බඩාගේ කට අන්තිම සවුත්තු බව දන් මේ "ළමා" කතන්දර පිටුව කියවන ඔක්කොම අය දන්නවානෙ. මේ සවුත්තු කට හින්දා නිතරම පීඩාවට පත්වෙච්ච කෙනෙක් තමයි අපේ භෞතික විද්‍යා ටියුෂන් ගුරුතුමා වෙච්ච ග්‍රේරෝ මහත්මයා. බඩා පන්තියේ ඉඳන් කියන පොඩි පොඩි කතා කෑලි, අනික් අය අහුලන් ලොකු රණ්ඩු ඇති කර ගන්න නිසා ග්‍රේරෝ ගුරුතුමා බඩා ගැන හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයේ. මේ කතාව සිද්ධ වුණේ 1995දී. ඒ කාලේ සිරිතක් තමයි කවුරු හරි ගොඩ් එන්න බැරි ගාණට බයිට් උණහම අත උස්සගෙන එතනින් මාරු වෙන එක.
බඩා එක්ක ඒ දවස් වල ගෑණු ලමයෙක් බොහොම හිතවත් කමක් තිබුණා. මේ කෙල්ල හරිම උනන්දුයි වැඩ වලට. බඩා ගේ උනදුව ගැන නම් කියන්න ඕනේ නැහැනෙ. කෙල්ලත් වැඩි පෙනුමක් එහෙම නැති අතිශයින්ම සාමාන්‍ය කෙල්ලෙක්. ඒ වුනාට අතිශය අසාමාන්‍ය නිරීක්ෂණ ශක්තියක් තියෙන ග්‍රේරෝ ගුරුතුමා මේක සති ගාණක් හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. පාඨක පිරිස නොදන්නවා නම්, බඩා ඒ කාලේත් අද වගේම මහතයි. කාලයක් තිස්සේ යගුලිය වීසි කරපු නිසා ඒ කාලේ ශරීරයේ මස්පිඩු එහෙම හොඳට හැදිලා තිබුණා. බඩා කොහොමත් කළුයි. දිග කොණ්ඩයක් වවාගෙන හිටියේ ශිෂ්‍ය නායකයන් එක්ක ගේමට බහින්නමයි. බඩා මාමා හිතන්නේ දැන් කට්ටියට චිත්‍රයක් මැවිල ඇති කියල.
ග්‍රේරෝ ගුරුතුමා බඩා ගේ මිත්‍ර කෙල්ලගෙන් අහනවා "ඔය ළමය කිං කොං චිත්‍ර පටිය බළල තියෙනවද?" කියල. ග්‍රේරෝ ගුරුතුමා ඊලඟට පටන්ගන්නවා කිං කොං ගැන චූර්ණිකාව. "ඒ චිත්‍රපටියෙ ඉන්න නිළියත් ඔය ළමය වගේ. කිං කොං ට කවුරුවත් කැමති නෑ, හැබැයි අන්තිමේදී කැමති වෙනවා එක කෙල්ලෙක්. කිං කොං කළුයි, මහතයි, ගොඩක්ම ශක්තමත්. හැබැයි ඉතින් කිසිම ලස්සනක් නෑ". එතකොටම පස්සෙ ඉඳගෙන ෆරීඩ් කාරයා අහනවා "සර්, කිං කොං කියන්නේ කවුද? " කියල. පරන ඉංග්‍රීසි පත්තරයක් අතින් අතට යන්න ග්‍රේරෝ ගුරුතුමා පාස් කලා. ප්‍රහාරය එන්නේ කොහාටද කියල තේරුම් ගන්න බඩාට මිනිත්තුවක්වත් ගියේ නෑ. එතකොට පත්තරේ බඩා ඉන්න පේළියට ඇවිත් වත් නෑ. කිං කොං කියන්නේ කවුද කියල බඩා නං දැනගෙන හිටිය. සාමාන්‍යයෙන් කාටවත් බයිට් කරන්න බැරි, "බයිට් පෲෆ්" බඩා මාමාට එදා නම් ඇප කැන්සල්. කරන්න දෙයක් නැති කමට බඩා අත උස්සගෙනම් ඊලඟ ගාණ හදන්න පටන් ගත්තා. මෙන්න මේ පහළ රූපේ ඉන්නේ කිං කොං.

අපේ හිටපු පාප මිත්‍රයෝ ඊලඟට කිං කොං කියන එක බඩාට කාඩ් කලේ හැරෙන තැපෑලෙන්.
ප.ලි. කිං කොං කියන්නේ 1933 දී තිරගත වෙච්ච, 2005 දී නැවත හදාපු චිත්‍රපටියක්.