Saturday, March 28, 2015

යුරිනල්


ඕනෙම පොදු ස්ථානයක තියෙන වැසිකිළියක සාමාන්‍යයෙන් මුත්‍රා කරන්න පෝච්චි තියෙනවා. මේවට කියන්නේ "යුරිනල්ස්" කියල. හැබැයි බඩා පාසල් යන කාලේ මේ යුරිනල් තිබුණේ ඉහළ පන්තියේ හෝටල් වල වගේ සුවිශේෂී ස්ථාන වල විතරයි. බොහෝ තැන් වල තිබුණේ පිඟන් ගඩොල් ඇල්ලු බිතියක් සහ පහළින් කාණුවක්. මුත්‍රා කරන්න වුවමනා වුණාම කෙළින්ම අල්ලන්නේ පිඟන් ගඩොල් බිත්තියට. වැඩේ බොහොම සරල වුණාට මුත්‍රා ගඳ තමා ඉවසන්න අමාරු.

බඩා වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලේ ආහාර ගත්තේ රෝහලේ ආපනශාලාවෙන්. ඒකේ සෞඛ්‍යාරක්ෂිත බව නම් ඉස්තරම්. ඉස්තරම් බව කොහොමද කියනව නම්, මැස්සෝ යන්නේ මල නොතලා රොන් අරගෙන. ඔතනින් කෑම ගත්තු බඩාට හිසරදය කෑම අරුචිය සහ ඇඟට පණ නැති ගතිය වගේ සතියක් විතර තිබුණා. බඩා හිතුවේ වයිරස් උණක් කියලා. නමුත් වෛද්‍ය පීඨයේ තියෙන අර පිඟන් ගඩොල් අල්ලපු කැසිකිළියට මුත්‍රා කරද්දී බඩා දැක්කා තමගේම මුත්‍රා වල වෙනසක්. පිඟන් ගඩොල් අතරට දාන "ග්‍රවුට්" එක බඩා මුත්‍රා කරද්දී කහපාට වෙනවා. අන්තිමට බලද්දී ටයිපොයිඩ් හැදිලා, ඒක අක්මාවටත් බලපාලා, ඒ හින්දා මුත්‍රා විතරක් නෙවෙයි, ඇසුත් කහපාට වෙලා. සති දෙකක් ගේමක් නැතුව ඉස්පිරිතාලේ තැපලා තමයි බඩා සුවය ලැබුවේ.

වෛද්‍ය පීඨයේ විතරක් නෙවෙයි, රාජකීය විද්‍යාලයේත් තිබුණේ මේ විදිය කැසිකිලි. හැබැයි බඩා 10 වසර ඉන්න කොට, එක වැසිකිලියක ඔය කියන යුරිනල්ස් ඇල්ලුවා. මේ කොටස බොහොම පිරිසිඳුයි. අතිශය පිරිසිඳු ලෙස ඉන්න සෙට් එක ගියේ මේ කැසිකිළියට විතරයි. බඩා නම් ඉතින් ඕන එකකට යනවා. දවසක් මේ අති සුපිරිසිඳු සෙට් එක මූණ නරක් කරගෙන පිඟන් ගඩොල් බිත්තියට අල්ලනවා. ඇයි කියල ඇහුවම කියන්නේ නෑ. සිද්ධිය තේරුණේ ගිහින් බැලුවම. මොකෙක් හරි මහා අසමජ්ජාතියෙක් කැසිකිළියේ යුරිනල් එක වැසිකිළියක් කරගෙන, අඩි එකහමාරක විතර රීබට් එකක් දීලා ගිහින්!

මේ "පොෂ්" කැසිකිලියට යන්නේ නැති තව එකෙක් තමයි ගොට්ටා. ගොට්ටා හෙණම ලමා පෙනුමක් තියෙන එකෙක්. මුගේ ළමා පෙනුම කොච්චරද කියනව නම්, මූ කැම්පස් ගිය අළුත යාළුවෝ එක්ක "ගෙම්බෙක්" අල්ලන්න ගිහින් තියෙනවා, ගෙඹි පොට් එකකට. පොඩි ළමයි මේකට අරන් අපට හිරේ යන්න බෑ කියල මූව එළියට දාලා අනික් එවුන්ව ඇතුලට අරගෙනලු!

පොෂ් කැසිකිළියට ගොට්ටා නොයන හේතුව අපි දැනගත්තේ උත්සවයකට ගලධාරී හෝටලයට ගිය දවසකදීයි. එදා මූ ලස්සනට යුරිනල් තියෙන කැසිකිලියට ගිහින් එනවා. ගොට්ටා ළමා පෙනුම වගේම හරිම මිටියි. උඩින් අල්ලපු යුරිනල් එකට මූට මුත්‍රා කරන්න බෑ! ගලධාරී එකේ ළමයින්ට මුත්‍රා කරන්න වෙනම පහළින් අල්ලපු යුරිනල් එකක් තියෙන නිසා මෙන්න මූ වීරයා වගේ එකට අල්ලනවා! උත්සවය පැත්තක තියෙද්දී බඩාටයි, යාළුවෝ සෙට් එකටයි පණ යන්න හිනා!

17 comments:

  1. ඉස්සර වගේ නෙමෙයි දැන් පොඩ්ඩන්ටත් සමතැන දෙන්න උත්සහ කරනවා, විවිධ වයස්/ උස අය එකට ගැවසෙන පොදු තැන්වල මේ යුරිනල් අඩු උසේ සිට වැඩි උසක් දක්වා ආනත රේඛාවක පිහිටුවන්න උපදෙස් දෙනවා, එතකොට තමන්ට හරියටම ගැලපෙන මට්ටම තෝරගන්න පුළුවන්. බඩාමාමා අහල ඇති නේද අර යුරිනල් එකේ මීමැස්සෙක් ගේ රූපයක් ප්‍රින්ට් කරන කතාව, ඔය වැඩේ නොසැලකිල්ලෙන් කරල හතරවටේම නාවන අයට හරියට කරන්න ඉලක්කයක් දෙන්න.

    ReplyDelete
  2. අහම්බෙන් මේ බ්ලොග් එකට ආවෙ. කියවගෙන යන්න ආසා හිතෙන කතා ගොඩක් තියෙනවා.

    ReplyDelete
  3. වැඩක් ඇති හුත්තක් ලියපන් අඩෝ. මිනිහෙකුගේ ශරීර ස්වභාවයට අපහාස කරන උඹ දොස්තර කෙනෙක්ද? මොකක්ද ඩො උඹේ තියන සදාචාරය. නොදකින් තෝ ඊළඟ ආත්මේ උපදින්නේ කුරුමිට්ටෙක් වෙලා. ටිකක් හිතලා බලපන් උඹ ලියලා තියෙන්නේ මොන තරම් අවලම් කතාවක්ද කියලා.

    ගොට්ටාගේ මිතුරෙක්

    ReplyDelete
    Replies
    1. ගොට්ටාගේ මිතුරා වෙත ආදරයෙන් ලියමි,

      මේ බ්ලොගය සමණලයා, මල හා ළමයා වර්ගයේ හෝ, නාලිනී එන්න, මල් පිපී දැයි බලන්න හෝ වර්ගයේ එකක් නොවේ. මෙහි ඇත්තේ උපහාසයම පමණකි. ආගම් පවා උපහාසයට ලක් කරන බව කලින්ම කියා ඇත. නියම නම් නොයොදන්නේ විය හැකි අපහාසයන් වළක්වාලීම සඳහාය. මගේ මිතුරු ගොට්ටෙක් මිහි පිට සිටියේ නැති අතර මේ සිද්ධිය සිදු වූ අයගේ නම ගොට්ටා යන්නට ලඟින්වත් යන්නක්ද නොවේ.

      මේ සියල්ල තිබියදීත් ඔබට තවදුරටත් ප්‍රශ්නයක් ඇතොත්, කරූණාකර බ්ලොගය වෙත නො පැමිණ සිටිය මැනවි

      ජය ශ්‍රී, ඉස්කෝතුයි

      බඩා මාමා

      Delete
    2. හුල පත්තා යන්න. යකෝ කොයි මිනිහගේ හරි ශරීර අඩුපාඩු ගැන අපහාසයෙන් ලියන එක තොගේ අවජාතක කම පෙන්වීමක් කියලා පිළිගන්න බැරි තරම් ගස් බල්ලෙක් තෝ

      Delete
    3. මේ සියල්ල තිබියදීත් ඔබට තවදුරටත් ප්‍රශ්නයක් ඇතොත්, කරූණාකර බ්ලොගය වෙත නො පැමිණ සිටිය මැනවි

      ජය ශ්‍රී, ඉස්කෝතුයි

      බඩා මාමා

      Delete
  4. එතකොට රෝයලුත් එනවා පිස්පොච්චියේ රෙන පොරවල්.

    ReplyDelete
  5. ///මූ කැම්පස් ගිය අළුත යාළුවෝ එක්ක "ගෙම්බෙක්" අල්ලන්න ගිහින් තියෙනවා///
    ඔලුව තලලා කකුල් හතරට ඇණ ගහලා බඩ කපලා බලන්න වෙන්න ඇති..... :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, නැතුව. අත් කකුල් බඩ අත ගාලා තලන්න එහෙම නෙවී.

      Delete
  6. යුරිනල් එකට බොක දැම්ම විදිහ තමා මට තාම හිතා ගන්ඩ බැරි

    ReplyDelete
    Replies
    1. එහෙම බොක දාන්න පුළුවන් එකෙකුත් හිටියයා. උගේ පුක අක්කරයක් විතර ලොකුයි. ඒ වගෙම යාරයක් විතර දිගයි. ඌට කිව්වේ "අක්කර පුකා" කියල. පස්සෙ පුක හලල "අක්කරයා" කියල කියන්න ගත්තා.

      Delete
  7. බඩුම තමා .. කැප්ටන් ධර්මරත්නගේ 10 වසර බිල්ඩින් එකේ තමා යුරිනල්ස් තිබ්බේ මුලින්ම මට මතක විදියට .... අනිත් බිල්ඩින් වල සෙරමික් උපාංග වල නම තාම මතකයි. "Apex" .
    ඔය යුරිනල්ස් වල දාල තියන කපුරු බෝල කරකැවෙන්න වැඩේ කරන එක මාරම ආතල්. පුංචි වෙලා තියන කපුරු බෝල යුරිනල් එකේ හිලකින් ඇතුලට යවන්න ට්‍රයි කොරන ඒකත් මරු වැඩක් තමා.

    ReplyDelete
    Replies
    1. තව එකක්.. වෘක්ක වේදය කියන්නෙ වකුගඩු සම්බන්ධ වැඩිදුර හැදෑරීමද ?? පොස්ටුවට ඒකත් සම්බන්ධයි නේ? ඒ සම්බන්ධයෙන් හොඳින් හදාරලා වකුගඩු රෝගයෙන් පීඩා විඳින මිනිස්සුන්ට පිහිට වෙන්න ලැබේවා කියල පතනවා...

      Delete
    2. බොහොම ස්තූතියි.

      Delete
  8. මෙහෙ අර IR system එක අවුට් ගිහිල්ල චූ කර කර ඉන්නකොට අලි වතුර ගොඩක් ඇවිල්ල යුරිනල් එක පිරෙනවා. ඉතින් අපි කෝණිකව තමා කපුරු බෝල පෙරලන්නේ

    ReplyDelete