Thursday, December 29, 2011

මැඩම් බය ද?


බඩා ගේ උසස් පෙළ පන්තිය ගැන දැනටමත් කීප දෙනක් දන්නව ඇති. මේ පන්තියට "සූ" එක කියල කියපු බවත්, පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයන් කියල කියන අයත් "කීකරු සිසුන්" නොවෙන බවත් පාඨකයන්ට මතක ඇති. රාජකීය විද්‍යාලයේ උසස් පෙළ එක විෂයයක් ගුරුවරුන් දෙන්නෙක් උගන්නනවා. සත්ත්ව විද්‍යාව උගන්නපු එක ගුරුතුමියක් "සෛලිකා" බව මම කලින් කිවුවා. අනික් ගුරුතුමිය බොබ් කට් කපපු, උස, කෙට්ටු, තළෙලු කාන්තාවක්. ඉස්සරහ දත් අතර පොඩ්ඩක් ඉඩ තිබුණ වගේ මතකයි. ඒ එක්කම හැප්ස්බර්ග් යටිහණුවකුත් (උඩු හණුවට වඩා දිග යටි හණුව) ඇයට තිබුණා. මේ හැඩ හුරුකමත්, සත්ත්ව විද්‍යාව උගැන්නීමත් කාරණා කොටගෙන අපි ගුරුතුමියට කිව්වේ "කැරපොත්ති" කියල. ගුරුතුමියගේ වයස 10ක් වෙච්ච පුතාට කිව්වේ "ශිශුවා" කියල.

ඒ කාලේ සත්ත්ව විද්‍යාවේ පළමුවෙනි පාඩම කැරපොත්තා. (අර නම දාන්න තවත් හේතුවක්). ප්‍රායෝගික පරීක්ෂණ වලට අපිට කැරපොත්තා විච්ඡේදනය අනිවාර්ය අංගයක් වුණා. අදාල ප්‍රායෝගික කාලය වෙනුවෙන් කැරපොත්තා විච්ඡේදනයට කැරපොත්තන් අල්ලන් එන්න කියල "කැරපොත්ති" කලින් දවසේ අපට කියල තිබුණ. අද වගේම එදාත්, බඩා කම්මැලියා. කාණු අස්සේ බඩ  ගගා, අල්මාරි ගස ගස, කැරපොත්තෝ හොයන්න කම්මැලි නිසා බඩා හිස් අතින්ම පාසැල් ගියා. හිතපු විදියටම "කැරපොත්ති" බඩාව බෙල්ල මුලින්ම අල්ල ගත්තේ කැරපොත්තෝ නොගෙනාවට. මේ වෙලාවේ බඩාට ගණ දෙවි නුවණ පහළ වුණා. කැරපොත්තන් ගෙනාවේ නැත්තේ උන්ට බය නිසා බවට බඩා අලි පතාර් ටොම් පචයක් ඇද බෑවේ ඒ නිසා. "අපෝ ඔච්චර ඇඟක් තියාගෙනත් කැරපොත්තන්ට බය ද" කියල කැත ඔලොක්කුවක් බඩාට ගුරුතුමිය දැම්මා. "මැඩම් කැරපොත්තන්ට බය නැත්ද?", ඒ ප්‍රශ්නය බඩා ගෙන්. "අපෝ නෑ" කියපු කැරපොත්තී, "ඔය බඩ දැක්කම කැරපොත්තෝ දුවනව කියලයි මම හිතුවෙ" කියල ආයෙත් ඔලොක්කුවක් දැම්මේ බඩා පන්තියේ "ලාෆින් ස්ටොක්" එක බවට පත් කරමින්.

වෙච්ච නව නිංගිරාව ගැන හිත හිත යන බඩාගේ ඔළුවට සැලසුමක් දැම්මේ එස්ටරයා. එස්ටරයා පහුවෙනිදා කැරපොත්තෝ පාර්සලයක් අරන් ආවා (20ක් විතර! ඌ එච්චර කොහොම ඇල්ලුවද මන්දා!). සත්ත්ව විද්‍යාව පාඩමට එදා ද්විත්ව කාලඡේදයක්. එක කාල ඡේදයක් ඉවර කරල කැරපොත්ති පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් කැරපොත්තො පාර්සලේ ගුරුතුමියගේ බෑගයට එබුවේ බඩයි, එස්ටරයයි. පුරුදු විදියට දෙවනි කාලඡේදයත් කරපු ගුරුතුමිය අන්තිමට බෑගය ගනිද්දී එතන අළුත් පාර්සලයක් තියෙනව දැක්ක. කලබලෙන් ඒක ඇරියා විතරයි, කැරපොත්තෝ හතර අතේ දුවන්න ගත්ත. කැරපොත්ති "ඊක්" ගාලා උඩ පැන්න පැනිල්ලට තව පොඩ්ඩෙන් වහළෙ ඔළුව වදිනවා. පන්තියටම මර කැඩෙන්න හිනා. කැරපොත්තෝ එහෙ මෙහෙ ගිය ගමන් ගුරුතුමී ඇවිත් බඩාගේ කණින්ම අල්ල ගත්තේ එතකොටත් ඇයට මේක කළේ කවුද කියල ඉව තීබුණු නිසා. "තමුසේ මොකද එහෙම කුපාඩි වැඩක් කලේ?" ගුරුතුමී අහපි. "මැඩම් කැරපොත්තන්ට බය නෑ කිව්වනෙ?" බඩා කියපු ගමන් බඩාගේ කම්මුල හරහා පාරක් දීපු කැරපොත්තී මාරු වුණේ ආයෙත් පන්තියේ හිනා හඬ මැද්දෙම. තමන් දීපු ලොකු ටෝක් එක අතේ පත්තු වෙච්ච කැරපොත්ති ගැන ගුරු කාමරයේ බොහොම කාලයක් ඉන් පස්සෙ කතා වුණා.

11 comments:

  1. අපි වතාවක් භෞතික විද්‍යා ගුරුතුමීගේ සටහන් පොත හැංගුවා. ඒක නැතිව උගන්නන්න බැරි වුන වගේම ඇඬුවත් එක්ක..

    ඒ ගුරුතුමීම බ'නුලී ප්‍රමේයය කියා දීලා සුපුරුදු උදාහරණය ගුවන් යානයේ තටු ගැන කියා දුන්නා. එකෙක් එත කොට හෙල්කොප්ටරේ උඩ යන්නෙත් එහෙමමද ඇහැව්වා..

    පිළිතුර : මම දන්නේ කොහොමද ? විද්‍යාඥකගෙන් අහන්න..

    ReplyDelete
  2. හොඳ වැඩේ කැරපොත්තිට ...හෙහ්...හෙහ්...

    මට අපේ සා.පෙ. කෙමිස්ට්‍රි ටීච මතක් වුනා. [ඔබාව පෙන්නනන්න බෑ ටීචට]
    අපරාදෙ කියන්න බෑ ටීචට මරු ඒම් එකක් තිබ්බ, ඩස්ටර් කොට්ටෙන් මූනට ගහනව 'අන්තිම පේළිය' අරක් අරං ඉන්න එකෙකුට වුනත්.

    අපි එයාට කිව්වේ 'මූන කචල්, පු# හුරතල්' කියල. [බොඩි ශේප් එක නියමෙට තිබුනට, රේඩියේටර් ග්‍රිල් එක ඇදයි]

    ReplyDelete
  3. oba uncle ge kata thama kata apoi naki wise ihatath udin kiyanne mekata wennati :D

    ReplyDelete
  4. අනේ අම්මේ කැරපොත්තෝ.. මම හරිම බයයි.. :((

    ReplyDelete
  5. අපේ කෘෂිකර්ම මිස්ගේ නම මීමැස්සී.....ගෑනු ඇයි අප්පා මෙච්චර කැරපොත්තන්ට බය...පිරිමි පූසන්ට බය වගේ ඇති.....

    ReplyDelete
  6. මාත් කැරපොත්තන්ට බයයි නෙව.බය නිසා ඌ පියාබන්න ගත්තාම ට්‍රයි කරන්නෙ කොහොම හරි උගෙ සිහිය නැති කරලා එලියට දාන්න.

    ReplyDelete
  7. @ ඔබා
    මූන කචල් පු# සුරතල් කියල කෙල්ලෙක් අපේ බැච් එකෙත් හිටිය. පස්සෙ අපි කෙටියෙන් කිව්වෙ පු# සුරතල් කියල:))

    @මිගාර
    හැබැයි මිස් ගහල තියෙන්නෙ ඇසින්දුටු සාක්ෂි නැතිව.

    ReplyDelete
  8. @ ඉඳුනිල්: පොතේ ගුරු මිස් කෙනෙක්. හැක්, හැක්!

    @ Observer: කොට්ටෙන් ගහන අපෙත් සර් කෙනෙක් හිටිය. අපේ සත්තු ඊළගට කලේ කොට්ටෙන් ගහද්දිම "dive" කරල කොට්ටෙ උඩ "පන්දුවක්" විදියට ගැනිල්ල. සර් ටික දවසකින්ම ගැහිල්ල නැවැත්තුවා.

    @ වර්ණා, නිසූපා: ජනගහණයෙන් 8% - 10% විතර මේ වගේ "ෆෝබියා" තත්ත්වයන් තියෙනව

    @ රාජ්: අවුරුදු ගාණක් අපි වගේ වනචර කොල්ලන්ට උගන්නපු මිස්ලා අපි හැරෙන කොට වෙන්නෙ මොකද්ද කියල දන්නවා.

    ReplyDelete
  9. @ Anonymous,
    අ.පො. ස. සා. පෙ. කොලේ නාකි වෙලා නෙමේ බොල

    ReplyDelete
  10. අපේ ගෙදර පිරිමිත් ඔවුන්ට බයයි
    http://emailkavikaari.blogspot.com/2011/06/blog-post_12.html

    ReplyDelete