Saturday, November 2, 2013

කොයි පකද? (18+ )


කතන්දර කාරයා විසින් පුක යනු කුණු හරුපයන් නොවෙන බව අති සාර්ථක විදියට ඔප්පු කළා. ඒ අතරම "පයිය" යැනු පැසට කියන තවත් නමක් විනා කුණු හරුපයක් නොවෙන වග කෝරලේ මහත්මයා විසින් මෑතකදී අති සර්ථකව ඔප්පු කරන ලැබුවා. අද බඩා මාමා පෙන්නන්න යන්නේ "පක" කියන්නෙත් කුණු හරුපයක් නොවෙන වග. මේකට අදාල කර ගන්නෙත් පරණ කතාවක්මයි.

සාමාන්‍ය පෙළ සිංහල පන්තියකට බඩා ගියේ මාස කීපයක් විතරයි. ඒ කාලයේදී, (1992 දී හරිද?) වෙච්ච කතාවක් තමයි මේ. බඩා ගේ සිංහල පන්තිය කුඩා පන්තියක්. අර ගොඩක් පන්ති වල වගේ පිරිමි ළමුන්, ගැහැණු ලමුන් දෙපැත්තෙන් ඉඳ ගන්න ගතිය මේ පන්තියේ තිබුණේ නෑ. ඔක්කොම ඉඳ ගත්තේ එක ගොඩේ. මේ නිසා බොහොම කිට්ටු සම්බන්ධයක් සිසුන් අතර තිබුණා. ඒ නිසාම පන්තියේ දෙන කුඩා විවේකයේදී ගේන කෑම එහෙම බෙදා ගෙන කන්නත් පුරුදු වෙලා හිටියා. 

එක දවසක් ගුරුතුමා අපට ඉගන්නුවේ "මිනර්වා" නාට්‍ය ශෛලිය ගැන. මිනර්වා ශෛලියේ එක ලක්ෂණයක් තමයි ලිඛිත භාෂාව නාට්‍යයට භාවිතා කර ගැනීම. ඒ නිසා එදා අපි කතා කළේ "මිනර්වා" ශෛලියෙන්. "උඹ ගෙදර ගියාද?" කියන එක මිනර්වා ශෛලියෙන් අහන්නේ "ඔබ නිවෙසට සපැමිණියාද?" කියලයි. කරුමෙට වගේ එදා බඩා ගාව තිබුනේ අඹ ගෙඩියක්. බඩා ගේ සමීප මිත්‍රයා ගාව තිබුනෙත් එහෙම එකක්. බඩා ලඟ හිටපු කෙල්ලෙක්ගෙන් ඇහුවා "සොයුරිය, නුඹට අවැසි ඔහු අත ඇති පකද? මා අත ඇති පකද?" (ඒ වෙලාවේ අපි දෙන්නගෙන් කවුරුවත්ම සාක්කුවේ අත් දාගෙන නම් හිටියේ නෑ!). නොහිතූ විදියට අපේ මිතුරිය "ඩිම්" වෙලා ගිහින් මේ අවනඩුව ගුරුතුමට කියා සිටියා. 

තුන්දෙනාම එක තැනකට කතා කරපු ගුරුතුමා මුලින්ම කතා කළේ කෙල්ලට. 

"ළමයා "පක්" කියල කියන්නේ ගෙඩි වලට. "තිබෙන ඇත්දළ පමණ පක් ඇති කෙහෙල් කැන ය" කියල බුත්සරණේ තියෙනව. "ඉක්බිති නුග පක් සමූහයක් වැනි වු දෝ හෝ නො ‍හොත් බඳු වද මල් ඇති රියක් වැනි වු සුගත් පොරෝනා සිවුර රත් පළසකින් ඇත් කුඹක් වසන්නාක්හු මෙන්" කියල සද්ධර්මරත්නාවලියේ තියෙනවා.  ඒක සිංහල වචනයක්. හිතේ කුනු තියා ගත්තම ඔහොම වෙනවා" එහෙම කියල කෙල්ලව එළවලා දැම්මා. 

අපි දිහාවට හැරුණු ගුරුතුමා "තොපේ කුණු කටවල් මම දන්නවා. මේ සැරේ බේරුණා කියල මතක තියා ගනිල්ලා" කියල එලවලා දැම්ම මිසක කිසිම දඬුවමක් ලබා දුන්නේ නෑ.

33 comments:

  1. බඩා ඉස්සර උනා.. නැත්තං මමත් පක ගැන ලියන්න කියලා හිත හිත හිටියේ මේ ටිකේ.. සද්ධම්ම රතනාවලිය අරගත්තම පකයි පයියයි දෙක ගැනම අපූරුවට පැහැදිලි කලෑකි... සම් පයිය... තිඹිරි පකක්... :D

    ReplyDelete
    Replies
    1. තව සුත්ත පිට පෙරළා බලන්න එහෙම පුළුවන්.

      Delete
  2. http://helapakade.blogspot.com/2013/03/blog-post_12.html

    බඩා මගෙ මේ පෝස්ටුව දකින්නට නැතිව ඇති බව මා විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. දැක්කේ නෑ නෙව! සමාව ඉල්ලනවා!

      Delete
  3. යකෝ පකට අයිතිකාරයෝ ගොඩයි....මුන් පක බෙදාගන්න බැරිව මොනවා කරයිද?මං ලියනවා හුත්ත ගැන ..ඒකත් කුණු හරුපයක් නෙවි....

    ReplyDelete
    Replies
    1. අනිවා! නැත්තෝ සුත්ත පිට පෙරළා බලති කිව්වලු!

      Delete
  4. අරේවා බඩා මාමා ජී,

    මෙහෙම ගියොත් අපිට කියන්න කුණුහරුප නැති වෙනවා නේ අප්පා!!

    ගැත්තන්ට අනුකම්පා කරෝ...!

    "පොල්" වලට ඉස්සර "නෙරළු පක්" කියලා හඳුන්වන බව අසා ඇත්තෙමි!


    ජයි හෝ!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. තියෙන්නෙත් කුණුහරුප හතයි නෙ. ඕවනේ ඔය එකකට එකක් සම්බන්ධ කර කර කියන්නේ.

      Delete
  5. ලිංගේන්ද්‍රය කියන්නෙ නාසය, කන වැනිම වූ මිනිස් සිරුරේ ඇති තවත් එක් ඉන්ද්‍රියක්ම පමනක් බව වෛද්‍යවරයෙක් ලෙස ඔබතුම හොදින්ම දන්නවා ඇති. හැබැයි ඒක සාමාන්‍ය ඉන්ද්‍රියක් පමනයි කියා ඔබතුමා කවදාවත් ඒක එලියෙ දාගෙන මිනිස්සුන්ට පෙන්න පෙන්න යනවද? නෑනෙ. එහෙම ක‍රන්නැත්තෙ සමාජ සම්මතයට තියෙන බය නිසානෙ. නිකන් බොරුවට කුනුහරුප කීවට පොරක් වෙන්න බෑ මහත්තයෝ. පක කියන්නෙ වර්තමානසමාජ සම්මතයට අනුව කුනුහරුපයක්. ඉස්සර එහෙම නොවෙන්න පුලුවන් ඒත් දැන් එහෙමයි. ඉස්සර එකගෙයි කෑම සමාජ සම්මතයක් උනාට අද එහෙම නෑනෙ. ලියන්න කිසිම දෙයක් නැතන් මැල්ලුමක් ලියන්න. එතකොට ටිකක් මොලේ පෑදෙයි

    ReplyDelete
    Replies
    1. [නිකන් බොරුවට කුනුහරුප කීවට පොරක් වෙන්න බෑ මහත්තයෝ.]

      කුණුහරුප නොකිය හිටියට සුද්දවන්තයෙක් වෙන්නෙත් නෑ නෙව?

      [ ලියන්න කිසිම දෙයක් නැතන් මැල්ලුමක් ලියන්න. එතකොට ටිකක් මොලේ පෑදෙයි]

      සුප්‍රබුද්ධ විදියට එහෙනම් මැල්ලුම්ම ලියනවා ඇති.

      Delete
    2. කුනුහරුප නොකිය ඉන්නෙ සුද්දවන්තයෙක් වෙන්න නෙවෙ. ඒක පිලිකුල් සහගත නිසා. සෙනග ගොඩක් මැද මහ හයියෙන් වාත යවන්නැත්තෙ ඒක සද්දෙ නැති හින්ද නෙවේ. ඒක නොගැලපෙන හින්දයි. මැල්ලුම් ලිවට වැඩක් නෑ ඒව කන්නත් ඕනි ඒක තේරුම් ගන්න මොලේ පොඩ්ඩක් හරි ඕනි

      Delete
    3. පුතේ, උඹ මේ වගේ දෙපැත්ත කැපෙන කතා වලට ආසා නැත්නං කියවන්නේ නැතුව හිටු.

      Delete
    4. නෑ ජොලි සීයෙ මම කියන්නෙ මේ වගේ දේවල් මිතුරන් අතරේ කතා උනාට කමක් නෑ. ඒත් ප්‍රසිද්දියේ කුනුහරුප කීමේ අවශ්‍යතාවය මොකක්ද? ඉස්සර කකා පුක කිව දැන් මෙතුම පක කියනව. තව ටික කාලයක් යනකොට මොනව වෙයිද? ගම්වල බීල කුනුහරුප කියන මිනිස්සුන්ගෙයි මේ වැඩෙයි එකම වෙනසයි තියෙන්නෙ. ඒ තමයි ඒ මිනිස්සු ගමට ඇහෙන්න කුනුහරුප කියනව මේ මිනිස්සු ලෝකෙටම ඇහෙන්න කුනුහරුප කියනව

      Delete
    5. 1. හිට් , කොමෙන්ට් මරා ගැනීමේ ආශාව
      2. කකාට සම වීමේ ආශාව
      3. තවත් ට්‍රෙන්ඩ් එකක මුල් ගමන් කරු වීමේ ආශාව
      4. කුණුහරප නොකියා ටික කලක් යනවිට ඇතිවන මානසික අසහනය දුරු කර ගැනීමේ අවශ්‍යතාවය (රජතුමා කුඩු කෑ කතාව මතක් කර ගන්න )

      Delete
    6. @සුප්‍රබුද්ධ, මහසොහොන් පිල්ලිය: මේ කතා ළමා කතා නොවෙන බව මම මුලින්ම "ආරලු බූරලු" ඇතුවම කියල තියෙනවා. වචනයකින් කියන කුණු හරුපයක් අල්ලාගෙන දඟලන ඔබතුමන්ලාට, මේ අඩවියේ ඇතැම් කතා වල වූ ලිංගික උත්ප්‍රාසයන් නොපෙනීම පුදුම සහගතයි. ඔබතුමන්ලා අකමැතිනම්, මේ අඩවිය නොකියවා ඉන්න. කැමති අය කියවපු දෙන්. දෙවැනි කාරණය මට කකා සම වෙන්න කිසිම වුවමනාවක් නෑ. මොකද මමත්, රසිකත් ඉන්නේ දේශපාලනමය වශයෙන් සතුරු පිල් දෙකක. කකා වගේ කතා වලින් දේශපාලනය ඔළු ඇතුලට ඔබ්බවන්න නොහදන්නේ ඒ නිසා.

      Delete
  6. මාගේ කොමෙන්ට් නිසා ඔබ තුමාට යම් අපහසු තාවය සිදු වූයේනම් හදවතින්ම සමාව ඉල්ලනවා. මෙය වැඩිහිටියන්ට පමනක් සීමා නොවූ අඩවියක් වීමත් ඔබතුමා උගත් බටහිර වෛද්‍යවරයෙකු වීමත් නිසා මෙයට වඩා වගකීම් සහගත් අයුරින් හැසිරිය යුතු බව සිතූ නිසයි මා කොමෙන්ට් කලේ

    ReplyDelete
    Replies
    1. oya ey hamathanama moda katha kiyakiya yannee...

      Delete
  7. දැන් තියන කුණුහරප ඔක්කොම හොදයි කිව්වම හදිසියකට කියන්ඩ ඒවත් නැති වෙනව :D

    ReplyDelete
  8. යකඩො මෙහෙම ගිහින් හදිසියකට තරහ කාරයෙක්ට බනින්න වෙන්නෙත් 'නරක සමනලයා' කියලා තමා.

    ReplyDelete
  9. කෝරළේගෙ එකේදි කිව්ව වගේ දැං මේ විදියට හැම එකක්ම කුණුහරුප නෙමෙයි කිවුවට පස්සෙ හදිස්සියකටවත් කියාගන්න එකක් නැතිවෙනවනෙ.

    ReplyDelete
  10. හුටා යකෝ දැන් එතකොට මොනවද කුණුහරුප. හදිස්සියට එකෙකුට බනින්නවත් කුනුහරුපයක් නෑනේ දැන්.

    ReplyDelete
  11. ඕන පකක් කියලා මේක කියෝල දැම්මා මාත්.

    ReplyDelete
  12. ආපෝ............. මේ වගේ නාක අය කට්ටියක්....... ඔක්කොමල්ලා කුනුහාපර කියලා තින්නේ ....... මේවා බලල මගේ පතිවතටත් හානියක් උනාද මන්දා

    ReplyDelete
  13. අනෙ දන්න කවුරු හරි මට කුනුහරුප ටිකක් කියල දෙන්නකො.දැන් බලද්දි මම දන්න ඔක්කොම අවලන්ගුවෙලා නෙ
    හය හතර

    ReplyDelete
  14. මහසොහොන් පිල්ලියට
    මිගාරට කමෙන්ට් සහ හිට්ස් වලට ඇති උනක් නැත. එසේ අවශ්‍ය නම් කකා අභිබවා යෑම මිගාරට සුලු දෙයකි. ඔබ නොදන්නවා උනාට සමහර උදවිය දේවත්වයේ තබා සිටි ටැබූට කොර වෙන්නට ,වැටෙන්නට ගැසුවේ මිගාරගේ පැරණි බ්ලොගයෙනි.

    ReplyDelete
    Replies
    1. මාරයා ඇවිත් පුක දෙයි

      Delete
    2. ටැබූට ගහන කොට මෙන්න රිදෙන අය එනවා

      Delete
    3. @Python

      උඩ තියෙන ඇනෝ කමෙන්ටු දෙකෙන් එකක්වත් මගෙනම් නෙවෙයි.. මට ඕක දාන්න ඇනෝ එන්න ඕනත් නැහැ.. ඔය ටික මං මගේ ප්‍රොෆයිල් එකෙන්ම කියලා ඇති දෙතුන් තැනකම... ඔය වගෙ දෙයක් කියලා දාන්න ඇනෝ එන්න ඕන කියලා මං හිතන්නෙත් නැහැ... දැන් මේක දාපු කෙනා ඒක ඇනෝ දැම්මේ සමහර විට තමුන් වගේ බූමිතෙල් ගෑවුන ගැරඩි එක්ක කාලේ කන්න අකමැති නිසා වෙන්න පුළුවන්... ඒත් මට එහෙමවත් උවමනාවක් නැහැ ඔය මලගිය හොල්මන් පෙරේත ආත්ම ගැන දොඩව දොඩව ඉන්න...

      Delete
  15. උපරිම තව අවුරුදු දෙකක් යනකොට සිංහල කුනුහබ්බ ඔක්කොම සුජාත කරනව මේ බ්ලොග්කාරයො එකතුවෙලා :-)

    ReplyDelete
    Replies
    1. හරියට ප්‍රා. ලේ. කාර්යාලවල පගාවට බීම සාමාන්‍යකරණය වෙනවා වගේ.....

      Delete
  16. මොකද මේ දෙවෙනි ලෝක යුදදෙ වගේ හැමෝම මරාගන්නෙ. බ්ලොග් එකක් යනු තමන්ට රිසි දේ රිසි පරිදි සදහන් කරන්නක් විනා පාර්ලිමේන්තුවක් නොවේ. දරා ගැනීමට අපහසු අය නොබලා සිටියාට කම්නැත......

    ReplyDelete
  17. හත් ඉලව්වේ..... මේ බඩාගේ බ්ලොගේ මට අදනේ සැට් උනේ මම දනන් හිටියේ නැහැ මේ බ්ලොගේ ගැන කොහොම වුනත් දැන් එතකොට පක කියන්නත් බැහැ එහෙනම් ඕනේ පකක් කියලා ඒ වචනෙත් සම්මත කරමු. හික් හික් හික්

    ReplyDelete
  18. ඕනේ ගෙඩියක්.........

    ReplyDelete