Friday, February 10, 2012

කිරියා


වෛද්‍ය විද්‍යාලෙන් පිට වෙලා හා හා පුරා කියලා සීමාවාසික පුහුණුවට බඩා ගියේ කොළඹ කිට්ටුව තිබුණු රෝහලකට. අපේ කණ්ඩායමේ ම හිටපු තවත් වෛද්‍යවරයෙක් ඇවිත් හිටියා. මුගේ නම කිරියා. කිරියා හොඳ කලා රසාස්වාදයක් තියෙන, උයන්න උපන් හපන් කම් දක්වපු චරිතයක්. ඒ වගෙම ආතල් දෙන්නත් කියාපු පොර. මඳ පමණට දාගත්තම, රමණීය විදියට ආතල් දීම කිරියාගේ පුරුද්දක්. කිරියාගේ විශ්ව විද්‍යාල කාලේ මිත්‍රයා "ගෙම්බා". මුන් දෙන්නගේ කාමරේ "කිරියා සහ ගෙම්බා" කියලත් ගහල තිබුනලු!

සීමාවාසික පුහුණුව කියන්නේ දවස පුරාම වැඩ තියෙන රස්සාවක්. මේ නිසා දවල් කෑම ගත්තෙත් වාට්ටුවේදීමයි. අපිට බත් අම්මා කෙනෙක් ඒ දවස් වල කෑම සපයීම කලා. කෑම වල තත්වය ගැන කිව්වොත්, බත් අම්මගෙ අම්මව නිතරම මතක් වෙනවා.

ටික දවසක් යද්දී බඩයි, නාරමායි (මගේ රූම් මේටා) දැකපු දෙයක් තමයි අපේ බත් එකට වඩා කිරියගෙ බත් එක වෙනස් කියල. ඒකෙ තව පොඩි පාර්සලයකුත් තියෙනව. මේ මොකද්ද කියල බලනකම් අපිට ඉවසුමක් නෑ. කොහොමෙන් කොහොමෙන් හරි කිරියා රෝගියෙක්ව මහ රෝහලට මාරු කරන්න යද්දී, අපි ප්‍රශ්නෙට උත්තර හොයා ගත්තා.

හොඳට ඔතලා, පාර්සල් කරලා ගෙනත් දෙන්නේ තඩි බුලත් විටක්! පහු දවස්ක අපි කාමරේට යද්දී මෙන්න මූ සරමක් කැහැපට ගහගෙන ජනේලේ අයිනට වෙලා හරකා තණකොල හපනවා වගේ බුලත් හපනවා.

9 comments:

  1. උඩ පිංතුරේ Dr කිරියගෙද ? හෙහ්...හෙහ්...

    ReplyDelete
  2. අපිත් එක්ක හොස්ටල් හිටිය අනුරාධපුරේ එකෙක්. මූ හැමදාම අපේ ඇස් වහල මොනවහරි කන විත්තිය අපිට දැනිල තිබ්බෙ. හන ගේමක් දීල හොයාගත්ත. බලද්දි මූ කන්නෙ සිද්දාලේප !

    ReplyDelete
  3. හේ හේ බුලත් කන්න හොද නැහැ කියලා ඒ දොස්තර තුමා දන්නේ නැතැයි

    ReplyDelete
  4. එළ පොරක්නේ.....මට පොඩිකාලේ කිව්වේ කිරි පුතා කියලා.....

    ReplyDelete
  5. එයා නම් හොඳ ගැමි දොස්තරමහත්තැන් කෙනෙක් වෙන්නැති. ගම අමතක කරන්න බැරි වෙන්නැති. අර සරමත් කැහැපොට ගහගෙන විට කනකොට ගමේ ඉන්නව වගේ දැනෙන්නැති. :D
    ඒ මට හිතුනු හැටි.

    ReplyDelete
  6. මගෙත් මිත්‍රයෙක් ඉන්නවා බුලත් කන.මේකා ගොඩක් වෙලාවට දත් මදින්නෙත් නෑනෙ.මමත් ඉඳලා හිටලා ඔය මළ ගෙදරක එහෙම ඉන්න කොට කනවා.ඒකෙත් තියෙනවනෙ පොඩි ගතියක්.

    ReplyDelete
  7. මාධව නං එක පාරක් මල ගෙදරකදි මදි නොකියන්න කෑවා විටක්! දුංකොල එහෙම ඇතිතරං දාගෙන පදමට! විනාඩි පහකින් විතර කැරම් බෝඩ් එකකුත් පෙරළගෙන බිම!

    ReplyDelete