Wednesday, November 6, 2013

බෝඩ් ගහගන්න

මේ කතාවත් මහාචාර්ය කතන්දරයක්. මීට කලින් හොස්ටල් රවුන්ඩ්ස් කරන්න ගිහින්, කොටු පැනලා සහ සුද්දන්ට තෙල බෙදන්න ගිහින් ඇදගෙන නාගත්තු මහචාර්යතුමාලා ගැන බඩා ලිවුවා මතක ඇති. මේ මහාචාර්යතුමාත් ඉතාම ප්‍රසිද්ධ තුමෙක්. කොටින්ම තමන්ගේ විෂයය ගැන අසියාවේම ඉන්න නොම්මර එකේ විද්වතෙක්. හබැයි මළ පැනීම සුපිරියි. මේ මහාචාර්යතුමාට තද වුණාම වෙන්නේ ගෙම්බෙක් පිම්බෙනවා වගේ මූණ පිම්බෙන එක. ඔන්න මෙන්න පුපුරන ගානට මූණ පිම්බෙනවා.

දවසක් අපේ මහාචාර්යතුමා කඩිසර ගමනින් රෝහලේ කොරිඩෝවක් දිගේ යද්දී ටිකක් උස මහත මිනිහෙක්ගේ ඇඟේ හැපෙනවා. ටිකක් රිදුණ නිසාත්, කල්පනා කරමින් ගිය සිතිවිලි දාමය බිඳී යාම නිසාත් මහාචාර්යතුමා යක්ෂාවේශ වෙනවා.
"ඔහේ මොකඩ්ක ඇඟේ හැපෙන්නේ?" මහාචාර්යතුමා අහනවා. උඩ බලාගෙන ගියේ මහාචාර්යතුමා වුණාට අර මනුස්සයා යටහත් පහත්ව කියනවා "සමාවෙන්න මහත්මයා" කියල.
"තමුසේ දන්නවද, මම තමයි මහාචාර්ය ....... එහෙම ඇඟේ හැපෙන්න බෑ" මහාචාර්යතුමා ගුගුරනවා.
ආයෙත් පොඩ්ඩක් නැමිලා එහෙම අර මනුස්සයා කියනවා "සමාවෙන්න සර්, මම දන්නේ නෑ නෙ. ඊලඟ දවසේ ඔබතුමා නම ගහල බෝඩ් එකක් පිටේ එල්ලන් යන්න. මම එතකොට අයින් වෙලා යන්නම්" කියල. මහාචාර්යතුමා ගෙම්බෙක් වගේ පිම්බෙනවා, හොරෙන් බලා ඉන්න අපේ බඩවල් කොර වෙනවා හිනා වෙලා!

12 comments:

  1. බඩා මාමා,
    මා දන්නා පරිදි වෘත්තිකයින්ගෙන් වැඩිම අධිමානය ඇත්තේ ලංකාවේ ඉන්නා බටහිර වෛද්‍යවරුන්ටයි. නමුත් බටහිර රටවල එහෙම කේස් නෑ.
    ඔබ මේ කතා ලිවීම සමාජ සද්කාර්‍යක්.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් විශ්ව විද්‍යාල වන්දනාවෙ අතුරු ඵලයක් තමා.... කකාට අද ලින්ක් දාන්න අමතක වෙලා වගේ....

      Delete
    2. කකාගෙ කතාවට මමත් එකඟයි,විදේශවල(ඉන්දියාවත් ඇතුළුව) මා දැක ඇති බටහිර වෛද්‍යවරුන් ඉතාම නිහතමානී අයයි.ඔවුන් රෝගීන්ට ඉතාම ආචාරශීලියි.

      Delete
    3. වෛද්‍ය අංශයේ පමණක් නොව ඊගෝ මෙව්වා එක වැඩිපුරාම තියෙන ඉන්ජිනේරුවෝ මට හමු වී තියෙන්නේ ලංකාවේ හා ඉන්දියාවෙදීයි. වහනයේ ඉස්සරහා අසුනම ඕනෑ වීම. සර් නොකීවොත් අමනාප වීම , ජෙය්ෂ්ට එකෙකුගේ මත දැක්වීමට පොඩි එකෙක් අතුරු අදහසක් දැක්වූ විට පිප්පීම වැනි ලක්ෂණ බටහිර ඉංජිනේරුවන් ළඟ ඉතා විරලය. ඒත් මමත්වය දුරලීම ගැනම තිස්සෙම කියවෙන ආගම් අදහන්නේද මේ රටවල් දෙකේ මිනිසුන්ය.

      Delete
  2. උගත් කමයි බුද්ධියයි කියන්නේ දෙකක් බවත් උගත් යැයි සමාජ සම්මත බොහෝ දෙනෙක් බුද්ධිමත් නැති බවත් මට පෙන්නවලා දුන්නේ අවබෝධ කරලා දුන්නේ ඉස්කෝලේ 10 වසරට විතර ගියපු ගොඩක් බුද්ධිමත් මනුස්සයෙක්.

    ReplyDelete
  3. බඩා මාමා......මම මේ බ්ලොග ගැන දැණ ගත්තේ කකාගේ කමෙන්ට් එකකින්.

    මම ඉන්නේ යුරෝපයේ රටක. මෙහේ දොස්තරලා, කන්සල්ටන්ට්ලා පවා Dr වෙනුවට Mr කියලා තමයි පාවිච්චිය. ඒ අයත් සාමාන්‍ය මිනිස්සු වගේ තමයි . මගේ යාළුවෝ ඉන්නවා ලංකාවෙන් ආපු දොස්තරලා. ලංකාවේ පාට් මෙහේ බැහැ. ඇයි බඩා ලංකාවේදි එක විදිහක් සහ මෙහෙදි එක විදිහක්.

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් එක්සත් රාජධානියේ ශල්‍ය වෛද්‍යවරු මෙසේ සිදු කරති. නමුත් බහුතරයක් ඔවුන් හඳුනාගන්නේ වෛද්‍ය අහවලා හැටියටයි,

      Delete
    2. ඒ වගේම පාට් දාන මිනිහා කොහෙත් පාට් දානවා. සාමාන්‍ය වෛද්‍යවරයා ඔය විදියට යුරෝපීය රටවල සලකනවා ඇති. ඒත් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැනි අය ඉන්නේ රජවරුන් වගේ. මොකද ඒ විෂයය කරන වැදි දෙනෙක් නැහැ.

      Delete
  4. රාජාණ්ඩු ක්‍රමය යටතේ වැඩවසම් පාලන ක්‍රමයක දීර්ඝ කාලයක් පාලනය වෙච්ච අපිට තාමත් ඒ ගතිසිරිත් සම්පූර්ණයෙන් අත ඇර ගන්න බැරිවෙලා තියෙන්නේ

    ReplyDelete
  5. හික්ස් එක්තරා මහාචාර්‍ය කෙනෙක්ට නහුතයට තද වුණා,මම එයාට " මහත්තයා" කියලා ආමන්ත්‍රණ්‍ය කරලා.එයාට මහාචාර්‍යතුමා කියලලූ කථා කරන්න ඕන .කලින් කියන්න එපැයි අපි දන්නවැයි ඕක​

    ReplyDelete
  6. උගත් පුද්ගලයෙකුයි බුද්ධිමත් පුද්ගලයෙකුයි කියන්නෙ අහසයි පොලවයි වගේ. දකුණු ආසියාවෙම තියෙන ප්‍රශ්ණයක් තමා ඔය. විශේෂයෙන්ම ලංකාවෙ 'ඇතම්' වෛද්‍යවරු, ඉංජිනේරුවො ආදීන් (සියලු දෙනා නොවේ) තුල ඇත්තේ පුදුමාකාර මහන්තත්වයකි.

    ReplyDelete
  7. මගෙත් ජිවිතෙදි හමුවෙල ඇති මාන්නක්කාර හද්ද ලොබයො ඔය බටහිර වෙද්දු තමා

    ReplyDelete