Tuesday, May 1, 2012

චීටා සහ ගෙම්බා


බඩා මාමගේ කතන්දර පිටුවට නිතරම යන එන කෙනෙක් නෙ චීටා කියන්නේ. චීටා මුල්වෙච්ච කතා කීපෙකුත් තියෙනව. බඩා සත්ත්ව විද්‍යාව ඉගෙන ගන්න ගියේ පන්නිපිටිය පැත්තේ තියෙන පොඩි පන්තියකට. චීට ආවෙත් ඕකටමයි. බස් රථයෙන් බැහැලා ටික දුරක් පයින් ගිහින් තමයි මේ පන්තියට යන්න තිබුණේ. පන්තියට යන පාර අතර මග රඹුටන් ගහක් එහෙමත් තිබුණ. කොල්ලො රෑන රඹුටන් හැදෙන කාලෙට එන්නේ වටින් පිටින් අහුල ගත්තු පොලු කෑලිත් අතේ අරන්. 

අපේ කතාව සිද්ධ වෙන දවසෙත් අපි ඔය විදියට පොලු කෑලි ටිකකුත් අරගෙන ආවේ රඹුටන් කාලම පන්තියට යන්න හිතාගෙන. කොහොම උණත් කලින් දවසේ බලාපු වේදිකා නාට්‍යයක් ගැන බඩා පොර ටෝකක් දීගෙන ආවේ ඒ නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟ පාන ගමන්. නට්‍යයේ නම අමතක උණත් "ගම්බිරතේ දෑතෙ කොන්ස්තන්-තීනු පුරේ  කොන්ස්තන්-තීනු පුරේ, පුර වර්ධන කරන අග - නිරිඳා මෙමං" කියන සින්දුව නම් තිබුණේ ඒකෙ. ඔය සින්දුවේ තාලයටම බඩා අතේ තුබුණු කෝටුව කඩුවක් විදියට පෙන්න පෙන්න හිටියේ. හදිස්සියෙන්ම චීටා කියාපි "මොනවද බං ඔහොමද කඩු හොලවන්නේ?" කියල. හරි විදියට කරල පෙන්නන්න කියල බඩා චීටට අභියෝගයක් කලා. චීට බිම වැටිල තිබුණු කෝටුවක් අරගෙන හෙලිකොප්ටරේ බමන පෙත්ත වගේ මහ හයියෙන් කරකව කරකව පන්තිය දිහාවටම ගියා. බඩාට එච්චර හයියෙන් කරකවන්න බැරි බව දන්න නිසා බඩා පොර ටෝක් දීම නවත්තලා හෙමින්ම පන්තියට ඇදුණා. චීට ඔළුව වටේ කරකවමින් ආපු කෝටුව පන්තියේ මුල්ලක බිත්තියට හේත්තු කරල තිබ්බා. දැන් අපි පාඩමට සූදානම්. 

ගුරුතුමිය සත්ත්ව විද්‍යාව උගන්නනවා. අපි අහන් ඉන්නවා. හදිස්සියෙන ගුරුතුමිය සහ කෙල්ලන් කීප දෙනෙක් "ඊයා . . . !" කියල මහ හයියෙන් කෑ ගහගෙන එහෙ මෙහෙ දුවන්න ගත්ත. කලබලේ මොකද්ද කියල බලන කොට තඩි ගස් ගෙම්බෙක් ගුරුතුමියගේ මේසය උඩට පැනලා! පන්තියට එද්දී පන්තියේ ගෙම්බෙක් නොහිටි බවට (චීටා ඇරෙන්න, චීටට ගෙම්බා කියල කාඩ් එකකුත් තිබුණා) අපිට හොඳටම මතකයි. එහෙනම් ගෙම්බා ආවේ කොහොමද? අනික මේ ගෙම්බා හරිම ආතල් එකෙක්. සාමාන්‍යයෙන් ගස් ගෙම්බෙකුට පිම්මක් වරදින්නේ නෑ. ඒත් මූ පණින දිහාවේ නෙවෙයි යන්නේ. බිත්තියට පැන්නම වදින්නේ ජනේලේ! බිත්තියට අඩි කීපයක් මෙහා තියල "දොක්!" ගාල බිම වැටෙනව. කොහොම හරි ගෙඹි ආතල් එක පැය භාගයක් විතර පුරා අපි ගත්ත. 

අපිට වැඩේ මීටර් උණේ ටිකක් වෙලා ගියාම. ගෙම්බා හිටියේ කොතනද? අපිට තේරුණ විදියට ගෙම්බා හිටියේ චීටා අහුල ගත්තු කෝටුවේ. යමයා වගේ චීටා ඒක ඔලුව වටේ කරකවද්දි අර අසරණ ගෙම්බා පරාණ බයට කෝටුවම අල්ලන් ඉන්න ඇති. ගෙම්බටත් අපිට වගේම අභ්‍යන්තර කණක් තියෙනවා. ඒකේ අර්ධ චක්‍රාකාර නාල නැති වුණාට සමබරතාවය ගැන ක්‍රියාකරන කොටසක් ඌටත් තියෙනවා. යමයා වගේ චීටා කෝටුව කරකවද්දී ගෙම්බට කැරකිල්ල හැදිලා. අපිටත් කැරකිල්ල හැදුණම අඩිය තියන තැනට නෙමෙයි වෙන තැන් වලට යනවා වගේ තමයි ගෙම්බටත්. ඌ ජනේලෙට පැන්නම ගිහින් නතර උණේ ගුරුතුමියගේ මේසේ උඩ!

11 comments:

  1. එක සූලොජි ටීචර් කෙනෙකේ මෙහෙම කිව්වලු:

    "ළමයි නේ අද අපි ගෙම්බා ගැන ඉගෙන ගන්නයි යන්නේ.
    දැන් හැමෝම මා දිහා බලන්න."

    ReplyDelete
  2. සන්ධයා මිස්ගේ පන්තියද?

    ReplyDelete
  3. ගෙම්බෙක් දැක්කහම ඊයා කියන සත්ව විද්‍යා ගුරුවරියක්ගේ පන්තියකට ද ගියේ ?

    ReplyDelete
  4. අර සින්දුවනම් වැරදියි මං දන්න තරමින්.හිනා ගස්සන්න හිතලම වැරැද්දුවාවත්ද???

    ReplyDelete
  5. I think you can guess who I am. ;)
    Went through a few posts and enjoyed well. Will add to my RSS.

    ReplyDelete
  6. මෙන්නෝ බඩා කමෙන්ට් මකනෝ...

    ReplyDelete
  7. මකල නැතෝ. සොරි හොඳේ!!!

    ReplyDelete
  8. @කතනදර: අපෙත් හිටියා ගුරුතුමියක්. හැබැයි කැරපොත්තා කියන එක ගෙම්බා වෙනුවට ආදේශ කරන්න ඕන

    @ඇනෝ: අපි නම් නොකිය ඉඳිමු නේද? එහෙම තමයි, දෙසන බණපිළිපදින අය අඩුයි.

    @නිස්සුපා: වැරදි ඇති මයෙ හිතේ. හරි එකත් මම අද වෙනකම් දන්නෙ නෑ.

    @සච්: බලමුකෝ, අපි හෙමින් අඳුන ගනිමු!

    ReplyDelete
  9. විද්‍යාත්මක විහිලු! ස්තූතියි දොස්තර මහත්මයා මේ වගේ කතන්දර ලියනවට! විනෝදයට අමතරව දැනුමක් ලැබෙනවා!

    ReplyDelete
  10. සුපිරි කතාව...
    උපරිමයි...

    ReplyDelete