Thursday, February 2, 2012

නීතිඥ මහත්තයගෙ බල්ලා

බඩා ගේ හාමිනේ ගේ අම්මා, (නැන්දම්මා) පදිංචි වෙලා හිටියේ මහරගම පැත්තේ ගේක. ගෙයි උඩ තට්ටුව කුළියට අරගෙන තමයි එයා හිටියේ. මේ උඩ තට්ටුවේ ඉඳන් එහා පැත්ත බැලුවම පේන්නේ හොඳ සරු සාරෙට හදපු ලොකු ගෙයක්. පදිංචි වෙලා හිටියේ නීතිඥ මහත්තයෙක් වගේ තමයි බඩාට මතක. මේ ගෙදර හිටියා පත දඩෝරි බල්ලෙක්. නම රෝයි. ඇල්සේෂන් සහ මැස්ටිෆ් කියන බල්ලන්ගේ දෙමුහුමක් වෙන්න ඇති කියලා බඩා හිතිවේ මේකා වහු පැටියෙක් විතර විසාල නිසා. නීතිඥ මහත්තයගේ නෝනා එහෙම මේ බල්ලට කතා කරන්නේ ඉංග්‍රීසියෙන්! Roy come, Roy sit, Roy go to the cage වගේ විධාන ඔක්කොම බල්ලට දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඌත් සුද්දගේ බල්ලෙක්ද නිසාද මන්දා ඌටත් මේව හොඳට තේරෙනවා.

ඔන්න දවසක් නීතිඥ මහත්තයගේ අක්කා මේ ගෙදර ආවා. කාලෙකින් ආපු අක්කට සලකනවා වෙනුවට අපේ නීතිඥ නෝන මහත්තුරු ඩබල අක්කව ගෙදර දාල කොහෙද ගිහින්. අපි අර කලින් කියපු රෝයි නම් දඩෝරියා නීතිඥ මහත්තයාගේ වත්තේ තාප්පේ උඩින් පැනලා, අපේ නැනදම්මගේ වත්තට ඇවිත්, පාර දිගේ දුවනවා. ඊට පස්සේ අපට පේනවා නයිටියක් ඇඳගෙන ඊට උඩින් හවුස් කෝට් එකක් දාගත්තු නීතිඥ මහත්තයාගේ අක්කා පස්සෙන් දුවගෙන එනවා. "මෙහෙ වර කාලකණිනි වල් බල්ල. මෙහෙ වර කූඩුවට, මම තොගේ මාළු කෑල්ලක් කන්ව, හපෝයි මේ වනචරය" ඔන්න නීතිඥ මහත්තයගේ අක්කගේ වචන සැට් එක. මේ වචන උපන්තේකට අහල නැති දඩෝරියා හොල්මන්ද පොල් කොළ වෙලා තවත් වටේ දුවනවා.

කොහොම කොහොම හරි බල්ලව අල්ල ගත්තු අපේ කතා නායිකාව ඊලඟට බල්ලට දම්වැටෙන් තඩි බබා අරගෙන එනව පේනව. "අපොයි තෝ වගේ පාහරයෙක්, තෝ මාව පාර පුරා ඩිවෙව්ව නේද, අවලම් බල්ලා" ඔන්න ඒ පාර වචන සැට් එක. ආයෙත් පාරක් බල්ලගෙ මූණ හොල්මන්ද පොල් කොළ!

15 comments:

  1. පව් අහිංසක බල්ලා :) නීතිඥ නෝනට ගෙදර ඇවිත් කතාව ඇහුවාම තරු පේන්න ඇති...හික්ස්....:)))

    ReplyDelete
  2. මරු කථාවක් මතක් වුනා.මේ කථාව වගේමයි. අපේ නෑනෙක් ඉන්නව ඉංග්‍රීසි උණ. මෙයාගේ ළමයට තනිකරම ඉංග්‍රීසියෙන් කථාව. පොඩි එකාට මෙලෝ දානයක් තේරෙන් නැහැ. ඔන්න දවසක් අපිත් ඉන්න තැන පුතා දිස් ඊස් ඩෝග් කියලා බල්ලව පෙන්නනවා. මේකා බල්ලදිහා බලා ඉන්දලා එක පාරටම, නැහැ අම්ම මේ බල්..ලා කියලා ලස්සනට ඇදල කිව්වා. නෑනගේ මූනත් එදා හොල්මන්ද පොල්කොළ තමයි.

    ReplyDelete
    Replies
    1. ළමයට උපංදා ඉඳළ ඉංග්‍රිසි ඇහුන නං ඕක වෙන්නෙ නැහැ. ඔය සෙනඟ ඉස්සරහ ශෝ එකක දාල තියෙන්නෙ ඔබගෙ නෑදෑයා.

      Delete
  3. Ane paw bawwada pixu wage hithenda athi hak hak hak

    ReplyDelete
  4. අපෙත් යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවා ගෙදරට කවුරුහරු ආවම බල්ලට කථා කරන්නේ ඉංගිරීසියෙන්....ඇහුනේ නෑ වගේ බල්ලා උගේ වැඩ...හික් හික් ..

    ReplyDelete
  5. මට ටියුශන් කරන්න බල්ලව ඒවන්න බැරිද?

    ReplyDelete
  6. අත්තනගල්ල පැත්තෙ හිටිය මාටින් මුදලාලි කියල ලොරි ගණනාවක් තිබුන ලොකු ව්‍යාපාරිකයෙක්. ' ලුණු මාටින් ' කියල කව්රුත් කිව්වෙ මිනිහ නැති තැන. බිස්නස් වැඩකට කොළඹ ලොක්කෙක්ගෙ ගෙදර ගිය වෙලාවෙ බල්ලට ඉංග්‍රීසියෙන් කතා කොරනව ලුණු මාටින් දැකල තියෙනව. පොරත් ඇල්ශේෂන් බලු පැටියෙක් ගෙනල්ල ඇති කළා. ඌටත් අර කොළඹදි අහපු ඉංග්‍රීසියෙන් තමා කතා කලේ. හැබැයි ඒ කුක්කට නං මුදලාලිගෙ ඉංග්‍රීසි ටොප් එකට තේරුනා. 'කම් හියර් ' කියපු ගමන් බල්ල යනව යන්ඩ. ' ගෝ අවේ ' කියපුවම වලිගෙ වනාගෙන ලඟට එනව.

    ReplyDelete
    Replies
    1. අපේ යාළුවගේ තාත්තගේ බල්ලත් එහෙමයි....ඌ උගේ වැඩේ පොර බ්ලැකී කම් කම් කිය කිය පස්සෙන් දුවනවා.....

      Delete
  7. @ නිසූපා, ඔබ නොදු‍ටු ලොවක්, වර්ණා, ඉන්ද්‍රජිත්, ඔබා: බොහොම ස්තූතියි!

    @ වෙද ගෙදර මහ වෙදනා: ඔය විදියටම එකතරා ගායකයෙක්ගේ ගෙදර අපි ගියා. (මෙයාගේ මල්ලි එහෙම දෙශපාලනේ පැත්තේ චරිතයක්). මෙයා ළමයට කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. (ගියේ වෛද්‍යවරු හින්ද ෂෝ එක පෙන්නන්න වෙන්න ඇති.) පොඩි එකා ආයෙත් හොල්මන්ද පොල් කොළ!

    ReplyDelete
  8. IYO MEKATH KATHAWAKDA?

    ReplyDelete
    Replies
    1. ඔවු . . . ඇයි නෑ වගේද ???

      Delete
  9. ජින්ජිබරස්February 4, 2012 at 9:42 AM

    තොට හොඳ නැත්තන් පල යන්නද බත් බූරුවා

    ReplyDelete
  10. වල් බල්ලෙක් නෙ! :)

    ReplyDelete
  11. අනේ අසරණ බල්ලා අපේ ඈයො ඇස් උඩ තියාන ශ්ලෝක අහං ඉන්නවා වගේ ඌත් අහං ඉන්න ඇති.ආ අපි ලෙක්චර්ස් අහං ඉන්නෙත් එහෙම නොවැ.

    ReplyDelete