන්ටත් වඩා හයියෙන්. මේ කතාව සිද්ධ වුණේ බඩා දහවැනි වසරේ ඉන්දැද්දී. පියරත්න කියන්නේ බම්බගේ අග්‍ර ගෝලයා. (බඩා එක්ක බම්බ ෂේප්, ඒත් වත්තේ වැඩට හොර නිසාත්, හොර කුරුම්බ කඩපු බවට පැමිණිලි තිබුණු නිසාත් බම්බ එච්චර බඩාව ළඟට ගත්තෙ නෑ). පියරත්න උස මහත දැවන්ත ශරීරයක් තියෙන කෙනෙක්. රාජකීය විද්‍යාලයේ බොහොම සුප්‍රසිද්ධ නේවාසිකාගාර වාසියෙක්.
ඉස්සර පාසල් වල ගුරුවරුන්ගේ ඉගැන්වීම් පරීක්ෂා කරන්න අධ්‍යාපන නිළධාරීන් එනව. සුපුරුදු විදියට බම්බගේ වැඩ බලන්නක් කෙනෙක් ඇවිත්. (අධ්‍යාපන නිළධාරීතුමාත් බම්බගෙ ගෝලයෙක් කියල කවුද කිවුව!). ගෝලයෝ රොත්තම පිරිවරා ගත්තු බම්බත් ආඩම්බරයෙන් අපි හදපු පාත්ති එහෙම පෙන්නනව. හදිස්සියෙම නිළධාරී තුමා අහපි "පශු පාලනේ එහෙම කරනවද?" කියල. බම්බා උජාරුවෙන් කියනවා, "අපි හොස්ටල් එකේ හරකෙකුත් හදනවනෙ" කියල. ඒ එක්කම බම්බ කියපි "මේ පියරත්න, පොඩ්ඩක් මෙහාට එනවකො" කියල.
අධ්‍යාපන නිලධාරීතුමා, අනෙකුත් නිළධාරීන් අතින් කටවල් වහගෙන හිනා ගිල ගද්දී, අපේ බඩවල් නෑ හිනා වෙලාම.