Wednesday, March 21, 2012

අද නෙවෙයි හෙට

බඩාගේ අධ්‍යයන කණ්ඩායමේ හිටියා කෙට්ටු, මිටි කොල්ලෙක්. සයිස් එක පොඩි වුණාට මූට තිබ්බේ ලොකු ලොකු දේවල්. නැව් ටෝක් දෙන්න රුසියා. ඒ වගෙම තමයි මේකා අර නර්ඩ් (nerd) කියල ඉංග්‍රීසියෙන් කියන ජාතියේ අති විශිෂ්ට බුද්ධිමතෙක්. පොරට අපි කිව්වේ පාප ලාල් කියලයි. කොලඹ වෛද්‍ය පීඨයේ වසර පහමාරට විභාග 100ක් විතර තියෙනවා. නමුත් මේ කිසිම විභාගයකය පාප ලාල් හෙවත් පාපයා සති දෙකකට වඩා පාඩම් කරන්නේ නෑ. ඉතිරි කාලේ ගත වෙන්නේ ක්‍රිකට් තරඟ නරඹමින්, කැරම් ගහමින් සහ බිලියර්ඩ් ගහමින්. ඒ වගේම පාපයාට පුදුමාකාර මතක ශක්තියක් තිබුණ. බලන ඕනම ක්‍රිකට් තරඟයක පන්දුවෙන් පන්දුව වෙච්ච දේ පොතක් දිග අරින්නා වගේ පාපයාට කියන්න පුළුවන්. ඉතින් මෙහෙම මතකයක් තියෙන නිසාත් වඩිපුර පාඩම් නොකරන නිසාත්, මැරීගෙන පාඩම් කරන් ආයට පාපයා කාමරයට එන එක මහ වදයක්. ඒ නිසාම පාප මිත්‍රයෙක් බව හැඟෙන්න කාඩ් එක පාප ලාල් බවට පත් වුණා. මගේ රූමා, නිගන්ටයා මින් කෙනෙක්. නිගන්ටයා කියන්නේ දවල් රූ පාඩම් කරන කෙනෙක්. නමුත් පාපයා බඩා එක්ක නිතර සෙට් වෙන්නට ඒම නිගන්ටයාට ප්‍රශ්නයක් වුණා. දවසක් නිගන්ටයා බඩාට කතා කරල කියනවා, බඩෝ, මම කියන එක දොරේ ලියපන් කියල. (බඩා පෝස්ටර් ඇඳීමට දක්ෂ නිසා ඔය වගේ වැඩ නිතරම ලැබෙනවා). දොරේ ලියපු එක දැකපු පාපයා, මාසයක් විතර කාමරේ පැත්තේ ආවේ නෑ.

"පාප ලාල් අද නෙවෙයි හෙට" කියල දොරේ ලියල තිබුණ.

9 comments:

  1. දැනට බඩා කියල තියෙන කතා වල හැටියට 'බඩා අද නෙමේ හෙට' කියලත් සමහර කාමර වල ගහල තියෙන්න ඇති කියල හිතෙනව :-)

    ReplyDelete
  2. නිගන්ඨයා පාඩං කරන්නේ හෙළුවෙන්ලු නේද....

    ReplyDelete
  3. අපොයි අම්මේ ඒ මොකද? පාප ලාල්ගේ බාලගිරි දෝසෙ සනීප කරන්නද? කොහොමත් එහෙම හොදම මීටර් ඉන්නවා. හැබැයි මම දන්න ගොඩක් ඒවගේ මීටර් අරක්කු නිසා විනාශ වුනා. සංසාරේ හැටි.

    ReplyDelete
  4. @ ඔබා: යාන්තම් එහෙම නොවී බේරුණා. ඔවු බඩාත් ටිඅක් පාපයා වගේ තමයි. හැබැයි නර්ඩ් කෙනෙක් නම් නෙවී.

    @ ඔබ නොදුටු ලොවක්: නිගන්ඨයා පාඩම් කරද්දූ මම කාමරේ ඉන්නේ නැති නිසා දන්නෙ නෑ. මම පාඩම් කලේ බිම් මහලේ ස්ටඩි ඒරියා එකේ.

    @ වෙදනා: ඌට ඇති බාල ගිටි දෝසයක් නෑ. ඒ වගෙම පාපයා අරක්කු පොදක් කටේ තියන්නේ නෑ. ක්‍රෙළින්ම උගුරට හලා ගන්නෙත් නෑ.

    @ ණිලන්ග: තාන්කු

    ReplyDelete
  5. පව් අහිංසක පාප ලාල්...:)))))))))

    ReplyDelete
  6. බඩා ගේ කථා අද නෙමෙයි හෙට කියලා කියන්න තමයි වෙලා තියෙන්නේ :P

    ReplyDelete
  7. sha just bumped into ur blog today. nice to read ur experiences and stories.

    ReplyDelete