Saturday, July 27, 2013

ඡන්දේ

1990 ගණන් වල මැද හරියේ උසස් පෙළ පන්ති වල තිබුන තවත් ලස්සන වැඩක් තමයි පෝස්ටර් ගැහිල්ල. තමන්ගේ ප්‍රතිවාදියෙකුට මඩ සහිත අපහාසාත්මක පෝස්ටරයක් ගහලා විනෝද වීම ඒ දවස් වල බහුලව වෙච්ච වැඩක්. දැන් වගේ මූණු පොතෙන්, අරහෙන් මෙහෙන් කෙනෙක්ගේ ඡායාරූප හොයා ගන්න බැරි කාලෙක මේ පෝස්ටර් වැදුනේ කාගේ හරි ඇල්බම් එකකින් පින්තූරයක් හොරකම් කර ගත්තාම. එහෙම නැත්නම් කියනෙන කවුද කියලා ඇඟවෙන විදියට ලස්සනට වචනයෙන් කියවෙන්න ඕනේ. කවදත් ඔය වගේ වැඩ වලට බඩා එක පයින්. 

පාසැලේ සහ ටියුෂන් පන්ති වල හොඳ නමක් දිනාගෙන හිටපු තක්කාලි බමුණට පෝස්ටරයක් ගහන්න බඩා තීරණය කලේ ඔය අතරෙදී. 1995 කියන කාලේ පරිගණක තිබුණේ බොහොම අඩුවෙන්. බඩාට නම් පරිගණකයක් තිබුණ වගේ කොරල් ඩ්‍රෝ 4 කියන උපාංගයත් ඒ දවස් වල තිබුණා. මේ නිසා පත්තරේ ගිය කාටූනයක් වෙනස් කරලා පෝස්ටරයට ඇතුළු කරලා බොහොම ලස්සනට මුද්‍රිතවම වැඩේ සිද්ධ කලා. ඒ දවස් වල මහ මැතිවරණයක් තිබුණ වගේ මතකයි. ඒ නිසාම මැතිවරණ පොරොන්දු පත්‍රිකාවක් විදියටයි පෝස්ටරය් නිමැවුණේ. මේ පෝස්ටරය එළි දැක්වුණේ ග්‍රේරෝ ගුරුතුමාගේ පන්තියේදී. බමුණත් ඒ පන්තියට එන බව කියන්න ඕන නෑ නේ! කොහොමෙන් කොහොමෙන් හරි බමුණට ඇඬෙන්නම පෝස්ටරය නැගලා ගියා. 

පෝස්ටරයේ විහිළු හුවමාරු වෙන අතර වාක්‍යනාදන් අහනවා "සර් ඡන්දෙ ඉල්ලන්නේ නැත්ද?" කියල. වාක්‍යනාදන් කවදත් දෙන්නේ කරමල් කැඩෙන වාක්‍යම බව මතක ඇතිනේ. ඔන්න ඉතින් ගේරෝ ගුරුතුමා පටන් ගන්නවා චූර්ණිකාව. 
"අපෝ කවදාවත්ම නෑ! මොකද දන්නවද? ළමයි මම ඡන්දේ ඉල්ලුවොත් මට මේ රස්සාව දාල මන්ත්‍රී පඩියක් විතරක් ගන්න වෙනවා". 
කොල්ලෝ "සූ!" ගානවා. 
"ළමයි, මට මගේ බෙන්ස් එක විකුණලා මයිනර් එකක් ගන්න වෙනවා. මොකද මම ආදර්ශමත් නායකයෙක් වෙන්න ඕනෙනේ?" සූව තවත් වැඩියි! 
"ඒ වගෙම මට දැන් ඉන්න ගෙයින් අයින් වෙලා මන්ත්‍රී නිවාසෙක අඩු පහසුකම් යටතේ ඉන්න වෙනවා". සූව තවත් දරුණුයි. 
"එහෙම කළොත් ළමයි මට මායියගෙන් ජල ගුටි තමා". 

මීට කලින් වතාවක කිං කොං කියලා බඩාව චාටර් කරපු එක බඩා මතක තියාගෙන හිටියේ ගලේ කොටපු අකුරක් වගේ. අර අන්තිම ප්‍රකාශය එක්කම පොළීත් එක්ක දෙන්න නියම අවස්ථාවක් බව වැටහෙන්න බඩාට ගියේ තත්පරයෙන් දහයෙන් පංගුවයි. 
"සර්, දැනුයි කියල වෙනසක් නෑ නේද?" කියල බඩා ඇහුවෙ පන්තිය මීයට පිම්බ වගේ නිශ්ශබ්ද වෙනකම් ඉදල. කොල්ලෝ කෙල්ලෝ බඩවල් අල්ල ගෙන හිනා. ග්‍රේරෝ ගුරුතුමා අත උස්සගෙනම ඊලඟ ගණන හදන්න පටන් ගත්තා!

(අපිට මුලින් දීපු පොරොන්දුව කඩ කරමින් පස්සෙ කාලෙක ග්‍රේරෝ මහත්මයා දේශපාලනයට ආවා)

7 comments:

  1. ගොඩක් කල් ඉදලා බ්ලොග් කියවුවත් අද තමයි මේ පැත්තේ ආවේ. ලෙක්චර් වලට තියෙන දේවල් බලන්නේ නැතුව එක හුස්මට ඔක්කොම කියෙවුව. අම්මෝ හිනා කල මැරෙනවා.

    ReplyDelete
  2. හේහේහේ...අන්තිම එක නම් පතුරු...කොහොමත් ගොඩක් තැන් වල මායියලා ඔහොමලු...

    ReplyDelete
  3. මිගාර, පිස්සො එක්ක තර්ක කරන්න යන එකයි.... වදුරන්ට කතා කරන්න උගන්නන්න හදන එකයි එක දෙකම එකවගේ..... තමන් ලෝකෙ ඉහලම ජාතියට අයත් නිසාවෙන් සහ තවත් විවිධ හේතු නිසා තමන් මහා දැනමුතු කම් වලින් යුත් අයෙක්ය කියා සිතාගෙන ඉන්න තැන්වල දේවල් කියා දෙන්න ගිහින් නිකම් අපහාස විදින්නෙ නැතුව. " ෂා මාර ලිපියක් අක්කේ" කියලා ආවා නම් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන්නේ ඇත්තක් බව සැබෑය. අවවාදය පිළිගතිමි.

      Delete
  4. මිගාර,

    දැනුමේ වඩාත්ම වැදගත් ප්‍රතිඵලය වනාහි මුග්ධත්වයයි, ඩේවිඩ් ග්‍රොස් The most important product of knowledge is ignorance -David Gross

    ReplyDelete
  5. ග්‍රේරෝ සර් අපිටත් free class එකක් කලා සක්‍ය එකේ. එක හදන කාලේ. මුල් කාලේ නම් විදුල අඩු මිල සංස්කරණ පොත් එහෙමත් නොමිලේම දුන්න ළමයින්ට. ඒ කලෙත් හැබැයි දේශපාලනේට එන්න නම් අදහසක් තිබ්බේ නැද්ද කොහෙද.(2001 විතර )

    ReplyDelete
  6. ග්‍රේරෝට මං කැමති පොර නිසා මට එක කතන්දරයකට නිමිත්තක් ලැබුණු නිසයි!
    http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

    !!!

    ReplyDelete