Friday, March 23, 2012

සර්ලගෙ බඩුවක්

රෝහලේ සේවයේ යෙදෙන කොට අපට නිතර දකින්න හම්බ වෙන අවස්ථාවක් තමයි හුස්ම ගන්න අමාරු ලෙඩුන්. මෙයින් බහුතරයක් ඇදුම රෝගීන්. සුළු පිරිසක් වෙනත් හේතූන් නිසා හුස්ම ගන්න බැරුව එනවා. හුස්ම ගන්න අමාරුකම එක්කෝ පෙණහල්ලේ හෝ උරස් කුහරයේ ප්‍රශ්නයක් නිසා. එහෙම නැත්නම් හුස්ම ගනීව ස්වයංක්‍රීයව සිදුවන මොළයේ පාලක මධ්‍යස්ථානයේ අවුලක්. ඔන්න ඔය දෙවනියට කියපු වර්ගයේ හුස්ම ගැනිමේ අපහසුකම් විෂ වර්ග නිසා ඇතිවෙනව. ඖෂධ නියම මාත්‍රා වලින් නොගැනීම්, කෘෂි රසායන සහ මද්‍යසාර මේකට අයත් වෙනවා. එහෙම හුස්ම ගන්න අමාරු වෙන රෝගියෙක්ට මුලින්ම කරන්නේ ඔක්සිජන් සපයන එක. ඒත් හරියන්නේ නැත්නම් ශ්වාස නාලය තුළට කටින් බටයක් (endotracheal tube) දාලා ඒකෙ කෙලවරට මැෂිමක් හයි කරනවා. මැෂිම නැති වෙලාවට කරන්නේ විශේෂිත බෑගයක් (ඇම්බු බෑග් - ambu Bag) පොම්පයක් විදියට භාවිත කිරීම. මේ වගේ රෝගීන් කොහොම හරි දැඩි සත්කාර ඒකකයට තුළු කරන්න ඕන. නමුත් අපේ රටේ තියෙන තත්වය අනුව සමහර විට දවසක් දෙකක් යනතුරුත් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගන්න බැරි වෙනවා. ඒ මුළු කාලයම රෝහලේ සේවකයන් ඇම්බු බෑගය මිරිකමින් රෝගියාට කෘත්‍රිම ශවසනය ලබාදෙනවා.


දවසක් බඩා සේවය කරන වාට්ටුවට මේ විදිය රෝගියෙක් අරන් ආවා රෑ දෙගොඩහරි ජාමේ. කණිෂ්ට වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කළාට පස්සේ බඩාට ඇමතුමක් ආවේ රෝගියාව බලන්න. මේ මිනිහා හොඳටම බීලා. හුස්මේ තියෙන ඇල්කොහොල් වලටත් අපි වෙරි වෙන ගානටම බීලා. හුස්ම ගැනීමේ රිද්මය සවුත්තු නිසා අර කලින් කිව්ව විදියට බටයක් බඩා විසින් දමනු ලැබුවා. "බට දැම්ම නම් අයි.සී.යූ. හොයපන්" කියන එක වෛද්‍යවරුන් අතර ආප්තෝපදේශයක්. ඉතින් බඩාත් පැය කීපයක් තිස්සේ දැඩි සත්කාර ඒකක හෙව්වත් වැඩේ හරිගියේ නෑ. මේ අතර රෝගියාගේ යාළුවෙක් ලඟ ඉඳන් ඇම්බු බෑගය මිකිකනවා. මිනිහත් බැලූ බැල්මට ලෙඩාට වගේම බමර පදම්. දැඩි සත්කාර ඒකක සෙවීම පැය කීපයකට කල් තියපු බඩා ආයෙත් කාමරේට ගියේ පැයක් දෙකක් වත් නිදා ගන්න. 


පහු වෙනිදා උදේ වෝඩ් රවුන්ඩ් එක බඩා කරද්දී අර බටයක් දාගෙන බෑගය මිරිකන ලෙඩෙක් පේනතෙක් මානෙක වත් නෑ. ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී (ළග ඉන්න කෙනා උත්තර දෙයිනෙ!)  වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා. රෝගියා බිම් පැදුරක ඉඳගෙන, බටේ ගලවන් අතේ තියාගෙන (සාමාන්‍යයෙන් මේ බටේ ගලවන්නේ විශෙෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ), ඇම්බු බෑගය මිරිකන්න දාපු එකා අල්ප දයන්න වගේ ගුලි වෙලා බිම බුදි. බඩා එනව දැක්කම අර රෝගියා කියනව "සර්, මේ බටේ මගේ කටේ දාල තිබුණ. මේක සර්ලගේ නිසා මම විසි නොකර තියා ගත්ත" කියල. ඔය පින්තූර දැක්කම පේනව ඇති නේද ඔය බටේ ගලවන එක කොච්චර අමාරුද කියල? ඔන්න අපේ රටේ ලෙඩ්ඩුන්ගේ හැටි!

17 comments:

  1. අනේ අම්මෝ... ගලවද්දි රිදුනෙ නැද්ද දන්නෙ නෑ.

    ReplyDelete
  2. :D අමුතුවෙන් නිර්වින්දනය කරන්නේ මොකටද? ගෙදරින් එද්දිම නිර්වින්දනය වෙලා නෙ ඇවිත් තියෙන්නෙ!

    ReplyDelete
  3. මම දන්න එකෙකුත් ඇක්සිඩන්ට් එකකින් නිකට පැලිල. මූට යාන්තමට මතකලු, දොස්තර මහත්තය හෝ කව්රු හරි කියනව නිකට මහන ගමන්, අපරාදෙ හිරිවැට්ටුවේ නිකම්ම මැහුවත් මේකට දැනෙන්නෙ නෑ කියල.

    ReplyDelete
  4. කෙටිකාලීන පුහුණුවක් දීලා හොස්පිට්ල් එකටම ගන්න වටින පොරක්නේ

    ReplyDelete
  5. කවිකාරිගෙ මාමන්ඩිත් මැරෙන්න කලිං තුං හතර පාරක් රෝහල් ගත උනානෙ නොයෙක් ලෙඩ වලට. ඒ හැම සැරේම රැට ඕක ගලවගන්නව උදේ බලනකොට මනුස්සය කටිං වතුරත් බීල.

    ReplyDelete
  6. මටත් ගිය අවුරුද්දෙ දැඩි සත්කාර ඒකකේ සිහිය එනකොට මේවගේ බටයක්ද කොහෙද තමයි දාල තිබ්බෙ. අම්මෝ හොදි ඕන්නෑ.දවස් කීපයක් යනකන් කතාකරගන්නත් බැරුව තිබුනා.

    ReplyDelete
  7. අයියෝ මෙහෙමත් මිනිස්සු..
    දොස්තර මහත්වරු ඉගෙන ගන්න දේවල් කාලයේ තාලයට වෙනස් කරගන්න වෙයි වගේ..

    ReplyDelete
  8. lankawe ohama unata (oya ambu kiyanne ambulanzes wala rogiyakuta hadisi awastawaka hospitle geniyanakan bavita karana deyak rogiyage lede hetiyatai eya bawita karanne anika pratamadara sambandawa patamalawak hadarapa ayekuta uapakarna bavita kalahakke oya ambu eka mirikana kramayak tiyanawa )http://it.wikipedia.org/wiki/Pallone_autoespandibile nodanna ayata metanin balaganna

    ReplyDelete
  9. අපරාදේ ඒ යකාට ඔය ටියුබ් එක නොදැම්මත් මැරෙන එකෙක් නෙමෙයි වගේ.

    ReplyDelete
  10. /* ලෙඩා ගේ නම කියල බඩා කතා කරද්දී වාට්ටුවේ කොනක "ඉන්නවා" සදදයක් ඇහෙනව. බට දාපු එකා කතා කරන්නෙ කොහොමද බලන්න බඩා ඒ පැත්තට ගියා.
    */

    බට දාපු එකාට කතාකරන්න බැරි බව දැනගෙන හිටියත් නම අඬ ගැහුවේ මිගාරටත් ඩෝප්ද එවෙලේ?

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි. මගේ අතට හම්බ වෙන්නේ ඇඳ ඉහ පත. ඒකෙ තියෙන නම කතා කරනවා. මතක තියා ගන්න ඇඳන් උඩ ඉන්න 40ට හරියන්න බිම් තව හතළිහක් ඉන්නව! ඒ කවුරුවත් නම ගහගෙන නැති නිසා කරන්නේ කතා කරන එක.

      Delete
  11. ඔය නාකි සුද්දි ගේ ෆොටෝ එකක් දැම්මේ ඇයි?
    මෙන්න ඇත්තම ෆොටෝ එක. කොපි රයිට්ස් හාමිනේ ගේ.

    http://3.bp.blogspot.com/-Sxs3MnIYJd8/TdUTYGg72jI/AAAAAAAAA8E/VTm2XCtVX4g/s400/First%2BDay%2B7%2BFeb.jpg

    ReplyDelete
    Replies
    1. ET ටියුබය දාල නැති පාටයි.

      Delete
  12. ඔන්න ඕකනේ කියන්නේ..මිගාර අයියලා අවුරුදු ගානක් නාස්ති කරලා ඉගෙන ගත්ත දේවල් අපේ කොල්ලෝ එක රැයින් ඉගෙන ගන්නවා කියලා...:D

    ReplyDelete
  13. samanyen ambo karanne nurse kenek neda?

    Monawa unath miniha tube 1 parissam karagena aapahu danna.

    ReplyDelete
  14. අයියෝ... සල්ලි....
    පට්ටම පට්ට ඒක නම්....

    ReplyDelete