Tuesday, April 14, 2015

දිව, මුද්දර හා අපස්මාරය


මාතලන් කාලෙකට කලින් දිව ගැන සහ දිවාකර ගැන ලියල තියෙන කතවක් නිසා කතා කීපයක්ම මතක් වුණා. බඩාගේ කණ්ඩායමේ හිටියා හොඳ ජැන්ඩි කොල්ලෙක්. මූ නර්තනයට අති දක්ෂයෙක්. හැබැයි කෙල්ලෙක් දැක්කම ඇඹලයා වගේ කදේ දා ගන්නේ. ඒ වෙලාවට අනික් කොල්ලන්ට කිණ්ඩි දාන එක තමයි මේකගේ කැතම පුරුද්ද. මොන එක ඉවසන් හිටියත් අර අන්තිම එක ඉවසන් ඉන්න අමාරුනේ. කෙල්ලෝ ගොඩක් මැද නිසා වෙනදාට වගේ හොඳට කට දිග ඇරලා කියන්නත් බැහැනේ!

බඩාලට මහපොළ ශිෂ්‍යාධාර ගන්න යන්න තිබුනේ තුන්මුල්ලේ ප්‍රධාන විශ්වවිද්‍යාල සංකීර්ණයට. එතන තිබුණු ලංකා බැංකු ශාඛාවෙන් තමයි අපි සල්ලි අර ගත්තේ. මහපොළ ගන්න කොට මුද්දරයක් එහෙම ගහන්න ඕන. ඒකට අර "පරිම
න්දකය" ද මොකද්ද කියන එක තිබුණා. හැබැයි ඒවා වේළිලා හැමෝම දිවේ ගාලා තමයි මුද්දර ඇලෙව්වේ. ඔන්න අපේ ප්‍රධාන නළුවා (අපි ලේසියට බට්ටා කියමු.), පැණි හලාගෙන, කයි දීගෙන ඉන්නවා. බඩාත් පෝළිමේ ඉන්න ගමන් සුදු පුතයි, පාප ලාලුයි එක්ක ක්‍රිකට් තරඟයක් ගැන කතා කරනවා. බට්ටාට ක්‍රිකට් දිරවන්නේම නෑ. කෙල්ලෝ ගොඩේ ඉන්න නිසා සිංහයා වෙච්ච බට්ටා බඩා දිහාවට හැරිලා කට හරහට ඇඟිල්ලක් තියල "ෂ්!!" කියල කිව්වේ කටේ සද්දේ වැඩි නිසා. හරහට ඇඟිල්ල තියන්න ඕනේ කොහෙද කියන එක ගැන කියන්න බඩාගේ කටට ආවත් අවස්ථාව නොවෙන නිසා "බට්ටෝ උඹට වැඩක් නැත්ද?" කියල ඇහුව. "නෑනේ, ඇයි උඹ මට  මොනව හරි වැඩක් දෙන්නද?" මූ මගෙන් අහනවා. "ඔයින් ජංගියක් තම්බගෙන බීල අපට අපේ කතාවක් කරගෙන ඉන්න දීපන්" කියන්න කටට ආවත් බඩා කිව්වේ වෙන එකක්. "මේ බට්ටෝ, වැඩක් නැත්නම් ඔය ක්ලාර්ක් ගාවට වෙලා දිව එළියට දාගෙන හිටපන්. එතකොට උඹේ පැනි වල ගගා බැච් එකටම බැරියැ මුද්දර අලවන්න" කියල. දෙපැත්ත කැපෙන කතාවක් බඩා කියයි කියල හිතන් කන් දෙකේ ඇඟිලි ගහගන්න ලෑස්ති වෙච්ච බඩාගේ බැචියෝ ටික බඩවල් අල්ලගෙන හිනා. බට්ටා එතනින් යන්න ගියේ බඩාට ඔරොව ඔරොවා.

දිවාකර කියන්නේ කාටද කියල මාතලන් කියලා තිබුණා. හැබයි දිවාකර කියන නම බුදු හාමුදුරුවන්ටත් යොදන නිසා වෙන නමක් දාමු කියල යෝජනා කලේ ජොරා. දේව් දාස් අළුත් චිත්‍රපටිය ආවේ ඔය කාලෙම තමයි. දිවාකරලා දෙන්නම චිත්‍රපටියේ දේව්දාස් වගේම කරටි කැඩෙන්නම ගහනවා. ඒ අනුව අපේ කණ්ඩායමේ හිටිය දිවාකරලා දෙන්නාට කිව්වේ "දිව් දාස්" කියලා. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් බඩු හොරකම් කරන එකෙක් හිටියා. ඒකාට කිව්වේ "සුද්දෝදන" කියල. කොහේ හරි වත්තක් දැක්කොත් හොර කුරුම්බා කඩන කොල්ලෙක් අපේ ගමේ හිටියා. ඌට කිව්වේ "වතු සුද්ද" කියල. නිතරම යතුරු හිලෙන් නිදන කාමර බලන එවුන්ට කියන්නේ "හිල්මන්" කියල. කොළඹ විශ්ව විද්‍යාලයේ කපල් ආතල් ගන්නා කොරිඩෝ හොරෙන් බලන්න මෙහෙම තැන් තියෙනවා. ඒ කොරිඩෝවට කියන්නේ "හිල්මන් කොරිඩෝව" කියලා.

ටිකිරි ලියා කියන්නේ නියම රෙකෝඩ් තියපු කෙල්ලෙක්. මේ සිද්ධිය වෙනකොට අපට ඉගැන්වෙමින් තිබුණේ ස්නායු විද්‍යාව පාඩම. අපස්මාරය ඇති වෙන කොට දත-කට පූට්ටු වෙන එක ගැන එහෙම පාඩමේ කියලා දෙනවා. හිතට තැති ගැන්මක් හෝ කලබලයක් ඇති වුණොත් ඖෂධ ගන්නා කෙනෙක්ට උණත් අපස්මාරය ඇතිවෙන්න පුළුවන් බව අදාල විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරලා දුන්නා. නිවෙන පත්තු වෙන එළි නිසාත් ඒක වෙන්න පුළුවන් බව එතුමිය පැහැදිලි කලා. ටිකිරි ලියා බය වෙලා වගේ බලන් ඉන්නවා.

"මොකද බන් තක්බීර් වෙලා?" බඩා පාඩමෙන් පස්සේ ටිකිරි ලියාගෙන් ඇහුව. "අඩේ, තොලක් දාන වෙලාවට එහෙම කොල්ලට එපිලෙප්සි හැදුණොත් කට ඉවරනේ බං?" ටිකිරි ලියාගේ ප්‍රශ්නය මේකයි එහෙනම්! "ඔය වෙලාවට කලබල ගතිය එහෙමත් වැඩියිනෙ" මේ කෙල්ලටත් හිතෙන ඒවා.
"ටිකිරි ලියා උඹ දන්නවද, ෆිල්ම් හෝල් එකකදී කොල්ලගේ අහවල් එක ඔහොම තියන් ඉන්න කොට කෙල්ලට එපිලෙප්සි හැදුණ කතාව". 
"අම්මට සිරි, එහෙනම් ෆිල්ම් හෝල් වලට යන්න නරකයි" ටිකිරි ලියා කලබලෙන් කියනවා!

13 comments:

  1. ලෙඩ වලට හිනා වෙන කාලකණ්නි... තොපිත් දොස්තරලා උනානෙ.....

    ReplyDelete
    Replies
    1. වෙච්ච සිද්ධිය ඇනෝට තේරිලා නෑ වගේ!

      Delete
    2. අපේ රටේ සිංහලබෞද්ධ (තනි වචනයකි) සංස්කෘතිය ඇතුළේ සමහර මිනිස්සු කොයි තරම් ඉගෙන ගත්තත් දැනුම වැඩි වෙනවා විතරයි. පරිණත වෙන්නෙ නැහැ. පව්.

      Delete
    3. අපරිණත අැෙනා් ෙකාෙමන්ටුවක්!

      Delete
  2. මේවගේ හැබෑ කතා නං නියමයි. මම අහල තියනව ඔය ෆිල්ම් හෝල් එකක ඔය සිද්ධිය ඇත්තටම උනා කියල!

    මෙන්න බඩාට මගෙන් කතාවක්.
    කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා බුවෙක් අඬනවලු එකසිය ගානට, මෙතෙන්ට ආපු එකෙක් කියනවලු

    "ගනං ගන්න එපා මචං.…තව කාර් එකක් ගන්න බැරිය"

    අරූ අඬ අඬ කියනව,

    "බලපං ඇතුලෙ ඉන්නෙ කවුද කියල"

    ඇතුලෙ බලල කියනව,

    "තව කෙල්ලෙක් හොයාගන්න බැරිය මචං"

    "බලපං ඒකිගෙ කට ඇතුලෙ තියෙන්නෙ මොකද්ද කියල අයියෝ....ඉහි ඉහි ඉහි"

    ReplyDelete
    Replies
    1. මිගාර මහත්තයට සුබ
      අලුත් අවුරුද්දක් වේවා.

      Delete
    2. රාජ්ටත් ඔක්කෝටමත් සුබ අළුත් අවුරුද්දක් වේවා කිව්ව එහෙනම්. මෙහේ තාම පාන්දර.

      Delete
  3. අපෝ............ ! විනාසයි

    ReplyDelete
  4. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් දාන්න. පහතින් අපේ සින්ඩියට ඇවිත් ලින්ක් එක අපට මේල් කරන්න මේ බ්ලොග් එකේ.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  5. මරේ මරු දිගටම එනවා තව කියවන්න

    ReplyDelete
  6. අළුත් ලිපි ලියන්නෙ නැද්ද? මේ බ්ලොග් එක කදිමයි.

    ReplyDelete
  7. ඒකනෙ...අලුත් ඒව නෑ නෙ....super....(අපි නම් කිත්‍යාකරේ දැනුත්.....)

    ReplyDelete
  8. අහම්බෙන් ගොඩ වුණේ... අපූරුයි !

    ReplyDelete