බඩා ඇතුළු කණ්ඩායම මගින් කළ අති සාර්ථක නම් තැබීමක් වුණු කොණ්ඩයා ගැන කියවන පිරිසට මතකයි කියල හිතනවා. කොණ්ඩයා යකඩ උස්සලා ඇඟ පුම්බ ගත්තට මොකද කලාවට බර, සින්දු කියන්න පුළුවන් බොහොම මෘදු මනුස්සයෙක්. ඒ කාලේ ඉඳලාම ළමයින්ට දැක්කුවේ පුදුම ලෙන්ගතු කමක්. මේ අපි ළමා වාට්ටුවේ වැඩ කරද්දී වුණු රස කතා කීපයක්.
සාමාන්‍යයෙන් සැත්කමකට කලින් රෝගියෙක්ව පැය හයක් විතර නිරාහාරව තබනවා. වතුර බොන්න දෙන්නෙත් නැහැ. එහෙම කරන්නේ සිහි නැති කරන ඖෂධ වමනයත් ඇති කරවන නිසා අමාශයේ හිස්ව තබා ගැනීම වැදගත්. ඔය විදියට සැත්කමකට මුහුණ දෙන්න හිටපු අවුරුදු හයක විතර පොඩි එකෙක් වාට්ටුවේ හිටියා. හැබැයි මේ පොඩි එකා බත් කන්නේ නෑ. කන්නේ පාන්, රස්ක්ස්, සීරියල් වගේ ජාති විතරයි. බත් කවා ගන්න බැරුව පොඩි එකාගේ අම්මා හිටියේ සෑහෙන්න මුසුප්පුවෙන්. කොහොම හරි දන් කොල්ලා පැය හතක් විතර බඩගින්නේ . කොණ්ඩයා රෝගියා ගැන විස්තර දරුවාගේ මවගෙන් ලබා ගත්තට පස්සේ, බත් නොකන විත්තිය දැන ගත්හ ගමන්, "පුතා බත් හරි රහයිනෙ" කියල කිව්වලු. මේ වෙද්දිම එහා පැත්තේ ඇඳේ දරුවට එයාගේ අම්මා බත් කවනවා. අපෙ මේ කොලුවා අම්මා එහා මෙහා වෙනකම් ඉඳලා එහ පැත්තේ ළමයගේ අම්මගෙන් ඉල්ලගෙන මෙන්න හොඳට බත් කනවා! සැත්කම පමා වෙලා කොණ්ඩයා ජ්‍යෙෂ්ට වෛද්‍යතුමන්ලගෙන් බලු බැණුම් අහපු එක වෙනම දෙයක්, හැබැයි එදා ඉදන් කොල්ලා බත් කන්නේ පොර කකා!
ළමා රෝහලේ 01 වාට්ටුව පිටිපස්සේ ලොකු කළු ගල් ගොඩක් ඒ දවස් වල දාලා තිබුණා. එක ඇඳක ළමයෙක් අඬනවා, අම්මටවත් නළව ගන්න බෑ. කොණ්ඩයාට ලස්සන කටහඬක් හා ගායන හැකියාවක් තියෙනවා. "කෝ දෙන්න, මම කවියක් කියන්නම්" කියල ළමයා නැලවිල්ල කොණ්ඩයා බාර ගත්තා. එතකොට අපිට පේන්වා අර ගල් ගොඩ උඩට නැගපු අතිශය තරබාරු කාන්තාවක් රෙදි වනනවා. කොණ්ඩයා මෙන්න මෙහෙම නැලවිලි ගීතයක් කියනව අර කාන්තාව දිහාවට අත දික්කරගෙන.
"අන්න බබෝ ඇතින්නියා
ගල් ගොඩ උඩ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පැන පැන රෙදි වනන්නියා"
ළමයා නැලවුණාද කියල නම් බඩාට මතක නැහැ. ඒත් වටේ හිටපු අම්මලා ගේ බඩවල් නෑ හිනා වෙලාම.

ඇතින්නිට ඇහුන නම් එහෙම. හෙහ් හෙහ් හෙහ් ...
ReplyDeletehttp://muthunayake.blogspot.com/2013/08/blog-post_6.html
ReplyDeleteඅරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි. පාඨකයන්ගේ
කොමෙන්‍ටු බලා පිලිතුරු දීමට පුලුවන් ඒවා පමනක් අනුමත කරන ක්‍රමවේදයත් හොද ක්‍රමයක් තමා බලාගන යනකොට. ප්‍රජාත්තන්ත්‍ර වාදය ආණ්ඩු විතරක් පිලිපැද්දට මදි. ස්පැම් නම් වලක්වන ක්‍රම ඔනිතරම් තියෙන්නේ ඒකාධිපති බල තල පාවිචිචි නොකර
අපිට කොහෙද දැං ඒ ආතල්!!
ReplyDelete