Tuesday, August 7, 2012

බෞද්ධ පූසා

අපේ ගෙවල් බොහොමයක පුසෝ ඇති කරනවනෙ. බඩා මාමාත් තද "පූස් ලෝලියෙක්". කාලෙන් කාලෙට එක එක පූසෝ ගෙදර ඇති කරන්න බඩා මාමා උනන්දු වුණේ ඒ නිසා. 



ඔන්න ඔය පින්තූරේ ඉන් පූස් තඩියා තමයි අන්තිමට හිටියේ. බොහොම සංවර විදියට හැදුණ හුරතල් පූසෙක්. හැබැයි අකාලයේ මළා. බඩා මාමා පූස් ලෝලියෙක් හින්ද පූසෝ ගැන සංවාද වලට නිතර සහභාගී වෙනවා. අපේ ඇනාට පාසල් කාලයේ හිටපු පූසා ගැනයි මේ කතාව. 

ඇනා එක විදියක එකෙක් කියල දැන් කවුරුත් දන්නව ඇතිනේ. ඒකට ඇනාගේ පූසා! මස් මාළු කන්නේ නෑ. වට්ටක්කා ඇටයි, මුරුංගා පොතුයි තමයි මුගේ ජාතික ආහාරය. මස් මාළු කන්න ඕන පූසෙක් වට්ටක්කා ඇට කද්දී ඒකාගේ පෙණුම ගැන අටුවා ටීකා අවශ්‍ය නෑ නෙ. ඇනාගේ පූසා ගේ පෙනුම තිබුණේ බොහොම අසතුටුදායක මට්ටමක. මේ ගැන තැන් තැන් වලින් ඇහලා බැරිම තැන වෙට් (veterinary surgeon) කෙනෙක් ගාවට ඇනා ගියේ උත්තරයක් ගන්න. පූස් කෑම ටිකක් පූසාට දෙන්න වෙට් නියම කරල තියෙනවා.



පූසාට අවශ්‍ය විටමින් වර්ග එහෙම දෙන්න අවශ්‍ය නිසා ඇනා යූනියන් කෙමිස්ට් එකෙන් "විස්කස් (whiskas)" කියල අඳුන්වන පූස් කෑම ටින් එකක් රුපියල් 175කට අරන් තිබුණා. 1993 දී විතර රුපියල් 175ක් කියන්නේ මහ විශාල මුදලක්. විස්කස් වල තියෙන්නේ මාළු වලට විටමින් සහ වෙනත් පෝෂක දාලා හදපු කුට්ටි ගහපු තලපයක්. අවාසනාවක මහත කියන්නේඅ මස් මාළු නොකන ඇනාගේ පූසා "විස්කස්" උයල දුන්නට කන්නෙත් නෑලු! නප්පියට තද වෙච්ච ඇනාගේ තාත්තා ඇනාට බණිනවලු, "පූස කන්නෙ නැත්නම්, උඹම කාපිය, අපරාදේ සල්ලි" කියල!

14 comments:

  1. අම්මේ ඇති යංතං.. මං මේ හිතුවේ මුරුංගා පොතු කන පූසෙක් දැකලා තිබුනේ මං විතරයි කියලා.. එහෙමනං අවුලක් නැහැ.. ඔය ජාතියේ පූසෙක් එක පාරක් මං හිටිය තැනකත් හිටියා... මුරුංගා පොතු දෙයියා... අපරාදේ දන්නවනං මං ඌට වට්ටක්කා ඇටත් හොයලා දෙනවා...

    ReplyDelete
    Replies
    1. වට්ටක්කා, පැපොල් එහෙම කන පුසන්ව දැකල තියෙනවා...

      Delete
    2. හබැයි ඒ පූසෝ දඩයම් කරලා සත්තු කන, මස් මාලු කන එවුන් තරම් ලොකු වෙන්නේ නෑ. පේනවනේ ඔය පින්තූරේ ඉන්න් පූස් තඩියා. කෙළින්ම කිලෝ පහක් විතර බරයි. ලේනෙක්, කුරුල්ලෙක් ගේ පැත්තට එන්න දෙන්නේ නෑ. ගෙදර හතර පස් දෙනාම දෙනාම කන මාළු වලට වඩියෙන් මාළු මූ කනවා.

      Delete
    3. ඔය කියන ගති ගුණ ඔක්කොම මික්ස් වෙච්ච පූස් තඩියෙක් අපෙ ගෙදර හිටියා (ඒ කියන්නෙ දැන් මැරිලා).
      මේකා මස් මාලු දෙය්යා, හැබයි උයල දුන්නොත්, දෙය්යනෙ කියල පොඩි කුරුමිනියෙක්වත් අල්ලන්නෙ නෑ. බුවාත් ඔය මුරුංගා පොතු, කරවිල බැදල වගෙ දේවල් පට්ට ආසයි.
      සයිස් එක ගැන කියනවනම්, දවසක් රෑ අපෙ ගෙදර ආපු එකෙක් අහනව, උඹලගෙ බල්ල අමුතු පාටයි, ඌ කුරු එකෙක්ද බන් කියල
      -ප්‍රසා

      Delete
  2. හැබැයි පූසො කියන්නේ මහ මූසල සත්තු ජාතියක් නේද? වෙජිටේරියන් පූසොත් ඉන්නවා ඈ.....

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ. හොඳට කතා කරල හැදුවොත් එහෙම කතා කරන (පූස් භාෂාවෙන්, ඒත් කෑම ඉල්ලන විදියයි, බය වුණාම කෑ ගහන විදියයි, ලෙඩ වුණාම කෑගහන විදියයි වෙනස්) එවුනුත් ඉන්නවා.

      Delete
  3. "විස්කස්" උයල දුන්නට කන්නෙත් නෑලු"

    මොකටද උයන්නෙ? ටින් එක කඩල ඩුන්නම හරිනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා. විස්කස් උයන්න ඕනේ නෑනේ. ඇනා ඒක ඇථ්තටම උයල දුන්නද දන්නෙ නෑ!

      Delete
  4. ඔය යස අගේට බිස්කට් කන පූසො ඉද්දි ඒ පූසා විස්කස් නොකෑව කිව්වම පුදුමයි නේ.

    ReplyDelete
  5. අපොයි මරු පූසෙක්. එක අතකට හොදයි ගෙදරට මාලු එහෙම ගෙනාවට හොරා කන්න එකෙක් නෑ නෙ. :))

    ReplyDelete
  6. කෙහෙල් ගෙඩි කන පූසො දැකල තියනවද ???

    ReplyDelete
    Replies
    1. වම්බටු කන උන් දැකලා තියෙනවා.

      Delete
    2. :D +++++++++++++++++++++++++++

      Delete
  7. බඩා මාමා ඒකාලේ ඉඳංම පූස් ලෝලියෙක්ද...
    තිත් දෙකයි ඩී...

    ReplyDelete