Sunday, January 12, 2014

Sperm bank

බොහෝ රටවල් වල වගේම අපේ රටේත් විවාහ වූ අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන ප්‍රශ්නයක් තමයි මඳ සරු භාවය (subfertility). මේ නිසා දරුවකු හදා ගැනීමට පමාවීමේ විද්‍යමය ප්‍රශ්නවල ඉඳලා සමාජීය ප්‍රශ්න දක්වා පුළුල් පරාසයක ප්‍රශ්න ඇතිවෙනවා. මඳ සරු භාවයට හේතුව එක්කෝ පුරුෂයා, නැත්නම් ස්ත්‍රියගේ සහ බොහෝ විට දෙදෙනාගේම ප්‍රශ්නයක්. සමහර පිරිමි අයගේ සිරුරේ ශුක්‍රාණු නිපදවෙන්නේ නැහ. සමහරුන්ගේ නිපදවෙන ශුක්‍රාණු වලට පිහිනීමේ හැකියාව නැහැ. සමහර අයගේ ජානමය විකෘති බහුලයි. ඔය අතරින් දෙවැනි කණ්ඩායමට නළ දරුවන් (in vitro fertilization) ලබා ගැනීමට හැකියාව තියෙනවා. නළ දරුවන් කියන්නේ සාමාන්‍යයෙන් අන්තිම ප්‍රතිකාර ක්‍රමය. නමුත් පළමු හා තුන්වන කණ්ඩායම් වලට ඒ අවස්ථාවත් නැහැ. මේ වගේ වෙලාවට කරන්න වෙන්නේ වෙන පිරිමියෙක්ගේ ශුක්‍රාණු පාවිච්චි කරලා (sperm donation) දරුවකු ලබා ගැනීම. 

1999 වගේ කාලේ මේ කියපු ක්‍රමය ලංකාවට ආගන්තුක එකක්. මොකද එහෙම කරන්න නම් ශුක්‍රාණු ගබඩා කර තියා ගන්නා ශුක්‍රාණු බැංකු ඇති වී තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගබඩා කරන්නේ ද්‍රව නයිට්‍රජන් ඇසුරේ. ඒ නිසා එවන් බැංකුවක් පවත්වා ගැනීම සෙල්ලමක් නෙවෙයි. ශුක්‍රාණු බැංකු පාවිච්චි වෙන තව අවස්ථාවක් තමයි ඊවිතය බේරා ගැනීම සඳහා ශුක්‍රාණු විනාශ විය හැකි ඖෂධ දෙන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක (පිළිකා සහ ඇතැම් වකුගඩු රෝග මේකට උදාහරණ ) ප්‍රතිකාරයට කලින් අනාගතය උදෙසා ගබඩා කර තැබීමට. ශුක්‍රාණු දායකයෙක් ගේ නම කොයි වෙලාවකවත් අනික් අයට හෙළි කරන්නේ නැහැ. උස, කෙස් සහ ඇස් වල පාට, සහ බුද්ධි ඵලය වගේ විස්තර ලබා දීමෙන් තෝරා ගැනීමකට ඉඩ ලැබෙනවා.

1999 වගේ කාලෙක එක්තරා නාරි හා ප්‍රසව වේදය පිලිබඳ වෛද්යතුමෙක් ශුක්‍රාණු බැංකුවක් පටන් ගන්න තීරණය කලා. දැන් මේකට දායකයොත් හොයා ගන්න ඕන. ඒ විද්‍යතුමා එවකට සායනික පුහුණුවට ආපු බඩා සහ කණ්ඩායමට ශුක්‍රාණු දායකයන් වෙන්න යෝජනා කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ බුද්ධි ඵලය ඉහළයි කියල පිළිගන්නා නිසා දායකයන් හැටියට ඔවුන්ට තියෙන්න ඉල්ලුමත් බොහොම වැඩියි. ඒකට කණ්ඩායමෙන් ආවේ එක එක ප්‍රතිචාර.

සාමාන්යයෙන් ශුකාණු ලබා ගන්නේ ස්වයංවින්දනයේ යෙදීමෙන්. තැන්පත් කල ශුක්‍රාණු වලින් ගැබ් ගන්වීමක් කරන්නේ artificial insemination කියන ක්‍රමයෙන්. අපේ කණ්ඩායමේ හිටපු මුස්ලිම් සිසුවෙක් කියනවා "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියල. මේකා නොකියා ඉල්ලන්නේ ශුක්‍රාණු දෙන්න නම් බිරිඳකුත් හොයලම දෙන්න කියල! කොටියා කියන්නේ ඕක බැංකුවෙන් කරන්න ඕන නෑ මං ගාවට එව්වොත් ස්වභාවික ක්‍රමයටම (natural insemination) කරල දෙන්නම් කියල. සමනා කියන්නේ උගේ ගති ළමයට ගියොත් දායකයා හොයා ගන්න එක ඒ හැටි අමාරු වෙන්නේ නෑ, එතකොට මේ ගෑණු වන්දි ඉල්ලන් ඒවි කියල. ඒ ඔක්කොටම උඩින්, ශුක්‍රාණු බැංකු කරන වෛද්‍යතුමාට බඩා නම දැම්මා "ධාතුසේන" කියල. එදා ඉඳන් සහෝදර විශේෂඥ වෛද්‍යවරු පවා එතුමාට කතා කරනෙන "ධාතුසේන" කියලමයි.

ප.ලි.ලෝකේ අදක්ෂම
බැංකු හොරු ශුක්‍රාණු බැංකුවක් බිඳපු කතාවත් යන්තම් මතක් වෙනවා!

ප.ප.ලි. - දන්නෙම නැතුව කතා 50ක්ම ලියලා!

39 comments:

  1. කපිකේකිJanuary 12, 2014 at 12:42 PM

    හෙහෙ ධාතුසේන.
    …ඉතින් වෙන අයගෙන් අරන් තැන්පත් කරල බබාල හදන්න කැමති වෙනවද කට්ටිය?වෙන ලක්ශනනේ එන්නෙ බබාට එතකොට.එත් හැබැයි කැත අම්ම/තාත්ත කෙනෙක්ට හොද ලස්සන කෙනෙක් ගෙන් අරන් ලස්සන බබෙක් හදන්න පුලුවන්.

    ReplyDelete
  2. @කපිකේකි - එහෙම කැමති වෙන අය ඉන්නවා. දරුවෝ නැති අය තමයි ඒ දුක දන්නේ.

    ගබ්සාවට පක්ෂව අද කතා කරන කෙනෙක්ට හෙට දරුවෝ නැති වෙන බව දන්නව නම්, එයා අද ඉඳන් ගබ්සාවට විරුද්ධ වෙයි.

    ඒ අතින් ලංකාවේ අග රදගුරුතුමා ඉදිරිපත් කරන මතය හරි. "ගබ්සාව වෙනුවට හදා ගනීමට දීම"

    ReplyDelete
    Replies
    1. මේ කතෝලික පල්ලියේ අදහස නේ. රදගුරුතුමා කියන්නේ. ඒත් ලංකාවේ ඒක ප්‍රැක්ටිකල් නෑ නේද? ළමෙක් හදාගන්න කීවට ඒ අයට ජීවත් වෙන්න උදව් කරන්නෙ නෑ නේද? ඇඩොප්ට් කරන්න කෙනෙක් ඉදිරිපත් නොවුනොත්.
      කතෝලික පල්ලියම මා ජීවත් වන රටේ ( වැඩි හරියක් දේ තවම මෙහේ කතෝලික පල්ලියා හරහා වෙනවා) එහෙම ගබ්සාවට කැමති කාන්තාවන්ට දෙන අවවාද තියෙනවා. ආර්ථික ප්‍රශ්න නම් ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. (රජය හා සමග.) බලහත්කාරයෙන් ගබ්සාව නතර කරන්නේ නෑ. මේවා වෙනුවෙන් තියෙන පවුල් සංවිධාන ආයතන තියෙනවා. උවමනා කෙනාට නීත්‍යාණුකූලව ගබ්සාවක් කරගන්න පුළුවන්. ඒ වගේම ළමෙක් හදාගන්න අවශ්ය පදනමත් දෙනවා. මම හිතන්නේ ඒක කතෝලික පල්ලියෙම අදහසට වඩා හොඳයි කියලා. ( මේ රජයේ සමාජ සේවයක්)

      Delete
  3. කපිකේකිJanuary 12, 2014 at 1:50 PM

    ඒත් පාසල් යන වයසේ ගෑණුදරුවන් දූශණයට ලක් වෙලා දරු ගැබක් පිහිට්යොත් එය ගබ්සා කරන්න නීතියෙන් අවසරයක් නෑ නේද එතකොට ඇතිවෙන තත්වය ?

    ReplyDelete
  4. @කපිකේකි - ඔය කියන තත්වයේදී ගබ්සාවක් නොකළ යුතු බව කවුරු හරි කියනවා නම් ඒ පුද්ගලයාට පිස්සු වෙන්න ඕන. මම මේ කතා කරන්නේ නිදහස් ගබ්සාවන් (liberal abortion) ගැනයි.

    ReplyDelete
  5. හි හි හි ධාතුසේන හිනා යනවා අප්පා . ඊශ්‍රායලයේ සිරකදවුරු වල ඉන්න පලස්තීන සිරකරුවන්ගේ බිරින්දෑවරු කාගේත් ඇස් වහලා ශුක්‍රානු පන්නගෙන ඩොක්ටර් කෙනෙක් ලගට යන සිද්දියක් අහලා තියෙනවා, ඒත් තාමත් කවුරුත් දන්නේ නැහැ ඔවුන්ගේ ක්‍රමය ..

    ReplyDelete
  6. මෙන්න තියෙනව හොරුන්ගෙ කතාව :P

    http://www.youtube.com/watch?v=7BOWOMPUbvE

    ReplyDelete
  7. ධාතුසේන ගේ කලාවැව ගැන නං මං හිතන්නේවත් නැත!

    ReplyDelete
  8. @කකා - අකුරු එකතු නොකර "කලා වැව" කියලම විතරක් කිව්ව නම් හරි.

    ReplyDelete
  9. @Il mondo di una povera pazza - දරුවන් හදා ගන්න දෙන්නේ දරුවන් නැති, හදා ගැනීමට දරුවන් ඉල්ලා පොරොත්තු ලේඛණයේ සිටින පවුල් වලට! ඔවුන්ගේ ආර්ථික තත්වය අයහපත් නම් දරුවකු අරන් හදා ගැනීමට කැමැති වෙන එකක් නෑ!

    ලංකාවේ ඒ තත්වය නැති බව ඇත්ත. ඒත් ඇබෝෂන් ලිබරලයිස් කරලා ඒකට අවශ්‍ය පහසුකම් දෙන්න යන මුදලෙන් අලුක්කාලකින් මේ ක්‍රමය ස්ථාපිත කරන්න පුළුවන්

    ReplyDelete
  10. පනස්වැනි පෝස්ටුවෙන් තමයි බ්ලොගට එකතූඋනේ. සුබ පැතුම් !

    ReplyDelete
  11. නියමයි 50 ට සුබ පැතුම් යාලු

    ReplyDelete
  12. ඔය බැංකුවේ තැන්පත් කරන ඒවාට පොලියක් ගෙවනවද ???
    50 පොට්ටුවේදී ආවේ මාතලන්ගේ පාර පෙන්නිමෙන් .... සුබ පැතුම් ලොක්කෝ

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. Friend connector gadget දැක්කෙ නෑ නේ කලින් කමෙන්ට් එක දාද්දි.. දැනුයි දැක්කෙ.. ඒකයි කමෙන්ට් එක ඩිලීට් කළේ... හි හි....

    ReplyDelete
  15. "ලෝකේ අදක්ෂම බැංකු හොරු ශුක්‍රාණු බැංකුවක් බිඳපු කතාවත් යන්තම් මතක් වෙනවා!"

    The Babymakers
    www.imdb.com/title/tt0835418/‎

    ReplyDelete
  16. මෙන්න මෙතන ඔබේ සතපහත් අපි බලාපොරොත්තු වෙනවා....
    http://upashantha.blogspot.com/2014/01/blog-post_1391.html?showComment=1389948085172#c3295683450091762157

    ReplyDelete
  17. හොයාගෙන එද්දී අහුවුණා. අදයි මේ පැත්තට ගොඩ වුනේ. පරණ පොස්ටුවක් වුණාට තියෙන දේ ලස්සනයි. ඒව කවදාවත් පරණ වෙන්නෑ. ලස්සනයි. හරියට මොනව වගේද?.... අන්න ඒව වගේ

    ReplyDelete
  18. මාත් බැකුවත් දාන්නයි යන්නේ... ** ශූක්‍රණු........... ඔයත් හවුල් වෙනවද..???

    ReplyDelete
  19. වෛද්‍ය ශිෂ්‍යයෝන්ගේ ශුක්‍රානු ගත්තොත් බුද්ධිඵලය කොහොම වුනත්, තමුන්ගේ නොදැනුවත් කම වහගන්න අනුන්ගේ උපාධි වල කාලය අඩුකරන්න වලිකන, ලෙඩ්ඩු මැරෙනකොට නිදිවගේ ඉන්න එත් පවුද්ගලික වෛද්‍යපීඨ පටන්ගකොට විතරක් ජනතාවට පෙරට එන්න කියන්න මතක් වෙන, උපාධි අපේක්ෂා කලේ ඉදලම කෙමෙස්ට්‍ර් ඇනලයිසර් එකකුයි, හිමටෝලොජි අනලිසේර් එකකුයි ගෙවන්න අරගෙන කව්රුහරි දාල ලැබ් එකක අටවගන්න මාන බලන, ලෙඩ්ඩු මැරුණත් ක්‍රිකට් මැච් එක ඉවර වෙනකම් බේත් නොදෙන, සායනික පුහුණුව ඇරෙන්න වෙන කිසිම දෙයක් දන්නේ නැති වුනාට හැම දේම දන්නවා කියල හිතෙගන ඉන්න, එම් . බී. බී. එස් එකක් විතරක් තුබුනට නීති විරෝදීවිදියට ඩොක්ටර් කියල නමට මුලින් ලිය ගන්න ලජ්ජාවත් නැති, සල්ලි වලට අම්ම අප්පා වුනත් විකුනන්න පුළුවන් අපූරු ළමයෙක් හද ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කතාවට. ඔක්කොම වගේ අත්ත! මේ තරම් ඇත්ත දන්න ඔයා මෙච්චරකල් හැංගිලා හිටියේ කොහේද? ලියන්න තිබුණ්නේ බ්ලොග් එකක්?

      හැබැයි මේක නම් පොඩ්ඩක් අවුල්. "එම් . බී. බී. එස් එකක් විතරක් තුබුනට නීති විරෝදීවිදියට ඩොක්ටර් කියල නමට මුලින් ලිය ගන්න ලජ්ජාවත් නැති". ඔය එම්.බී.බී.එස්., එම්.ඩී. සහ ඩී.ඕ. කියල උපාධි තියෙන ඔක්කොම අයට කියනෙන ඩොක්ටර් කියල තමයි. ලෝකේ කොහෙත් එහෙමයි. සිරි ලංකාව හින්ද මේකේ විශෙෂයක් තියෙනවා වෙන්න ඕනා මයෙ හිතේ?

      Delete
    2. හීන මානේ දෝරේ ගලා යන ඇනොනිමස් කොමෙන්ටුවක්

      Delete
    3. දොස්තර වෙන්ඩ බැරුව ඉරිසියාවේ පුපුරන ඔය වගේ ලමයෙක් හදා ගන්නවට වඩා නම අරහෙම එකෙක් දාහෙන් සම්පතයි.

      Delete
  20. //සිරි ලංකාව හින්ද මේකේ විශෙෂයක් තියෙනවා// ඔවු තියෙනවා. ඒ නිසානේ අර සෝස් එහෙම නාගෙන වීදුරු කඩාගෙන කුණුහරුප කියාගෙන, මරදානේ පොලිසියේ පැමිණිලි ලිව්වේ ගිහින්. සම-සෞඛ්‍ය උපාධියේ කාලේ අවුරුදු 3 ට අඩු කරන්න කියල රුපවාහිනී සකච්චවලට පවා ආපු උදවියගේ නම් හීනමානේ දොරගලගියා. කාන්ත වැසිකිලි වල එහෙම කැමරා හයි කරලා අහුවුනේ ඔය බොහොම අධිමනේ තියෙන අයනේ. බයෝ-මෙඩිකල් සයන්ස් ඉගෙනගන්න ලංකාවේ දොස්තරගොල්ලත් අපේ ලගට ආව. "සර්, අපේ ආගමට අනුව ස්වයංවින්දනයේ යෙදීම තහනම්. මේක කරනවා නම් coitus interruptus ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියන ඔය වගේ උරගයන්ට මම නම් එයාලට මුලින්ම උගන්නන පටන් ගත්තේ වෛද්‍ය සදාචාරය. ලංකාවෙන් ඉගෙන ගත්තේ නැති නම් මෙගෙන් වත් ඉගෙනගෙන යන්න.මැත්ස් කරලා දොස්තර වෙන්න බැරිබව මම නම් දැනගත්තේ 6 වසරේදී. තමුන්ගේ රස්සාව හරියට කරන්නේ නැතුව ක්‍රිකට් බල බල, බ්ලොග් ලිය ලිය, අනුන්ගේ උපාධි කඩාකප්පල් කරන්න දත කනවට වැඩිය මට නම් මගේ රස්සාවේ වැඩ තියෙනවා. වෛද්‍ය සිසුන්ගේ බුද්ධි පලය වැඩියි සමාජෙට ඉතා වැරදි පණිවිඩයක් දෙන්න හදපු නිසා තමයි මේ ටික ලිව්වේ. හැබැයි දැන් නම් යේ ලියන්න ඕනේ වෙන්නේ නැහැ. වෘත්තීය සමිත්ජික්වත් තියාගන්න බැරි, කම්කරුවොන්ටත් පහල තමුන්ගේ බුද්ධි ඵලයේ තරම හැමෝම රුපවහිනියෙනුත් දැක්ක නිසා.

    ReplyDelete
    Replies
    1. පුතේ, මැවිසුරුවෙක් වෙන්නත් බැරි වුනා නේද? හීනමානේ දෝර ගලනවා!

      Delete
    2. <>

      මහත්තයෝ, මේක වෛද්‍ය හරි මොනම හරි සදාචාරෙකට පටහැණි වෙන විදිය කියනවද? මහත්තයාගේ වෛද්‍ය සදාචාරය ඝැන තියෙන සුදුසුකම් ගැන දැනගන්න හුදී ජනයා කැමතියි

      Delete
    3. ආයෙත් දෝරේ ගලන්නේ හීන මානෙම තමා. දොස්තරල ප්‍රයිවෙට් කරනව. සල්ලි හම්බ කරනව. හොඳට ශ්‍රමය විකුණන්න දන්නව. ඒකට හින්ද මිළකුත් ගන්නව. ඇයි ඒක අවුල්ද?

      දොස්තරලත් ඉගෙන ගන්න තමන් ලඟට එනවය කියන එකෙන්ම පේන්නේ හීන මානෙම තමයි. බ්ලොග් ලිය ලිය වෙලාව නාස්ති කරන අයට උදවුවට ඇනෝ කොමෙන්ට් දාන මෙයත් නිකම් කාලෙ කනව වගේ. ගිහින් ඔය තියෙන වැදගත් වැඩ බලා ගන්න.

      Delete
  21. [බයෝ-මෙඩිකල් සයන්ස් ඉගෙනගන්න ලංකාවේ දොස්තරගොල්ලත් අපේ ලගට ආව. ]

    පූෂ්! පූෂ්! ඔන්න නයා! මෙන්න ගියා!

    ReplyDelete
  22. http://www.divaina.com/2014/08/03/feature21.htmlහීනමානේ දෝර ගලනවා!

    ReplyDelete
  23. [මේක කරනවා නම් cඔඉටුස් ඉන්ටෙරෘප්ටුස් ක්‍රමයට තමයි කරන්න වෙන්නේ" කියන ඔය වගේ උරගයන්ට මම නම් එයාලට මුලින්ම උගන්නන පටන් ගත්තේ වෛද්‍ය සදාචාරය]

    මහත්තයෝ, මේක වෛද්‍ය හරි මොනම හරි සදාචාරෙකට පටහැණි වෙන විදිය කියනවද? මහත්තයාගේ වෛද්‍ය සදාචාරය ඝැන තියෙන සුදුසුකම් ගැන දැනගන්න හුදී ජනයා කැමතියි

    ReplyDelete
  24. මැවිසුරු වෙන්නේ බී. එන්ජ්., බී. එස්, සී. එන්ජ් හෝ බී. ටෙක් එන්ජ් නම් මම මැවිසුරු නොවෙයි. එත් ඩී. එන්ජ්. මැවිසුරු නම් ඇනොත් මැවිසුරු තමයි. වෛද්‍ය නොවෙන වෘත්තිකයෙක් හෝ සමනය කෙනෙක් වෛද්‍ය වෘත්තිකයෙන් දෙන උපදෙසේ පිළිගන්නේ ඔහුගේ වෘත්ත්යීයමය බව ගැන විශ්වසෙකින්. ක්ෂණික නුඩලස් පිළිකා පහසු උත්ප්රෙකයක්වන බව පවසා, දිනකින් හෝ දෙකකින් ත්‍යාගයක් ලෙස කාරයක් ලබාගෙන එය එසේ නොවෙනවා බව කියන අයට මම විරුද්දයි. ප්‍රජනන හැකියාවක් නොමැති කෙනෙකුට (ඔබට හෝ) ඔය කියන (ඉන්ටෙරෘප්ටුස්) ක්‍රමයට එය කරගන්න ඕනේ නම් නල දරු උපත් ක්‍රමය ඕනේ ද? මේ කියන ක්‍රමය ම්ලේච්ච ගෝත්‍රික කර්මයක් නොවේද ? නමුත් මගේ ප්‍රතිචාරය මීට එහෙ ගිය එකක් මහත්තයෝ. ඔබ දොස්තර, ගුරුවර, හෙද, වින්නබු වෙන්න පුළුවන්, එත් රජයේ ලොකු වෘත්තීන් දරන අපි හැමෝම පඩි ලබන්නේ මේ පුංචි සේවදයනක මිනිසාගේ බදු මුදලින්. මගේ සටන පුංචි මිනිසා වෙනුවෙන්. මේ පුංචි මිනිසා රජයේ රෝහල් සහ අනෙකුත් අධ්‍යාපන හෝ කාර්යාල සේවය ලබන්නේ පෙර ගෙවුම් කරන ලද පැකේජයකින්. මේ පෙර ගෙවුන් ගනුදෙනු කරුවා වෙනුවෙනුයි මගේ පෙනීසිටීම. වෙලාව ඇති සැටියට ඉක්මනින් රැඩිකල් ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවෙමි. මගේ සුදුසුකම ඩී. එන්ජ්. (බයෝ. මෙඩ්.එස්). බව නිතා මානීව කියන්න කැමැත්තෙමි. ලංකාවේ ශ්‍රේණිගත කිරීම අනුව අංක එක වෙන (බඩා මාමගේ ද පීටය විය හැක) කොළඹ වෛද්‍ය පීඨයේ ජීව රසායන මහචාර්ය (මැතිවුස්) තුමා මෙන්ම රජරට වෛද්‍ය පීඨයේ බොහෝ ජෙෂ්ට කථිකාචාර්ය වරුන්ගේ මුලික උපාධිය එම්. බී. බී. එස්. නොවෙන බව මතක් කරන්නට කැමැත්තෙමි. නැවත කාලය ඇති සැටියෙන් සාමාන්‍ය ජනය වෙනුවෙන් පෙනීසිටින්නට බලාපොරොත්තුවෙමි

    ReplyDelete
    Replies
    1. //රජනන හැකියාවක් නොමැති කෙනෙකුට (ඔබට හෝ) ඔය කියන (ඉන්ටෙරෘප්ටුස්) ක්‍රමයට එය කරගන්න ඕනේ නම් නල දරු උපත් ක්‍රමය ඕනේ ද? මේ කියන ක්‍රමය ම්ලේච්ච ගෝත්‍රික කර්මයක් නොවේද ?

      මහත්මයා මම හිතන්නේ ඔබ වරද්දාගෙන. ඔවුන්ගේ ආගමික ග්‍රන්ථ වලට අනුව ඉස්ලාම් ආගමිකයන්ට ස්වයංවින්දනයේ යෙදීම තහනම්. ඒ නිසා ඉස්ලාමීය පිරිමියෙකු පරීක්ෂණ සඳහා ශුක්‍රාණු ලබා ගන්නවිට සිය බිරිඳ සමග coitus interrupts ක්‍රමයට එක් වීම සිදු කරනවා. මෙය ගෝත්‍රික ක්‍රමයක් වන්නේ කෙසේද යන්න නම් මට පැහැදිලි නැහැ.

      Delete
    2. [මේ පුංචි මිනිසා රජයේ රෝහල් සහ අනෙකුත් අධ්‍යාපන හෝ කාර්යාල සේවය ලබන්නේ පෙර ගෙවුම් කරන ලද පැකේජයකින්. මේ පෙර ගෙවුන් ගනුදෙනු කරුවා වෙනුවෙනුයි මගේ පෙනීසිටීම. වෙලාව ඇති සැටියට ඉක්මනින් රැඩිකල් ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවෙමි.]

      ඔය කියන්නෙ කුඩ්ඩෝ, මං පහරන්නෝ, ලමා අපචාරකයෝ සහ පිප්ම්පියන්ව ඡන්දෙ දීලා පාර්ලිමේන්තු අරින පුංචි මිනිහ ගැනද? එහෙම නම් කතා කරමු ඒ ගැන. පුංචි මිනිහට ඉස්පිරිතාල වලදී බලු බැණුම් හම්බවෙන්නේ ඇයි? ඒ පුංචි මිනිහ නිසාමයි.

      පුංචි මිනිහ කුඩ්ඩන්ට ඡන්දෙ දෙන්නේ මොකෝ? යමක් බලාපොරොත්තුවෙන්. තමන්ගේ අනික් සමාජ මට්ටමේ අයට උඩින් උන්ව කපාගෙන අර වරප්‍රසාදෙ ගන්න තියෙන කෑදර කමට ගහන ඡන්දෙ. ඉස්සරහ ගෙදර එකාගේ උපාධිය තියෙන පුතාට යන්ඩ ඕන රස්සාව ඒ ලෙව; විතරක් කරපු තමන්ගෙ පුතාර මන්ත්‍රීගෙ චිට් එකෙන් ගන්ඩ තියෙන වුවමනාව. කොටින්ම "ෂෝට් කට්" සහ "වංචාවට" ඇති කැමත්ත.

      මෙහෙම යවන මන්ත්‍රීලා තමන්ගේ චිට් වලින් ගන්නවා එළොවට මෙලොවට දෙකටම නැති මදාවි රංචුවක්. උන් ඉතින් පුංචි මිනිහට කතා කරනේ ඔහොම තමයි. ජනතාවකට ලැබෙන්නෙ ඔවුන්ට සුස්දුසු දේශපාලකයින් සහ නිළධාරීන්. අපේ එකාලට හම්බ වෙලා තියෙන්නේ ඒ විදියටමයි

      Delete
    3. ක්ෂණිකව පිළිතුරක් දැක්වීමට ස්තිතියි. දැන් කල වෙලාව අඩුයි, ඉක්මනින් එන්නම්, වෛද්‍ය ඇතුළු සියලු නිලධාරීවාදයට එරෙහිව යමක් කියන්න වෙද්කාවක් දීමට තුති.

      Delete
    4. //පුංචි මිනිහට ඉස්පිරිතාල වලදී බලු බැණුම් හම්බවෙන්නේ ඇයි?// අනෝ මේක වෙන බවට එකග නම් මට අවශ්‍ය වුන ප්‍රවේශය දැනටමත් ලැබී තිබෙනවා. යන්න හදන වෙලාවේ දැක්කේ. එත් ප්‍රතිචාරයකට වෙලාව හරස් වෙලා. යේ ඉක්මනින් එන්නම්.

      Delete