Friday, December 23, 2011

බම්බා


මේ බම්බා බූ බම්බා නම් නෙමෙයි. බම්බා කිව්වෙ අපේ කෘෂිකර්ම ගුරුතුමාට. ආසලේ හිටපු ජ්‍යේෂ්ඨතම ගුරුතුමෙක්. කොච්චර ජ්‍යේෂ්ඨ ද කියල කියනව නම් (කට කහන දුමී ගෙ කිංචා වගේ) බඩා ගේ නැන්දා පළමු පත්වීම අරන් පාසලට එද්දිත් (අවුරුදු 40කට විතර ඉස්සර මයෙ හිතේ), බම්බ අම්බානක ජ්‍යේෂ්ඨයි. හැබැයි කෘෂිකර්මය උගන්නන්න කියාපු ගුරුතුමා. හැම දේම මූලධර්මය විතරක් නෙවෙයි, ඒක කරන හැටි හිටන් කියල දුන්න. මේ හින්ද අපට බොහොම ලස්සන කෘෂිකර්ම ඉඩමක්, එහෙම නැත්නම් ගෙවත්තක් තිබුණ. හැබැයි බම්බ නම් කොහොමටවත් කැමති නෑ මනුස්සයට බම්බ කියනවට. බම්බ තරමක් ස්ථූල ශරීරයක් තියෙන අලස විදියට ඇවිදින, රවුල උඩට කරකවල ඉන්න චරිතයක්. හැබැයි ජේ.ඕ.සී. එකේ බෝම්බෙ පිපුරුණු දවසෙ නම් බම්බ කකුල් දෙකට වැඳ වැඳ දිව්වෙ බෙන් ජොන්සන්ටත් වඩා හයියෙන්. මේ කතාව සිද්ධ වුණේ බඩා දහවැනි වසරේ ඉන්දැද්දී. පියරත්න කියන්නේ බම්බගේ අග්‍ර ගෝලයා. (බඩා එක්ක බම්බ ෂේප්, ඒත් වත්තේ වැඩට හොර නිසාත්, හොර කුරුම්බ කඩපු බවට පැමිණිලි තිබුණු නිසාත් බම්බ එච්චර බඩාව ළඟට ගත්තෙ නෑ). පියරත්න උස මහත දැවන්ත ශරීරයක් තියෙන කෙනෙක්. රාජකීය විද්‍යාලයේ බොහොම සුප්‍රසිද්ධ නේවාසිකාගාර වාසියෙක්.

ඉස්සර පාසල් වල ගුරුවරුන්ගේ ඉගැන්වීම් පරීක්ෂා කරන්න අධ්‍යාපන නිළධාරීන් එනව. සුපුරුදු විදියට බම්බගේ වැඩ බලන්නක් කෙනෙක් ඇවිත්. (අධ්‍යාපන නිළධාරීතුමාත් බම්බගෙ ගෝලයෙක් කියල කවුද කිවුව!). ගෝලයෝ රොත්තම පිරිවරා ගත්තු බම්බත් ආඩම්බරයෙන් අපි හදපු පාත්ති එහෙම පෙන්නනව. හදිස්සියෙම නිළධාරී තුමා අහපි "පශු පාලනේ එහෙම කරනවද?" කියල. බම්බා උජාරුවෙන් කියනවා, "අපි හොස්ටල් එකේ හරකෙකුත් හදනවනෙ" කියල. ඒ එක්කම බම්බ කියපි "මේ පියරත්න, පොඩ්ඩක් මෙහාට එනවකො" කියල.

අධ්‍යාපන නිලධාරීතුමා, අනෙකුත් නිළධාරීන් අතින් කටවල් වහගෙන හිනා ගිල ගද්දී, අපේ බඩවල් නෑ හිනා වෙලාම.

17 comments:

  1. හප්පේ පියරත්න ගේ කාඩ් කුඩු නේ !!!

    ReplyDelete
  2. හතර හිනා : D

    පසුව ඇති වුන අදහසක් -
    බඩාත් පොඩිම සයිස් එකෙක් නෙමේනෙ. බම්බට හොර කුරුම්බ කේස් වලට නෝන්ඩි වෙලත් හිටිය නං.......පියරත්න නිකම්ම ආදේශිත චරිතයක්...එහෙමත් නැත්තන් මේ පොස්ට් එකේ ගරු රඟපෑමක් කරනව වත්ද බඩා වෙනුවට?

    ReplyDelete
  3. බඩා හොස්ටල් වාසියෙක් නෙවිනෙ. අනික බම්බ පියරත්නට කතා කරන්නෙ අවංක අදහසින්. අපි තමයි අවස්ථා සම්බන්ධය වෙනස් කරල ආතල් එක ගත්තෙ.

    ReplyDelete
  4. බම්බා ගැන රස කතා ගොඩා........යි. දැනට මම කටයා ගැනයි කඩලේ ගැනයි ලිව්වා. බම්බා ගැනත් ලියන්නම්.

    ReplyDelete
  5. Kadale - http://maathalan.blogspot.com/2011/10/kadale.html

    Kataya -
    http://maathalan.blogspot.com/2010/06/dp-deputy-principal-kataya.html

    ReplyDelete
  6. බඩා කියන නම ඇහෙත්දි මට නිකම් පුරුදුයි පුරුදුයි වගේ. හෙක්... හෙක්... අපේ කට්ටිය දැක්කොත් හිතයි බඩා මාමාගේ කථන්දර ලියන්නේ මම කියලා.

    ReplyDelete
  7. @මාතලන්: මම නම් 1996 කණ්ඩායමේ. ‍ඔය කියපු අය මට මිස් වුණා මගෙ හිතේ. මාතලන් 1990 විතර කිට්ටු කණ්ඩායමක වෙන්න ඇති.

    ReplyDelete
  8. අනේ පව් පියරත්නයා....:))))

    ReplyDelete
  9. එහෙනම් පාත්ති වලට ගොම වලිනුයි, ඉස්කෝලෙ කට්ටියට කිරි වලිනුයි අඩුවක් නොවෙන්න ඇති.....

    නියමයි, ඔය වගේම කතාවක් මටත් මතක් උනා.... (හැබැයි කවදා ලියවෙයිද දන්නෙ නෑ... මගේ ෆියුචර් ලිස්ට් එකට දැම්මා )

    ReplyDelete
  10. අපොයි මේ බඩා මාම අර අහිංසක පියරත්නයටත් කොරපු නව නින්ගිරාවක්. ඔය වගේ අවස්ථා සම්බන්ධ වෙනස් කිරිලි පිටිපස්සෙන් හැමදාම හෙවනැල්ලක් වගේ හිටියේ බඩා ම තමයි. චීටටත් මතක් වෙනවා බඩා මාම ක්ලාස් යන කාලේ කොරපු ඔයිට සෑහෙන්න එහා වැඩ. (හැබැයි බඩෝ බම්බා මාතෘකාව දැක්ක හැටියේ චීටට හිතුනේ අපිත් එක්ක ක්ලාස් ගිය බම්බට ගහපු මඩක් කියල).
    @ මාතලන් 84 කියන්නේ දෙයියනේ අපි ඉස්කෝලේ යන්න පටන්ගත්ත කාලේ නෙව. ඒ කාලේ චීටයි බඩා මාමයි දෙන්නම හිටියෙත් වෙන ඉස්කෝලෙක.

    ReplyDelete
  11. @ Observer, නිසූපා, පූසා, වෙදනා: බොහොම ස්තූතියි.

    @ චීටා: පොඩ්ඩක් හිටපන් කොල්ලෝ උඹේ තෝම්බුවත් මං ඇදල ගන්නකම්!

    ReplyDelete
  12. අනිත් ඔක්කොම පැත්තකට දාමුකෝ . . . . මාතලං ඉස්කෝලෙං අවුට් වෙද්දි මිගාර දෙක වසරෙ . . . හපොයි නාකි මාතලං

    ReplyDelete
  13. අප්පා අපෙත් හිටියා නෙව කුරුසිකර්මයට අපූරු ගුරුතුමියක් නම තමා "ගෙඩි අම්මා"...දැක්කත් ඇති පළාතටම කිරි උතුරනවා ඒ තරමට සීදේවි...

    @ ඕනයා...

    අන්න වැදගත්ම දේ...

    ReplyDelete
  14. අනේ ඔය බම්බා( ජගත්ප්‍රේම ) සර් නැතිඋනා ටික කාලෙකට කලින් 2004ද කොහෙද........ එතුමාට නිවන් සුව.....!!!!!!!!!!!!!

    ReplyDelete