Thursday, July 24, 2014

ටෙඩි බෙයා

බඩා මාමාගේ දෛනික වඩ එක්ක බ්ලොගක් ලියන එක අමාරු වැඩක්. ඒත් පුළුවන් වෙලාවට පුළුවන් විදියට කතා අරන් එනවා. මේ කතාව පාසල් සමයේ ටියුෂන් පන්තියක වෙච්ච කතාවක්.

බඩා මාමා ගිය ටියුෂන් පන්තියක හිටියා හුරු බුහුටි හෙණ පොෂ් කෙල්ලෙක්. කතා කරන වචන වලින් 20% ඉංග්‍රීසි. මේ කෙල්ලගේ හුරුබුහුටි භාවය නිසාම කිව්වේ "ටෙඩි බෙයා" කියල. ටෙඩි බෙයාට ට්‍රයි කරපු කොල්ලෝ බොහොම හිටියත් ටෙඩී නෙමෙයි ඒ එකෙක්වත් තඹේකට මායිම් කලේ. සැපයුම අඩු නිසා ඉල්ලුම ඉහළ යාමෙන් ටෙඩීට පන්තියේ තිබුණේ දැවන්ත ඉල්ලුමක්.

එක දවසක් ටෙඩී පන්තියට එනවා පේන්වා වයසක පොරක් එක්ක. පන්තියට මීටර් 200ක් විතර තියලා, අර පොරව නවත්තලා ටෙඩී තනියම පන්තියට යනවා. ඒ වෙනකොට පන්තියට එන බඩාට මේක පහසුවෙන්ම දර්ශනය වෙනවා. සුදු පාට ජාතික බැනියමයි සරමයි ඇඳපු තැන්පත් පාට මනු
ස්සයෙක්. මනුස්සයාගේ ඩයල් මීටර් කරගත්තු බඩා ටෙඩී පන්තියට යනකම් ඉඳලා අර පොර එක්ක කතාවකට සෙට් වුණා. මුලින්ම නිකම් ආගිය තොරතුරු අහලා කතාව පන් ගෙන ටික දුරක් යනකොට දැනගත්තා පොර චිත්‍ර ශිල්පියෙක් කියල. හැබයි බඩා ටෙඩී ගැන වචනයක්වත් ඇහුවේ නෑ. අර අමාරුවෙන් චිත්‍ර පාඩමේ කරපු දේවල මතක් කරන් පොරට ටෝක දාගෙන ඉන්න කොට අර කඩ ඉම් උත්තරය පිට වුණා. මේ මනුස්සයා ටෙඩී ගේ තාත්තා! ටෙඩී ඉන්න විදියට අපි හිතුවේ තාත්තා සුද්දෙක් වෙන්න ඕනය කියල. හැබයි මෙන්න ඇත්ත තත්වය! පොෂ් ඉංග්‍රීසි කතා කරන, නෙස්කැෆේ බොන, ෆැබ් එකෙන් කන (ලමයි, මේ අවුරුදු 20කට කලින්, අද ෆැබ් කියන්නේ නිකම්ම නිකම් කඩයක් වුණාට අපේ කාලේ තත්වය වෙනස්), ටිෂූ වලින් මූණ පිහින ටෙඩි බෙයාගේ තාත්තා රෙදි අඳින පොරක්. දෙන්නම් ජම්බු කියල බඩා ටෙඩී ගේ නම වෙනස් කලා. "රෙදි බෙයා".

නමේ තේරුම් කොල්ලන්ට මීටර් වුණේ බඩා ආයෙත් ටෙඩී ගේ තාත්තාව කොල්ලන්ට පෙන්නුවාමයි. අද වෙනතුරුත් ටෙඩි / රෙදි බෙයා බඩා මාමාගේ මූණ බලන්නේ නෑ!

26 comments:

  1. තාමත් ඔය විදිහටමද හිතෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ටෙඩි බෙයාද? බඩා මාමා ද? පැහැදිලි මදි රසික!

      Delete
    2. ටෙඩි බෙයා හිතන විදිය වෙනස් වුණාය කියල නම් මම හිතන්නේ නෑ. හබැයි බඩා මාමා නම් ඉස්සර ඉඳලම ඕන බෝට්ටුවකට නගින කෙනෙක්. පවුල් පසුබිම ගැන කොයි වෙලාවකවත් බැලුවේ නෑ. (කියන්න ඕන බඩා ඉහළ මධ්‍යම පංතික පවුලක කෙනෙක්! අර රතු මල්ලිලාට අනුව නම් පසුගාමී වැඩවසම් සුළු ධනේශ්වරයේ කොටසක්!). හැබයි මේ වෙන කොට නම් බඩා ඕනෙම බෝට්ටුවකට නගින ගතිය සාහෙන්න වෙනස් කරලා තියෙන්නේ. තෝරලා බල්නවා තමයි.

      බඩාට නොතේරෙන දේ තමයි මේ තේරීම වයස 18දී කරන්න ඕන වෙන හේතුවත්, 38 දී එපා කියන්න වෙන හේතුවත්!

      Delete
    3. කකා එක වාක්‍යයෙන්ම කුඩු වෙන්න දීල තියෙන්නෙ... අවාසනාවට මිගාර ගොය්යට ඒත් තේරිල නෑ

      Delete
    4. ඇනෝ, අන්තිමට කී වාක්‍යයෙන් කී දෙය රසිකට වටහෙන බව මට විශ්වාසය. නමුත් ඔබට නම් තේරී න් ඇති බවක් පෙනෙන්නට ඇත!

      Delete
    5. NEHE, NEHE, BOGA ASARTHAKA WELA, SIYA DIVI HANI KARA GANNA HITHENAWA.

      Delete
    6. මම තවමත් එහෙමයි. ඇයි අවුල්ද?

      Delete
    7. ඩොටේ කේස් කොතන ගිහින් කොයි රස්සාව කළත් අර ඩොටේ ගතිය තියෙනවමයි. පිටරට ගිය ඩොටේ උන්දලා ගේ විදියත් ඒකමයි. පොෂ් වෙන්න බැරි නිසා, එහෙම නැත්නම් ඒ රටවල් වල ඉහළ පන්තියට යන්න බැරි වීම නිසා තියෙන විස්සෝපයයි හීනමානෙයි වහ ගන්න ඊලඟට තමගෙ රටට, ජාතියට ආගමට බණිනවා. උදාහරණ නහයෙන් පෙන්නන්ඩ පුළුවන්.

      Delete
    8. දොස්තර වුණත් ඩොටේ ඩොටේමයි.

      Delete
    9. කකා මොකද ඇනොනිමස් ඇවිල්ලා?

      Delete
  2. තමන්ට නැති සමාජතත්වයක් පෝෂනය කරන්ඩ දගලන උන්ට ඇරල දැම්මට කමකක් නැ

    මං මේ නිකං අහන්නේ

    බඩ මාමත් රෙදිබෙයාට ට්‍රයිකලා නේද

    ReplyDelete
    Replies
    1. නෑ කිව්වොත් ඉතින් ඒක බොරුවක් නේ! හැබැයි කොල්ලො විස්ස තිහ ට්‍රයි කරන කෙල්ලන්ට ට්‍රයි කරන එක බොහොම මූලික අවස්ථාවේදීම බඩා නතර කරනවා. ඒ කාලය වෙන එකකට ට්‍රයි කරන්න පාවිච්චි කරන්න පුළුවන් නෙව!

      Delete
  3. මේ පෝස්ට් එකෙන්, ඊට පස්සේ කතන්දරගේ කමෙන්ට් එකෙන් හා ඊටත් පස්සේ අටම්ගේ කමෙන්ට් එකේ මුල් වාක්‍යයෙන් කෙනකුට ඉගෙන ගත හැකි බොහෝ දේවල් තිබේ.

    හැබැයි ඒ ටෙඩී බෙයා ගැනවත් ඇගේ තාත්තා ගැනවත් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මේ ඇනෝ කොමෙන්ට් එකෙනුත් ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් බොහොම දේ තියෙනවා. ස්තූතියි කොමෙන්ටුව සහ අපට ලබා දුන් පාඩමට!

      Delete
    2. මගේ ස්තුතියත් පිලිගන්න

      Delete
  4. //පොෂ් ඉංග්‍රීසි කතා කරන, නෙස්කැෆේ බොන, ෆැබ් එකෙන් කන (ලමයි, මේ අවුරුදු 20කට කලින්, අද ෆැබ් කියන්නේ නිකම්ම නිකම් කඩයක් වුණාට අපේ කාලේ තත්වය වෙනස්), ටිෂූ වලින් මූණ පිහින//
    එ කිඅය්න්නෙ එකාලෙ මෙ ටික කරන්න පුලුවන් සුද්දනෙ දරුවන්ට විතරක් කියල නිතියක් හරි සම්මතයක් හරි තිබුනද.දැනගන්න ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ඇත්ත තත්වය පෙන්නීම ඊට නරක නැත්ද? බොරුවට පුරව ගත්තු ආටෝපයක් තියාගෙන ඉන්නේ ඇයි? තාත්තා රෙදි අඳිනවා කියන එක හීනමානයට කාරණයක් වෙන්නේ ඇයි? මට නම් මේගේ තාත්තා අමුඩය ඇඳගෙන ආවත් ඒ මගේ තාත්තා. මම එහෙම අඳුන්වලා දෙන්න පොඩ්ඩක් වත් ලැජ්ජ වෙන්නත් නෑ. පොෂ් ඉංග්‍රීසි කතා කරන රෙදි බෙයාට වඩා හොඳට බඩා ඇතුළු මිතුරු නඩයට ඒ දවස්වලත් ඉංග්‍රීසි පුළුවන්. හැබැයි ඒ එකෙක්වත් පාසල් ඇඳුම ඇඳගෙන පඩ ෂෝ පෙන්නුවේ නෑ. සමහර එවුන් කෝටිපතියන්ගේ පුත්තු / දූවරු. උන් හරිම සරලයි, හරිම කුළුපගයි, හරිම සුන්දරයි. පාසල් ඇඳුම අඳින්නේ අනෙකා හා සමාන වෙන්න. පාසලෙන් එළියට ආවම පුළුවන් වැඩ පෙන්නලා, ෂෝ පෙන්නලා පොර වෙන්න. පාසල් ලමයින් පඩ ෂෝ දැකලා නැති නිසා තමයි සමහර අය මේවා පෙන්වන්නේ. සමාජයට ගියාම මේ ෂෝ කාරයන්ට / කාරියන්ට හරි පඩ ෂෝ මොනවද කියල සමාජය ලස්සනට කියලත් දෙනවා. රෙදි බෙයා සහ බඩා මාමා අද ඉන්න තැන් තීරණය වුණේ අන්න අර සම්මජය ඉදිරියේදී වැඩ පෙන්නන තැනදී ඇති වූ වෙනසෙනුයි.

      Delete
    2. ඇයි ඔබ හිතන්නෙ සමාජයේ හැම කෙනෙක්ම ඔබ වගේම හැසිරිය යුතුයි කියලා? එහෙම නොවෙන කෙනෙක් "හරි මඟට" ගන්නට කවුරු හරි ඔබට යම් දේව බලයක් දීලා තියෙනවද?

      Delete
    3. //ඇයි ඔබ හිතන්නෙ සමාජයේ හැම කෙනෙක්ම ඔබ වගේම හැසිරිය යුතුයි කියලා? එහෙම නොවෙන කෙනෙක් "හරි මඟට" ගන්නට කවුරු හරි ඔබට යම් දේව බලයක් දීලා තියෙනවද?

      කැමති අය කැමති විදියට හැසිරෙන්න ඉඩ දෙන්න. කැමති අයට කැමති අයව කැමති විදියට විවේචනයට සහ උපහාසයටත් ලක් කරන්න ඒ වගේම ඉඩක් දෙන්න. "හරි මග" කියල එකක් නැහැ. තම තමන්ගේ පුද්ගලික දර්ශන තම තමන්ට හරි. ඒවා ගටෙන කොට වෙන සුළු සුළුව් එනස්කම් හරහා තමයි මේ දර්ශනයන් වෙනස් වෙන්නේ.

      Delete
    4. රෙදි අඳින මනුස්සයකුට 'රෙද්දා' කියලා කියන එක විවේචනයක්ද, උපහාසයක්ද? ඇයි කලිසං අඳින මනුස්සයින්ට 'කලිසමා' නොකියන්නෙ?

      Delete
    5. /රෙදි බෙයා සහ බඩා මාමා අද ඉන්න තැන් තීරණය වුණේ අන්න අර සම්මජය ඉදිරියේදී වැඩ පෙන්නන තැනදී ඇති වූ වෙනසෙනුයි./

      ඇයි ටෙඩී බෙයා අද ඉන්නේ බඩා මාමාට වැඩිය ඉහළ තැනකද?

      Delete
    6. //රෙදි අඳින මනුස්සයකුට 'රෙද්දා' කියලා කියන එක විවේචනයක්ද, උපහාසයක්ද? ඇයි කලිසං අඳින මනුස්සයින්ට 'කලිසමා' නොකියන්නෙ?

      ඇත්තටම ඔවු. යම් වචනයක් කුණුහරුපයක් හෝ ඵරුෂ වචනයක් නොවේ නම් ඉන් සිත් රිදීමක් හෝ අපහාසයක් ඇති වෙන්නේ ඒ ඒ පුද්ගලයා එම වචනය තමන් සමග සම්බන්ධ කර ගන්නා ආකාරය අනුවයි.

      "හීරළුවා" කියන්නේ අපේ පළාත්වලදී කුඩා කකුල් සහිත සර්පයෙකුට. වෙනත් පළාත්වල එහෙම කියන්නේ උපැවිදි තැනැත්තාට. "හීරළුවා" කිව්වම මළ පණින අය දැන ගන්න ඕන ඒ වචනයේ වැරද්දක් නැති බව සහ තද වෙන්නේ තමන්ගේ බොරුවෙන් වහගත්තු ඇත්ත මූණ පෙනෙන්න පටන් ගත්තාම කියල.

      Delete
    7. ඩොටේ කේස් හැම වෙලාවෙම තමන්ගෙ ඩොටේ ගතිය වහගන්න බලනවා. සමහර ඩොටේලට ඉංගිරිසි බෑ. ඒ ඩොටේල කරන්නේ දේශප්‍රේමීව් එලා සුද්දට පළු යන්ඩ බණින ක්‍රියාව. සමහර ඩොටේලට ඉංගිරිසි පුළුවන්, ඒත් කතා කරන කොට ඩොටේ ගතිය පේනවා. මේ ඩොටේලට සුද්දට යන පඩත් මන්මත් වෙන සුගන්ධය සහිතයි. සමහර ඩොටේලට ඉංඉගිරි සුද්දට වගේ කතා කරන්ඩ පුළුවන්. ඒත හිත තාම ඩොටේ. මේ ඩොටේල පිටරටවල් වල පදිංචියට ගිහින් රටේ හැම එකම හම ගහනවා. දොස්තර, ඉංජිනේරු හරි පස්තාච්චි කියල නෑ, ඩොටේ එකා ඩොටේමයි. ඩොටේ එකාලගේ ඇත්ත ඩොටේ අතිය පෙන්නන කොට මේ ඩොටේල වර්ග කීපෙටම රිදෙනව.

      Delete
  5. බඩාමාමා තමන්ගෙ තරුණ කාලෙදිත් නියම සිංහලබෞද්ධයෙක් හැටියට හැසිරිලා තියෙන එක ගැන අපට ඉතාම තන්තෝසයි. හැබැයි ඔය සිංහලබෞද්ධකම පරිපූර්ණ වෙන්න තිබුනේ ඔය තුප්පහි සංකර බඩුවව කැලේකට උස්සලා පෝලිමක් දැම්ම නම් තමයි. ඕනැකමක් වුණා නම් ඔය අටමා වුණත් උදව්වට එන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. //හැබැයි ඔය සිංහලබෞද්ධකම පරිපූර්ණ වෙන්න තිබුනේ ඔය තුප්පහි සංකර බඩුවව කැලේකට උස්සලා පෝලිමක් දැම්ම නම් තමයි.

      නිරාගමික වීරයෙක් වගේ. නීතියට අහුවෙන්නේ නැත්නම් කෝකත් හොඳයි.

      Delete
  6. ඩොටේ කේස් හැම වෙලාවෙම තමන්ගෙ ඩොටේ ගතිය වහගන්න බලනවා. සමහර ඩොටේලට ඉංගිරිසි බෑ. ඒ ඩොටේල කරන්නේ දේශප්‍රේමීව් වෙලා සුද්දට පළු යන්ඩ බණින ක්‍රියාව. සමහර ඩොටේලට ඉංගිරිසි පුළුවන්, ඒත් කතා කරන කොට ඩොටේ ගතිය පේනවා. මේ ඩොටේලට සුද්දට යන පඩත් මන්මත් වෙන සුගන්ධය සහිතයි. සමහර ඩොටේලට ඉංගිරිසි සුද්දට වගේ කතා කරන්ඩ පුළුවන්. ඒත් හිත තාම ඩොටේ. මේ ඩොටේල පිටරටවල් වල පදිංචියට ගිහින් රටේ හැම එකම හම ගහනවා. මොකද හීන මානේ ඩොටේ ගතිය එක්ක එක වල්ලේ පොල් වගේ. දොස්තර, ඉංජිනේරු හරි පස්තාච්චි කියල නෑ, ඩොටේ එකා ඩොටේමයි. ඩොටේ එකාලගේ ඇත්ත ඩොටේ අතිය පෙන්නන කොට මේ ඩොටේල වර්ග කීපෙටම රිදෙනව.

    ReplyDelete