Wednesday, July 25, 2012

Landminner


වෛද්‍ය පීඨයේ අවසන් වසරේ දී අපට සායනික ක්‍රියාකාරකම් උපරිමව තියෙන අවුරුද්දක්. මේ අවුරුද්ද ඇතුලත මහාචාර්ය ඒකක පහක (ශල්‍ය, කායික වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරි වේද සහ මානසික රෝග) ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කාලය ඇතුලත අදාල ශිෂ්‍යයාට භාර වෙන රෝගීන් සියල්ලක්ගේම තොරතුරු එක් රැස් කරලා තියා ගන්න ඕන. මේක සෑහෙන්න අමාරු වැඩක් කියල ආයෙමත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ. ඉතින් ගොඩ දෙනෙක් කලේ "ෂේප් න්‍යායෙන්" මේ වැඩේ කරන එක. හැබැයි අහු වුණොත් නම් ඉතින් ජල බැණුම් තමයි. 

අපේ කණ්ඩායමේ කලා කාමී කොල්ලෙක් හිටියා. පිරිත් මණ්ඩප ගනන්න, වෙසක් කූඩු හදන්න, කැටයම් කපන්න වගේ දේවල් වලට මේකා හරිම සූරයා. ඒ වගේම තමයි දෙකක් දාගත්තම නියමෙට ආතල් සැපයීමත් සිද්ධ කරනවා. මේ සිද්ධිය වුනේ ළමා රෝග වාට්ටූ පැත්තේ. බඩා අර මුලින් කිවු විදියට රෝගීන් ගේ තොරතුරු තියාගෙන ඉන්න කියන්නේ හදිස්සියෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් සායනික පන්තියක් (clinical class / ward class) පවත්වන්න ඒක පහසුවක් නිසා. එක දවසක් ළමා රෝග වාටුවේ මහචාර්යතුමෙක් අපේ කලාකාමියාට කතා කරලා රෝගියෙක් පෙන්නලා, හෙට මේ රෝගියා සායනික පන්තියකට ගන්න නිසා, විස්තර හොයාගෙන ලෑස්ති වෙලා ඉන්න කියලා දන්වලා තියෙනවා. වෙනදට හරියටම එකොලහ මාර වෙද්දී පණින මිනිහා හවස් වෙනක්ම්ම මෙන්න වාට්ටුවේ! රතු ඉර ගහන්න කලින් දුවන් එනවා වගේ හරියටම උදේ අටට එන මිනිහා මෙන්න උදේ හතට වාට්ටුවේ! 

ඊළඟට එළඹුනේ සායනික පන්තිය. කලාකාමියගේ රෝගී විස්තරය (history) නියමයි. කොටින්ම මහාචාර්ය තුමාට පවා පුදුමයි. රෝගී විස්තරය ඉදිරිපත් කරන කොට රෝගියාගේ සමාජ තත්වය ගැනත් සඳහනක් කරනවා. Social history කියන්නේ ඒකට. සමාජ තත්වය කියද්දී මෙන්න කලාකාමියා ගොත ගහනවා. "His father is a . . . a . .  Landminner!" කියල කියාපි. කට්ටියටම බඩ අල්ලන් හිනා වුණාට වෙන්නේ මොකද කියන එක ගැන හරි තේරුමක් නැහැ. වුණේ මොකද්ද කියල හරියට තේරුණේ සූර පප්පට විතරයි, මොකද කලාකාමියාගේ පොත කෙලින්ම පෙණුනු නිසා. "Father - මැණික් පතල් හාරනවා" කියල ඒකේ ලියල තිබුණා!

9 comments:

  1. හෙහ් බලාන ගියාම ඒකත් රස සාගරයක් නේ.
    අර ලෙඩා වෙච්චි පොඩි එකාට ඔය කතන්දරේ තේරෙන්ට නැතිව ඇති නේ ද?

    ReplyDelete
  2. අම්මා ගෙදර Cooker වෙන්න ඇති නේද?

    ReplyDelete
  3. කන බොන වෙලාවට කියන ඒවා ගැන හිතාගන්න පුළුවන්.

    ReplyDelete
  4. එල වචනයක් නේ පතල් හෑරීම = Land miner

    ReplyDelete
  5. හික්ස් :)
    ලෑන්ඩ් මයිනර් !!

    ReplyDelete
  6. ඉතිං බොලේ දන්නැති වචනවලට මක්කා කොරන්නද? අස්වැද්දුමට හැදුවා වගේ වචන හදන්න තමයි වෙන්නේ.

    ReplyDelete
  7. @DDT: වෙලාවට තේරුනේ නෑ. නැත්නම් ආයෙත් history අරන් බොරු!
    @රසික: නෑ, වොෂින් මැෂිම!
    @කෙන්ජි: එව්වා වෙනම "ළමා" කතාවකින්!
    @ළහිරු, මධුරංග: අපට කියවෙන්නෙ හුකෑස් කියල.
    @දිනුක: මේ පණ්ඩිතයට යාලුවෙක් ගෙන් අහගන්න තිබුණනෙ!

    ReplyDelete
  8. එරංග ගලහකුඹුරOctober 28, 2015 at 5:13 PM

    ඉංග්‍රීසි දුර්වල නිසා අපේ කණ්ඩායමට මමත් සෑහෙන්න ආතල් දුන්නා,,මුල්ම කායික රෝග වාට්ටුවේදී දෙවෙනි පාඩම තමයි රෝගියා පරික්ෂා කිරීම (Examination),,මගෙන් වාට්ටුවේ දෙවෙනියා (SR) ඇහුවා,,
    Ok,,Tell me something about the General Examination

    පාඩම් කරන්න කම්මැලි මට තරු විසි වුනා..එහෙන් මෙහෙන් මතක විදිහට ගැට ගහගෙන මම ගොත ගහනවා..
    Madam,,ahhhh madam,, Firsth we have to examine from,,ahhh ahh ahh Head mmmm "Head to Tail"

    ඇති යාන්තම් කියාගත්තා කියල හිතුනත් අපේ එවුන් කටවල් වහගෙන හිනවෙනකොටයි තේරුනේ මොකක් හරි අවුලක් කියල,,හොද වෙලාවට ඒ මැඩම්ට ඇහිලා නෑ..අපේ එවුන් රහසෙන් කියනවා "Tail නෙමෙයි යකෝ Toe" කියලා

    ReplyDelete