Sunday, December 22, 2013

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ සම්බන්ධව රසවත් කතා වෛද්‍ය විද්‍යාලය පැත්තෙන් එමට තියෙන නිසා.

බඩාගේ කණ්ඩායමේ හිටියේ එකම එක මුස්ලිම් ශිෂ්‍යාවයි. ඇය හිජාබ් ඇන්ද බවක් වත් මතකයක් නැහැ. කොටින්ම ඇය මුස්ලිම් කියල අඳුන ගන්නෙත් නමෙන් විතරයි. අපේ සිංහල කෙල්ලන් බොහොමයකට වඩා ලස්සනට, ව්‍යාකරණානුකූලව සිංහලෙනුත් කතා කරන්න අයට හැකියාව තිබුණා.

නමුත් කණිෂ්ඨ කණ්ඩායම් වල නම් මේ ලෝගුව ඇඳගත්තු කීප දෙනෙක් හිටියා. මේ සිද්ධිය වෙන්නේ අන්න ඒ අයගෙන් කෙනෙක් සම්බන්ධව. ඒ දවස් වල බඩා හිටියේ ළමා වාටුව පැත්තේ, අවසන් වසර සායනික පන්ති වල. කණිෂ්ඨ කණ්ඩායම් සඳහා වන පළමු සායනික පන්ති වලට යොමු කරවීමේ වැඩසටහනකට අදාලව ඒ සිසු-සිසුවියනුත් පැමිණ සිටියා. මේ අතර හිටියා ලෝගුව ඇඳගත්තු කෙනෙක්. ළමුන් සමග කතා කර "රැපෝ" (rapport) එක හදා ගැනීම ළමයකුගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙනවා. අපේ අදාල ලෝගුදාරී සිසුවියත් ළමයෙකුට ලං වුණා. මේ ශිෂ්‍යාව නිකාබ් ඇඳගෙන සිටියේ. අපිට ඒක ලොකු ප්‍රශනයක් නොවුනට ළමයා ට නම් ප්‍රශ්නයක් වෙලා! "බිල්ලෙක්! බිල්ලෙක්!" කිය කිය මහ සද්දෙට ළමයා අඬනවා. එකෙක් අඬන්න ගත්තම වාටුවම නළාව ගහන්න ගන්න එක ළමා වාට්ටු වල සිරිතක්. එදත් එහෙම වුණා! අන්තිමට ෆර්දාව ගලවලා රෝග විස්තර අහන්න අදාල සිසුවියට සිද්ධ වුණා.

දෙවැනි සිද්ධිය වෙන්නේ බඩා වෛද්‍යවරයෙක් විදියට සෙවය කරද්දී. තවත් කණිෂ්ඨ කණ්ඩායමක මේ විදියම වෛද්‍යවරියක් හිටියා. මේ අය ආවේ විභාගයක් සඳහා රෝගීන් පරීක්ෂා කර පුරුද්ද ලබා ගැනීමට. ඇය ඇන්දේත් නිකාබය. මේ වගේ වෙලාවට විභාග වලට ගන්න විදියෙ රෝගීන් අපි ලැයිස්තුගත කරලා තියෙනවා පිටින් එන වෛද්‍යවරුන්ගේ පහසුවට. මෙයින් එක් රෝගියෙක් පෙර කී වෛද්‍යවරියට ඔහුව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ නෑ. "ලෝගුව ඇඳගෙන මෙතෙන්ට සිය ගාණක් එනවා. දොස්තර කවුද, බිල්ලා කවුද කියල මම කොහොමද දන්නේ?" රෝග්යාගේ ප්‍රතිචාරය වුණේ ඒක.

මේ සිද්ධි වෙනකොට අදාල අංශවල මුස්ලිම් වෛද්‍යවරු සහ මහාචාර්යතුමලා පවා සිටියා. ඒත් අපේ සමහර අන්තර්ජාල වීරයෝ වගේ එතුමලා රෙදි උස්සන් කෑ ගැහුවේ නැහැ. "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා.

17 comments:

  1. මේ පිළිබඳ මගේ ලිපියේ මා ලයූ පරිදි මුස්ලිම් කාන්තාවන් ඔය නිකාබ් යනාදිය අඳින්නේ එයට ඇති කැමැත්තකට වඩා සමාජ, පවුල් පීඩනය නිසයි.

    අපේ කාලේ මුලින් මල් ගවුං ඇඳි සිදසුවියකුත් පසුව peer pressure නිසා සල්වාර් යනාදිය අඳින්න පටන් ගත්තා.
    http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html

    ඒ ආකාරයේ පීඩිත අයෙකුට තවත් පීඩනයක් දෙන එක වැරදියි කියන එකයි මගේ මතය.

    !

    ReplyDelete
    Replies
    1. ඔය මතය හාමුදුරුවන්ට එහෙම අදාල කරපු තැනක් මම රසිකගේකිසිම ලිපියක හෝ නිර්මාණයක දැක නැත!

      Delete
    2. හාමුදුරුවරුන්ට මෙවැනි ඔබ අදහස් කරන පවුල් සමාජ පීඩනයක් එන්නේ බාල වියේදී මහන කිරීම නිසා විය යුතුයි.

      මා නම් ඒ ගැන ලියා නෑ.

      නමුත් ටැබූ සබ්ජෙක්ට්ස් හි නම් ඒ මාත්‍යකාව ගැන ලිපියක් ගියා මතකයි!

      චතුෂ සහ තරිඳු තමන්ගේ මහන වීම ගැණ ලියුූවත් ඒ වැඩිහිටි වියේ සිදුවීම්.

      Delete
  2. /* "රෝගියාගේ අයිතිය පරම අයිතිය" නිසා මුහුණු වැසුම් පාවිච්චි නොකර සිටීම වඩා යෝග්‍ය බව ඔවුන් කලකට පෙර නිර්දේශ කරනු ලබුවා.*/

    හැබැයි තියටර් එකේදී නං හැමෝටම නිකාබ් එක දාන්න කියන්න හොඳේ?

    ReplyDelete
    Replies
    1. රසික, මෙය හරක් කතාවකි. ශල්‍යාගාරය තුල මුහුණු වැසීම ආරක්ෂාව උදෙසා කරන්නකි. නමුත් ශල්‍යාගාරය තුලම අත් කොට ඇඳු ඇඳීම් ප්‍රතික්ෂේප කරන මූලධර්මවාදීහු නම් එමට සිටිති. ඔබ රවටන්නට හදන්නේ කවරෙක්ද යන්න ඔබෙන්ම අසා ගෙන බලන්න.

      මූණු පොත තුළ වූ ඩයි හාඩ් සෙකියුලර් වාදීන් යූ ටර්න් ගසා නිකාබයට සහාය පල කරන විට සෙකියුලර් බැටළු හම මෑත් වී වෘකයා දිස්වෙන්නට පටන් ගනී.

      Delete
    2. මේ එංගලන්තේ උදවිය හිතන හැටි

      බංගලාදේශය කියන මුස්ලිම් රට, රෝහල් වලට නිකාබ් ඇඳගෙන ඒම තහනම් කරලලු. හේතුව හොරකම් වළක්වන්න. හැබැයි අපේ මුස්ලිම් නොවෙන උන්දලා තාම නිකාබය බදාගෙන

      Delete
    3. /* ඔබ රවටන්නට හදන්නේ කවරෙක්ද යන්න ඔබෙන්ම අසා ගෙන බලන්න. */
      රැවටීම කෙසේ වෙතත් ඔබට උත්ප්‍රාසය නම් වැටහෙන බවක් නොපෙනේ.

      /*ශල්‍යාගාරය තුල මුහුණු වැසීම ආරක්ෂාව උදෙසා කරන්නකි. */
      විසබීජවලින් ආරක්‍ෂාව?

      /*මූණු පොත තුළ වූ ඩයි හාඩ් සෙකියුලර් වාදීන් යූ ටර්න් ගසා නිකාබයට සහාය පල කරන විට සෙකියුලර් බැටළු හම මෑත් වී වෘකයා දිස්වෙන්නට පටන් ගනී.*/

      එකේ මේ ගැණ කතා වුණාය කියා මා බ්ලොගයක දුටුවත් එකේ එවැනි දෙයක් ඇස ගැටුණේ නෑ.

      බඩා මාමා වෙනුවට මිගාර නම් පැරණි දේශපාලන බ්ලොග්කරුවා මතුවෙන බව නම් පෙනේ.

      Delete
    4. //රැවටීම කෙසේ වෙතත් ඔබට උත්ප්‍රාසය නම් වැටහෙන බවක් නොපෙනේ.

      මා උත්ප්‍රාසය නොදනිතැයි ඔබ නැවත කරන්නේ පාඨකයා රැවටීමක්ම පමණකි!

      //විසබීජවලින් ආරක්‍ෂාව?
      රෝගිය විෂබීජ වලින් ආරක්ෂා කිරීමට සහ කාර්‍ය මණ්ඩලය විෂබීජ වලින් ආරක්ෂා කිරීමට. දෙවැන්න වැදගත් වන්නේ ඒඩ්ස්, හෙපටයිටිස් හෝ ඉන්ෆ්ලුවෙන්සා වනි බෝවෙන රෝගයක් රෝගියාට ඇත්නම් පමණි.

      //බඩා මාමා වෙනුවට මිගාර නම් පැරණි දේශපාලන බ්ලොග්කරුවා මතුවෙන බව නම් පෙනේ.

      කතන්දර වලින් දේශපාලනය කරන පළමුවැන්නා හෝ අන්තිමයා හෝ එකම පුද්ගලයා මා නොවේ!

      Delete
    5. මම ඔබේ මේ බ්ලොග් එක නොවරදවාම බලනවා. කවදාවත් කෙමෙන්ට් කරල නෑ. හේතුව ඔබ මිගාර නමින් ලිපි ලියු කල දැක්වූ දේශපාලන අන්තවාදී ස්වභාවය නිසා ඇතිවූ අකමැත්ත.

      බඩා මාමාගෙ ක්‍රමය එයිට වඩා බොහෝ ප්‍රසන්නයි. ඔබ අද කකාට උත්තර දුන් ආකාරය දැක්කාම මට කොමෙන්ට් එකක් නොදා බැරි වුනා. මනා සංයමකින් පිලිතුරු දුන්නද, එයින් මතුකල තිත්ත ඇත්තත්, උප්‍රහාසයත්, මගේ ඔබ ගැන තිබූ අතීත අකමැත්ත පවා හීන කලා .

      බඩා මාමෙ, ඔහොම යං :)

      Delete
  3. අනේ ඔය ගෝනි බිල්ලෝ රෙද්ද අස්සේ තමයි හොර මිනිස්සුත් හන්ගන් ඉන්නේ.

    ReplyDelete
  4. ළමා කතන්දර කියල ටයිටල් එකේ තිබුණු නිසා ඇත්තටම ළමා කතා විතරක් ඇති කියල හිතල වැඩිය උනන්දුවෙන් බැලුවේ නැහැ. හරිම රසවත් බ්ලොග් එකක්නේ මේක. අපරාදේ මෙච්චරකල් මග හැරුනෙ.

    ReplyDelete
  5. ඇත්තටම ඉස්සර,එ කියන්නෙ මිට අවුරුදු10කට 20කට විතර කලින් මෙ කිසිම දෙයක් තිබුනෙ නැ නෙද.මෙ ලගකදි ඉදල මෙකෙ වැඩිවිමක් පෙන්නන්නෙ

    ReplyDelete
  6. http://ikmanland.blogspot.com/2013/12/ikman-land-sale.html

    ReplyDelete
  7. http://ikmanland.blogspot.com/2013/12/ikman-land-sale.html

    ReplyDelete
  8. ඒක ඇත්ත, අවසන් වශයෙන් රෝගීයටගේ කැමත්තට ගරු කරන්න සිද්ධවෙනවා.. :-) මටත් සායනික ජීවිතයේනම් රසවත් අත්දැකීම් බොහෝමයක් තියෙනවා.. වෛද්‍ය ශිෂයෙක් විදියට ඉදහිට හරි හිනා වෙන්න තියෙන්නේ මෙව්වා තමයි ඉතින්..

    ReplyDelete