Thursday, December 8, 2011

ඇරඹුම . . .

කාලෙකට කලින් මම බ්ලොග් වල ලිවුව බව ඔය අය දන්නව ඇති. ජීවිතේ දශක තුනහමාරක් විතර ජීවත් වෙලා, වසර දහතුනක පාසල් අත්දැකීම්, වසර හයක විශ්ව විද්‍යාල අත්දැකීම් සහ වසර හයක් වෛද්‍යවරයෙක් විදියට ලබපු අත් දැකීම් ගැන ලියන්න හිතුණා. අන්න ඒ කතා වලට ඉඩක් දෙන්න තමයි මේ අඩවිය වෙන් වෙන්නේ.

මේ කතා වල එන බොහොමයක් අය අද වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්ව විද්‍යාල ආචාර්යවරු, විධායක නිළධාරීන් වගේ අය. සමහර සිද්ධි ඒ අයගේ කලත්‍රයන්ට (=සැමියා / බිරිඳ ) පවා රහසක් වෙලා තියෙන්නට පුළුවන්. අන්න ඒ හින්දා ඔක්කොම චරිත අන්වර්ථ නාම වලින් තමයි එළියට එන්නේ.

මේ ක බඩා මාමාගේ ළමා කතන්දර පිටුව වුණේ කොහොමද? මේ බ්ලොග් රචකයාගේ පාසල් කාලයේ අන්වර්ථ නාමය තමයි "වල් බඩා" කියන එක. නිකම්ම බඩා නොකියා වල් බඩා කිව්වේ "වල්" කටක් තියෙන නිසාලු! මේ ඇරෙන්න ගල් බඩා හෙවත් රොක් ෆොස්පේට්, චීස් බඩා, හුළං බඩා සහ රා බඩා වගේ වෙනත් බඩාලත් හිටිය. මේ බඩාලා අතරින් මෝරපුම පෙනුම තිබුණු මම "බඩා මාමා" වුණා.

හරි, ළමා කතන්දර මේකට ගෑවුණේ කොහොමද? ඉස්සර නිදහස් කාල ඡේද වලදී අපි කතා කියනව. එක එක ජාතියේ කතා, හින්ට්, යාන්ස්, කුණුහරුප, අව කැපෙන කතා, විහිළු ආදී නොයෙක් දේ ඔය වෙලාවේදී කියවෙනවා. කියවෙන කතා වල සාරාංශය කොහෙත්ම ළමයින්ට සුදුසු එකක් නෙවෙයි. ඒ නිසාම උත්ප්‍රාසාත්මක (=අයිරනි ) විදියට "ළමා කතා" විදියට නම් කෙරුණා. මේ නම දුන්නේ "ගොමා", මගේ පන්ති සහ විශ්ව විද්‍යාල සගයෙක්.

ඔන්න අපි ඉදිරියට මේ රස කතා එක්ක හම්බ වෙමු. මේ කතා අවුරුදු 16න් පහළ අයට නම් සුදුසු නෑ. සමහර කතා ලිංගිකත්වය උපහාසයට ලක් කරන අතර, පූජ්‍ය / පූජක පක්ෂය උපහාසයට ලක්වෙන එවත් තියෙනව. මම ආගම් වාදියෙක් විදියට හංවඩු ගැහෙන්න කලිනුයි ඔන්න ඕක කියල දැම්මේ.

14 comments:

  1. දේශපාලන කතාවලින් ළමා කතාවලට එනවා කියන්නේත් එක්තරා දේශපාලනමය පරිවර්තනයක් නේද?
    බලමු වල්බඩා කාලේ කතා කියවලා!
    දැන් මොන බඩාද?

    ReplyDelete
  2. බඩා මාමාට ආසිරි!

    නමුත් මිගාර මහතා දේශපාලන බ්ලොග් නොලීවීම මම දකින්නේ බ්ලොග් අවකාශයේ නොපිරවුණු හිඩැසක් විදියට.

    නමුත් අපි දන්නවා කතන්දර වගේ රචකයින් දේශපාලන නොවන ලෙස වර්ගීකරනය වූ බ්ලොගය තුලින් තම දේශපාලන මතවාද හීන් සීරුවේ පාඨක මනසට කාන්දු කරනවා.

    ReplyDelete
  3. 'වෘක්කවේදය'කියන්නෙ මොකද්ද කියල සිංහලෙන් කිව්වොත් බෙහෙවින් තුති.

    [කොමෙන්ට් දාන්න ලේසි වෙන්න 'වර්ඩ් වෙරිෆිකේෂන්' අයින් කලොත් ඊටත් වඩා තුති]

    ReplyDelete
  4. 'වෘක්කවේදය' කියන්නේ වකුගඩු පිළිබඳ වෛද්‍ය විද්‍යාව. ඉන්ග්‍රීසියෙන් Nephrology කියලත් කියනව. අවුරුදු හතරක පුහුණුවෙන් පස්සේ වෘක්කවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Consultant Nephrologist) වෙන්න පුළුවන්. දැනට මගේ ගුරුතුමන්ලා මහාචාර්‍ය රිස්වි ෂෙරීෆ් සහ වෛද්‍ය රුෂික ලැනරෝල් යන මහත්වරුන්.

    ReplyDelete
  5. @ කතන්දර

    [දැන් මොන බඩාද?]

    බඩ = null කරන්න මේ දවස් වල බිරින්දෑ දැඩි උත්සහයක

    ReplyDelete
  6. ඇත්තටම මිගාර අයියාගේ අඩුව අදටත් හිස්තැනක්... සමහරු පාළුගෙවල්වල වළං බිඳිමින් ඒකටම හරියන චක්ගෝලයෝ ටිකකුත් පිරිවරාගෙන මැජික් පෙන්නපු කාලේ මැජික් කාරයින්ට කට උත්තර නැති කල හැටි අදටත් මතක් වෙනකොට හිතේ ඇති වෙන ගෞරවය තව තවත් අළුත් වෙනවා...

    ඒත් දැන් යන්න හදන්නේ වෙනම ගමනක්නේ..අපි පරණ කතා පැත්තකින් තියලා අළුත් ගමන යං..

    ඒ වගේම අර "ගී රස විනිසත් මාසෙකට දවසක්වත් අළුත් කරනවනං හොඳයි..මම ඒක මගේ බ්ලොග් රෝලේ එල්ලගෙන ඉන්නවා..ඒත් ඒක හැමදාම අඩියේ..ගලවන්න තියා හිතන්නවත් හිතක් නැත්තේ ඒක ඔබේ වීම නිසා..පුළුවන්නං ඒක ඉඳ හිටවත් උඩට යවන්න කටයුතු කරන්න.. මේ අඩවියත් මං එල්ලුවා බ්ලොග් රෝලේ..ඔබගේ බ්ලොග් දෙකක්ම දැන් ඒකේ තියෙනවා..

    සදා ජය..!

    ReplyDelete
  7. මෙතන කමෙන්ට් කරලා තියෙන අනිත් අයත් එක්ක බලන කොට මමනම් බ්ලොග් වලට නවකයෙක්.ඒ නිසාම ඔබ ගැන කලින් අසා තිබුනේ නැති වුනත්, අනිත් අය කියා තිබෙන දේ වලින් වගේම ඔබේ භාෂා ශෛලියෙනුත් පෙනෙනවා වටිනා පුනරාගමනයක් බව.

    සුභ පැතුම්..

    ReplyDelete
  8. බඩා ගේ වල් කම් වලට නැවතත් වෙල්කම් කියා පිළිගනිමු. ඔය කතා අතරේ බඩාට වෙච්ච චාටර් සීනුත් නොදැම්මොත් චීට ඒවා දාන්න ඉඩ තියෙනවා. හිකිස්...මාරයා කිව්වා වගේ ගී රස විනිස අප්ඩේට් කොරපන්කෝ.එස්.ආර්. උනාට පස්සේ වැඩිය විභාග කෙසුත් නැහැනේ.

    ReplyDelete
  9. හොඳයි හොඳයි චීටෝ, උඹ දුවන්නයි, පනින්නයි දෙකටම දක්ෂයා ඒ කාලේ ඉඳලාම!

    ReplyDelete
  10. ආ... මේ චීටත් සීන් එකට ඇවිල්ල ඉන්නෙ, දන්න කියන සතෙක්නෙ...

    ReplyDelete
  11. නැවතත් කරලියට පැමිනීම ගැන බෙහෙවින් සතුටු වෙනවා..ඔබගෙන් අවසර ගෙන පල කල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිලිබඳ දෙවන ලිපියටත් ඉහල ප්‍රතිචාර ලැබුනා!

    ReplyDelete
  12. හ්ම්ම්ම් ජය වේවා...

    ReplyDelete
  13. ඔක්කොම කතා එකක් නෑර කියෙවුවා. දිගටම ලියමු..
    ජය වේවා!
    මම ටීම් ට්‍රැවලර්ස් එකේ පෙරා!

    ReplyDelete