බඩාගේ විශේෂඥතාවය තියෙන්නේ වකුගඩු රෝග වලට ප්‍රතිකාර කිරීම කියල දන්නවනේ. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක ප්‍රතිඵල රෝහලේදී දැක්ක කෙනෙක් තමයි බඩා. සොල්දාදුවන්ට වගේම, කොටි සාමාජිකයන්ටත්, (ඇතැම් විට ජිහාඩ් කාරයින්ටත්), බඩා ප්‍රතිකාර කර තිබෙනවා. මේ එවන් එක් කතාවක්. දේශපාලනය තුළ මියැදී ගිය තරුණයෙක්ගේ කතාවක්.
ඔහුට අපි කියමු සින්නරාසා කියල. ගම මාන්කුලම. වයස අවුරුදු 28යි. බඩා හමුවට එන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා. ඒ වෙනකොට ඔහු නඩු නැතිව අවුරුද්දක් සිරගත කර තබාගෙන ඉඳලා තිබෙනවා. සින්නරාසා පරීක්ෂා කරන කොට පෙනී ගිය දෙයක් තමයි සිරුරේ තිබූ ශ්‍රැප්නල් (shrapnel) තුවාල. ඔහු කීවේ හමුදාව ෂෙල් ගහන කොට තුවාල වූ බවයි. අවශ්‍ය පරීක්ෂණ කර, රුධිර කාන්දුකරන (Dialysis) ප්‍රතිකාරය කිහිපවිටක්ම කළ පසු ඔහු ඉතා හොඳ තත්වයට හැරුණා. ඒ වගේම මා සමග හොඳින්ම කුළුපග වුණා. "මම මිත්‍ර වුණු පළමු සිංහලයා ඔබ" සින්නරාසා කීවේ එහෙමයි. "නමුත් මගෙන් බෙදුම්වාදීන්ට සමාවක් නැහැ. ඒ ගැන මතක තියාගෙන මාව ආශ්‍රය කරන්න" එහෙම කිව්වේ මම. සින්නරාසාගේ සිරුරේ තිබූ තුවාල අනුව ඔහු වසර 10ක් පමණ තිස්සේ විවිධ පිපුරුම් 10කට පමණ ගොදුරු වෙලා තිබුණු බව බඩාට වෛද්‍ය විද්‍යාත්මක දැනුම නිසා තේරුම් ගියා.
"සින්න රාසා, බොරු කියන්න එපා. අවුරුදු කීයක් කොටින් වෙනුවෙන් සටන් කළාද?" බඩා දවසක් ඇහුවේ ගහෙන් ගෙඩි එනවා වගේ. "මට බොරු කියන්න හදන්න එපා, මොකද ඔය තුවාල වල කතාව ලියවෙලා තියෙනවා"
තව දුරටත් බොරු කිරීමෙන් වැඩක් නොවෙන බව දැනගත් සින්නරාසා ඔහු කොටි හමුදාවේ ජ්‍යේෂ්ඨ අණ දෙන්නෙක් බව හෙළි කලා.

"ඒකෙන් කමක් නෑ. සින්නරාසා මොකෙක් වුණත්, දැන් රෝගියෙක්, ඒ නිසා බය වෙන්න එපා"
මගේ ඉල්ලිම පිට ඔහුගේ මාංචු ඉවත් කලේ, පළා ගියහොත් රුධිර කාන්දුකරණය නොමැතිව ඔහුට සතියකට වඩා ජීවත් විය නොහැකි බව පෙන්වා දීමෙන් පසුව. සින්නරාසාත් එය දැන සිටියා. "පැනල ගියොත් මම මැරෙනවා. එ නිසා පැනලා යන්නේ නෑ"
බඩා සින්නරාසාගේ පවුලේ අය සමග සාකච්ඡා කලේ ඔහුට වකුගඩුවක් පිරිනැමීමට කෙනෙක් ඉදිරිපත් වෙනවාදැයි දැන ගැනීමට. මාන්කුලම් වලින් පැමිණි පොඩි පහේ හමුදාවක් මා හමුවට පැමිණියේ ඔවුන් නෑදෑයන් බව සැළ කරමින්. ඒ අතර සිංහල හොඳින් කතා කළ හැකි දෙමළ නළුවකුද සිටියා!
බඩාගේ විස්තරය අසා සිට සින්න රාසාගේ මව වකුගඩුව පිරිනැමීමට ඉදිරිපත් වුණා. අවශ්‍ය රුධිර සාම්පල එදාම ලබා ගත්තේ මාන්කුලම් සිට යාමට ඒමට අපහසු නිසා. නමුත් සින්නරාසාට වකුගඩුවක් බද්ධ කරන්නට පෙර කළ යුතු බොහෝ දේ තිබුණා.
පළමුව ඔහු සිටියේ සිර මැදිරියක, රෝග වාහකයින් මැද්දේ. වකුගඩුවක් බද්ධ කළ අයෙකුගේ ප්‍රතිශක්තිය ලබා දෙන ඖෂධ නිසා බොහෝ අඩපණ වී රෝගයන්ට ගොදුරු වීමේ සම්භාවීතාවය බොහෝ වැඩියි. ඒ නිසා සින්නරාසා හිරෙන් නිදහස් කර ගැනීම අවශ්‍ය බව මම පෙන්වා දුන්නා. ඉන් පසුව මගේ මහාචාර්යතුමා හරහා, බන්ධනාගාර කොමසාරිස්ට, සහ ආරක්ෂක ලේකම්ට සින්නරාසාට වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය බව දන්වන ලිපි දෙකක් සකස් කර දුන්නා. "ඔබ ගිහින් ආරක්ෂක ලේකම් හමුවී මේ ලියුම පෙන්වන්න. එතකොට ඔහු මොනවා හරි කරාවි. සින්නරාසාව හිරෙන් නිදහස් කර ගැනීම මගේ විෂය පථයේ තිබෙන එකක් නෙවෙයි. පුළුවන්නම් ඔබේ මන්ත්‍රී එක්ක යන්න. ජනාධිපති හම්බ වුනත් මට කමක් නැහැ" බඩා පැහැදිලි කරලා දුන්නා. "සමහරවිට, ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ දේ උත්සවයක් තියලා එහෙම කරන්නත් පුළුවන් දේශපාලන වාසියක් ගන්න. නමුත් සින්නරාසා නිදහස් කරගන්න නම් මේ විදියට කරන්න වෙයි" මම පැහැදිලි කරලා දුන්නා.
ඔවුන් ආරක්ෂක ලේකම් හමුවේ යයි බඩා බලාපොරොත්තු වුණා. නමුත් සිදුවුණේ නොසිතූ දෙයක්.
අදාල ලිපි දෙකත් රැගෙන රාජ්‍ය නොවන සංවිධානයක් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැශනල් වෙත ගොස් සින්නරාසා ගේ දඬුවම ඉවත් කර ගන්නා ලෙස කවරෙක් හෝ උපදෙස් දී තිබුණා. ඒ අනුව රෝහල විසින් ඔහුගේ රුධිර කාන්දුකරණය නොකඩවා කළයුතු බවට නියෝගයක් ලැබුණා.
මුළු තත්වයම දෙබරයට ගල් ගැසුවා වගේ වුණේ මින් පස්සේ. අපේ රෝගීන්ගෙන් බහුතරය රුධිර කාන්දුකරණය කරන්නේ මුදල් ගෙවමින්. ඔවුන්ට නොලැබෙන අයිතිවාසිකම් සිරකරුවකුට ලැබීම ගැන තදින් කිපුණ ඔවුන් විසින් අදාල රාජ්‍ය නොවන ආයතන ඔවුන්ගේ පෙත්සම් ඉවත් කර නොගන්නේ නම් සම අයිතිවාසිකම් ඉල්ලා නඩුමගට බහින බවට ලිපියක් ඉදිරිපත් කරනු ලැබුවා.
ඇම්නෙස්ටි ඉන්ටර්නැශනලයට ඔවුන් ඉතිහාසය ලද දරුණුම පරාජය ලබමින් නිහඬ වීමට සිදුවුණා. රුධිර කාන්දුකරණය ලබා දීමේ අනු පිළිවෙල (priority) පිළිබඳව අනෙකුත් පාර්ශව අත ගැසීම තමන් නොරුස්සන බවත්, තව දුරටත් බලපෑම් සිදු කළහොත් අදාල සේවාවෙන් ඉවත් වන බවටත්, අදාල විශේෂඥ වෛද්‍යවරුන් අවසාන නිවේදනයත් ලබා දුන්න.
මේ සිද්ධි සියල්ලම සිද්ධ වුණේ සති දෙකක් ඇතුලත. සින්නරාසාට තව දුරටත් අදාල ප්‍රතිකර්මය ලබා දිය හැකිවන්නේ පොරොත්තු ලේඛණයකට අනුව පමණක් බව ඔහුට සහ නෑදෑයන්ට දන්වා සිටින්නට සිදු වුණා. රෝගීන් සංඛ්‍යාව අනුව එවන් අවස්ථා ලැබෙන්නේ සති හතරකට වරක්. නමුත් රුධිර කාන්දුකරණය සතියට දෙවරක් වත් කළ යුතු ප්‍රතිකර්මයක්. මේ තීරණයෙන් දවස් 13කට පසු සින්නරාසා මොළයේ සිදුවූ රුධිර වහනයකින් මිය ගියා.
පොඩි මිනිසුන්ගේ ප්‍රශ්න දේශපාලනීකරණය කළ විට, එය විසඳා ගත නොහැකි අවුල් ජාලාවක් වන බවට මේ එක අනුවේදනීය උදාහරණයක්. මේ නූගත් ගැමියන්ට, තම මහන්තත්ත කම පෙරදැරි කරගෙන ඇම්නෙස්ටිය වෙත යන්නට කී පුද්ගලයාව බඩා කලක් සෙවූවත් හම්බ වුණේ නැහැ. සින්නරාසාගේ ලේ තැවරී ඇත්තේ අන්න ඒ දෑතේ බව බඩා අදත් විශ්වාස කරනවා.

නෑ නෑ , ඕකට සම්පුර්ණයෙන් වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ සහ ගෝටාභය රාජපක්ෂ. ඕකුන් දෙන්න ප්‍රභාකරන් මැරුවේ නැත්නම් ප්‍රභාකරන් මෙයාට වයිද්‍ය ප්‍රතිකාර කරන්න පහසුකම් දෙනවා නේ
ReplyDeleteහා! හා! ඒ උදාර මහත්මයා ගෝටා / මහින්ද වගේ පරයෙක් / කාලකණිනියෙක් / හොරෙක් / අළුගෝසුවෙක් නෙවෙයි
Deleteපොඩි මිනිසුන්ගෙ ප්‍රශ්න දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීම... එදත් සිදු වුනා.. අදත් සිදුවෙනව.... එන් ජී ඕ සහ දේශපාලුවො යනව එනවා... බඩවල් මහත් වෙනව... වාහන ගන්නව.. ගෙවල් හදනවා... හැබැයි පොඩ මිනිහගෙ ප්‍රශ්නය එතනමයි.... මැද පෙරදිග ගෘහසේවිකාවන්ගෙ ප්‍රශ්නය ඔයින් එකක්....
ReplyDeleteමම එන් ජී ඕ ත් නෙවෙයි.දේශපාලුවෙකුත් නෙවෙයි.ඒ වුනාට මගේ බඩත් මහත් වෙනවා.ඒ ඇයි කියල කියන්න පුලුවන්ද තරහ නැතුව.
Deleteඒකෙ වැරැද්ද හැලපි අතේ... කුකුලල ඔක්කොම තම්බල, සුද්ද කරල, පොල් ගාලා පිගානටම දාලා දෙන නිසා... හි හි
Deleteරා ....
Deleteපොඩි මිනිහගෙ ප්‍රශ්න නැත්නම් සමහරුන්ට පැවැත්මක් නෑ
ReplyDeleteමහ මිනිස්සුන්ගෙ පැවැත්ම පොඩි එකා..නැත්තම් උන් පොඩි එවැන්ටත් අන්ත හිගන්නො වෙනවා
ReplyDeleteකදුලු අාපු කතාවක් බඩා....................
ReplyDeleteඅැත්තට ම හැමෝම කරන්නේ දේශපාලනය... යුද්ධය කියන්නෙත් බලය නිසා කරන්නා වූ සෙල්ලමක්.. ජීවිත ලක්ෂ ගානක් ලෝකය පුරා මේ නිසා නැති වෙනවා.... මැරෙන ගාන පැත්තකින් තියන්න ඒ අය මැරුණා කියලා හිතමුකෝ...... තුවාල වෙලා අතපය නැතුව.... අබ්බගාත වෙලා..... මන්ද බුද්ධික වෙලා ඉන්න පිරිස ගැන බලන්න... මේක මිනිස්සු විසින් තමන්ට ම කරගන්නා වූ විනාශයක්.... තවත් තමන් වගේ ම කෙනෙක් මරනවා කියන ඒක කරන්නේ කොහොමද??????
ඒ අතර ජොබ් ඒක වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන වල වැඩ කරන අයටත් මේවා හොද පාඩම්.... ඔවුන්ගේ අවසාන අරමුණත් බලයමයි.... දැන් බලන්න පහුගිය කාලේ උඩ පැනගෙන මානව අයිතීන් ගැන කතා කරපු සෙට් ඒකම දැන් ඉන්නේ කොහෙද කියලා...... අන්තිමට දෙපැත්තෙම අහිංසක අසරණ දුප්පත් මිනිස්සු ටික තමයි මේකට පාවිච්චි වෙලා තියෙන්නේ.... ඔය මොනවා වුණත් බඩා අර ලෙඩා මැරුණ ඒකේ පව වෙෙද්‍යවරුන්ගේ අත්වලත් ගෑවිලා නැතුවාම නෙමෙයි...... ඒ අපි දකින විදිහ...... ඔබ ප්‍රායෝගික තත්වය අත්දැකලා අැති ..... ඒත් යමක් කරන්න තිබුණා.....
//ඔය මොනවා වුණත් බඩා අර ලෙඩා මැරුණ ඒකේ පව වෙෙද්‍යවරුන්ගේ අත්වලත් ගෑවිලා නැතුවාම නෙමෙයි....
ReplyDeleteඅපියි කියල මොනව කරන්නද? අපිට බලන්න පුළුවන් රෝගියාගේ රොගී තත්වය විතරයි. ගන්නා නිගමන වලට සමාජ තත්වය, ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය වගේ ඒවා ගාවා ගන්න බෑ. සින්නරාසා තව එක් රෝගියෙක් පමණයි. ඔහු වගේම සිය ගණනක් හිටියා රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය ලබා ගැනීමට බැරි කම නිසා මිය යන.
මෙහිදී ඇවිස්සුනේ රෝගීන්. නඩු මගට බැස්සෙත් ඔවුන්. අපට එතකොට මොනවත්ම කරන්න බැහැ.
ඔබ හරි මිගාර..... ඔබ දැකපු ප්‍රායෝගික තත්වය තුළ ඔබ හරි.... ඒත් මිනිස්සුන්ගේ නොතේරුම් කම හින්දා කරන දේවල් වලින් නැවතත් ඔවුන් ම දුක් විදින්නට වෙනවා නම් අපි ඔවුන්ගේ අනුවණ කම ගැන හිතලා සමහර දේවල් නොදැක්කා වගේ ඉන්න වෙනවා..... මම වෙෙද්‍යවරයෙක් නෙමෙයි.... මම කතිකාචාර්ය කෙනෙක්... ඔය විදිහම අත්දැකීම් මටත් තියෙනවා..... සමහරු අපි හිතන්නෙවත් නැති විදිහට ඉහළින් බලපෑම් කරනවා අපිට... තවත් සමහරු අපිට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ගත් ගන්නවා..... ඒ අපි හැකි හැම කැපකිරීමක් ම දරුවන් වෙනුවෙන් කරලා තියෙද්දිත්..... ඊට පස්සේ ඒ අය ගැන අපිට කිසිම වගකීමක් නැහැ තමයි.... ඒත් අනාගතයේ ඒ දරුවාගේ ජීවිතය අනාථ වෙන විදිහ අපිට පේන නිසා අපි පරාදයි වගේ ඉදලා උදව් කරලා තියෙනවා..... ඒත් උපාධිය අරන් යද්දි හිතට දැනෙන්නේ මාර සතුටක්.......
Deleteමම අායෙමත් කියනවා වෙෙද්‍යවරයෙකුගේ තත්වයයි මගේ තත්වයයි වෙනස් තමයි.... ඒත් අපි ළගට ඒන හැම ඒකක් ම ජීවිත
පොන්නයෝ මේ කොල්ලව ගෝතයා හිරේ තියන් හිටිය නිසා මැරෙන්න උණේ. අනේ ගෝතයා මැරිල පල මේ අපරාද වලට.
ReplyDeleteයහපාලනය දෝරේ ගලා යන අතිමානුෂවාදී කොමෙටුවක් බලා ගන්න.
Deleteතේරුම් ගත යුතු සියල්ල නිසියාකාරව මෙහි ඇත... කතා කිරීමට තරම් දෙයක් නොමැත..
ReplyDelete//රුධිර කාන්දුකරණය ලබා දීමේ අනු පිළිවෙල (priority) පිළිබඳව අනෙකුත් පාර්ශව අත ගැසීම තමන් නොරුස්සන බවත්, තව දුරටත් බලපෑම් සිදු කළහොත් අදාල සේවාවෙන් ඉවත් වන බවටත්, අදාල විශේෂඥ වෛද්‍යවරුන් අවසාන නිවේදනයත් ලබා දුන්න.// තමන් රාජකාරී කිරීමට බැදී ඇති සේවාවෙන් ඉවත්වෙනවනම් රස්සවෙනුත් ඉවත්වෙලා යායුතු බව නොදන්නා අධිකරණ නියෝග වලටත් ඉහලින් වැඩ කරන්න පුළුවන් කියල හිතන Bachelor of Medicine Bachelor of Surgery මෝඩයෝ කට්ටියක්ගෙන් ඉතින් ඔයිට වැඩිය දෙයල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ? වගකීම් දරන සේවාවෙන් ඉවත් වෙලා ගිහිනුත් පින් පඩි ගන්න පුළුවන් ලංකාවේ විතරයි ඕව. අපේ Bachelor of Medicine Bachelor of Surgery කට්ටිය පිට රට ගියාම සර් මඩම් කියල සුද්දන්ගේ දෙපතුල් ලෙව කාල හිපොක්‍රටිස් ඔත් එක ඉස් මුදුනේ තියල වැඩ කරන්නේ. හැබැයි මෙහෙදී තමයි වාතයක් පිටවුනත් රාජ කරින් ඉවත් වෙලා යන්න තර්ජනේ දාන්නේ. කොහොමත් ඉතින් කනයෝ පණ්ඩිතයෝ වෙන්නේ ලුල්ලු නැති වලවල් වලනේ!
ReplyDeleteඔබෙ ප්‍රතිචාරයට ස්තූතියි. එනමුත් ඔබගෙ දැනුම නම් අතිශයින් මඳ බව කියන්නට ඕන. කාරණා එකින් එක ගත්තොත්;
Delete1. විශේෂඥ වෛද්‍ය කියන්නේ වෛද්‍යපති උපාධිය ගත්තු අය. දර්ශණපති උපාධියටත් ඉහලින් ලංකාවේ තියෙන්නේ
2. රුධිරකාන්දුකරණ ඒකකය බලාකියා ගැනීම රාජකාරියේ කොටසක් නොවේ. ඒ ගැන දැනුම ඇති තාක්ෂණ ශිල්පීන් නැති නිසා දැනට ඒ කාරණය වෛද්‍යවරුන් විසින් සිදු කරනු ලබනවා.
3. බටහිර රට වල සර් / මැඩම් කීම රාජකාරිය හඟවන පදයක් වන අතර සේවාදායකයාට මන්ත්‍රී පවා කතා කරනුයේ එලෙසය. සම්හර රෝගීන් එලෙස ආමන්ත්‍රණය් කරනවාට දැඩි අකමැත්තක් දක්ව්වන්නේ එයින් දුරස්ථ බවක් ඇති වන නිසාය. අනික සුද්දන්ට අපේ හීන මාන කාරයින්බ්ට මෙන් සර් කියවා ගැනීමට ලොකු උණකුත්, එසේ නොකීමට දිව නැමෙන්නේ නැති ගතියකුත් නැත. ඒ නිසා සර් මැඩම් කතාව තනිකරම මචං ලෙවල් එකේ ගොං පාට් එකකි.
අනික එන්.ජී.ඕ. වල පදයට ආණ්ඩු නටනවා නම් ඒවායේ වැරැද්ද පෙන්නලා දෙන්නත් කවුරු හරි ඉන්න එපැයි. අනික දොස්තර බාධා කරන්න එපා කිව්වොත් නඩුකාර උන්නාන්සේ ඇවිත් ඒ වැඩේ කරඳ? උසාවිය සහ රෝහල අතර හොඳ වටහා ගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් එක්කෝ දොස්තරලා හිර ගෙවල් වල. නැත්නම් නඩු තීන්දු පීචං වෙනවා.
ඔය මහත්තයා හිතන්නේ ලූල්ලු මොක්කු කියලද?
ඔබතුමාගේ 1. කාරනයට ("දර්ශණපති උපාධියටත් ඉහලින් ලංකාවේ තියෙන්නේ') නම් එකග වෙන්න අමාරුයි. මොන සාදකයක් උඩද එහෙම තීරණයකට ආවේ ? කරුණාකර පහත ලින්ක් එක හොදට කියවන්න ජාත්‍යන්තරයේ MD & PhD පිළිගනිම ගැන. විශේෂයෙන්ම USA වල. www.psychologytoday.com/blog/insight/201103/what-is-the-real-difference-between-md-and-phd
Deleteසමහරවිට ලංකාවේනම් වෙනස් ඇති. මොකද දොස්තරලට strik කරන්නත් පුළුවන් නිසා. පිටරටවලනම් එහෙම අහලා නම් නැහැ. ඔය strik කතා නිසා තමයි පිටරටට (විශේෂයෙන් බටහිර රටවලට) migrate වෙන ලංකාවේ ලොකු ලෙවෙල් දොස්තරලට සාමාන්‍ය GP පට්ටම දෙන්නේ. ඒවත් Emergency Wards වල හැමතිස්සෙම on-call. ජොබ්ස්. එකත් contract basis වලට, අවරුද්දකට වතාවක් review කරනවා. සෙල්ලන් දාගන ආවොත් එලියට විසිවෙනවා.... ඊට පස්සේ cafe ජොබ් එකක් හරි Taxi එලෙවන්න හරි තමයි.
දොස්තර කමත් පඩි ලබන ජොබ් එකක්. ඒ නිසා ජොබ් එක හරියට කල යුතුමයි. අනිවාරයෙන් තමාගේ Clientට 100% වගකීමක් තිබිය යුතුය. දොස්තර වගේම සමාජයේ අනිකුත් රැකියාවනුත් අත්‍යාවශ්‍යය. ඕනෑම රැකියාවක නියමිත 'Job specifications & duties' හරියට කරන්න බැරිනං ජොබ් එකෙන් එලියට දාන්න දියුණු රටවල ආයතන පරිපාලකයෝ පසුබට වෙන්නේ නැහැ. ඒකනිසා එහෙ දොස්ටරලට බොරු මහන්තත්තේ (Ego) නැහැ
//මොන සාදකයක් උඩද එහෙම තීරණයකට ආවේ ? කරුණාකර පහත ලින්ක් එක හොදට කියවන්න ජාත්‍යන්තරයේ MD & PhD පිළිගනිම ගැන. විශේෂයෙන්ම USA වල
Deleteඑක්සත් ජනපදයේ ඔබ කියන කතාව එහෙම වෙන්න ඇති. මම කිව්වේ ලංකාවේ තත්ත්වය ගැන. විශේෂඥ වෛද්‍යවරයකු වෙන්න දර්ශනපති උපාධියකින් බැහැ. නමුත් මහාචාර්ය කෙනෙකු දක්වා යාමය වෛද්‍ය විශාරද (වෛද්‍යපති යන්න වැරදීමකි.) උපාධිය සෑහෙනවා. ලංකාවේ දර්ශණපති උපාධියට හිමි හැම වරප්‍රසාදයම විශ්ව විද්‍යාලයේදී වෛද්‍ය විශාරද උපාධිධාරියාට හිමි වෙනවා. නමුත් විශේෂඥ සේවයේ යෙදෙන්න වෛද්‍ය විශාරද උපාධිය අත්‍යවශ්‍යයි.
එක්සත් ජනපදයේ MD සහ ලංකාවේ MD උපාධි වල තත්වය එකිනෙකට වෙනස් බවත් සැලකිය යුතුයි. එක්සත් ජනපදයේ MD යනු පළමු වෛද්‍ය උපාධිය. ලංකාවේ එය වෛද්‍ය පස්චාත් උපාධියක්. ඒ නිසා සංසන්දනය කිරීම අපහසුයි.
ඔබතුමාගේ කොමෙන්ටුවේ අනික් කොටස් වලත් විශාල න්‍යායාත්මක වැරදි තිබෙනවා. උදාහරණ විදියට ඝ්ඵ් පට්ටම ගැන. එංගලන්තයේ GP වීමට පස්චාත් උපාධි පුහුණුවක් සම්පූර්ණ කළ යුතුයි (Membership of Royal College of General Practitioners). බොහෝ දෙනා GP වෙන්නේ එහි ඇති පහසුව නිසා. නැත්නම් වෙනත් අංශ වලට ඉල්ලුම ඊට වඩා බොහොම වැඩියි. ඒ වගෙම GP ලා හදිසි අන්තුරු වාට්ටු වල වැඩ කරන්න්නේ නෑ. කරුණාකරලා එහෙන් මෙහෙන් අහුලාගෙන වෛරය පිට කර ගන්නවාට වඩා ක්‍රමය ගැන දැනුවත්ව් එලා කතා කරනවා නම් හොඳයි.
Deleteමම ඔය කියන න්‍යායාත්මක කතා දන්නෙත් නැහැ. එහෙන් මෙහෙන් අහුලාගෙන වෛරය පිට කරන්නෙත් නැහැ. වෛරය කරන්න දෙයකුත් නෑ. මම ඉන්නේ Australia වේ. ලංකාවෙන් මෙහාට Migrate වෙච්ච් සමහර දොස්තරලා ගැන මම හොදින් දන්නවා. බොහෝම දුක හිතෙන කතා තියනවා. අනුකම්පාවක් තමා ඇතිවෙන්නේ. යථාර්තය එයයි. කොහොම වුනත් වෙලාවක් තිබ්බොත්. බලන්නකෝ අලුතින් ආපු හොද film එකක් තියනවා " Dr. Cabbie" කියල.
Deleteමේ ලින්ක් එක බලන්නකෝ GP ලා ගැන.
http://en.wikipedia.org/wiki/General_practitioner
තව කාරණයක්... මේ Anonymous කියලා comment කරන ඔක්කොමල එකෙක් නොවේ කියලත් කිවයුතුය..... නැත්තම් ඔක්කොම කුණු බේරේ වැවට වගේ වැඩක් වෙයි.
Deleteවෛද්‍යපති - Doctor of Medicine (MD)
ReplyDeleteදර්ශණපති - PhD
ඔබ ඉතා වැදගත් පණිවිඩයක් සමාජයට මේ ලිපිය හරහා ඉදිරිපත් කරලා තියෙනවා.ඒක ගැන සාකච්චා නොකර වෛද්‍ය වෘතියේ ගුණ දොස් විමසීමට සමහරු කාලය මිඩංගු කිරීම මෙන්ම ඔබද ඒවාට උත්තර දීම යනු කිරි කාලයට ගොම බිංදුවක් මුසු කිරීමක් හැටියටයි මට නම් පෙනෙන්නෙ.(වෛද්‍ය වෘතියේ ගුණ දොස් දැක්වීමට වෙනම ලිපියක් පල කරන්නේ නම් මැනවි)
ReplyDeleteමටතෙරෙන විධියට මෙතන සාකච්චා කිරීමට තිබෙන කාරණය නම් ප්‍රශ්නයකට උත්තර ලබා ගන්න මිනිසුන් යායුතු නියම මග තිබියදී බැදී වලවල් වල ගොස් අමාරුවේ වැටෙන්නේ මන්ද? සහ එවැනි මුලාවීම් වලින් සාමාන්‍ය ජනයා බේරිය යුත්තේ කෙසේද යන්න දැනගැනීමට අදාළ කරණුය.
සමරසේකර
ඇසට කඳුළක් ආවා
ReplyDelete