Saturday, March 31, 2012

ඉටිපන්දම


මෙකත් ටියුෂන් කතාවක්ම යි. හැබැයි මෙදා සැරේ චරිතය බඩා ගේ එකම සහෝදරයා. බඩා ගේ මල්ලී බඩාට වඩා උස, කැරළි කොණ්ඩේ තියෙන බඩා වගේ කළු නැති එකෙක්. ඒ වුණාට මූණේ මොකක් හෝ අවුලක් තියෙන නිසාදෝ, මලයගේ යාළුවෝ ඌට කිව්වේ "ලොරියා" කියල. තව සමහර එවුන් "බාප්පා" කියලත් කිව්වා. ඒ නිසාම බඩා සමහර විට "මහ ලොරියා" කියලත් "මහප්පා" කියලත් හැඳින්වුණා. බඩා ජීව විද්‍යාව කළාට බඩා තමයි පවුලේ වෙනස් සාමාජිකයා. බඩාගේ අම්මා, තාත්තා දෙන්නාම කලා උපාධිධාරීන්. මල්ලී ගියෙත් ඒ පාරෙමයි. ඉතින් වාණිජ අංශයෙන් මනුස්සයා උසස් පෙළට ඇතුළු වුණා. බඩා වගේම බඩාගේ මල්ලීගේත් කට අන්තිම නරක බව අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ? වාණිජ අංශයෙන් වාණිජ්‍යය සහ ගිණුම්, සංඛ්‍යානය, තර්ක ශාස්ත්‍රය කියන ඒව තමයි මතක විදියට මලයා උසස් පෙළට කලේ. "ලොජික් මැජික් , ස්ටැට්ස් ඇලර්ජික්" කියල මිනිහා ඒ දවස් වල කිව්වේ. 

තර්ක ශාස්ත්‍රය උගන්නන බොහොම ප්‍රසිද්ධ ගුරුතුමෙක් ගාවට තමයි මලයා ටියුෂන් ගියේ. එතුමාගේ නම එම්. මික්ඩාඩ්. මේ කතාව සිද්ධ වෙන්නේ 1996 අග භාගයේ. මුළු රටම නියඟෙකට අහු වෙලා දවසට පැය 10-12 විදුලි කප්පාදුවක් ඒ කාලේ තිබුණු බව මතක ඇතිනෙ. ඉතින් ටියුෂන් පන්ති මේ කප්පාදුවෙන් සෑහෙන්න බැට කෑව. කොටින්ම, ඉටිපන්දම් ගහගෙන තමයි සමහර පන්ති වල වැඩ කලේ. ඔන්න ඔය විදියට විදුලිය කප්පාදු කරපු දවසක බඩාගේ මලයා තර්ක ශාස්ත්‍රය පන්තියට ගිහින්. සුපුරුදු පරිදි මික්ඩාඩ් මහත්මයා ළමයින්ට ඉටිපන්දම් බෙදල දුන්නේ මේසයේ ගහගෙන සටහන් ලියා ගන්න. හැබැයි මේ මොනවා කලත් කළු ලෑල්ල පේන්නේ නෑ. මේක බඩාගේ මල්ලීට ප්‍රශ්නයක් වුණා.

"සර්, බෝඩ් එක පේන්නේ නෑ, බෝඩ් එකෙත් ඉටිපන්දමක් ගහන්න" කියල අපේ මලයා කියල. "මෝඩ කතා කියන්න එපා ළමයෝ, ඉටිපන්දම් කොහොමද හරහට ගහන්නේ?" කියල මික්ඩාඩ් මහත්මයා කියල තියෙනව. කියන්න අමතක වුණා, මික්ඩාඩ් මහත්තයට පුර සඳ වගේ ඔප දමපු තට්ටයක් තියෙනවා. එතකොට බඩාගේ මලයා කියනවලු "එහෙනම් සර්, ඉටිපන්දම ඔලුව උඩ ගහගන්න" කියල. සර් හොල්මන්ද පොල් කොල! ඊට පස්සේ බඩාගේ මලයා ඒ පන්තියට ගියාද කියල නම් බඩා දන්නෙ නෑ.

9 comments:

  1. මාරම කටක්නෙ, අම්බානක කන්න වෙන කථාවක් කාලේ හැටියට. ඔබගේ බඩා කාඩ් එක දකින හැම වෙලේම මට මගේ කාඩ් එකත් මතක් වෙනවා. වැඩිය ලිව්වොත් කාඩ් කුඩුවෙන නිසා නවතිනවා.

    ReplyDelete
  2. හිතුවේ ඉටිපංදං අපි වගේ කලුලෑල්ලේ අතුල්ලලා කියලා...

    ReplyDelete
  3. තට්ටෙ ශයින් එකේ හැටියට ඉටිපන්දම ලිස්සන්න පුලුවන්.
    මම අදමය් ආවෙ. ඊමේල් කවිකාරිගෙ ලින්ක් එකෙන්.

    henryblogwalker the Dude

    ReplyDelete
  4. හප්පා පවර් කට් එක කාලෙ ටියුෂන් නං ඕනෙම නෑ

    ReplyDelete
  5. මට දීපාල් සිල්වාගේ ඒක දවසක් ඉබ්බෙක් සින්දුව මතක් උනා මේ කතාව කියවද්දී ....

    ReplyDelete
  6. මමත් මිනිහගේ ක්ලාස් එකට ගිහින් ලොජික් ඉගෙනගන්න හිතාගෙන හිටියේ.කොහෙද ඉතිං මට නිවාඩු දවසට මිනිහගේ ක්ලාස් නැහැනෙ.

    ReplyDelete
  7. සර්ට නියෙමට තද වෙන්න ඇති. මට මතකයි අපි ඕ ලෙවෙල් කරන කාලෙ ඉටි පන්දම් පත්තු කරගෙන ටියුශන් පන්ති කලා.

    ReplyDelete
  8. @ වෙදනා: ටිකක් කියන්නකො බලන්න?
    @ ඔබ නොදු‍ටු ලොවක්: මේකත් ඊට දෙවනි නෑ නේද?
    @ ඩූඩ්: බොහොම ස්තූතියි
    @ ඕනයා: කොහොමද දාඩිය පෙරාගෙන ඉගෙන ගනිද්දී දනෙන ආතල් එක?
    @ සුරා යකා: මේ සුරාවට කැමති යකෙක්ද? හොඳ වෙලාවට සුරා යකා වුණේ. පතුරු යකා වගේ වුණා නම්?
    @ දිනුක: ෂුවර් එකට ඕක පැණි පාරක් පස්සේ යන කූඹි ගමනක්
    @ නිසූපා: ඒ කොටස අද වෙනකම් මලයා කියල නෑ.

    ReplyDelete
  9. අම්මට සිරි වෙනවා.. සිරාවට?

    ReplyDelete