Monday, December 28, 2015

පටයා

බ්‍රා ගැන කතාව නැගලා යන එකේ පරණ කතාවක් උඩට ඇද්දා!

බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා. 

මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. මීට අමතරව ක්‍රිෂා, අර්ධෙ, චීටා (ඔව්, ඔව්, මේකේ කොමෙන්ට් කරන චීට තමයි) එහෙමත් සහභාගි වුණා. ඒ අතර ජනාධිපති විද්‍යාලෙන් ආපු පොරක් හිටියා. මිනිහා කරන්නේ අවස්ථාව බලල "වාක්‍යයක්" කියන එක. අවස්ථාවේ හැටියට කියන එක කරමල් කැඩෙන්නම කියන නිසා පොරට අපි කිව්වේ "වාක්‍යනාදන්" කියල. හැබැයි මේ අතර හිටපු "චරිතෙ" තමයි ගමා. ගමා කියන්නේ පිස්සු ආකරයක්, ෆන් උල්පතක්. ගමා එක්ක පැය බාගයක් ගෙව්වොත්, දවසකට ඇති වෙන ආතල් එකක් ගන්න පුළුවන්. 

සුපුරුදු විදියට පන්තිය ඇරිලා ගෙදර එන්න කෝට්ටේ හන්දියට එන්න අපි ලෑස්ති වුණා. ලඟ ගෙදරක වලක වනලා තිබුණ කාන්තා තිසර පටක් ගමා හොරෙන්ම උස්සනවා දැක්කේ බඩා විතරයි. ඒ මදිවට හෙමින්ම අර තිසර පටේ ඇනා ගේ පාසල් බාගය ඇතුලට ඔබන්නත් ගමා සමත් වුණා. මොකුත් නොවුනා වගේ අපි ගෙදර ගියා. ගෙදර ගියාම අපි පාසල් බෑගය අස් කරන්නේ කලාතුරකින්. මොකද අපි ඒ තරමටම උනන්දු ශිෂ්‍යයින් නිසා! දැන් පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරයෙක් වුණත් ඇනාත් ඒ කාලේ ඔය විදියමයි. පහු වෙනිදා ඇනා උදේම ආපන ශාලාවට ආවේ කෑම කන්න. ඇනායි, ගමායි ඉන්නේ එක ලඟ ගෙවල් දෙකක. ඒ හින්ද දෙන්නම එන්නෙත් එකට. දෙන්න ගජ මිත්‍රයෝ. ඒ හින්දා ගමා පුටු දෙකක් අල්ලන් ඉන්දැද්දී අත හෝදන් එන්න ඇනා ගියේ ගමාට බෑගය බාර දීල. ආයෙත් තමන්ගේ පුටුවට එන ඇනා ගෙන් ගමා රසායන විද්‍යා පොත ඉල්ලුවේ පන්තියේ නින්ද ගිය නිසා සටහන ලියා ගන්න බැරි වුණා කියල. ඇනා බෑගය ඇරිය ගමන් තිබ්බ කළු පාට රෙදි ගුලිය ඇදල ගත්තු ගමා, "මෙන්න යකෝ ඇනා වැල් රොබරි දාලා" කියල තිසර පටේ උඩ වීසි කරාපි! ඇනාගේ අවාසනාවට තිසර පටේ උඩගිහින් විදුලි පංකාවේ දැවටුණා. ඒ විදුලි පංකාව කොහොමත් කැරකෙන්නේ හිමින්. ඒ හින්ද ඒකේ එල්ලිලා තියෙන්නේ මොකද්ද කියල හැමෝටම පේනවා. ඒ මදිවට ගුරු මණ්ඩලය කෑම ගන්නෙත් ආපන ශාලාවේ වෙනම කොටසක. ඒ අයටත් මේ සංගෙඩිය නියමෙට පේනවා. සමහර ගුරුතුමීන් අතින් කටවල් වහගෙන හිනාවෙනවා. ඇනාට "තන පටයා" කියල කාඩ් එකක් වැටුනේ එදා ඉඳන්. පස්සේ තන හැලිලා නිකම්ම "පටයා" වුණා.

21 comments:

  1. great please come to our site

    ReplyDelete
  2. සි...සි... නරක ළමයි මෙයාලා.

    ReplyDelete
  3. හපෝ මරු කොල්ලො ටිකක්.වෙලාවට ඕක ගෙදර අම්මා දැක්කෙ නෑ.

    ReplyDelete
  4. ඇනා කොලුවා ගැන කනගාටුයි ... ඒත් කතාව ගැන සතුටුයි.

    ReplyDelete
  5. දහය වසරේදී අපේ එකෙක්ගේ බෑග් එකක කොන්ඩමයක් තිබිලා අහු වුනේ අපරාධ පරීක්ෂක ශිෂ්‍ය නායකයෙකුට. ගෙවල් වලින් පවා ගෙන්නුවත් පසුව හෙළිදරවු වුනේ, චුදිතයගේ මිතුරෙක් තමන්ගේ තාත්තගේ ස්ටොක් එකින් උස්සලා ගෙනත් මුගේ බෑග් එකට දමා තිබුන බව. අවසානයේ හිත හොඳ ගුරුවරයෙක් නිසා, හැම පාර්ශවයක්ම සන්සුන් වුනා..

    ReplyDelete
  6. අපොයි පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.අසරණයා තන හැලිලා පටයා උනා නෙව.කුවේණිග නං තන හැලුනාම ස්වාමි පුරුෂයෙක් හම්බ උනා.

    ReplyDelete
  7. කොමෙන්ටුවක් දානවද............... නැද්ද ? ඔන්න ඔහේ මොනවත් නොකිය යනවා අද. බඩා මාමේ හැබැයි චීට ගියේ පිටකෝට්ටේ තිබුණු අනිත් පන්තියට. ගුරු තුමියකගේ නෙවෙයි තුමෙක්ගේ එකකට. හැබැයි අපි දෙන්න එකම හෝල්ට් ඒකෙන් නෙව බස් ඒකට නැග්ගේ බැස්සේ.
    @ යසිරු.... බොල ජින්ජියෝ මේ බඩා ව අන්තිම පේලියට ගෙන්න ගන්න හදන්නේ බොට අමු කැවිලද ?

    ReplyDelete
    Replies
    1. මම නම් ඉන්නේ පළමු පේලියේ ඔයාට එන්න ඕන නම් කියන්ඩ මම ගුරුතුමාට කියල ගෙනව ගන්නම් ඔයාට සුභ පතනවා අපේ පැත්තට එන්න

      Delete
    2. අඩේ මේ වෙන යසිරුවෙක් නොවැ. ජින්ජිය නෙවෙයි නේ. සොරි වෙන්න ඕනේ මිස්ටේක් එකට. ඕනය නොමග යැව්වෙත් චීටද මන්දා ?

      Delete
    3. කවිද අඩෝ මන් නොදන්න යසිරුවා
      දෙකයි පනහේ වැඩ කරන්න එපා අඩෝ
      අනුන්ගේ නමි පාවිච්චි කරලා
      අන්තිම පේලියටම ඉන්න එකම යසිරු මම හරිද
      ඔය වගේ බාල මාකටින් වැඩ මම කරන්නමි

      Delete
  8. හෑ ??? කෝට්ටෙ කෙමිස්ට්‍රි පන්තියක් ??? ඔය කියන්නෙ අත් කපපු හැට්ට සාරියට ඇන්ද ගෝලාකාර මැඩම්ගෙ පන්තියද ???

    @යසිරු,
    ජිනන්ජියෝ, ඇයිමේ බාල මාකටිං වලට බැහැල ???

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්න ඕන ඇයි ඔයාට ඉරිසියයිද

      Delete
  9. @කතන්දර: අපි ඉතින් කතන්දර වගේ සිල් ඇත්තෙක් නෙවෙයිනෙ

    @යසිරු: කොල්ලෝ, එක කොමෙන්ට් එකක් ඇති, අපි ඇවිත් බලන්නම්.

    @නදී: අපේ කොයි හරියේද නරක?

    @සෙන්පති: අම්මලා අපේ කුණු බාග් අවුස්සන්න එන්නේ නෑ. ඒව කඩෙන් ගෙනා දා ඉඳලා කුණු බක්කියට යනකම් වතුර දකින්නේ වැස්සකට අහුවුණොත් විතරයි.

    @හර්ශන: පිස්සු, ඌට ගානක්වත් නෑ. ඇනාට තියෙන්නේ කබර හමක්.

    @ඉඳුනිල්: කොන්ඩමය කියන එක සඟරාව කියන එකට මාරු කළා නම් ලස්සන කතාවක් නේද?

    @දිනූක: පොළොවයි පැලෙන්නේ ඇනාගේ සීන් ඇහුවම

    @චීට: මට මතකයි. ආනද බාලිකා පැත්තේ නෙවෙයි වතුර ටැංකිය පැත්තෙ. හැබැයි ඒකටම ගියේ චීටද කියල මතක නෑ. එක්කො ඒ ගැන වැඩි කතා ඕනේ නෑ.

    @ඕනයා: ඔබ හරි. අන්න ඒ මැඩම්ම තමයි.

    ReplyDelete
  10. පොතුපිටිය මිස් නේද කොල්ලො. කොයි කාලේද????

    ReplyDelete
  11. මමත් ගියා ඒ මිස්ගේ පන්ති...
    තවත් පට්ට කතාවක්..

    ReplyDelete
  12. කොලු කාලයේ කොලුකම් නොකරන්නා අමනයෙකි.

    විවාහක හමුදා නිලධාරියකු නිවාඩු යන අවස්ථාවකදී ඔයිට වඩා බරපතල (උඩ කෑල්ලේ යට එකක් නෙවෙයි යට කෑල්ලේ යට එකක්) බෑගයට දමා තිබී, ගෙදරදී ඔහුගේ බිරින්දෑට හසුවීම නිසා වෙන්නට ගිය දික්කසාදයක් වලක්වාලන්න්ට, අපරාධය කල නිලධාරියා සමග අණදෙන නිලධාරි වරයාට, අර බිරින්දෑ වෙත ගොස් කරුණු කියන්නට සිදුවුනා. කඳවුරට ආපසු පැමිණි වහාම, වරදකරුට විස්කි බෝතල් 5 ක දඩයක් නියම වුණා.

    ReplyDelete
    Replies
    1. //කඳවුරට ආපසු පැමිණි වහාම, වරදකරුට විස්කි බෝතල් 5 ක දඩයක් නියම වුණා.

      අන්න දඬුවම්!

      Delete
  13. http://tinypic.com/r/1zwhok4/9

    ReplyDelete
  14. හප්පා අරූට වහ කන්න හිතෙන්න ඇති

    ReplyDelete
  15. නියම කතාව . කවදාවත් දැකපු නැති බ්ලොගයක්. රසිකගේ පැත්තේ කොමෙන්ටුවකින් දැකල ආවේ.

    ReplyDelete