Thursday, May 12, 2016

සෙම අදින ඩොක්ට

සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා. ලංකාව වගේ රෝහල් කාර්ය මණ්ඩලය අඩු රටවල් වල මේ තත්වය තවත් උග්‍රයි. බොහොම වෙලාවට මේ ගැටුම එන්නේ වැටුප් පරිමාණය එක්ක. යම් කිසි හේතුවකට වැටුප වැඩිනම් රජයේ සේවයේ ඉහළින් ඉන්නේ කියන මතවාදයක් හෝ සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා. මේ නිසා වැටුප් පරිමාණ අතිපිහිත වෙන ශ්‍රේණි අතර ගැටුම් බහුලයි.

මේ විදිය ගැටුම් බහුල තැනක් තමයි හෙදි පාලිකාවන් (nursing matron) සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අතර. සාමාන්‍යයෙන් හෙදි පාලිකාව කියන්නේ ඉහළම නිළයක්. වැටුප් සමහර වෛද්‍යවරුන්ටත් වඩා වැඩියි. හැබැයි, වෛද්‍යවරුන්ට ආයතන ප්‍රධානියා වෙන්න පුළුවන් නිසාත්, හෙද පාලිකාව ඉන්නේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි යටතේ නිසාත්, කාරණය එතරම් පැහැදිලි නෑ.

මේ විදියට තවත් ගැටුම් බහුල ශ්‍රේණි දෙකක් තමයි හෙදියන් සහ භෞත චිකිත්සකයන් (physiotherapist) අතර. භෞත චිකිත්සකයන් කියන්නෙ රෝගී සත්කාරයට අත්‍යවශ්‍ය සේවාවක්. අත පය වල මාංශපේශි වල සවිමත් භාවය පවත්වා ගැන්මේ සිට ශ්වසන පද්ධතිය පිරිසිඳුව තබා ගැන්මට අවශ්‍ය ව්‍යායාම කියාදීමත් ඔවුන් විසින් සිදු කෙරෙනවා. බඩා වැඩකරපු රෝහලක හිටියා භෞතචිකිත්ස්කයෙක්, තමන් "වෛද්‍ය" විදියට හඳුන්වා ගන්න. බඩාට ලැබුණ ආරංචි හැටියට හීනියට ලෙඩ්ඩු බැලිල්ලකුත් කරනවලු. මනුස්සයට මුදල් එහෙමත් යහමින් තියෙනවා වෙන්න ඕන. වෛද්‍යවරුන් මේ ගැන නොදැන හිටියට හෙදියන් මේ ගැන ගාණට දැනගෙන හිටියා. ඒ අය බලන් හිටියේ "දෙන්නම් ජම්බු" ස්ථාවරයෙන්.

ඔන්න එක දවසක් මේ මනුස්සයා වාට්ටුවට ඇවිත් පළවෙනි ලෙඩාට ෆිසියෝ පාර දීලා එහෙම දිගටම වැඩ කරන් යනවා. වාට්ටුවේ අන්තිම කෙළවරේ වගේ ලෙඩා ගාවට යනකොට රෝගියෙක් ඇවිත් අහනවා "අර දොස්තර මහත්තයාව හමබ වෙන්න පුළුවන් කොහේදිද?" කියල. රෝගියා මේ කතාව අහන්නෙත් නියම කටර් එකකින්. නර්ස් නෝනා වාට්ටුවටම ඇහෙන්න කියනවා "ආ ඒ බේත් දෙන ඩොක්ට නෙවීනේ, එයා සෙම අදින ඩොක්ට" කියල.

අපේ ෆිසියෝ මිත්‍රයා සද්ද නැතුව මාරු වෙනවා!

11 comments:

  1. බඩා සහෝදරයා.. ඇපොතිකරි දොස්තරලා කියන්නෙ කව්ද? අපේ පැත්තේ ඉන්නව එහෙම පොරක්. කාලාන්තරයක් තිස්සෙ බේත් දෙනව. පොඩි ළමයි පවා බෙහෙත් ගන්න එක්කන් යනව . බෙහෙත් දුන්නම එකපාරින් ලෙඩ හොඳයි. අපේ තාත්ත කියන්නෙ පොර උනාට දෙන්නෙ උණ සන්නිපාතෙට දෙන්න තියන බෙහෙත් ලු. හෙම්බිරිස්සාවට දෙන්නෙ නිව්මොනියාවට දෙන බෙහෙතළු. ඒ නිසා හොඳ වෙනවලු පටස් ගාල. හැබැයි උණ සන්නිපාතේ හැදුනම දෙන්න බෙහෙතක් නෑලු.
    මමත් අහල තියනවා දොස්තර වරුන්ට වඩා සමහර හෙදියන්ට පඩි වැඩියි කියල. මුරුත්තෙට්ටුවා වර්ජන කරවල කාරිය වැඩි කරගන්නවා ඇතිනෙ. ඔය වැටුප් ප්‍රශ්ණය සහ වැටුප් විෂමතාව හරියට හදන්නෙ නැත්තෙ දොස්තරවරු සහ හෙදියන්, අටෙන්ඩන්ලා අතර ගැටුමක් හිතා මතාම නිර්මාණය කරන්නයි කියලයි මගේ මතය .කට්ටියගෙ එකමුතුකම නැති වෙනකොට පාලකයන්ට ලේසියි පාලනය කරන්න. එක කොටසක් තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරනකොට ඊට විරුද්ධව ඉන්න පිරිසක් නිකන්ම හැදෙනව. උදාහරණයක් විදිහට දොස්තර වරු අයිතීන් ඉල්ලලා ස්ට්‍රයික් කරනකොට පාලකයන් ජනතාවගේ අපහසුතාවය ගැන පෙන්නල ඇඟ බේරගන්නව. ඒකට හූමිටි තියන්න නර්ස්ලත් එකතු වෙනව. මිනිස්සු බනිනවා ,නර්ස්ලත් එකට උල්පන්දම් දෙනව, පාලකයෝ අත පිහදාගන්නව. අන්න ඒ වගේ. අධ්‍යාපන මට්ටම, සිදුවන කාර්යභාරයට සාපේක්ෂව වැටුප් තලය හදන්න බැරිද? බැරි නෙවෙයි.. කරන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. //අධ්‍යාපන මට්ටම, සිදුවන කාර්යභාරයට සාපේක්ෂව වැටුප් තලය හදන්න බැරිද? බැරි නෙවෙයි.. කරන්නෙ නෑ..

      අන්න කතාව!

      //ඇපොතිකරි දොස්තරලා කියන්නෙ කව්ද?

      දොස්තරලා හිඟ කාලේ කුඩා රෝහල් දුවවන්න බඳවා ගත්තු අය. යම් වෛද්‍ය දැනුමක් තියෙනවා. දැන් ඇති තරම් දොස්තරල ඉන්න නිසා මේ අයව බඳවා ගන්නේ නෑ.

      Delete
    2. //අධ්‍යාපන මට්ටම, සිදුවන කාර්යභාරයට සාපේක්ෂව වැටුප් තලය හදන්න බැරිද? බැරි නෙවෙයි.. කරන්නෙ නෑ..//

      දුර්වලතා තිබිය හැකි වුවත් දැන් සිදුවෙන්නෙත් ඒක තමයි. ඔතන අවුලක් නෑ. මිනිස්සු හදාගත්ත අවුලක් තමයි තියෙන්නෙ. උදාහරණයක් විදියට දොස්තර වැටුප පටන් ගන්නෙ 25000 විතර(10000 චක්‍රලේඛයට කලින්) හෙදියන්, උපාධිධාරීන්, තාක්ෂණික සේවාවන් 15000 විතර, ලිපිකරුවන් 14000, කාසේසේවකයන් 12000 විතර....

      මේ ඕනම‍ කෙනෙකු වැටුපෙන් ඉහල යද්දි ‍ශ්‍රේණි අතර වැටුප් වෙනසක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ලිපිකරු සේවයේ අධි පන්තිය වෙච්ච පරිපාලන නිලධාරියෙකු අවුරුදු කිහිපයක් සේවය කලාම ඊට ඉහල ශ්‍රේණිකයක් වෙච්ච පරිපාලන සේවයේ ආරම්භක වැටුපට වඩා ඉහලින් ඉන්නෙ.
      මේක මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ අවුලක් විතරයි.

      Delete
  2. කොහොමත් නර්ස්ලාගේ පට්ට සද්දේ නේද බං.....

    ReplyDelete
    Replies
    1. ලෙඩ්ඩු කරන සමහර වැඩ, (සමහර විට ලෙඩුන්ගේ නෑදෑයෝ) වලට තවුසෙක් වුණත් මාරාවේශ වෙන වෙලාවල් තියෙනවා. මේක එක එක අයගේ වරදකට වඩා සමාජයම අනික් මිනිහාට ගෞරවයක් නොදැක්වීමේ විපාකයක්. මේ ලඟදී එක්තරා කතිකාචාර්යවරයෙක් රාත්‍රී කාලයේ ස්ත්‍රී වාටුවකට ඇතුළු වෙලා කාර්ය අම්ණ්ඩලයෙන් බැනුම් අසා ගත්තාම, කාර්ය මණ්ඩලයට පස් පඩංගුවේ බැණ බැණ මූණු පොතේ පෝස්ට් පවා දැම්මා. මිනිස්සුන්ගේ (සහ රෝහල් කාර්ය මණ්ඩලයේ) සියල්ලන්ගේම ආකල්ප දියුණු වෙන්න ඕන.

      Delete
  3. දැන් ඔබ කියන හැටියට මේට්‍රන් කෙනෙකුගේ වැ‍ටුප අලුත් වෛද්‍යවරය්කුගේ වැ‍ටුපට වඩා අඩුවිය යුතුයිද? දොස්තරලාගේ කුහකකම පෙන්නන්න මීට වඩා හොඳ උදාහරනයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම හිතන ආකාරය වැඩක් නැහැ නෙව. ලෝකේ පිළිගත්තු ක්‍රමේට තිබුණම ඇති.

      දැන් විදියට හෙද පාලිකාව සමහර විට විශේෂඥ වෛද්‍යැවරයෙක්ට / රෝහල් අධ්‍යක්ෂකට වඩා වැටුප් ගන්නවා. ඒ ගැන කුමාරගේ අදහස මොකද්ද?

      Delete
    2. //දැන් විදියට හෙද පාලිකාව සමහර විට විශේෂඥ වෛද්‍යැවරයෙක්ට / රෝහල් අධ්‍යක්ෂකට වඩා වැටුප් ගන්නවා. ඒ ගැන කුමාරගේ අදහස මොකද්ද?//

      මොකද්ද වැරැද්ද? (අනෙක ඔය වැටුප් ගන්නව කියන්නෙ අතිකාල නොකරන එකාට වැඩිය අතිකාල කරන කෙනා ගන්න වැටුප. සරළව කිව්වොත් කොලේ වහල ගැහීම)

      Delete
    3. //මොකද්ද වැරැද්ද?

      ඒකත් හරියට විශ්ව විද්‍යාලෙක ප්‍රොෆාට වැඩිය රෙජිස්ට්‍රා පඩි ගනන්ව වගේ එහෙම නැත්න සී.ඊ.ඕ. ට වැඩිය ඩ්‍රැයිවර් පඩි ගන්නව වගේ සීන් එකක්.

      අනික හෙද පාලිකාවන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන් යන දෙකොටසටම අතිකාල ලැබෙනවා.

      Delete
  4. ලංකාවේත් වල UK වගේ GPලා ඇති කිරීම ගැන ඔබ තුමාගේ අදහස් මොකක්ද?

    මම එහෙම අහන්නේ වෛද්‍ය - හෙදි ගැටුම් වලට මුල බොහෝ වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන් වෙන්න ඇති ඉඩ කඩ අඩු වීම නිසා SHO ලෙස සිටීම . මම හිතන හැටියට පීඨවලින් බිහිවන සියලුම වෛද්‍යවරුන්ට ඇති තරම් ගනනක් පශ්චාත් පුහුනුවට බඳවා ගන්නේ නෑ. සමහරවිට ගන්නත් බැරුව ඇති පහසුකම් අඩු නිසා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හොඳ අදහසක්! එමගින් වැඩ බැරි දාසලා වැදගත් ස්ථාන වලට පත්වීම නතර වේවි.

      Delete