Sunday, December 8, 2013

දඩයමේ යනවද?

මේ කතාව සිද්ධ වෙන්නේ බඩා මාමා වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිටියදී. කොළඹ වෛද්‍ය පීඨයේ ඒ දවස් වල ක්‍රියාත්මක වුණේ අළුත්ම විෂය මාලාවක්. මේ වෙනස නිසා අනෙක් පීඨ වල වගේ තුන්වෙනි වසර වෙනකම් ඉන්නේ නැතුව අපට දෙවැනි වසරේ ඉඳන්ම සායනික පන්ති වලට සහභාගි වෙන්න සිද්ධ වුණා. සායනික පන්ති උදෙසා බඩාගේ බැච් එක කණ්ඩායම් 14කට බෙදුවා. බඩා හිටියේ 13 වෙනි කණ්ඩායමේ. මුලින්ම පටන් ගත්තේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පන්තියක්.

බඩා ගේ කණ්ඩායමේ සිසුවියන් කිහිප දෙනෙක් හිටියා. එයින් බොහොමයක් දෙනා ශරීරයෙන් කුඩා, ඒත් කට සැර (බෝම්බ ගහන්නා වාගේ!) කෙල්ලෝ ටිකක්. මුල්ම සතියේදීම අපට සිද්ධ වුණා හයිඩ්‍රෝසීල් (hydrocele) එකක් එහෙම නැත්නම් වෘෂණ කෝෂයේ වතුර ගෙඩියක් ඇති රෝගියෙක් පරීක්ෂා කරන්න. විශේෂඥ වෛද්‍යතුමා රෝගියාගෙන් විස්තර අහන්නේ අපට ඒ ගැන විමසිල්ලෙන් අහගෙන ඉන්න කියලයි. කොහොම කොහොම හරි රෝග විස්තරය අවසන් වුනා. 

ඊලඟට එළඹෙන්නේ පරීක්ෂා කිරීම. ඒකත් පියවරෙන් පියවර එතුමා පැහැදිලි කරනවා. හදිසියේම රෝගියාගේ ශිෂ්ණයේ සුවවෙච්ච තුවාලයක් දැකපු වෛද්‍යතුමා කටහඬ බොහොම බාල කරලා අහනවා "සීයා, දඩයමේ ගියාද?" කියල. සීයත් ඔළුව වනනවා. බඩාට, කොටියට, කොණ්ඩයට එහෙම මේක ලේසියෙන්ම මීටරේට වැටුණට කෙල්ලන්ගෙන් බහුතරයකට එහෙම වුණේ නෑ. පන්තිය අවසානයේ එක කොට ජීවිත කෙල්ලෙක් අහනවා "බඩා, අර දඩයමේ යනවා කියන්නේ මොකද්ද?" කියල. බඩාත් ඉතින් පැහැදිලි කරලා දුන්නා විස්තර ඇතුවම.

ඊලඟ දවසේ අර කෙල්ල රෝගියෙක්ගෙන් විස්තර අහනවා, රෝගියාගේ ඇඳ ගාව ඉඳගෙන. කට සද්ද නිසා අහන ප්‍රශ්න අනික් අයටත් ඇහෙනවා. එක සැරේම අපට ඇහෙනවා "ආ, දඩයමේ යනවද?" කියල. ලෙඩා ඇඹරෙනවා, අපි බඩවල් අල්ලන් හිනා වෙනවා!

6 comments:

  1. පර්මිට් නැතුව දඩයමේ ගියාම තුවක්කු බටේට තමයි කෙලවෙන්නේ. අන්තිමේදී 33 වාට්ටුවේ පිහිට තමයි.

    හැබැයි දඩයම් නොකර හිටියාමත් ඉතිං තුවක්කුව මලකඩ කාලා දිරාපත් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. කකා බලාගෙන.... සතාට වැරදි පැත්තෙන් වෙඩිතියන කොටත් වැඩේ කචල් වෙන්න පුළුවන්....... කකා ඉතින් bi නිසා තමා මේ ඔවදන......

      Delete
    2. මලකඩ කනවට දඩයමේ යන්නේ නැති දවස් වලට බටේ තෙල් දාලා හොඳට පිරිමදලා පොලිෂ් කරන්න ඕන.

      Delete
  2. බාල සත්තු මරන්න ගියාම බටේ සුද්ද කරන්න සතාට වඩා වියදමක් යනව. ඒකනෙ තුවක්කුවට කෝකටත් කියල සයිලන්සර් එකක් හයි කොරගන්න කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. Samahara welawata silencer eka hayi karanna wenne sathage katata. Ewwa ithin dadayamkaruge hakiyawa anuwa wena dewal.

      Delete
  3. ඒ නෝනලා දඩයමේ යන්න අඬ ගැහුවේ නෑ?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete