Wednesday, November 20, 2013

පෙට්ටිය කැඩුණොත් . . .


හැම පාසලකම කලා සංගමයක් තියෙනවා. රාජකීය විද්‍යාලයේත් ඒ වගේමයි. මේ සංගමය 1990 ගණන වල මැද හරියේදී තිබුණේ බොහොම උසස් මට්ටමක බව බෝහෝ දෙනාගේ මතය වුණා. සිංහල සාහිත්‍ය දිනය සහ කලා උළෙල කියන උත්සව දෙක තමයි සිසුන්ගේ දක්ෂතා එළි දක්වන්න තියෙන අවස්ථා. ඒ නිසාම මේ උත්සව ජයට පැවත්වුනා. ඒ වගේම පාසලේ නම නිසාම බොහෝ ආධාර උපකාර ලැබුණු නිසා කලා උළෙල ගත්තේ මංගල සිරියක්. මේ කළා උළෙලට වෙනත් පාසල් වලටත් අංග ඉදිරිපත් කරන්න ලැබෙනවා. උත්සවය වර්ණවත් වෙන්නේ බාලිකා පාසල් වල අංග වලින්.

ඔය විදියට තියපු කලා උළෙලක ප්‍රධාන ආරාධිතයා වුනේ සුප්‍රකට, ගීත ලියන, සිංහල පිළිබඳ මහාචාර්යතුමෙක්. ඒ දවස් වල නම් එතුමා ජ්‍යේෂ්ට කථිකාචාර්ය කෙනෙක් වෙන්න ඕන. අවිවාහකව සිටි මෙතුමා කාන්තාවන් දැලේ දමා ගැනීමට ප්‍රකට පුද්ගලයෙක්.

ප්‍රකට බාලිකා පාසලකින් අංගයක් ඉදිරිපත් වුණේ මේ අතර. රතු හැට්ටකාරී නාට්‍යයේ "දීකිරි දීකිරි" ගීතය තමයි ඉදිරිපත් වුණේ. එක්කෝ ෂෝ එකට, එහෙම නැත්නම් ඒ ළමයාගේ හැටිද මන්දා මේ කෙල්ල පුදුම නැටවීමක් නටවන්නේ. අනුලා බුලත්සිංහල මහත්මිය ඒ නැටවිල්ල දැක්ක නම් කලන්තේ දානවා! අංගය තවත් රසවත් කිරීමටද කොහෙද, අර කෙල්ල වේදිකාවෙන් බැහැලා අපේ මහාචාර්යතුමා ඉදිරියෙත් රඟනවා.

"අත මගෙ වෙවුලයි - දෙපා රුදාවයි
රෑ වෙන්නට පෙර - නිවසට යන්නයි
පනමේ කිරි ගෙන - පිහිටක් වන්නයි"

කියල ගීතය යනවා. ඊලඟ පදය වෙන්නේ "මුට්ටිය බිඳුණොත් ඔක්කොම ඉවරයි" කියන එක. මේ නැටුම බලන් හිටි බඩා සහ මිතුරන් කීප දෙනෙක් මූණට මූණ බලා ගත්තා. අර අන්තිම පදයට එනකොටම කට්ටිය මහ හඬින් එකාවන්ව කියාපි "පෙට්ටිය කැඩුණොත් - ඔක්කොම ඉවරයි" කියල.

කෙල්ලට උන්හිටි තැන් අමතක වෙච්චි! මහාචාර්යතුමා පස්ස බල බලා කියපු එවුන් හොයනවා. විදුහල්පතිගේ මූණට අබ දැම්මොත් එව්ව පුපුරන්නේ ග්‍රෙනේඩ් වගේ. සිංහල ගුරුතුමා පැලෙන්න ඔන්න මෙන්න. හැබැයි බලන්න ආපු බහුතරයකට බඩ අල්ලන් හිනා!

13 comments:

  1. හි හි . පව් ඒ ගැහණු ළමය අයියෝ

    ReplyDelete
    Replies
    1. ඇත්තනෙ බන් කියල තියෙන්නෙ පව් වෙන්නෙ කෝමද :D

      Delete
  2. හපොයි!
    එකසැරයක් ඔය මහාචාර්යතුමාගෙන් අහල තිබුන බඳින්නෙ නැත්තෙ මොකද කියල. මෑන් කියල තිබුන "මට පාන් කන්න ඕනවුනාම කඩෙන් අරගෙන කනව මිසක් ගෙදර බේකරියක් දාගන්න අදහසක් නෑ" කියල.

    ReplyDelete
  3. මාට්ටු උනෙ නෑනෙ කවුද කිව්වෙ කියල? :D

    ReplyDelete
  4. මාට්ටුවෙන්න තිබ්බේ, පෙට්ටි කඩන හැටි බලාගන්න තිබ්බා එහෙනං

    ReplyDelete
  5. කිවුවෙ නැත්නම් වැඩෙ වෙන්නත් තිබුන නේ

    ReplyDelete
  6. කියපු එවුන්ව අහු වුනානම් පෙට්ටිය ඔලුව උඩ තියලා කඩයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  7. ඔය නැ‍ටුම් සේරම කැඩෙන තරම් තමයි මල්ලිලා...

    ReplyDelete
  8. ඔය කැඩෙන එක ගැන විහිළු කලාට, විවාහයේදී ඕක කැඩිලාදැයි කියල බලන ජරා වැඩේට නම් බඩා එක පයින් විරුද්ධයි. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්.

    කොමෙන්ට් දාපු ඔක්කොටම ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. :-) ඒ මොකෝ මට ඉතින් කටට ගොඩක් එනවා අහන්න හිතෙන්නේ නැහැනේ

      Delete
  9. ඔය කියන සංගමේම සාමාජිකයෙක් වෙලා හිටියා මතකයි මමත් මීට අවුරුදු 15කට විතර කලින්...
    ස්තුතියි පරණ මතක අලුත් කරාට

    ReplyDelete