Tuesday, December 22, 2015

ඩොක්ට මර්වින් | Doctor Mervyn

බඩා පොඩි කාලේ ගියේ ගෙවල් ලඟ දහම් පාසලට. පොඩි කාලේ කිව්වට ධර්මාචාර්ය විභාගය වෙනකම්ම ඉගෙන ගත්තා. බඩාගේ ප්‍රාථමික අධ්‍යාපනය වගෙම, ද්විතීයික අධ්‍යාපනය සිදු වුනෙත් පිරිමි පාසල් වලනෙ. ඉතින් ශිෂ්‍යාවන් එක්ක කටයුතු කරන්න ලැබුණ සීමිත අවස්ථා වලින් එකක් තමයි දහම් පාසල. පොඩි පන්ති වලදී වෙන වෙනම ඉඳ ගත්තට, දහයේ පන්තියට එනකොට අපි ඔක්කොම ඉඳගන්නේ ගැහැණු පිරිමි බේදයක් නැතුව. අන්තිමට පන්සලේ ලොකු හාමුදුරුවෝ "ගින්දරයි, පුළුනුයි එක ලඟ තියන්න හොඳ නෑ" කියමින් පන්තියේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් දෙපසට වෙන් කළා. අපේ පන්තියේ හිටපු ඉන්දිකයා ඔය ගින්දර කතාවට කිව්වේ "ලොක්කගේ දෙකේ පුළුන් තමයි ගිණි ගන්නේ" කියල. කෙසේ හෝ කාන්තාවන්ට ගරු සරු ඇතුව සලකන්න බඩා පුරුදු වුණේ දහම් පාසලෙන් කීවොත් නිවැරදියි. 

අපේ පන්තියට පහළ පන්තියේ තරමක කටකාර සහ හැඩ කාර කෙල්ලක් හිටියා. එයාට අපි ලක්මිණි කියමු. අපි දන්න තරමට ඇගේ පියා වෛද්‍යවරයෙක්. අපේ දහම් පාසල් භක්ති ගීත කණ්ඩායමේ පුහුණු කිරීම් කරන්න දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වෙච්ච, බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වෙච්ච "පබ්ලික් අයියා" පැමිණියා. පබ්ලික් ට තියෙන්නේ කැත කටක්. බඩා පබ්ලික් එක්ක සෙට් වුණේ පටිගත කරපු භක්ති ගීත හුවමාරු කල නිසා. පබ්ලික් අයියා ලක්මිණි එක්ක පොඩි "ජිගි ජිගියක්" තියෙන බව බඩා ගේ මීටරේට වැටිලයි තිබුනේ. පබ්ලික් අයියා දවසක් කියනවා "මල්ලි, ලක්මිණිගේ තාත්තා හම්බවෙන්න යමුද?, පොර අපිට ෆ්ලූට් එකක් දෙනවලු" කියල. බඩාත් එකඟ වුණා. කළුබෝවිල රෝහලට බඩා එක්ක පබ්ලික් ගියා. අදාල වාට්ටුවට ගිහින් පබ්ලික් අහනවා "මිසී, ඩොක්ට මර්වින් කොහෙද ඉන්නේ?" කියල. මූණට කිණ්ඩි හිනාවක් දාගත්තු නර්ස් නෝනා අත දික් කරලා පෙන්නන ගමන් කියනවා "ඔය එන්නේ, ට්‍රොලී තල්ලු කර ගෙන" කියල.

ලක්මිණී එක්ක පබ්ලික් තිබ්බ ජිගි ජිගිය එතනින්ම ඉවරයි.

15 comments:

  1. කවුද දන්නෙ ට්‍රොලිය තල්ලුකලාට පොරට ආචාර්‍ය උපාදියක් තිබ්බද කියල කැලනියෙ මර්වින්ට වගේ... එහෙම බැලුවම phd එකක් නැතිව උපාධියකට විතරක් ඩොක්ට කියල මුලට දාගන්න වෛද්‍ය වෘත්තිකයන්ගෙත් පොඩි ඕවර් ගතියක් තියනව තමා..

    ReplyDelete
    Replies
    1. ඔය ඩොක්ට කියන එක මුලින් පාවිච්චි කලේ දොස්තරල විතරයි. ඒ තම්න් කරන් කාර්යයේ විශාරද භාවය පෙන්වන්න. පස්සේ පස්සේ විද්‍යා විශාරද, දර්ශන විශාරද වගේ උපාධි ආවාම සම තත්වයේ තියන්න ඒ අය "ඩොක්ටර්" කෑල්ල පාවිච්චි කරන්න ගත්තා. දැන් "විශාරද" උපාධි තියෙන්නේ මුල්ලික වෛද්‍ය උපාධියට ඉහළින්. කාලය වෙනස් වෙලා නෙවැ? ඒ නිසා අපි කැමති වුණත් නැත්ත් මූලික වෛද්‍ය උපාධිය තියෙන අයට "ඩොක්ට" තමයි. සිංහලෙන් නම් මේ ගැන වැඩි ප්‍රශ්නයක් නෑ, මොකද "වෛද්‍ය" සහ "ආචාර්ය" කියල යොදන නිසා.

      Delete
    2. Ane gono
      https://en.m.wikipedia.org/wiki/Doctor_(title)

      Delete
    3. ඩොක්ටර් හෝ ආචාර්ය හෝ වැනි කෑලි අදාල කටයුතුවලදී යොදා ගෙන අසන්නවාට පහසු කරවීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් කවි, කෙටිකතා ලියා ඕවා නම සමග යෙදීම තමයි මහා විහිළුව!

      Delete
    4. //ඩොක්ටර් කියන නම ඉස්සෙල්ලම භාවිතා කළේ දොස්තරලා විතරයි// පොඩ්ඩක් විකිපීඩියා වල බලනවද.. සමහර දියුණු රටවල් වල ඩොක්ට කියන වචනය භාවිතා කරන්න දෙන්නෙ නෑ ඒ සම්බන්ධ පශ්චාත් උපාධියක් නැත්නම්...

      Delete
    5. මම දන්න තරමින් ඩොක්ටර් කියන පදයට සමාන පදයක් මුලින්ම බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල ආශ්‍රිතව යෙදුවේ ක්‍රි.ව. 8 වෙනි ශතවර්ෂයේ අරාබියේදී. "ඩොක්ටර්" කියන වචනය, විශ්වවිද්‍යාල ඇති වීමට පෙර සිට පාවිච්චි කල වචනයක්. මට කිසිම තැනක හොයා ගන්න බැරි වුණා "දර්ශන විශාරද" ට "වෛද්‍යවරයාට" පෙර ඩොක්ටර් කියා පාවිච්චි කරපු තැනක්. හැබැයි ඉන්දියාවේ නම් වෛද්‍ය කියන පදය ක්‍රි.පූ. 1500 දී පවා භාවිත වෙලා තියෙනවා. "ආචාර්ය" යන පදයත් එහෙමයි. "වෛද්‍යාචාර්ය" කිව්වේ ඉහත සුදුසුකම් දෙකම සපුරපු අයට වෙන්න ඕන. එහෙම බලනකොට පෙරදිග තිබුණ ක්‍රමය බොහොම දියුණුයි.

      //මහර දියුණු රටවල් වල ඩොක්ට කියන වචනය භාවිතා කරන්න දෙන්නෙ නෑ ඒ සම්බන්ධ පශ්චාත් උපාධියක් නැත්නම්...

      මේ කොයි වගේ රටවල් වලද කියලත් සඳහන් කරනවා නම්? අනික් අතට අපේ ක්‍රියාත්මක වෙන්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය. මෙහිදී වෛද්‍ය උපාධිය මූලික උපාධියක්. නමුත් එක්සත් ජනපදයේදී එය පශ්චාත් උපාධියක්. ඒ නිසා රට අනුවත් මේ තත්වය වෙනස් වෙනවා.

      Delete
    6. අපේ ගම් වල නම් ඉස්සර කතාවක් තිබුන බැල ගෙඩි වලට පොල් ගස් නැගපු එවුන් හමුදාවට ගියාම තමයි ට්‍රේනින් ඉවරවෙලා ගමේ අපු ගමන් චන්ඩි කම් කියවන්නේ කියල. ඒක ඇත්ත තමයි. කැඩෙට් එහෙම කරලා පොඩි කාලේ ඉදල හික්මීමක් ඇතිකරගතිපු එවුන් හමුදාවට ගියත් මහ්හත්තුරැ වගේ ඉන්නේ. සජ්ජා අහල නැද්ද සිල්ලර කාසි තමයි සද්දෙට හෙලවෙන්නේ කියල ? සිල්ල කාසි ඉතින් සාක්කුවේ උද පැන පැන සද්දෙට හෙලවෙන්නේ නැති නම් තියෙන බව මතක් වෙන්නෙත් නැහැනේ වටිනාකමක් නැති නිසා. වටිනා නෝට්ටු නම් ඒවගේ වටිනකත් තියාගෙන බොහොම වැදගත් විදියට පසුම්බියේ ඉන්නවා.

      Delete
    7. ඉංජිනේරු (Engineer) කියන පදය මුලින් යෙදුනේ එන්ජිමක් ක්‍රියා කරවන/එකලස් කරන අයෙක් සදහන් කිරීමට. //The term engineering itself has a much more recent etymology, deriving from the word engineer, which itself dates back to 1325, when an engine’er (literally, one who operates an engine) originally referred to "a constructor of military engines.//

      අද හැටියට නම් ඔවුන් "ගරාජ් බස් උන්නැහේ" ගේ වැඩේ තමයි කරන්නේ. එන්ජිමක් අහලකවත් නැති ජාන ඉංජිනේරු, මෘදුකාංග ඉංජිනේරු වරු වැනි අයටත් අද ඉංජිනේරු යන යෙදුම භාවිත වෙනවා.

      ඒ වුනාට, ඉංජිනේරුවා යන පදය පහත පැහැදිලි කර ඇති ආකාරය; An engineer is a practitioner of engineering, concerned with applying scientific knowledge, mathematics, and ingenuity to develop solutions for technical, societal and commercial problems ආසන්න වශයෙන් නිවැරදි වන්නේ.

      ගොඩක් ගරාජ් ලග ලොකු බෝඩ් හගල තියෙනව "--- ඩීසල් ඉංජිනියර්ස්" වගේ. ඒ ගරාජ් බාස්ලගේ ආසාව. ඒවුනාට ඉතින් යමක් දන්නා මිනිස්සු නම් ඒ කට්ටියට කියන්නේ "ගරාජ් බාස්" කියල මිසක් "ඩීසල් ඉන්ජින්යර්" කියල නෙවෙයි. නොදන්නා අයට කියල ගරාජ් බාස්ල "ඉංජිනේරු මහත්තය" කියවගන්නවත් ඇති සමහර විට. යමක් තේරුම් ගත හැකි ගරාජ් බාස්ලත් ඉන්ජින්යර් කියල කියව ගන්න දගලන්නේ නැහැ. නමට මුලින් බොරුවට එහෙම දාගන්නෙත් නැහැ. එත් ඉතින් ගස්යට බාස්ල තමයි බොහොම මනාප "ඉන්ජිනියර්ස්" කියල බෝඩ් ගහගන්න.

      එන්ජින් ක්‍රියා කරවන්න්නට, එන්ජින් වල මලකඩ සූරා එකලස් කරන්නන්ට මුලින්ම ඉන්ජින්යර් කියපු නිසා ඒකත් එහෙම වුනාවේ.

      Delete
    8. එතකොට Ref engineers? ඒවගත් මෙසේමයි නේ?

      Delete
  2. අසන්නවාට ?

    ReplyDelete
  3. //ඩොක්ටර් හෝ ආචාර්ය හෝ වැනි කෑලි අදාල කටයුතුවලදී යොදා ගෙන අසන්නවාට පහසු කරවීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් කවි, කෙටිකතා ලියා ඕවා නම සමග යෙදීම තමයි මහා විහිළුව!

    එහෙම දාන අය ඉන්නවද?

    ReplyDelete
  4. බඩා මාමා මෙඩිකල් කොලේජ් ගියේ first shy එකෙන්ද?

    ReplyDelete
  5. බඩාගේ පුකේ ගින්දර

    ReplyDelete
    Replies
    1. සුරුට්ටුවක් පත්තු කරල ඕනද?

      Delete
  6. පබ්ලික් අයියා කිව්වහම මතක් උනේ ප්‍රසිද්ධ අයියා සිංදුව.

    ReplyDelete