Wednesday, August 8, 2012

ඔට්ටුව

 බඩා හිතන්නේ සසා ගැන කට්ටියට මතක ඇති කියල. මේකත් සසාගේ තවත් වික්‍රමයක්. සසා එක්ක නිතරම කියුම් කියාගන්න කෙනෙක් තමයි කොටියා. සසාගේ කොටු සිද්ධිය අතේ මාට්ටු වුණාට පස්සේ සසා නිතරම බලන්නේ කොටියට ගුලියක් අඹරන්න. මොකද කොටු සිද්ධියේදී කට හඬ වෙනස් කරලා ඇමතුම දුන්නේ කොටියනෙ. 

දවසක් සසායි, කොටියයි කොටු පැනිල්ල ගැන වාදයක්. සසා නොදැන හිටියට කොටියත් කොටු ශිල්පයේ කෙළ පැමිනියෙක්. සසා නෝන්ඩි වේගෙන යද්දී එක පාරටම කියනවා "උඹ, උඹලයි බැචියෙක් එක්ක කාමරේක ඉඳන් එළියට ආවොත් මම බ්ලොම් එකේ ඉඳන් ෆැකල්ටියට හෙළුවෙන් දුවනවා" කියල. පොර වගේ මේ කතාව සසා කිව්වේ කොටියගේ වැඩ කණින් කොණින් බැචියන්ට ආරංචි වෙලා තිබුණු නිසා මේක සිද්ධ නොවෙන වැඩක් කියල හිතාගෙන. හැබැයි සසා දන්නේ නෑ කොටියා ලෝක අණ්ඩපාලයා බව. කොටියත් අභියෝගේ භාර ගත්තා. 

කොටියා අපේ බැචියක් වෙච්චි ටිකිරි ලියාට සිද්ධිය කියලා. ටිකිරි ලියා කොල්ලෙක් වගේ ඇඟ පත තියෙන, ක්‍රීඩා කරන එක විදියක චරිතයක්. ආ, මේ එක්කම ටිකිරි ලියාගේ වැඩකුත් කියල දාන්නම්. වකුගඩු රෝග වලදී වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මනින්න සහ ප්‍රෝටීන පිට වෙන ප්‍රමාණය මනින්න පැය 24ක් මුත්‍රා එකතු කරල කරන පරීක්ෂණයක් තියෙනවා (creatinine clearence & 24 hour urine protein excretion). ඔන්න ඔය ගැන අපට අපේ ගුරුතුමෙක් උගන්නනවා. ගුරුතුමා මුත්‍රා එකතු කරන්න ගන්න ගැලුම එහෙම අපිට පෙන්නුවා. මේ ගැලුමට තියෙන්නේ අඟල් 2-3 විතර පළල කටක්. ටිකිරි ලියා අහනවා "සර් දැන් ඔක්කොම පිරිමි අයට ඕකේ කට ඇතිද?" කියල. පන්තිය හිනා කනවා. වෘක්ක වේදය පිළිබඳ උගන්වන ගුරුතුමා හොල්මන්ද පොල්කොල. ඊලඟට ටිකිරි ලියා අහනවා "සර්, ගෑණු කට්ටියට ඔය ගැලුම එක්ක පුනීලෙකුත් දෙනවද?" කියල. අපි ආයෙත් බිම පෙරළෙමින් සිනා. ගුරුතුමා ආයෙත් හොල්මන්ද පොල් කොල. එහෙම කියලා මේ දෙන්නා හවස් යාමෙක වහල තිබුණු ටියුට් කාමරේක ඉඳන් සසාට පේන්න එළියට ඇවිල්ලා. දැන සසාට ඇප නෑ! 

සසා හෙළුවෙන් දිව්වද කියල නම් දන්නේ නෑ, ඒත් හෙළුවෙන් දුවපු "ශෝ මෑන්" කෙනෙක් ඇඟේ හැපිලා බය වෙච්ච පාරට ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙක්ට උණ ගැනිලා කියන ආරංචිය නම් අපට හම්බ වුණා.

10 comments:

  1. ටිකිරි ලියාත් මරු කෙල්ල තමා.ඕනෙ එකකට ඔට්ටුයිනෙ.

    ReplyDelete
  2. මමත් ගියා වතාවක් තංගල්ලෙ බීච් එකේ ඉදල හොස්ටල් එකට හෙලුවෙන් . . . ඔට්ටුවක් පැරදිලා

    ReplyDelete
    Replies
    1. මොන හොස්ටල් එකක්ද බං?

      Delete
    2. ජාතික ධීවර හා නාවුක ඉන්ජිනේරු ආයතනයේ (NIFNE) හොස්ටල් එකට

      Delete
  3. අෆ්ෆා .... බලාන ගියාම කෂ්ටිය බරටම කොටු ශිල්පය හදාරලනේ.

    ReplyDelete
  4. නියම කතාව. අතුරු කතා දෙක ඊට හපං.

    ReplyDelete
  5. ටිකිරිලියා මාරයිනේ....

    ReplyDelete
  6. සසා හෙළුවෙන් දිව්වද කියල නම් දන්නේ නෑ, ඒත් හෙළුවෙන් දුවපු "ශෝ මෑන්" කෙනෙක් ඇඟේ හැපිලා බය වෙච්ච පාරට ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙක්ට උණ ගැනිලා කියන ආරංචිය නම් අපට හම්බ වුණා.

    මෙන්න මේක ගැන කියමුකෝ...

    ReplyDelete