Saturday, February 18, 2012

කවුද පිස්සා?

වෛද්‍ය පීඨය කියන්නේ බොහොම දරුණු විදියට අධ්‍යාපනය ගැන වෙහෙසෙන තැනක්. ඒ නිසාම ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සමහර දෙනෙක් මේ මානසික ආතතය දරා ගන්න බැරි වෙලා මානසික රෝගීන් බවට පත් වෙනවා. මෙයින් බහුතර දෙනෙක් සුවය ලැබුවත්, හොඳ කරන්න බැරි ගානටම ලෙඩ වෙන කිහිප දෙනෙකුත් ඉන්නවා. මාරේ අයියත් අන්න ඒ විදිය කෙනෙක්. අවුරුදු ගාණක් භින්නෝන්මාදයෙන් (schizophrenia) පෙලෙන මාරේ අයියා දර්ශීය මානසික රෝගියෙක්.

වෛද්‍යවරු විදියට කිසිම රෝගියෙක් පිස්සෙක් කියල අපි හඳුන්වන්නේ නෑ. ඒත් ඉතින් සමහර වෙලාවට වචනෙ යොදන්න වෙනවනේ. බ්ලොම් නේවාසිකාගාරේදී මාරෙට කිව්වේ පිස්සු මාරේ කියලයි. මාරේ පිස්සා වුණාට අමු වලත්තයා. මොකුත් කර ගන්න බැරිතරම් දුප්පත් පවුලකින් ආවට මූ අතේ තියෙන සත පහ වියදම් කලෙත් ගණිකාවො පස්සේ යන්න. භින්නෝන්මාදයට දෙන බෙහෙත් වලින් ලිංගික බෙලහීනතාවය ඇති වෙන එක ප්‍රකට කාරණයක්. ලිංගික බෙලහීනතාව ආවම අර කලින් කී වැඩේ බැරි නිසා මාරේ කලේ බෙහෙත් නොබී ඉන්න එක. එතකොට ඉතින් ලෙඩේට වෙන දේ ගැන කියන්න ඕනේ නෑ නෙ? අනික මේ රෝගීන්ට විවිධ දේවල් මැවිල පේනවා සහ දැනෙනවා. ඒකට හැලුසිනේශන් (hallucination) කියල කියනවා. "අඩෝ උඹ ඊයේ මගේ පුක මිරිකුවේ ඇයි?" ඔන්න මාරේ ගේ දර්ශීය
hallucination එකක්.

භින්නෝන්මාදය තියෙන ලෙඩෙක්ට තමන් ලෙඩෙක් කියල දැනෙන්නේ නෑ. තමුන් කරන දේ බරපතල කම දන්නෙනෙත් නෑ (අපි ඒකට ඉ
න්සයිට් (insight) කියල කියනවා). ඒ නිසා මේ වගේ රෝගියෙක් ගෙන් වෙන අනතුරක් වුණත් ඉවසා ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් පුරුදු වෙලා හිටියා. පිස්සු තද වෙන කාලෙට මාරේටත් මෙහෙම වෙන්න පුළුවන් වුණත් බඩා හිතන හැටියට තමන්ට ඉන්සයිට් නැති බවට පෙන්නමින් මාරේ කලේ තනිකරම මවා පෑමක්. මාරේ පඩිපෙළ බහිද්දී සාමාන්‍යයෙන් කොල්ලෝ අයින් වෙලා ඉඩ දෙනව. නැත්නම් මාරේ හැංගිලා ඉඳල ගහනව. හැබැයි ගහන්නේ ඇඟෙන් පොඩි කොල්ලන්ට විතරයි. මාරෙට කුණුහරුප දෙකක් කියල බැනපු බඩා එක්ක මාරේ පැටලෙන්න ආවේ නැත්තේ පැටලුණොත් අම්බානකට කන්න වෙන බව දන්න නිසාත්, නේවාසිකාගාර කමිටුවේ බඩාට තිබුණු බලවත් තනතුර නිසාත්.

පස්සේ කාලෙක මාරයා හරියට දරුණු වුණා. බඩාගේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ ශිෂ්‍යයෙක්ගේ ඔළුවට පොල්ලකින් ගහලා තිබුණෙත් ඔය කාලෙමයි. බ්ලොම් වාසීන් ඒ දවස් වල මාරේ ගැන හිටියේ මර බයෙන්. කොහොම හරි මාරේ කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුවේ අන්තිමේදී. හොරා වැඩිය උස මහත නැති කණාටු කොල්ලෙක්. මාරේ දවස්ක් හොරාට තඩි බෑවේ රෑ චමරියට යද්දී. හොරාගේ ඔළුවට පොලු පාරක් දුන්නත් ඒක වැදුණේ උරෙස්සට. පැන්න ගමන් මාරයාගෙන් පොල්ල උදුර ගනිපු හොරා, මාරයාට තඩි බාගෙන ගියේ නවත්තන්නේ නැතුව. තවත් හිටියොත් කිසිදා නොකෑ කෑමක් කන්න වෙන බව දැන ගන්න තරම් ඉන්සයිට් තිබුණු මාරේ බ්ලොම් එකෙන් එළියට පැනලා පාර දිගේ දුවන්න ගත්තා. හොරා ඒත් අත ඇරියෙ නෑ. පොල්ලෙන් තඩි බබා මාරේව බොරැල්ල හන්දිය වෙනකම්ම හොරා එළවගෙන ගියා.

මේක බලා හිටපු සුදු පුතා බඩා ගෙන අහනවා, "මචන් බඩා, දැන් කවුද බන් ඔතන පිස්සා?"

17 comments:

  1. හැක හැක හැක අපෝ මර සිද්දිනේ තියෙන්නේ :ඩි

    ReplyDelete
  2. සමහරු ඔය වගේ ලෙඩ තියනව වගේ පෙන්නනව නේද තමංගෙ වාසියට ???

    ReplyDelete
  3. ඔය තත්වයෙන් හෝ වෙනත් එවැනි මානසික රෝග වලින් පෙලෙන නීති පීඨ ශිෂ්‍යයෙක් වගේම හමුදා සෙබළෙක් එක්ක මම පුද්ගලිකවම කතා කරලා තියෙනවා. නීති ශිෂ්‍යයා ඇත්තටම නිතරම පොත් කියවමින් ඉන්නවා වගේම සාමකාමී, කතාව අතිශයින්ම තර්කාන්විතයි. ඔහු වතාවක් මට මෙහෙම කිව්වා.

    "මචං, කාට හරි පිස්සු කියන්නේ බහුතරයේ හැසිරීමට සාපේක්ෂව උන්ගේ හැසිරීම උන්ගේ හැසිරීම අසාමාන්‍ය නම්. ඒත් අපි කොහොමද කියන්නනේ බහුතරයේ හැසිරීම නිවැරදියි කියලා. පිස්සෝ කියන අපි, අනිත් උන් අපට සාපේක්ෂ කරලා බැලුවොත් කියන්න පුළුවන් නේද, අපට පිස්සෝ කියන උන්ට පිස්සු කියලා. "

    හමුදා සෙබලා ඒ තත්වයට පත් වෙලා තිබුනේ, යුද බිමේදී ඔහු අසලම සිදු වුන පිපිරීමකින් ඇති වුන කම්පනය නිසා.ඔහුත් ඉතාම මිත්‍රශීලීයි. නමුත් හිටි හැටියේ ප්‍රචණ්ඩ වන ඔහු , තමන්ව කපිතාන් කෙනෙකු ලෙස හඳුන්වා දෙමින් ළඟ සිටින ඕනෑම අයෙකුට වැටෙන්නම පහර දෙනවා.ඒ නිසාම දවසේ වැඩි වෙලාවක් ඔහුට කුඩුවේ කාලය ගත කරන්න වෙන්නේ.

    ඉතාම කනගාටුදායකයි හොඳින් ඉන්න පුළුවන් වටිනා ජීවිත මේ තත්ත්ව වලට පත් වෙනවාට.

    මේ කතාව කියවන කොට මට මගේ මිතුරෙක් ගැන මතක් වුනා.

    ReplyDelete
  4. පිස්සා උනත් ගහනකොට ගුටිකකා ඉන්න පුලුවනෑ.

    ReplyDelete
  5. මතක හිටින්න එදා ගුටි පූජාවක් ලැබෙන්න ඇති පව්.

    ReplyDelete
  6. මේක වෛද්‍යවැනි ඉතාම මහන්සියෙන් ඉගෙන ගන්න වෙන වෙහෙසෙන්න වෙන අය අතර ටිකක් වැඩි බවයි මගේත් අත්දැකීම. ඔය වැනිම චරිත අපේ අතරත් හිටියා. එකෙක් හිටියා අසුභයා කියලා. මොකකලත් වැඩක් නැහැ බං කිය කියා තමයි කරන්නේ. කුමන්ත්‍රන පප්පා. පව් අසරණ මිනිස්සු.

    ReplyDelete
  7. අයියෝ...පව් කියල හිතුන

    ReplyDelete
  8. හීනෝන්මාදය පාලනය කරන්න පුළුවන් රෝගී තත්වයක්. ඒත් ලංකාවෙ තියෙන වෛද්‍ය පහසුකම් වල අඩුපාඩු හින්ද මේක විශාල ගැටළුවක් බවට පත් වෙමින් පුද්ගලයාටයි එයාගෙ පවුලටයි ඉතා අපහසුතා අත්විදින්න සිද්ධ වෙනවා. මිනිස්සු ඒ පුද්ගලයව තේරුම් ගන්නෙ නැහැ. එයාගෙ හැසිරීම් සාමාන්‍ය හැසිරීම් එක්ක එකට තියල එයා එක්ක තරහ වෙනව. ඒත් ඇමරිකාව, කැනඩාව වගේ රටවල ළමා වියේදිම මේ රෝගී තත්වය හදුනාගෙන ප්‍රතිකාර කරන ස්ථාන පිහිටුවලා තියෙනව. ලංකාවෙ වෛද්‍යවරු කරන්නෙ මේ රෝගෙදි බෙහෙත් නියම කිරීමම විතරයි. උපදේශනය හා ඒ පුද්ගලයාට මනස කලමනාකරණය කර ගැනීමට අවශ්‍ය උපකාර ලංකාවෙදි ලබල දෙන්නෙ නැහැ. වෛද ශිෂ්‍යයෙකුට ඔහොම නම් සාමාන්‍ය මිනිහෙකුට කොහොම වෙයිද? මේ තත්වය වෙනස් වෙන්න ඕන කියන එකයි මගේ හැගීම.

    ReplyDelete
  9. ඔන්න අපේ ෆැකල්ටියෙ මේ දවස්වලත් අයියා කෙනෙක් ඉන්නවා.මිනිහව ෆැකල්ටියෙං දොට්ට දාන්නෙ නෑ ලෙඩේ වැඩිවෙයි කියලා.දැං අවුරුදු ගානක් තිස්සෙ තියෙන ඔක්කොම එග්සෑම්වලට ලියනවා.ඒත් ස්ටාෆ් එක මිනිහව පාස් කරන්නෙ නෑ.පව් තමයි.ඒත් එහෙම කියලා ඔහොම එළියට දාන්නත් බෑනෙ.හැබැයි මිනිහගෙ දැනුමනං මම හිතන්නෙ අපි ගොඩකට වඩා තියෙනවා.මොකද හැම එකම ආයි ආයි කරනවනෙ.

    ReplyDelete
  10. හප්පේ ඇත්තටම කව්ද පිස්සා....

    ReplyDelete
  11. @වර්ණා: කවුද පිස්ස කියල හොයා ගත්තද?

    @ඕනයා: ඒක හැබෑව. මාරේ කලේ ඒ වගේ වැඩක් තමා.

    @ඉඳුනිල්: බොහොම තුති එකතු කිරීමට

    @කිරිපුතා, නදී: එදායින් පස්සේ මම පීඨයෙන් අයින් වෙනකම්ම මාරේ දැක්කේ නෑ. ගුටි පූජාවේ තරම හිතා ගන්න පුළුවන්නේ? ඒ මදිවට හාල් මැස්සෙක් විතර සයිස් එකෙක්ගෙන්.

    @වෙදනා: ඒ විතරක් නෙවෙයි, සිය දිවි නසා ගැනීමුත් වැඩියි. මම හිටපු අවුරුදු 6ට පස් දෙනෙක්ම! හැබැයි මේවා එලියට දාන්නේ නෑ පීඨයේ හොඳ නම කැත වෙයි කියල.

    @ඔබා: කවුද පවු?

    @නීල්: හොඳ උත්තරයක්!

    @ඇනෝ: කතාව හරි. ලංකාවේ මේ සඳහා අවශ්‍ය උපදේශන සේවා සහ සමාජ ව්‍යුහයන් ඇත්තේම නැති තරම්. අනික් අතට බෙහෙත් ටිකක් හරියට ගෙන්න ගන්න බැරි ලංකාවේ ආණ්ඩු, උපදේශන සේවා වගේ මිළ අධික ප්‍රතිකාර වලට සල්ලි වෙන් කරයි කියල හිතන්න පුළුවන්ද?

    @දිනූක: යහමපත් නේද? මිනිහා මට වඩා අවුරුදු තුනක් ජ්‍යේෂ්ටයි.

    @ඔබ නොදුටු ලොවක්: සබ්බේ පුතජ්ජනා උම්මත්තකා!

    ReplyDelete
  12. හ්ම්...මේ වගේ ලෙඩක් කො‍ච්චර බයානක වෙන්න පුලුවන්ද කියලා දැන ගත්තා. අපොයි... බෙහෙත් බිව්වොත් නිට්ටාවටම සනීප වෙනවද??

    ReplyDelete
  13. ලංකාවේ මානසික රෝග ගැන දොස්තර රුවන් ජයතුංග මහතාගේ ලිපි වල සදහන් වී තිබුනා.
    කොහොම උනත් හමුදා වල මානසික සෞඛය ගැන දැන් යලි අවධානයක් ඇතිවී තිබීම සතුටක්.

    ReplyDelete
  14. අපේ ස්කොලෙ විද්‍යාව ගුරුවරු දෙන්නෙක් හිටියා එහෙම පීඩනය දරා ගන්න බැරුව වෛද්‍ය පීඨයෙන් අයින් වෙලා ගුරු වෘත්තියට ආපු අය!

    ReplyDelete