Sunday, December 20, 2015

එපිසියෝටොමි (Episiotomy)

බඩා මාමා වෛද්‍ය විද්‍යාවේ අකමැතිම කොටස් තමයි නාරි හා ප්‍රසව වේදය (gynecology and obstetrics) සහ ළමා රෝග (pediatrics) කියන කොටස් දෙක. වෛද්‍ය පීඨයේදී මේ විෂයයන් දෙක ඉගෙන ගත්තෙ ආඳා මාළු ඉරටෙන් කනවා වගේ අපුලකින්. ඊටත් වඩා අපුල දනවන කාරණය වුණේ සායනික පුහුණුව. ළමා රෝග වලට බඩා අකමැති වුණේ දරුවන් ගැන නොදැනීම. දරුවන් ඉන්න නිසා දැන් නම් ඊට වඩා හොඳ අවබෝධයක් තියෙනවා. නමුත් නාරි හා ප්‍රසව වේදයට අකමැති වුණේ දකින දේවල් නිසා කාන්තාවන් එපා වේය යන බයක් තිබුණ නිසා.

නාරි හා ප්‍රසව වේදය කියන්නේ කාන්තා රෝග සහ දරු උපත ගැන හැදෑරීම. දරු උපතක් එක්කෝ උපත් මාර්ගය හරහා සාමාන්‍ය විදියට සිදු වෙන්න පුළුවන්. නැත්නම් යම් යම් උපකරණ වලින් උදවු කිරීමකින් සිදු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිසේරියානු සැත්කමකින් කෘතිමව සිද්ධ වෙන්නත් පුළුවන්.

සාමාන්‍ය දරු උපතකදී දරුවාගේ හිස එළියට එන කොටස (crowning) තමයි වැදගත්ම වෙන්නේ. මෙහිදී දරුවාගේ හිස එක්වරම උපත් මාර්ගයෙන් එළියට පැනීමෙන්, උපත් මාර්ගය ඉරී යාමක් සිදු වෙන්න පුළුවන්. එය වළක්වන්න යෝනි මාර්ගයේ එක් පසෙකින් කැපුමක් දමනවා. මේකට කියන්නේ එපිසියෝටොමි (Episiotomy) කියලයි. දරුවා බිහි වූ පසු වෛද්‍යවරයා / වෛද්‍ය ශිෂ්‍යයන් විසින් මේ කැපුම මැසීම සිදු කරනවා.

මෙන්න මේ මැසීම එපාම කරපු වැඩ වලින් එකක්. ලේ සහ ස්‍රාවයන් සහිත අහවල් එකට මූණ ලං කරගෙන කරන්න ඕන මේ වැඩේ බඩාට නම් එපාම කරපු වැඩක්. ඒ වගේම බඩාගේ අත් ඉතාම විශාලයි. ප්‍රමාණය 8 අත් වැසුම් අවශ්‍යයි. අත්වැසුම් හොයන්න යන වෙලාවේ බඩා සාමන්‍යයෙන් ඉන්නේ හෙදි සොහොයුරියගේ හත්මුතු පරම්පරාවම මතක් කර කර. නමුත් කරුමයකට වගේ මේ මැසීම තිතට, නූලටම කරන්න දක්ෂයා වුණේ බඩා. ඉතින් අහන්න දෙයක් නෑ නේ, මුළු වාට්ටුවේම එපිසියෝටොමි මහන්න වුණේ බඩාට. අර අපි කලින් කියපු මහැදුරුතුමා එහෙම බඩා දැක්ක ගමන් "ඔය එපිසියෝටොමි මහන එකාට ඕක මහන්න කියනවා" කියල කිණ්ඩි හිනාවක් දාලා යනවා.

ඔන්න එක කාන්තාවක් එනවා හතර වෙනි ළමයා බිහි කරන්න. ප්‍රසව වේදනාවට අනික් කාන්තාවන් කරන්නේ කෙඳිරි ගාන එක වුණත් මේ කාන්තාව විශේෂයි. මිනිහට බණිනවා පතුරු යන්න. "අනේ මහත්තයෝ, බලන්න මේ විල්මොන් මට කල හදිය, අනෙ අම්මෝ ඉවසන්න බැරියෝ!". තව ටි
කින් "විල්මනෝ, බල්ලෝ, උඹ මට මේ කළ දේට තොට හෙණ ගහනවා, අපෙ අප්පෝ!" තවත් ටිකින් "විල්මනෝ, වල් පරයෝ, තෝව නම් මම ආයේ ඇඳට ගන්නේ නැතෝ!"

කොහොම හරි දරුවා බිහිවුණා, කිසි අවුලක් නෑ. දැන් එපිසියෝටොමිය මහන වෙලාව. බඩා මහනවා, ඔළුවට උඩින් කවුරු හරි බලන් ඉන්නවා වගේ දැනෙනවා. බලනකොට අර වලහෙක් වගේ මවිල් තියෙන මහැදුරුතුමා. "මේ, කොල්ලෝ, ඕක සම්පූර්ණයෙන්ම මහල දාපං, ආයේ විල්මොන්ට මේ මනුස්සයාට කරදර කරන්න බැරි වෙන්න" ඇහැක් ගහගෙන මහැදුරුතුමා යනවා. "අනේ සර්, මම බැන්නට විල්මොන් හොඳ එකා. ඌටත් ටිකක් ඉඩ තියන්න" අර කාන්තාව බඩාට කියනවා!

එපිසියෝටොමි මහනකොට වෙන තවත් එපාම කරපු වැඩක් තමයි නූල හමට ඇලවෙන එක (රුධිරය සහ වෙනත් ස්‍රාවයන් නිසා). එහෙම ඇළුණාම අතින් ගන්න බෑ. මොකද කැච් (catch) එක (ලොකු ට්වීසරයක් වගේ) සහ නීඩල් හෝල්ඩර් (needle holder) එක (ඉඳිකටුව අල්ලා ගන්නා අඬුව අත් දෙකේ නිසා. එක්කෝ නූල අල්ලන්න වෙන්නේ කැච් එකෙන්, නැත්නම්  නීඩල් හෝල්ඩරෙන්. ප්‍රශ්නේ වෙන්නේ මෙහෙම අල්ලන කොට හමෙන් කෑල්ලක් අහුවුණොත් රෝගියා යන්නේ හඳට, ඒ නිසා නූලේ කොණට තට්ටු කරලා හොල්ලලා තමයි අල්ල ගන්න ඕන. ඒ අතර කුටු කුටු ගගා බඩා බැණ බැණ ඉන්නේ. "දොස්තර මහත්තයා හොඳට මහනවා කියල අනික් අම්මල මට කිව්ව". ලෙඩා මට බටර් ගානවා. බඩා මේ විදියට නූල අල්ල ගන්න ද
ලන දැඟලිල්ල දැකපු කොටියා කියනවා "ඕක දිවෙන් ගණින් බං" කියල. බඩා හිටියේ මළ අතට අරන්. "උඹ නම් ඉතින් නීඩල් එකත් දිවෙන් අල්ලලා ගැටේකුත් ගහයිනෙ" කියල මහ හයියෙන් කිව්වා. මේක බලන් හිටපු ලවණයා මට උදවු කරන හෙදියට කියනවා "ඕකට අපි කියන්නේ දිව්දාස් කියලනේ". අර දරුවා ප්‍රසූත කරපු අම්මටයි, නර්ස් නෝනටයි හිටු කියල හිනා!

6 comments:

  1. http://tinypic.com/r/2hh1xxi/9

    ReplyDelete
  2. හයි‌යෝ මගෙ පරාණ බය තවත් සීයට 50කින් විතර වැඩි උනා......

    ReplyDelete
    Replies
    1. ඔයත් ඔයාගේ මහත්තයට බනිනවද වස්තුවේ ලේබර් රූම් එකේදි

      Delete
  3. ඕකත් හරියට මිනී එම්බාම් කිරීම නැත්තං මෝචරියක වැඩකිරීම වගේ වෙන්නැති නේද?

    ReplyDelete
  4. අහල තියන කතාවක් අළුත් තාලෙට ඇහුවා මහන එව්වා පුලුවන් තරම් පුංචියට මහන්ට

    ReplyDelete
  5. hapo bada mame mata oita wada siddiyak una eka parak epis ekak mahanna gihilla...ohomadha wasthiya epis eka dana welawe wadakarahama...

    ReplyDelete