අපේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ හිටි සසා තුන්වෙනි වසරේ ඉදල ම පුද්ගලික "වෛද්‍ය" සේවයේ (locum) නියුතු වෙච්ච කෙනෙක්. මේ විදියට පුද්ගලික වෛද්‍ය සේවයේ වැඩ කරන වෙලාවට සසා අපි කොතරම් කතා කලත්. දුරකථනය ගන්නේ නෑ. ගන්නේ අදාල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අයිති වෛද්‍යතුමා කතා කළොත් විතරයි. මේ දුරකථනය නිසා සසා ගේ හොඳ හොඳ වැඩ එළි වෙලා තියෙනවා. සසා කොහොමත් රස සාගරයක්.
ඔන්න ඔය විදියට සසා දවසේ වැඩි වෙලාවක් සම්බන්ධ කර ගන්න බැරි එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. දවසට පැය හත අටක් සසා පොල් කඩනවා වෙන්න නම් බැහැ. (පුද්ගලික සේවයේ යෙදෙනවාට කියන්නේ පොල් කඩනවා කියල!). වෙන මොනවා හරි ජල්තරයකට සසා අර අඳින බව අපිට හොඳින්ම තේරුණා. ඒත් කොහොමද, මේකව අල්ල ගන්නම බෑනේ! අපිට මේකට ස්වර්ණමය අවස්ථාවක් උදා වුණා.
සසාට අදාල මුදල් වගයක් දෙන්න බ්ලොම් නේවාසිකාගාරයට පැමිණි අර වෛද්‍යවරයා තමන්ගේ අත් බණුව (hand phone) දමා ගොස් තිබුණා. අපිට කතා කරපු අදාල වෛද්‍යතුමා තමන් දවස් දෙකකින් එන නිසා අත් බණුව කොටියා (අර මූදු හත්ත සම්බන්ධ කොටියා, චීටා නෙවෙයි!) භාරයේ තබා ගන්න යයි කියලා තිබුණා. (මේ දවස් වල කොටියත් පොල් කඩමින් හිටියේ). හදිස්සියෙම සසා කරන්නේ මොනවද කියල බලන්න හිතුණු අපි, සසාට අර වෛද්යතුමගේ අත් බණුවෙන් ඇමතුමක් ගත්තා. "ඇයි . . . අයියා . . . ?" සසා හති දම දමා කතා කරනවා. ඒ එක්කම කාන්තා කට හඬක් ඇහෙනවා "අනේ කොල්ලොහ්! . . . මාව මරාගෙන කාපන්!" කියල. කට්ටියට වැඩේ මීටර්! බඩ අල්ලන් හිනා, බිම පෙරළෙමින් සිනා! සසා පහුවෙනිදා බ්ලොම් එකට එනකොට සසාගේ කාමරේ දොරේ මේ සින්දුව ලියලා තියෙනවා.
"තොටිල්ලෙ කොටු වැටෙන් එහා
තව තව කොටු ගොඩක් ඇතේ
තොටිලි කොටුව පනින සසා
ඒ හැම කොටු පණිනු ඇතේ"
"තොටිල්ලෙ කොටු වැටෙන් එහා
තව තව කොටු ගොඩක් ඇතේ
තොටිලි කොටුව පනින සසා
ඒ හැම කොටු පණිනු ඇතේ"
තේරුණේ නෑ
ReplyDeleteමෙන්න බබෙක්!
Deleteබොලාලගෙ ඉරිසියාව . .
ReplyDeleteඉල්ලුම හා සැපයුම
ReplyDeleteඒකෙත් වැරද්දක් නැහැ... :)
පට්ට! :)
ReplyDeleteබලන්න ෆෝන්එක අමතක නූනනං කවදාවත් මේ කතාව ලියවෙයිද!
සතෙකුටවත් කන වෙලාවට බාධා කරන එක වැරදියි :)
ReplyDeleteකන !
Deleteමිනිහා පොල් කඩන සල්ලිවලට වියදම් මාර්ගයක් හොයා ගත්තද, නැත්තං තවත් ආදයම් මාර්ගයක්ද කියලා පැහැදිලි නෑ නෙව?
ReplyDeleteහි හි ... කාඩ් කුඩු. ඔය සසාගෙ අනිත් නම ... නෑ ... එක්කො ඕනි නෑ. :)
ReplyDeleteපොල් කඩල ලෙලි ගගහ ඉද්දි තමා කෝල් එක දීල තියෙන්නේ.
ReplyDelete@ජය ශ්‍රී, කතන්දර: දෙමුද කිරි ටිකක් සූප්පුවෙන්?
ReplyDelete@ඕනමැන්ටල්: කොල්ල එන්නෙ මොකාටද?
@රාමා: සසා ඉල්ලන ගිනටත් වැඩියෙන් සපයලා කියල තේරෙන්නේ නැතිද?
@රාජ්: හහ්, ඒත් අපි වැඩේ අල්ල ගන්නව. අපිට තිබ්බෙ මාර ඇන්ටෙනා!
@අවතාර්: සතා කනවයි කියල අපි දන්නෙ නෑ නෙ!
@දිනුක: ආරංචි විදියට තවත් ආදායම් මාර්ගයක්ම වුණාලු. වයස හතළිස් ගාණක ඇන්ටි කෙනෙක් නෙ
@DDT: කොළඹ වෛද්‍ය පීඨයේ ද?
@Kenji. Japan: ඒ කොටස නම් දැක්කෙ නෑ. වෙන ක්‍රම 7-8ක් තියෙන නිසා සම්භාවිතාවය 15% විතර. සසා හැම ක්‍රමයටම දක්ෂයි කියලයි කියන්නෙ.
// කොළඹ වෛද්‍ය පීඨයේ ද? //
Deleteඅපෝ නෑ ..... වෛද්‍ය අංශයකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම ඒකෙන් අදහස් කළේ වෙන දෙයක්. :)
සුපිරි කවිය..
ReplyDelete