දැන් වගේ නෙවෙයි 1990 ගණන්වල ළමයින් හැදුනේ දැඩි ගුරු භක්තියකින්ය කියල මතයක් තියෙනව. ඒක තරමක් දුරට හරි. ගුරුවරු වැරදි කරන කොට අපි බොහෝ වෙලාවට කට වහගෙන හිටියා. නමුත් මතක හිටින වැඩ කීපෙකුත් ඒ අතරම සිද්ධ වුණා. බඩා කරපු වැඩ වගෙම අනෙක් අය කරපු වැඩ ත් තියෙනවා.
මාමා කියන්නේ අපේ රසායන විද්‍යා ගුරුතුමා. රාජකීය විද්‍යාලයේ එක විෂයයක් දෙකට බෙදාගෙන ගුරුවරුන් දෙදෙනෙක් උගන්නනවා. මාමා කියන්නේ අමු කම්මැලියෙක්. 7.30 පීරියඩ් එකට එන්නේ 7.45ට. එන කොට එන්නේ කලිසම දෙපැත්තෙන් උස්ස උස්ස. ඇවිල්ලා ගුරු පුටුව ගසලා වාඩි වෙලා කොලර් එකයි කමිස අත් නැමිච්ච ඒවයි හරිද බලනවා. ඊට පස්සේ හුණු කූර දෙකට කඩලා එක කෑල්ලක් උඩ දදා අල්ලනවා. පළවෙනි පාඩමේදී පොර කියනවා "ළමයි මේ පාඩම සම්පත් රසායනය යයතේ විස්තර ඇතුව කරනවා. දැනට පොත කියව ගන්නකෝ ඈ" කියල මාරු වෙනවා. අපේ කරුමෙට අනික් රසායන විද්‍යා ගුරුවරයත් ඊට නොදෙවෙනි අයිස් කඳක්. නිදි කිර කිර ඉන්න නිසා කියන්නේ "බස්සා" කියල. නමේ කෑල්ලත් ඒකට සම්බන්ධයි. බස්සා සම්පත් රසායනය කරද්දී කියනවා "මාමා සර් මේක විස්තර ඇතුව මුල් පාඩමේ කළානේ, එහෙනම් පොත කියව ගන්න". එහෙම කියල මිනිහ මාරු. අපේ රසායන විද්‍යාවට අබ සරණ බව ආයෙත් කියන්න ඕනිද? අපි යන්තම් ගොඩ ගියේ මාමා විශ්‍රාම ගිහින් ශ්‍රී වික්‍රම රාජසිංහ උගන්නන්න ආවම තමයි.
මාමගේ කෙරුවාව එසේ වුවත්, කාර් තිබුණු ගුරුවරු කීප දෙනාගෙන් එක්කෙනෙක් තමයි මාමා. දරා ගන්න බැරි තැන මොකෙක් හරි එකෙක් මාමාගේ කාර් එකේ හුලං ඇරලා, ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. වෙලාවට හුළං ඇරපු දවසේ බඩා පාසල් ආවේ නෑ. නැත්නම් ඉතින් මොකා ඇරියත් මාට්ටු වෙන්නේ බඩා තමයි. කතාවේ හැටියට එසේ මෙසේ එකෙක් නෙවෙයිලු! පන්තියේ අග්‍ර ශිෂ්‍යයෙක්ලු!
මාමා, බස්සා වගේ කම්මැලි නැති, ඒත් උගන්නන කොට මෙලො හත්තිලව්වක් තේරෙන්නේ නැති, ගුරුවරුත් හිටියා. ආසියාවේ රිදී සීනුව එහෙම ගුරුතුමියක්. උගන්නන්න බෑ වගේම තමා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් බැනුම් සාගරයයි. ආලෝකය පාඩම කරද්දී අවතල දර්පණයක නාභි දුර හොයන්න සම්පාත ක්‍රමය පාවිච්චි කරනවා. මේකේදී සම්පාත කරන්න තියෙන්නේ අල්පෙනෙත්තක්. කරුමෙට පෙත්තට හම්බ වෙච්ච අවතල දර්පනයේ නාභිදුර හෙන ලොකුයි. අල්පෙනෙත්ත පේන්නේ නැති තැන මල පැනපු පෙත්තා එස්ලෝන් බටයක් අරන් ඇවිත් සම්පාත කරනවා. මේක දැකපු රිදී සීනුව යක්ෂාවේශ වෙනවා. "ඔය මොකද්ද සම්පාත කරන්නේ, ඔයිට හොඳයි තමුසෙගේ ඔළු ගෙඩිය සම්පාත කර ගන්නවා". පෙත්තා ඩිම් වෙලා, හොල්මන්ද පොල් කොල වෙලා. පස්සේ පෙත්තා අපට ගණන් හදලා පෙන්නුවා එස්ලෝන් බටේ ප්‍රතිබිම්බය ගන්න නිරවද්‍යතාවය අර පොඩි නාභි දුර තියෙන එකේ අල්පෙනෙත්තෙන් ගන්න එකටත් වඩා නිවැරදියි කියල. රිදී සීනුවට ඕව අහගන්න වුවමනාවක් නෑ.
රිදී සීනුවේ වැඩ ඉවසන්න බැරුව හිටපු එකෙක් තමා එහා පන්තියේ තිලකයා. තිලකයා දවසක් රිදී සීනුවට පල් කැහි පාරක් දාලා, වැඩේ නතර වුණේ විදුහල්පති ගාව. අඟහරුවාදා එසෙම්බ්ලියේදී විදුහල්පති චූර්ණිකාව පටන් ගන්නවා. "ළමයි, ගුරුවරු දෙමාපියන් වගේ. මහන්සි වෙලා උගන්නනවා. එහෙම උගන්නන සමහර ගුරුවරුන්ට සමහර ළමයි සලකන්නේ කොහොමද? පල් කැහි පාරකින්" එහෙම කියන කොටම තිලකයාගේ පන්තිය හිටි පේළියෙන් ආවා පල් කැහි පාරක් ආයෙත්! කැහි පාර එනකොට බඩා හිටියේ ගුරුතුමියක් එක්ක කදයක් දාගෙන. (බඩාගේ ආගිය කතා වලට සහ ඕප මල්ලට ගුරුතුමියන් බොහොම කැමතියි.) කැස්ස එකා බඩා දැක්කා. කරුමෙටම බඩා ඉඳගෙන හිටියෙත් ඒ කිට්ටුවමයි. බඩාට තිබුණු "කීර්තිය" නිසා 10.00ට විදුහල්පති කාමරයේ නතර වෙන්න සිද්ධ වුණා.
පිනාගේ හිතේ කැස්සේ බඩා කියලමයි. හොඳට බණින්න දීලා එහෙම ඇරලා බඩා කිව්වා "සර්, අර අහවල් මැඩම්ට කතා කලා නම් ඇත්ත නැත්ත දැන ගන්න තිබුණා" විදුහල්පති අදාල ගුරුතුමිය ගෙන්නාගෙන බැලුවම වැඩේ ඇත්ත. කහින වෙලාවේ බඩා ඉඳලා තියෙන්නේ ගුරුතුමිය එක්ක කතා කර කර. ඒ මදිවට බඩාගේ ඕප මල්ලට අදාල ගුරුතුමිය එක්කහු වීම ගැන ගුරු කාමරයේත් කතා ඇතිවෙලා! විදුහල්පතිගේ තටු දැන් ඇකිලිලා. හැබයි කැහැපු එකා බඩා දැක්ක බව ගුරුතුමිය අතින් කරුමෙට වගේ කියැවුණා. දැන් පිනා අහන්නේ "කැස්සේ කවුද?" කියල. විනාඩි 15 විතර තර්ජන, ගර්ජන ව්ලට යොමු වුණාට පස්සේ බඩාට මළ අතට ආවා. "මේ සර්, කැහැපු එකා හොයා ගන්න බැරි නම් ඕන කුදයක් ගහගන්නවා. මම කැස්සේ නෑ නේ? තව අවුරුද්දක් කැහැපු එකා ඇහුවත් මම කියන්නේ නෑ. පුලුවන් මගුලක් කරලා බලනවා" බඩා කෙළින්ම විදුහල්පතිගේ ඇඟට ගොඩ වුණේ විදුහල්පති කෑගහපු තරන් සද්දෙටමයි. මෙතන මහා විනාසයක් වෙන බව තේරිච්ච නිසා අර ගුරුතුමිය බඩාව එතනින් ඇදගෙන එක්කන් ගියා. නැත්නම් සමහරවිට විදුහල්පති තුමා අම්බානකට කන්නත්, බඩාගේ පාසල් ජීවිතය එතනින් කෙළවර වෙන්නත් ඉඩ තිබුණා. ගුරු මණ්ඩලය එක්කහු වෙලා පස්සේ වැඩේ ෂේප් කලා. බඩා විදුහල්පතිගේ ප්‍රියතම ශිෂ්‍යයෙක් වුණේ ඔයින් පස්සේ. ප්‍රියතම ශිෂ්‍යයෙක් වෙන්න හේතුව නම් වැරද්දට කතා කිරීම කියලා නම් බඩා හිතන්නේ නෑ! බඩාගේ අධ්‍යාපන දක්ෂතා සහ බඩාගේ පියා ඒ කාලයේ පීඨාධිපති කෙනෙක් වීම තමයි ඕකට බලපාන්න ඇත්තේ. අපි නොදන්න ප්‍රින්සිපල් ලා!

hamathanatama galapena widiyata liyala thiyenawa..niyamai
ReplyDeleteහි හි //මාමා, බස්සා වගේ කම්මැලි නැති, ඒත් උගන්නන කොට මෙලො හත්තිලව්වක් තේරෙන්නේ නැති ගුරුවරුත් හිටියා. /// හම්මේ මටත් කෙලින්ම මතක් වුණේ කෙමෙස්ට්‍රි මිස්,, එයාලා ඔහොම කම්මැලි ඇයි කියලා අපි කතා වෙද්දී පන්තියේ අපි හැමෝගෙම අදහස උනේ අපි ක්ලාස් යන බව දන්න හින්දා අපි ක්ලාස් පිහිටෙන් විභාග ගොඩ දාගනී කියන දැඩි විශ්වාසෙන් එයාලා ඔහොම ඉන්නේ අපිට තියෙන වැඩක් කරගන්නලු.. ඒත් කරුමේ කියන්නේ ඒ ලෙවල් ඉංග්‍රීසි වලට හිටපු මිස්ට තිබ්බේ ඒකෙ අනිත් පැත්ත එයාට උගන්නන පිස්සුවක් තිබ්බේ අම්මේ,,,, අපි රොටේෂන් එකට පස් දෙනා පස් දෙනා වගේ තමයි හැමදාම ඉංග්‍රීසි වෙලාවට පන්තියේ ඉන්නේ ,,
ReplyDeleteමටත් කතාවක් මතක් උනා ලියන්න ඕනේ හෙට අනිද්දා
දැන් ගෝලයා ගුරුවරුන්ව ආදර්ශයට ගන්නෙ නැතුව තමන්ගෙ රාජකාරිය හරියටම කරනවද? රාජකාරි වෙලාවෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එහෙම නොකර?
ReplyDeleteඔන්න ඉතින් ඕනේ නැති එව්ව අහනවා!
Deleteඅපෙත් හිටියනෙ අනේ බස්සා කියල ටීචර් කෙනෙක්... පාඩම කම්මැලි උනාම එකෙක් කොහෙන් කොහොම හරි ‘ජපානෙ‘ කියන වචනෙ විතරක් කිව්වම ඇති.. පාඩමේ ඉතුරු ටික දෙයියනේ කියල ජපානෙ ඕපයක් ගහගෙන ඉන්න පළුවන්... හි හි
ReplyDeleteඔය බස්සම තමයි මගේ ඒ ලෙවල් පන්ති බාර ගුරුතුමා, අවුරුදු දෙකේම උදේ පාන්දරම බස්සගෙන් ඔහොම රසායන විද්‍යාව ඉගෙන ගත්තා අපිත්..
ReplyDelete