පාසල් යන කාලේ බඩා ගේ කට හොඳ නැති බව ඔය කට්ටිය දන්නවනෙ. බඩා වගේම කට හොඳ නැති තවත් කීප දෙනෙක් හිටියා. ඉන් එක්කෙනෙක් තමා "තකී". තකී ජොලියට බර, ජීවිතේ ආතල් එකෙන්ම ගෙවන සොමිබර කොල්ලෙක්. තකී ගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වෙච්ච නිසාත්, ජීවිතේ බරක් නොදැනුණා වෙන්න පුළුවන්.
එක පැත්තකින් තකී එහෙම ඉන්දැද්දී සාමාන්‍ය පෙල පන්ති වල හිටපු විනය පාලක තමයි රත්නේ සර්. උස, මහත, මවිල් වැවිච්ච රත්නේ සර්ට හැමෝම බයයි. හැබැයි කාටවත් ගහනවා නම් බඩා දැකල නෑ. කොටින්ම රත්නෙ සර් අපිව බය කරන් හිටියේ පෙනුමිනුයි, කටිනුයි.
එකමත් එක දවසක, තකී, බඩා ගේ බයිට් එක බවට පත් වුණා. සාමාන්‍යයෙන් සොමියෙන් ඉන්න තකීට මළ පැනලා බඩා ගේ මව් පාර්ශවය සමග ලිංගික සම්බන්ධතාවයක විස්තරය දක්වන කුණුහරුපයක් මහා හඬින් බඩා වෙත එල්ල වුණා. අවාසනාවකට වගේ, මේ කතාව එහා පන්තියේ උගන්නපු රත්නේ සර්ට ඇහිලා. දැන් මිනිහ ඇවිත් අපේ පන්තිය ඇතුලේ. කොල්ලෝ මීයට පිම්බා වගේ. තව ටිකකින් තකියා අම්බානකට කන බවක් අපට පෙනී ගියා.
"කවුද ඒ කෑ ගැහුවේ? " රත්නේ සර් අහපි.

"මම". තකී උත්තර දුන්නේ බයෙන්.
"යකෝ, මව් ගුණ කියනව නම් අනික් පන්තියට ඇහෙන්නේ නැති වෙන්න හෙමින් කියාපිය" කියල තකීට ඔරවලා රත්නේ සර් හැරිල ගියා. අපි හොල්මන්ද පොල් කොල!
නියමම නියම ගුරුවරයෙක් කියල බය නැතුව කිව්වැකි.
ReplyDeleteඈහ්..... මරු සර් කෙනෙක් නෙ...
ReplyDeleteෂා මරු සර් කෙනෙක් නේ .....
ReplyDeleteමොළේ තියෙන ගුරුවරයෙක්.....
ReplyDeleteසර් හොඳ හින්ද ඌ බේරුණා.
ReplyDeleteසර් මාරයිනේ :D
ReplyDeleteමමත් වතාවක් මවු ගුන කියන්න ගිහිං විනය පාලක හිටපු ජූලියන් බෝලිං සාදුටම මාට්ටු වෙලා වේවැල කැඩෙනකං ගුටි කෑව
ReplyDeleteමරු සර් කෙනෙක්..
ReplyDeleteතමනුත් ඔය වගේ කාලයක් පහු කරපු බව මතක තියාගන්න ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත්, ප්‍රේක්ෂකයින්ටත් පුලුවන්නම්, ප්‍රශ්න අඩුයි.. :D
ReplyDeleteඅපේ ස්කොලෙ නං එල්ලෝන් බට පාර ලැබුනා පන්තියකටම!
ReplyDeleteඈ....
ReplyDelete