Showing posts with label රාජ්. Show all posts
Showing posts with label රාජ්. Show all posts

Saturday, April 11, 2015

චීන වධ (18+)

රාජ් බුවා චීන කතාවක් ලියල තියෙන නිසා බඩාටත් චීන කතාවක් ලියන්න හිතුනා. හැබැයි මේක නම් 18+ එකක් තමයි. මේ කතා කියවෙන්නේ බඩා මාමගේ "ළමා" කතා පිටියේදී තමයි. කතාව බඩා අහලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්, සිංහලට පරිවර්තනය කරලා දන්නම්.

ඔන්න එක සංචාරකයෙක් චීනේ ගමනක් යන අතරේ නියමිත කෝච්චිය මග හැරෙනවා. චීන භාෂාවට අකාරාදි තුනක් විතර තියෙන නිසාත්, එක අකාරාදියක අකුරු 1000ක් විතර තියෙන නිසාත්, අපේ සංචාරකයට නවතින්න තැනක් වත් හොයා ගන්න බැහැ. කොටින්ම කඩදාසි විකුණන තැනයි, මසාජ් පාලර් එකයිත් දෙකම එක වගේ. ඔහේ කැරකැවිකැවී ඉන්න සංචාරකයාට හදිස්සියෙම මනුස්සයෙක් කතා කරනවා. 

"එන්න මහත්තයා, නවතින්න තැනක්ද හොයන්නේ?". සංචාරකයාට හරිම පුදුමයි. තම්න්ගේ භාෂාව දන්න කෙනෙක් ඉන්නවා! මේ මනුස්සයා තට්ටු තුනේ පොඩි ගෙදරකට එක්කන් යනවා. 
"මේ ගෙදර උඩ තට්ටුව තමා මහත්තයට. කෑම දෙන්නම්, යුආන් 500යි ගාස්තුව. කැමතිද?". මේ ඇමෙරිකානු සංචාරකයාට යුආන් 500ක් කියන්නේ කජු ඇට වගේ සුළු ගණනක්. ඒ නිසා එක පයින් කැමති වෙනවා. ඇමෙරිකන් සංචාරකයා අහනවා "අනික් තට්ටු වල ඉන්නෙත් නවාතැන් ගන්න අයද?" කියල. "අපෝ නැහැ. පහළම තට්ටුවේ මමයි, නෝනයි. පළවෙනි තට්ටුවේ මගේ දුව" මනුස්සයා කිව්වා. ඒ එක්කම මතක් කරනවා "මගේ දුව දිහා වැරදි විදියට බලලා තිබුණොත් නම් මම අති බිහිසුණු චීන වධ තුනක් ඔය මහත්තයට කරනවා" කියල. 

අපේ සංචාරකයත් තුන්වෙනි තට්ටුවේ නවාතැන් ගත්තා. ඒත් දුව ගැන කියපු කතාව නිසා දුව දකිනකම් මිනිහට නිවනක් නෑ. කොහොම කොහොම හරි කෑම එක අරගෙන නවාතැන්පොළ අයිති කාරයාගේ දුව උඩුමහළට එනවා. හෙණම ඉටි කිරිස් චීන කෑල්ලක්. මේකට මොකුත් නොකළොත් තමන්ගේ ඇමෙරිකන් අභිමානයට කැළලක් කියල හිතන සංචාරයකා කෙල්ලව ටෝක් කරල වැඩේට සෙට් කර ගන්නවා. වැඩේ ඉතින් නැගල යනව. බඩා ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ.

රෑ 2ට විතර හුස්ම ගන්න අමාරු කමකින් අපේ සංචාරකයා ඇහැරෙනවා. ඇස් ඇරල බලනකොට සීලිමේ ගහල තියෙනවා "චීන වධ අංක 1: පපුව මත කිලෝ 40ක ගලක්" කියල. "මේකත් වධයක්ද?" කියල හිතපු සංචාරකයා ගල උස්සලා දෙවෙනි තට්ටුවෙන් පහළට දාලා "බායි, බායි!" කියනවා. එතකොට ගලේ අනික් පැත්තේ ලියල තියෙනවා පේනවා "චීන වධ අංක 2: ගල ලණුවකින් දකුණු වෘෂණ කෝෂයට ගැට ගසා ඇත". මළ කෙළියයි, තව ටිකකින් සෙට් එකම ගලත් එක්ක පාරේ නවතිනවා. පහළ බැලුවම තියෙන්නේ පඳුරු ගොඩක්. අතක් පයක් කැඩුණත් අරක බේරගන්න එක ඊට වටිනවා කියල හි
න සංචාරකයා තීරණය කරනව ගලත් එක්කම ජනේලෙන් එළියට පණින්න. එළියට පැනලා පහළට යනකොට බිත්තියේ තියෙන තව කතාවක් පේනවා. "චීන වධ අංක 3: වම් වෘෂණය ලණුවකින් ඇඳට ගැටගසා ඇත" කියල.

එහෙනං, බායි, බායි!