අද කාලේ වගේ නෙවෙයි අපි පොඩි කාලේ ගමේ පන්සලේ පෙරහැර කියන්නේ ගමට ලොකු අංගයක්. ලොකු ස්වාමීන් වහන්සේලා එක් එක්කෙනා එක්ක තරහා උණාම අළුතින් පන්සල් හදාගන්න නිසාම, හතු පිපෙන්නා වාගේ පන්සල් බිහි වෙලා නොතිබිච්චි යුගයක් තමයි ඒක. මේ අනූව දශකයේ මැද භාගය. බඩා සාමාන්‍ය පෙළ පන්තියේ ඉන්න කාලේ. දහම් පාසලේ අවසාන වසර විභාගයටත් ඒ එක්කම බඩා ඉගෙන ගත්තා.
පන්සලේ පෙරහැර කියන්නේ ලොකු උත්සවයක්. ඒ නිසා මේ වැඩේට දායකයෝ බොහෝ දෙනෙක් සහභාගී වෙනවා. කෙහෙ වලු පටලා ගැනීම් පව නැත්තේම නෙවෙයි. මේ විදියට සති කීපයක ඇවෑමෙන් අපි පෙරහැර සංවිධානය කර ගත්තා. පෙරහැරේ අනිවාර්ය අංගයක් තමයි "මහ බඹා" නැටීම. සාමාන්‍යනෙන් මේකට ඉදිරි පත් වෙන්නේ පළ පුරුදු නැට්ටුවෙක්. අපිත් එහෙම නැට්ටුවෙක් හොයාගෙන මිනිහව මහ බඹා කලා. මිනිහට අපි කිව්වෙ ගුණේරිස් මාමා කියලා.
දැන් ඔන්න පෙරහැර පටන් ගත්තා. ඉස්සරහින්ම හේවිසි ගහගෙන, තේවාව ගහගෙන යනවා. ඊළඟට මල් කරත්ත, මල් බයිසිකල්, මහබඹා, නැටුම් කණ්ඩායම් සහ අන්තිමට ධාතු කරඬුව අලියා පිටේ. මේ පෙරහැර කිලෝමීටර 5ක් විතර දුරක් ගමන් කරනවා. මුලින්ම තේවාවෙන් පටන් ගත්තත්, දිගටම තේවාව ගහන්නම බැරි නිසා නළා කාරයා පටන් ගන්නවා බුදු ගුණ ගීයක් ගහන්න. "ඔබෙ රාගී මන කැලඹේ දෝ . . . " එතකොට බෙර කරයො "ඩක, ඩක, ඩක, ඩක" ගාල තාලය සපට්යනවා. බුදු ගුණ ගීත දෙකක් විතර ගැහුවට පස්සේ අමුතුම තාලයක් අපට ඇහෙන්න ගන්නව. ටිකක් කණ දාල බැලුවම නළා කාරයා ගහන්නේ "සුදු මල් පොකුරක් අතින් දරා මා . . " කියල සින්දුවක්. පොඩි හාමුදුරුවන්ගේ මූණට අබ දැම්මොත් පුපුරන ගාණට. ඒත පිය ගුණ ගීතයක් නේද කියල හිත සනසගෙන උන්නාන්සේ පෙරහැරේ වැඩියා.
තව ටිකක් වෙලා යද්දී හේවිසි තාලය හොඳටම වෙනස් වෙනව. "පර පාර පාර පපර පාර පාර පාර පා. . ." ගගා අමුතුම එකක් ඇහෙනවා. සින්දුව අහල බැලුවම,
"අද පඩි හින්දා සොමියට හිත ගිය හන්දා
යාළුවො කැන්දා තරඟෙට බිවුවද මන්දා
නුපුරුදු හන්දා වමනෙට ආවද මන්දා
බොන්නට බැරිනම් මොකකට බිවුවද මන්දා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගණින්කො විමලා
අනේ උඹෙ ඩාලිං සයිම කට් වෙලා"
සාමාන්‍යයෙන් මහ බඹා නටන්නේ එක තැන කැරකි කැරකි. මහ බඹාත් අමුතුම නැටිල්ලක් මේ අස්සේ නටන්නේ. ඉස්සරහට පස්සට නැවි නැවි, උඩ පැණ, පැණ මහ බඹා නටනවා. අබ පුපුර පුපුර හිටපු පොඩි හාමුදුරුවන්ගේ මූණට යක්ෂාගමනය වුණේ ඔය සින්දුව ඇහුණම. අත පුරවලා නළා කාරයාගේ කණ රත් වෙන්න පාරක් පොඩි හාමුදුරුවෝ දුන්න. "ෂොරි, ඔඳේ, ෂමා වෙන්ට ඕන ෂාමී", නළා කාරයා වැනි වැනි කියනවා. මූ නද වෙන්න බීලා!
හාමුදුරුවෝ නළා කාරයාගේ කම්මුල අත ගාද්දීම මෙන්න මහ බඹාට අපි නටන්න දාපු එකා දුවගෙන එනවා. "හාමුදුරුවනේ කවුද අර මහ බඹාට නටන එකා?" ගුණේරිස් මාමා අහපි. මහ බඹා ගාවට යද්දී, සංගීතය නැවතුණත් මූ අර නැටුම දිගටම නටනවා. සැකිල්ල උස්සලා බලද්දී මෙන්න තවත් බමර පදම් වෙච්ච එකෙක් මහ බඹා ඇතුලේ! නියම මහ බඹා සැකිල්ල පැත්තකින් තියලා වැසිකිලි ගිය ටිකට මේ බමර පදම් දාපු එකා ඒකට රිංගලා පෙරහැරේ නට නට ගිහින්. පෙරහැර නම් අන්තිමට බඩා සහ මිතුරන්ට අමු සොමියක්ම තමයි වුණේ.

niyamai
ReplyDeleteහරිම අපුරු කතාවක්
ReplyDeleteඑල එල බඩා මාමට ජය වේවා.
ReplyDelete"ෂොරි, ඔඳේ, ෂමා වෙන්ට ඕන ෂාමී", මට මැවිල පේනව කනේ පාර කාපු හැටි.
ReplyDeleteඅපේ පැත්තෙත් පෙරහරක් යනව..අන්තිමටම යන්නේ මෝලම් බෑන්ඩ් එකක් ඊට පිටිපස්සෙන් කොල්ලො නට නට යනවා :)
ReplyDeleteබඩා මාමලු නේ නැටුවේ එදා පෙරහැරේ මැදට පැනල. වෙනස හොයා ගන්න බැරි උනාලු කාටවත් බඩා මාමගෙයි මහා බඹා ගෙයි.
ReplyDeleteහික් හික් අපිත් එක පාරක් ඔලුබක්කෝ නැටුවා...අන්තිම වෙද්දී බක්කගේ ඔලුව නෑ...යට ටික විතරයි......නැටුංතෙල් වලට ලැජ්ජාව ගිහිල්ලා.....
ReplyDelete@ Sabith: ඔය වගේ ගොන්පාට් ගොඩක් පන්සල් වල තියෙනවා
ReplyDelete@ චීටා: පල, පල, ආතල් කඩන්නෙ නැතුව!
@ ඔබ නොදුටු ලොවක්: ඔලුව නැතුව බක්කා විතරක් ඉතිරියි. මරු වැඩේ!
@ ඊ මේල් කවිකාරි: මහ බඹා නටපු නැටිල්ල දැක්ක නම් ඕක සිම්පල්!
ඔන්න ඕවගෙ බලේ.හාමුදුරුවන්ට කොහොම කේන්ති යන්න ඇතිද?
ReplyDeleteහැබැයි හරි ෆන් සීන් එකක්.
නැටුන් තෙල් වල බලේ.....
ReplyDeleteපෙරහැරවල් ගැනනං කියන්න දේ බොහෝමයි..
ReplyDeleteඔය කචල් බචල් වැඩි හින්දත්..අවුරුදු ගාණකින් වලියකින් තොර පෙරහැරක් නොතිබුන හින්දයි..මං තීරණය කලා පෙරහැර දවල් ගෙනියන්න... ඒක සාර්ථකයි..අවුරුදු තුනක් එහෙම කරලා ගානකට පදම් උනාට පස්සේ නීතී රීති තද කරලා රෑටම ගෙනිහිං බැළුවා..මොකද මොනවා උනත් රෑට තියෙන ලස්සන පෙරහැරක දවල්ට නැහැ.. වැඩේ සාර්ථකයි..ඊට පස්සේ අවුලක් නැතිව දැන් රෑට පෙරහැර යනවා...
හික් හික් මට මැවිලා පේනවා :ඩි
ReplyDeleteහයියෝ.... මරු සීන් එක...
ReplyDeleteගෙදර උන් බලනව මම ගුලිකාලද කියල මේක දිහා බලාගෙන හිනාවෙනකොට
ReplyDelete