අපේ ජ්‍යේෂ්ට කණ්ඩායමේ හිටි සසා තුන්වෙනි වසරේ ඉදල ම පුද්ගලික "වෛද්‍ය" සේවයේ (locum) නියුතු වෙච්ච කෙනෙක්. මේ විදියට පුද්ගලික වෛද්‍ය සේවයේ වැඩ කරන වෙලාවට සසා අපි කොතරම් කතා කලත්. දුරකථනය ගන්නේ නෑ. ගන්නේ අදාල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය අයිති වෛද්‍යතුමා කතා කළොත් විතරයි. මේ දුරකථනය නිසා සසා ගේ හොඳ හොඳ වැඩ එළි වෙලා තියෙනවා. සසා කොහොමත් රස සාගරයක්.
ඔන්න ඔය විදියට සසා දවසේ වැඩි වෙලාවක් සම්බන්ධ කර ගන්න බැරි එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. දවසට පැය හත අටක් සසා පොල් කඩනවා වෙන්න නම් බැහැ. (පුද්ගලික සේවයේ යෙදෙනවාට කියන්නේ පොල් කඩනවා කියල!). වෙන මොනවා හරි ජල්තරයකට සසා අර අඳින බව අපිට හොඳින්ම තේරුණා. ඒත් කොහොමද, මේකව අල්ල ගන්නම බෑනේ! අපිට මේකට ස්වර්ණමය අවස්ථාවක් උදා වුණා.
සසාට අදාල මුදල් වගයක් දෙන්න බ්ලොම් නේවාසිකාගාරයට පැමිණි අර වෛද්‍යවරයා තමන්ගේ අත් බණුව (hand phone) දමා ගොස් තිබුණා. අපිට කතා කරපු අදාල වෛද්‍යතුමා තමන් දවස් දෙකකින් එන නිසා අත් බණුව කොටියා (අර මූදු හත්ත සම්බන්ධ කොටියා, චීටා නෙවෙයි!) භාරයේ තබා ගන්න යයි කියලා තිබුණා. (මේ දවස් වල කොටියත් පොල් කඩමින් හිටියේ). හදිස්සියෙම සසා කරන්නේ මොනවද කියල බලන්න හිතුණු අපි, සසාට අර වෛද්යතුමගේ අත් බණුවෙන් ඇමතුමක් ගත්තා. "ඇයි . . . අයියා . . . ?" සසා හති දම දමා කතා කරනවා. ඒ එක්කම කාන්තා කට හඬක් ඇහෙනවා "අනේ කොල්ලොහ්! . . . මාව මරාගෙන කාපන්!" කියල. කට්ටියට වැඩේ මීටර්! බඩ අල්ලන් හිනා, බිම පෙරළෙමින් සිනා! සසා පහුවෙනිදා බ්ලොම් එකට එනකොට සසාගේ කාමරේ දොරේ මේ සින්දුව ලියලා තියෙනවා.
"තොටිල්ලෙ කොටු වැටෙන් එහා
තව තව කොටු ගොඩක් ඇතේ
තොටිලි කොටුව පනින සසා
ඒ හැම කොටු පණිනු ඇතේ"
"තොටිල්ලෙ කොටු වැටෙන් එහා
තව තව කොටු ගොඩක් ඇතේ
තොටිලි කොටුව පනින සසා
ඒ හැම කොටු පණිනු ඇතේ"