Saturday, May 5, 2012

වෙසක් කූඩුව


මේක ඉතින් වෙසක් කාලෙනේ. අද කට්ටිය එච්චර වෙසක් කූඩු අදන්න උනන්දු නැති වුණාට අපි පාසල් කාලේ වෙසක් කුඩු හැදුවේ තරඟෙට වගේ. හදල ඉවර වෙලා ඒ ගැන පොර ටෝක් දෙන්නත් අමතක කලේ නම් නෑ! කූඩු හදන කොට අමාරුම ඒවා තමයි පැටව් කූඩු හදන එක. ඒ දවස් වල පැටව් හතරේ කූඩුවක් හදන එක අපිට මහ කජ්ජක් උණේ නම් නෑ. සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලෙත් ඔන්න ඉතින් වෙසක් උදා වුණා. පොර ටෝක් දෙන්න අවශ්‍ය නිසා බඩාත් කලින්ම කූඩු හදන්න පටන් ගත්ත. බඩා හැදුවේ පැටවු හයක් සහිත නෙළුම් මලක්. නෙලුම් මල හදන එක අමාරු බව වෙසක් කූඩු හදාපු අය දන්නව ඇති. නොදන්න අය ඉන්නව නම්; නෙළුම් මලට දිග බට පතුරු කපන්න ඕන. ඒ වගෙම හැඩය ලස්සනට ගන්න නම් හැම බට පතුරක්ම එකම තරමට එන්න ඕන. නැත්නම් නෙළුමේ බඩ වගේ පිම්බෙන කොටස එකම තැනකින් නැතුව තැන් තැන් වලින් පිම්බෙනවා. කොහොම හරි වෙසක් දවසට කලින් කූඩුව ඉවර කරපු බඩා ඒ ගැන පන්තියේදි ලොකු පොර ටෝක් එකක් දුන්න. පන්තියේ උණුත් කතාව ඇත්තද බලන්න බඩා ගේ ගෙදර එන්න ලෑස්තිය. 

හදිස්සියෙන්ම මෙතෙන්ට පහත් වුණේ ඇනා. (අර තන පටයේ සිද්ධියට, ඉබෝලා සිද්ධියට සම්බන්ධ ඇනා). "ඕව මොකද්ද, මම හදල තියෙනව පැටවු දස ලක්ෂෙක කූඩුවක්!" එහෙම කිව්වේ ඇනා. අපිට මේක විශ්වාස නෑ. ඇයි හත් දෙයියනේ පැටවු සීයක් කිව්ව නම් හිතන්න පුළුවන්, ඒත් ලක්ෂයක්? ඒ නිසා බඩාගේ කූඩුව බලන එක පැත්තක තියල ඇනාගේ කූඩුව බලන්න ඔක්කොම තීරණය කලා. වෙසක් දවසේ ඔන්න අපි ඇනාගේ ගෙදර ගියා. කූඩුවක් තියා බකට් එකක්වත් පත්තු කරල නෑ. අපි ඇහුව කෝ කූඩුව කියල. ඇනා කියාපි මඩුවේ කියල. එහෙම කියපු ඇනා, අපිව තරමක් ලොකු මඩුවකට එක්ක ගිහින් විදුලි බුබුළු දල්වලා පැටවු දසලක්ෂෙ කූඩුව පෙන්නුවා. ඇනාගේ පරණ සරමක් වහලේ එල්ලලා ඒකට බල්බ් එකක දාලා! අපිට බඩ අල්ලන් හිනා!

9 comments:

  1. පෝස්ට් එක නියමයි

    ReplyDelete
  2. මචන් ඇහුවේ නැද්ද මෙතන ඊට වැඩි නැද්ද කියලා. මොකද හැදින්වීමේ හැටියට එහෙම පුරස්නයක් මට ඇති උනා. සොරි වෙන්ඩෝන අතුරු ප්‍රශ්ණ ඇසීම පිලිබද. ජය!

    ReplyDelete
  3. හිකිස්..
    මරු..

    ReplyDelete
  4. පැටව් කිව්වට පැටව් බාග නේ....

    ReplyDelete
  5. නියම කූඩුව ඒක... :D

    ReplyDelete
  6. සරම හෝදන්න ගිහින් ගලේ ගහනකොට තමා පැටව් 'තාත්තේ' කියල කෑ ගැහුව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමෙ, මම මෙතන ලියන්න ගියේ වෙන එකක්. ඒත් මාරයගෙ ලිංක් එක දැකල ගිහින් බැලුවම මට අදහගන්න බැරිවුණා. මේ මොනවද වෙලා තියෙන්නෙ කියල. හැමදාම අපිව හිනැස්සූ ඔබ අද වෙන්වෙල ගිහින්, ආයෙ නොඑන්නම.

      සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

      Delete
  7. කොයි වෙලේ හරි මාව පිස්සන්කොටුවේ එක්ක යනවා ඔෆිස් එකේ ඈයෝ තනියම හිනා වෙන එකට. පට්ට කතාව

    ReplyDelete