Monday, December 28, 2015

පටයා

බ්‍රා ගැන කතාව නැගලා යන එකේ පරණ කතාවක් උඩට ඇද්දා!

බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද මේ ටියුෂන් ගුරුතුමී හරිම වසයි. පන්තියේ කට්ටිය ඔක්කොම හිටියේ මීයට පිම්බා වගේ සීරුවෙන්. හැබැයි පැය දෙකහමාරක් හිර කරන් හිටපු පීඩනය පන්තිය ඉවර වෙච්ච ගමන් එළියට දැම්මේ මොකක් හරි පිස්සුවක් කෙළලා. 

මේ පන්තියට බඩා එක්ක තවත් චරිත කීපයක් සහභාගි වුණා. අපේ සුපුරුදු ඇනා ඉන් කෙනෙක්. මීට අමතරව ක්‍රිෂා, අර්ධෙ, චීටා (ඔව්, ඔව්, මේකේ කොමෙන්ට් කරන චීට තමයි) එහෙමත් සහභාගි වුණා. ඒ අතර ජනාධිපති විද්‍යාලෙන් ආපු පොරක් හිටියා. මිනිහා කරන්නේ අවස්ථාව බලල "වාක්‍යයක්" කියන එක. අවස්ථාවේ හැටියට කියන එක කරමල් කැඩෙන්නම කියන නිසා පොරට අපි කිව්වේ "වාක්‍යනාදන්" කියල. හැබැයි මේ අතර හිටපු "චරිතෙ" තමයි ගමා. ගමා කියන්නේ පිස්සු ආකරයක්, ෆන් උල්පතක්. ගමා එක්ක පැය බාගයක් ගෙව්වොත්, දවසකට ඇති වෙන ආතල් එකක් ගන්න පුළුවන්. 

සුපුරුදු විදියට පන්තිය ඇරිලා ගෙදර එන්න කෝට්ටේ හන්දියට එන්න අපි ලෑස්ති වුණා. ලඟ ගෙදරක වලක වනලා තිබුණ කාන්තා තිසර පටක් ගමා හොරෙන්ම උස්සනවා දැක්කේ බඩා විතරයි. ඒ මදිවට හෙමින්ම අර තිසර පටේ ඇනා ගේ පාසල් බාගය ඇතුලට ඔබන්නත් ගමා සමත් වුණා. මොකුත් නොවුනා වගේ අපි ගෙදර ගියා. ගෙදර ගියාම අපි පාසල් බෑගය අස් කරන්නේ කලාතුරකින්. මොකද අපි ඒ තරමටම උනන්දු ශිෂ්‍යයින් නිසා! දැන් පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරයෙක් වුණත් ඇනාත් ඒ කාලේ ඔය විදියමයි. පහු වෙනිදා ඇනා උදේම ආපන ශාලාවට ආවේ කෑම කන්න. ඇනායි, ගමායි ඉන්නේ එක ලඟ ගෙවල් දෙකක. ඒ හින්ද දෙන්නම එන්නෙත් එකට. දෙන්න ගජ මිත්‍රයෝ. ඒ හින්දා ගමා පුටු දෙකක් අල්ලන් ඉන්දැද්දී අත හෝදන් එන්න ඇනා ගියේ ගමාට බෑගය බාර දීල. ආයෙත් තමන්ගේ පුටුවට එන ඇනා ගෙන් ගමා රසායන විද්‍යා පොත ඉල්ලුවේ පන්තියේ නින්ද ගිය නිසා සටහන ලියා ගන්න බැරි වුණා කියල. ඇනා බෑගය ඇරිය ගමන් තිබ්බ කළු පාට රෙදි ගුලිය ඇදල ගත්තු ගමා, "මෙන්න යකෝ ඇනා වැල් රොබරි දාලා" කියල තිසර පටේ උඩ වීසි කරාපි! ඇනාගේ අවාසනාවට තිසර පටේ උඩගිහින් විදුලි පංකාවේ දැවටුණා. ඒ විදුලි පංකාව කොහොමත් කැරකෙන්නේ හිමින්. ඒ හින්ද ඒකේ එල්ලිලා තියෙන්නේ මොකද්ද කියල හැමෝටම පේනවා. ඒ මදිවට ගුරු මණ්ඩලය කෑම ගන්නෙත් ආපන ශාලාවේ වෙනම කොටසක. ඒ අයටත් මේ සංගෙඩිය නියමෙට පේනවා. සමහර ගුරුතුමීන් අතින් කටවල් වහගෙන හිනාවෙනවා. ඇනාට "තන පටයා" කියල කාඩ් එකක් වැටුනේ එදා ඉඳන්. පස්සේ තන හැලිලා නිකම්ම "පටයා" වුණා.

Tuesday, December 22, 2015

ඩොක්ට මර්වින් | Doctor Mervyn

බඩා පොඩි කාලේ ගියේ ගෙවල් ලඟ දහම් පාසලට. පොඩි කාලේ කිව්වට ධර්මාචාර්ය විභාගය වෙනකම්ම ඉගෙන ගත්තා. බඩාගේ ප්‍රාථමික අධ්‍යාපනය වගෙම, ද්විතීයික අධ්‍යාපනය සිදු වුනෙත් පිරිමි පාසල් වලනෙ. ඉතින් ශිෂ්‍යාවන් එක්ක කටයුතු කරන්න ලැබුණ සීමිත අවස්ථා වලින් එකක් තමයි දහම් පාසල. පොඩි පන්ති වලදී වෙන වෙනම ඉඳ ගත්තට, දහයේ පන්තියට එනකොට අපි ඔක්කොම ඉඳගන්නේ ගැහැණු පිරිමි බේදයක් නැතුව. අන්තිමට පන්සලේ ලොකු හාමුදුරුවෝ "ගින්දරයි, පුළුනුයි එක ලඟ තියන්න හොඳ නෑ" කියමින් පන්තියේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් දෙපසට වෙන් කළා. අපේ පන්තියේ හිටපු ඉන්දිකයා ඔය ගින්දර කතාවට කිව්වේ "ලොක්කගේ දෙකේ පුළුන් තමයි ගිණි ගන්නේ" කියල. කෙසේ හෝ කාන්තාවන්ට ගරු සරු ඇතුව සලකන්න බඩා පුරුදු වුණේ දහම් පාසලෙන් කීවොත් නිවැරදියි. 

අපේ පන්තියට පහළ පන්තියේ තරමක කටකාර සහ හැඩ කාර කෙල්ලක් හිටියා. එයාට අපි ලක්මිණි කියමු. අපි දන්න තරමට ඇගේ පියා වෛද්‍යවරයෙක්. අපේ දහම් පාසල් භක්ති ගීත කණ්ඩායමේ පුහුණු කිරීම් කරන්න දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච, බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වෙච්ච "පබ්ලික් අයියා" පැමිණියා. පබ්ලික් ට තියෙන්නේ කැත කටක්. බඩා පබ්ලික් එක්ක සෙට් වුණේ පටිගත කරපු භක්ති ගීත හුවමාරු කල නිසා. පබ්ලික් අයියා ලක්මිණි එක්ක පොඩි "ජිගි ජිගියක්" තියෙන බව බඩා ගේ මීටරේට වැටිලයි තිබුනේ. පබ්ලික් අයියා දවසක් කියනවා "මල්ලි, ලක්මිණිගේ තාත්තා හම්බවෙන්න යමුද?, පොර අපිට ෆ්ලූට් එකක් දෙනවලු" කියල. බඩාත් එකඟ වුණා. කළුබෝවිල රෝහලට බඩා එක්ක පබ්ලික් ගියා. අදාල වාට්ටුවට ගිහින් පබ්ලික් අහනවා "මිසී, ඩොක්ට මර්වින් කොහෙද ඉන්නේ?" කියල. මූණට කිණ්ඩි හිනාවක් දාගත්තු නර්ස් නෝනා අත දික් කරලා පෙන්නන ගමන් කියනවා "ඔය එන්නේ, ට්‍රොලී තල්ලු කර ගෙන" කියල.

ලක්මිණී එක්ක පබ්ලික් තිබ්බ ජිගි ජිගිය එතනින්ම ඉවරයි.

Sunday, December 20, 2015

එපිසියෝටොමි (Episiotomy)

බඩා මාමා වෛද්‍ය විද්‍යාවේ අකමැතිම කොටස් තමයි නාරි හා ප්‍රසව වේදය (gynecology and obstetrics) සහ ළමා රෝග (pediatrics) කියන කොටස් දෙක. වෛද්‍ය පීඨයේදී මේ විෂයයන් දෙක ඉගෙන ගත්තෙ ආඳා මාළු ඉරටෙන් කනවා වගේ අපුලකින්. ඊටත් වඩා අපුල දනවන කාරණය වුණේ සායනික පුහුණුව. ළමා රෝග වලට බඩා අකමැති වුණේ දරුවන් ගැන නොදැනීම. දරුවන් ඉන්න නිසා දැන් නම් ඊට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් නාරි හා ප්‍රසව වේදයට අකමැති වුණේ දකින දේවල් නිසා කාන්තාවන් එපා වේය යන බයක් තිබුණ නිසා.

නාරි හා ප්‍රසව වේදය කියන්නේ කාන්තා රෝග සහ දරු උපත ගැන හැදෑරීම. දරු උපතක් එක්කෝ උපත් මාර්ගය හරහා සාමාන්‍ය විදියට සිදු වෙන්න පුළුවන්. නැත්නම් යම් යම් උපකරණ වලින් උදවු කිරීමකින් සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිසේරියානු සැත්කමකින් කෘතිමව සිද්ධ වෙන්නත් පුළුවන්.

සාමාන්‍ය දරු උපතකදී දරුවාගේ හිස එළියට එන කොටස (crowning) තමයි වැදගත්ම වෙන්නේ. මෙහිදී දරුවාගේ හිස එක්වරම උපත් මාර්ගයෙන් එළියට පැනීමෙන්, උපත් මාර්ගය ඉරී යාමක් සිදු වෙන්න පුළුවන්. එය වළක්වන්න යෝනි මාර්ගයේ එක් පසෙකින් කැපුමක් දමනවා. මේකට කියන්නේ එපිසියෝටොමි (Episiotomy) කියලයි. දරුවා බිහි වූ පසු වෛද්‍යවරයා / වෛද්‍ය ශිෂ්‍යයන් විසින් මේ කැපුම මැසීම සිදු කරනවා.

මෙන්න මේ මැසීම එපාම කරපු වැඩ වලින් එකක්. ලේ සහ ස්‍රාවයන් සහිත අහවල් එකට මූණ ලං කරගෙන කරන්න ඕන මේ වැඩේ බඩාට නම් එපාම කරපු වැඩක්. ඒ වගේම බඩාගේ අත් ඉතාම විශාලයි. ප්‍රමාණය 8 අත් වැසුම් අවශ්‍යයි. අත්වැසුම් හොයන්න යන වෙලාවේ බඩා සාමන්‍යයෙන් ඉන්නේ හෙදි සොහොයුරියගේ හත්මුතු පරම්පරාවම මතක් කර කර. නමුත් කරුමයකට වගේ මේ මැසීම තිතට, නූලටම කරන්න දක්ෂයා වුණේ බඩා. ඉතින් අහන්න දෙයක් නෑ නේ, මුළු වාට්ටුවේම එපිසියෝටොමි මහන්න වුණේ බඩාට. අර අපි කලින් කියපු මහැදුරුතුමා එහෙම බඩා දැක්ක ගමන් "ඔය එපිසියෝටොමි මහන එකාට ඕක මහන්න කියනවා" කියල කිණ්ඩි හිනාවක් දාලා යනවා.

ඔන්න එක කාන්තාවක් එනවා හතර වෙනි ළමයා බිහි කරන්න. ප්‍රසව වේදනාවට අනික් කාන්තාවන් කරන්නේ කෙඳිරි ගාන එක වුණත් මේ කාන්තාව විශේෂයි. මිනිහට බණිනවා පතුරු යන්න. "අනේ මහත්තයෝ, බලන්න මේ විල්මොන් මට කල හදිය, අනෙ අම්මෝ ඉවසන්න බැරියෝ!". තව ටි
කින් "විල්මනෝ, බල්ලෝ, උඹ මට මේ කළ දේට තොට හෙණ ගහනවා, අපෙ අප්පෝ!" තවත් ටිකින් "විල්මනෝ, වල් පරයෝ, තෝව නම් මම ආයේ ඇඳට ගන්නේ නැතෝ!"

කොහොම හරි දරුවා බිහිවුණා, කිසි අවුලක් නෑ. දැන් එපිසියෝටොමිය මහන වෙලාව. බඩා මහනවා, ඔළුවට උඩින් කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනෙනවා. බලනකොට අර වලහෙක් වගේ මවිල් තියෙන මහැදුරුතුමා. "මේ, කොල්ලෝ, ඕක සම්පූර්ණයෙන්ම මහල දාපං, ආයේ විල්මොන්ට මේ මනුස්සයාට කරදර කරන්න බැරි වෙන්න" ඇහැක් ගහගෙන මහැදුරුතුමා යනවා. "අනේ සර්, මම බැන්නට විල්මොන් හොඳ එකා. ඌටත් ටිකක් ඉඩ තියන්න" අර කාන්තාව බඩාට කියනවා!

එපිසියෝටොමි මහනකොට වෙන තවත් එපාම කරපු වැඩක් තමයි නූල හමට ඇලවෙන එක (රුධිරය සහ වෙනත් ස්‍රාවයන් නිසා). එහෙම ඇළුණාම අතින් ගන්න බෑ. මොකද කැච් (catch) එක (ලොකු ට්වීසරයක් වගේ) සහ නීඩල් හෝල්ඩර් (needle holder) එක (ඉඳිකටුව අල්ලා ගන්නා අඬුව අත් දෙකේ නිසා. එක්කෝ නූල අල්ලන්න වෙන්නේ කැච් එකෙන්, නැත්නම්  නීඩල් හෝල්ඩරෙන්. ප්‍රශ්නේ වෙන්නේ මෙහෙම අල්ලන කොට හමෙන් කෑල්ලක් අහුවුණොත් රෝගියා යන්නේ හඳට, ඒ නිසා නූලේ කොණට තට්ටු කරලා හොල්ලලා තමයි අල්ල ගන්න ඕන. ඒ අතර කුටු කුටු ගගා බඩා බැණ බැණ ඉන්නේ. "දොස්තර මහත්තයා හොඳට මහනවා කියල අනික් අම්මල මට කිව්ව". ලෙඩා මට බටර් ගානවා. බඩා මේ විදියට නූල අල්ල ගන්න ද
ලන දැඟලිල්ල දැකපු කොටියා කියනවා "ඕක දිවෙන් ගණින් බං" කියල. බඩා හිටියේ මළ අතට අරන්. "උඹ නම් ඉතින් නීඩල් එකත් දිවෙන් අල්ලලා ගැටේකුත් ගහයිනෙ" කියල මහ හයියෙන් කිව්වා. මේක බලන් හිටපු ලවණයා මට උදවු කරන හෙදියට කියනවා "ඕකට අපි කියන්නේ දිව්දාස් කියලනේ". අර දරුවා ප්‍රසූත කරපු අම්මටයි, නර්ස් නෝනටයි හිටු කියල හිනා!