රාජකීය විද්‍යාලය කියන්නේ මහ විසාල පාසලක්. රීඩ් මාවතේ ඉඳලා විශ්ව විද්‍යාල මාවත වෙනකම් මේ පාසල විශාලයි. කොටින්ම කොළඹ නගර සීමාව ඇතුලේ තියෙන විශාලම ඉඩම් වලින් එකක්. බඩා ගේ උසස් පෙළ පන්ති තිබුණේ රීඩ් මාවතට මූණලා තියෙන පුරාණ ගොඩනැගිල්ලේ. පන්තියේ කවුළුවෙන් එළිය බැලුවාම කෙලින්ම පේන්නේ රීඩ් මාවත සහ තුරඟ තරඟ පිටිය (දැන් නම් රේස් කෝස් එක අයින් කරලා). උසස් පෙළ ගොඩනැගිල්ලට කෙළින්ම පහළින් තියෙන්නේ පැසිපන්දු පිටි. එක වර තරඟ තුනක් ක්‍රීඩා කරන්න පුළුවන් විදියේ පැසි පන්දු පිටි තුනක් එතන තිබුණා. (ඔය පින්තූරේ පේන වේදිකාව හදල තියෙන්නේ පැසි පන්දු පිටියේ. ඔය පේන ගොඩනැගිල්ලේ උඩු මාලයේ තමයි අපේ පන්ති තිබුණේ) මේ කතාවට සම්බන්ධ කාලය එන කොට අපි උසස් පෙළ අවසන් වසරේ. ඒ කාලෙම පැසි පන්දු ශූරතාවක් පැවැත්වුණා. ඒකට විවිධ කණ්ඩායම් රට වටෙන්ම ඇඉත් හිටපු අතර කාන්තා පාසල් කණ්ඩායම් සෑහෙන ගාණකුත් සහභාගි වුණා. තරඟාවලියේ විශාල කම නිසාම උදේ වරුවේ ඉඳන් තරඟ පැවැත්වුණා.
පැසි පන්දු ක්‍රීඩා කරන්නේ කොට කලිසම් ඇඳගෙන බව ආයෙත් කියන්න ඕන නෑනේ. ඒ නිසාම ගුරුවරු පොඩක් එහා මෙහා වෙච්ච ගමන්ම අපි කලේ ජනේලය ගාවට වෙලා කෙල්ලන්ගේ "ගල්" බලන එක. අපේ කතාවේ කතා නායකයා ඇනා (ඉබෝලා ඇනාම තමා). උදේ 7.00 වෙද්දී පාසලට එන අපි, උදේ 7 - 7.30 ඇතුලේ කට්ටිය ඇඟ උණුසුම් වීමේ ව්‍යායාම කරනවා බල බල උණුසුම් වෙනවා.
අපිට උද්භිද විද්‍යාව ඉගැන්නුවේ මාලතී ප්‍රනාන්දු කියල හඳුන්වන ප්‍රසිද්ධ ගුරුතුමිය. පන්තියේ ඉගෙන ගන්න ළමයින්ට තම්න්ගේ ටියුෂන් පන්තියට ඒන එකේ ඕන කමක් නෑ කියන තරමටම ඇය උනන්දුවෙන් ඉගැන්නුවා. ඒ වගේම අපේ වයසට කිට්ටු වයසේ දරුවන් දෙදෙනෙක්ගේ මවක් විදියට අපි කරන දේවල් හිනා වෙලා ඉවසා ගෙන හිටියේ "කොල්ලෝ ඔහොම තමයි" කියල කියන ගමන්. ඔන්න ඉතින් මාලතී ගුරුතුමියත් පන්තියට හෙමින්ම ආවේ පාඩම පටන් ගන්න. ඇය එනවා දැකපු අපි දඩි බිඩියේ අපේ පුටු වලට දුවලා ගියත් ඇනා තවමත් බඩු බල බල කොණ්ඩේ පීරනවා. අපි පුටු වලට දුවල ගිහිපු සද්දෙවත් ඇනාට ඇහුණේ නෑ. අපේ ගුරුතුමියත් හෙමින්ම ඇනා ලඟට ගිහින් පිටට පොඩි තට්ටුවක් දැම්ම. "වද නොදී බලන එකක් බලනවකො, තට්ටු දාල ආතල් කඩන්නෙ නැතුව" කියල ඇනා කිව්වේ අපි තට්ටුවක් දැම්ම කියල හිතාගෙන. "ආ එහෙනම් බලල ඉවර වෙලාම එන්ඩකෝ" කියාගෙන ගුරුතුමිය ගුරු මේසේ ගාවට ගියේ පාඩම පටන් ගන්න. අපිට හිනා වෙලාම ඇප නෑ.

අපේ ඉස්කෝලේ වැඩිපුරම හිටියේ සර්ලා..පැත්ත පලාතට තිබුන ලොකුම ග්‍රවුන්ඩ් එකත් ඒක නිසා වට පිට ඉස්කෝල වල උනුත් එනවා ස්පෝර්ට් මීට් තියන්න...ඒ කාලෙට සර්ලත් අපිත් එක්කම ඔය කියපුව බල බල කියුම් මරනවා
ReplyDeleteඅහම්බෙන් දැක්කෙ සයිට් එක, ඈ මචන්, මේ ෆොටෝ එකේ ස්ටේජ් එක ගහල තියෙන්නෙ කොලේජ් හෝල් එක ඉස්සරහ නේද? බාස්කට් බෝල් කෝට් එක අනිත් පැත්තෙ ඊස්ටන් ලොබි එක ඉස්සරහා නේද, අනේ මන්දා මට දැම්මම අමතකද මන්දා.., එල එල ආයි ගියපු වෙලාවක බලන්නම්කෝ.. අපි හිටියෙ මැත්ස් පැත්තෙ, උඹලාට ඕක තිබ්බට අපිට තිබ්බෙ ස්විම් පූල් එකනේ.... ආයි මොන කතාද, අපෙ සහොදරී ඉස්කෝල දෙකක්ම ඒ දවස්වල ආවේ අපේ පූල් එකටනේ...
ReplyDeleteහික් හික් ඊයා .. :D
ReplyDeleteඔව්ව බලල බඩා මාම කෙට්‍ටු වුනේ නැති එක තමයි පුදුමෙ.
ReplyDeleteමේ කතා සීරීස් එකනම් මරු. බඩා මාමට ජය වේවා.
වර්නාවලීමාණයේ දුරේක්ෂයෙන් පාෂාණ පරීක්ෂා කරන්න ගිහින් අපි වතාවක් මාට්ටු වුනා. අවුලකට තිබුනේ පාෂාණ ඔලුවෙන් හිටගෙන ඉඳීම පමණයි.
ReplyDeleteඒ අතින් උඹල මාර කරුමක්කාරයෝ බඩෝ. අපේ පන්තියේ එක පැත්තක ජනෙල් පැසිපන්දු පිටිය පැත්තට තියෙද්දී අනිත් පැත්තේ ජනෙල් තිබුනේ ස්විමින් පූල් එකට. ඒ දවස් වල ස්විමින් මීට් එකක් තියෙනකොට අපි ටිකට් කඩනවා අනිත් පන්ති වල උන්ට අපේ පන්තිය ඇතුලට එන්න. (උඹට මතක ඇති මගේ හිතේ)
ReplyDeleteබඩා මාමේ දැනුයි ෆොටෝ එක දිහා බැලුවේ ඇත්තටම ඔය ස්ටේජ් එක ගහල තියෙන්නේ කොලේජ් හෝල් එක ඉස්සරහ. ප්‍රසා කියපු කතාව හරි.
ReplyDelete@ චීටා, ප්‍රසා: ඇත්ත තමයි බලාගෙන ගියාම. සමාවෙන්න කියල කියනවා වෙච්ච වැරැද්දට. මට හරි පිතූරයක් තාම හොයා ගන්න බැරි වුණා
ReplyDelete//කෙල්ලන්ගේ "ගල්"//
ReplyDeleteමොනාද බොලේ ඒ? දන්නැති කොමට මයි ඇහුවෙ.
අද තමයි මේ බ්ලොග් එක දැක්කේ.. නියමයි.... මමත් අර කලින් කතාවේ කියල තියන " ශිශුවා" ගේ යාලුවෙක් ... ඌට මේ බ්ලොග් එක පෙන්නන්නද???
ReplyDelete@ Observer: දන්නෙ නැත්තං කමක් නෑ. මොකද නහින දෙහින කාගෙ ඒවයින් වැඩක් නැති නිසා. හැබැයි හැට පැනනත් වදුර බිමින් යන්නෙ නෑ කියලත් කවුද කියල තියෙනව
ReplyDelete@ ගයියා: පෙන්නල බලන්න. හැබැයි කැරපොත්තිගෙන් ආයෙත් බඩාට කන් දෙක ඈත් වෙන්න අහගන්න වෙයි.
ReplyDeleteඅඩේ හරිම සන්තොශයි...අපේ ඉස්කොලේ බ්ලොග් ලියන ඇයො ගොඩයි..
ReplyDeleteසුපුන් සුදාරක..එතකොට අර මේ පාර ලංකාවෙන් පලවෙනියා වුන ප්‍රමිත් මල්ලි..තව බ්ලොග් ගඩොල්..මේ වෙලාවෙ තව මතක් වෙන්නෙ නැ
මගෙ බයො යලුවො උන්නෙ ස්විම් පුල් එක පැත්තෙ ජනේල් තියෙන ක්ලාස් එකක.මැත්ස් කරපු අපේ ක්ලාස් තිබ්බෙ මේන් හොල් එක උඩ :-) ..ඒ කාලේ ව්ශාකා ඇතුලු තවත් බොහොමයක් ඉස්කොලෙ වලට ස්ව්මින් පූල් තිබ්බෙ නැ නොවැ..ඉතින් හිතා ගන්ට පුලුවන්නෙ අපිට මැත්ස් ලකුනු අඩු වෙන්නත් බයො ගැන දැනීම වැඩි වෙන්න හේතුව
අගේ සුදු සුමුදු කලවා....
ReplyDeleteදැක මගෙ වකුටු පිලවා...
කවිය අහල ඇතිනෙ?
අර කිව්වත් වගේ ගල් බලලත් මොකද බඩ ආවේ..?
ReplyDelete@Observer: වදුර නාකි නෑ එහෙනම්?
ReplyDelete@පැන්ඩා: තෑන්කූ!
@මාරයා: බඩයි ඇසුයි අතරෙ සම්බන්ධයක් අපිට වෛද්‍ය විද්‍යාවට ඉගැන්නුවෙ නෑ!
Migara I like your work buddy. keep going my friend. All the best. Anjana
ReplyDeleteමම ඊට එහා පැත්තේ ඉස්කොලේ...
ReplyDeleteකතා තියෙනවා ලියන්න පට්ටෙට. බ්ලොග් එකේ ලියන්නම්කෝ...