මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා.
දවසක් අපේ මහාචාර්යතුමා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝවක් දිගේ යද්දී ටිකක් උස මහත මිනිහෙක්ගේ ඇඟේ හැපෙනවා. ටිකක් රිදුණ නිසාත්, කල්පනා කරමින් ගිය සිතිවිලි දාමය බිඳී යාම නිසාත් මහාචාර්යතුමා යක්ෂාවේශ වෙනවා.
"ඔහේ මොකඩ්ක ඇඟේ හැපෙන්නේ?" මහාචාර්යතුමා අහනවා. උඩ බලාගෙන ගියේ මහාචාර්යතුමා වුණාට අර මනුස්සයා යටහත් පහත්ව කියනවා "සමාවෙන්න මහත්මයා" කියල.
"තමුසේ දන්නවද, මම තමයි මහාචාර්ය ....... එහෙම ඇඟේ හැපෙන්න බෑ" මහාචාර්යතුමා ගුගුරනවා.
ආයෙත් පොඩ්ඩක් නැමිලා එහෙම අර මනුස්සයා කියනවා "සමාවෙන්න සර්, මම දන්නේ නෑ නෙ. ඊලඟ දවසේ ඔබතුමා නම ගහල බෝඩ් එකක් පිටේ එල්ලන් යන්න. මම එතකොට අයින් වෙලා යන්නම්" කියල. මහාචාර්යතුමා ගෙම්බෙක් වගේ පිම්බෙනවා, හොරෙන් බලා ඉන්න අපේ බඩවල් කොර වෙනවා හිනා වෙලා!