බඩා ගේ උසස් පෙළ කාලයේ ඉඳලා මිත්‍රයෙක් තමයි ජොරා කියන්නේ. ජොරා ඉගෙන ගත්තේ බඩා ඉගෙන ගත්තු පාසලේ නොවුනට, අමතර පංති වලට ගියේ එකටමයි. කොහොම කොහොම හරි දෙන්නම වෛද්‍ය විද්‍යාලයටත් තේරුණා. ජොරා වැඩිය උස නැති, පැහැපත් හැඩ කොල්ලෙක්. ඒ වගේම තමයි පෙනුම ගැනත් බොහොම උනන්දුයි. ජොරාගේ කාමර සගයා වුණේ කොටියා. කොටියත් හැඩ කොල්ලෙක්, ඒත් කොටියගෙ තිබුණේ වෙනම ආතල්. ගාණට මූණ හෝදලා (ෆේස් වොෂ් එහෙම දාලා) පොන්ටින් කට් තියලා රැවුල කපලා, කලිසම් කමිස වල ක්‍රීස් එක ඇද නැතුව හිටින්න තිය අඳින පළඳින කෙනෙක් ජොරා කියන්නෙ.
කොහොමෙන් කොහොමෙන් හරි, කවුරුහරි කෙනෙක් ජොරාට මූදු හත්තක් ගෙනත් දීලා තියෙනවා. මූදු හත්ත වතුරේ දාලා තියලා ඒ වතුර බිව්වම පැහැපත් වෙනවා කියලයි කියල තියෙන්නේ. ඔන්න ජොරාත් හත්ත වතුරේ දාලා වතුර බොනවා. පළවෙනි දෙවෙනි දවස් වල කිසි අවුලක් නොවුනත්, තුන් වෙනි දවස වෙනකොට මූදු හත්ත කුණු වෙලා ගඳ ගහන්න අරගෙන. කොටියට හුස්ම ගන්නත් අමාරුයිලු. ඒත් ජොරා නෙවෙයි මේක විසි කරන්නේ. කොහොම හරි ටික දවසකින් අපට පේනවා ජොරා කුණුහරුපෙන් බැණ බැණ මූදු හත්ත වීසි කරනවා. ඇහුවම ඇයි කියල උත්තර දෙන්නේ නෑ. ආයෙත් සැරෙන් ඇහුවම කියන්නේ රස අන්තිමයි කියල. ඇත්ත සිද්ධිය දැනගත්තේ ටික දවසකට පස්සේ. ගඳ උහුලගන්න බැරිවෙච්ච කොටියා හෙමින්ම මූදු හත්ත තියෙන භාජනේට කොටි දිය පුරවලා!

පුදුම කොටියෙක් නේ ඒකා.
ReplyDeleteකතාව කියවලා හිනා වෙලාම හති !!! හික්ස් :)
රූමා තෝරගන්ඩ ඕනෙ පරිස්සමෙං තමයි ඕං
ReplyDeleteඒ දවස්වල බ්ලොම් එක ලඟින් යන්න බෑ ගන්දස්කාරේ!
ReplyDeleteඑකාත් බිලද හය්යෝ පව්...
ReplyDeletekotiya kotiya kana wadak ne karala thiyenne.hiks :) :)
ReplyDeleteඅම්මප හැබෑට ලස්සන වෙන්න, වෙස්ඩ දොස්තරලත් ඕව කරනවනම් ඉතිං අර වදකහ බීපු ඇන්ටිලට කොචොක් කරන එක වැරදියි නෙව.
ReplyDeleteඔය ජරාවල් බීලා අසනීප උනේ නැද්ද?
ReplyDeleteඅම්මට සිරි... :D
ReplyDelete