Saturday, December 24, 2011

ෂොට් මචං!


වෛද්‍ය පීඨයේ ඉන්න කාලේ අපි නිතරම කරන වැඩක් තමයි කැරම් ගහන එක. බොහොම හොඳට නඩත්තු වෙන කැරම් බෝඩ් තුනක් පීඨයේ තිබුණ. බෝරික් පව්ඩර් හෙම ගෙනාවේ කිලෝ ගාණට. මේ හින්දම හොඳ කැරම් ක්‍රීඩකයෝ ටිකකුත් බිහිවෙලා හිටියා. කොටින්ම විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් 90%ක්ම හිටියේ වෛද්‍ය පීඨයෙන්. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමෙන් භාගයකට වැඩිය හිටියෙත් කොළඹ මෙඩ්ඩොම තමා. මේ කැරම් බෝඩ් එක කියන්නේ රස කතා උපද්දන තැනක්. මෙතන "පොර ටෝක්ස්" දීම ජයට කෙරෙන තැනක්. තමන් ඊලඟට ගහන්න යන පාර ගැන "ටෝක්ස්" දෙන අය බොහොම හිටියා. පාර වැරදුණොත් ඉතින් කිචේ තමා. ඒත් හරිගියොත් නයි යන්නේ හතර වටේ. බඩා පීඨයට ආවේ කැරම් ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව. ඒත් හතර වෙනි වසරට එන කොට පීඨයේ "Top 20" කැරම් ක්‍රීඩකයන් අතරට බඩාට එන්න පුළුවන් වුණා. කැරම් කියන්නේ වෛද්‍ය පීඨය ඇතුලේ උන්මාදයක්. රෑ 12.00 පහු වෙලත් කැරම් ගහන කට්ටිය එමට හිටියා.

බඩා ගේ ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ හිටපු "බල්ලා" මේ විදියටම තද කැරම් ලෝලියෙක්. අපි හතර වෙනි වසරේ විභාග ඉවර කරද්දී බල්ලා අවසාන විභාගයට ලෑස්ති වෙනවා. ඒත් පාඩම් කරන කොටත් බල්ලගෙ හිත තියෙන්නෙ කැරම් බෝඩ් එක ගාව. කොහොමෙන් කොහොමෙන් හරි දවසක බල්ලා බඩා එක්ක සෙට් වුණා කැරමක් ගහන්න. බඩයි, බල්ලයි එක පැත්තෙ. අනික් පැත්තෙ හිටියේ සුදු පුතයි, ගිණි කූරයි.

කැරම් ගහන අතර තුරේ බල්ලට දුරකථන ඇමතුමක් එනව කෙල්ලගෙන්. "ඔවු මෙයා, මම පාඩම් කරනව" කියල බල්ල කියන්නේ රෙඩා වළට කපන ගමන්මයි. කොහොම හරි බල්ලට රෙඩා දාගන්න බැරුව බඩාගේ පැත්තේ නවතින්නේ බඩාට අතේ හිටිය ඉත්තෙකුත් ගහන්න බැරි තැනකට තල්ලු කරගෙන. බල්ලා තවමත් කෙල්ල එක්ක කතාව. රෙඩා දා ගෙන හිර වුණ ඉත්තා ගහ ගත්තොත් තරඟය ඉවර බව බඩාට තේරුණු නිසාත්, ගිණි කූරට තරඟය ඉවර කරන්න බැරි විදියට ඉත්තො තියෙන නිසාත්, අවදානම් පාරක් (එහෙම නැතිනම් අපේ භාෂාවෙන් "එම්බ්‍රොයිඩර්" පාරක්) ගහන්න බඩා තීරණය කලා. ඒ රෙඩා වළට යන ගමන් ඩිස්ක් එක වැදිලා බඩා ගේ ඉත්තා ගහන්න පුළුවන් තැනකට ගන්න. ඔන්න ඉතින් බඩත් එහෙම ක්‍රීඩා කලා. පොට්ටෙට වගේ ගහපු පාර හරියටම හරි ගියා. කෙල්ල එක්ක දුරකථනයෙන් කතා කර කර ඉන්න බල්ලට කියවුණා "ෂොට් මචං, ෂොට්!" කියල.

එදායින් පස්සේ සතියක් විතර අපි බල්ලව දැක්කෙ නෑ!

18 comments:

  1. "ෂොට් මිගාර, ෂොට්!"
    හප්පා, කැරම් කිව්වම ඉස්සර අපිටත් පිස්සු.
    ඕ.ටී. දාගෙන රෑ එළි වෙනකන් කැරම් ගහපු දවස් තිබ්බ, කුරුණෑගල වැඩ කරපු කාලෙ.

    ReplyDelete
  2. අපෝ කැරම්ද?? තනිකර පිස්සුනෙ ඒ කාලේ. ඕවගේ කථා අපමණයි. එහෙනන් ෂොට් ඈ..

    ReplyDelete
  3. ආ මටනම් කැරම් ගහන්න දන්නෙ නෑ ගහනව බලන් නම් ඉන්නව.:)

    ReplyDelete
  4. ඔව් වැඩිපුර ඉන්නෙ මෙඩ්ඩො තමා,, කැරම් ටීම් එකට සිලේක්ෂන් මැච් තියනකොට කපටි විදියට වැඩිපුර කොල්ලො දාල ගස්සවල මෙඩ්ඩො ටික ඇතුලට ගියා. මතක් වෙනකොටත් මාළු නටනව. හඃ හඃ ෆැකල්ටි ගහනකොට ඒකටත් එක්ක දුන්න.
    අව්රුදු ගානකින් බෝඩ් එකක් ඇල්ලුවෙ නෑ. කියන කොටත් ආසයි.

    ReplyDelete
  5. අම්මෝ අපිත් කරම ගහනවා ඉස්සර ,, හිහි, දැන් නම් අමතක වේගෙන යනවා.කොයින්ද වෙලාවක්.

    ReplyDelete
  6. අපි නොදන්න චෙස්

    ReplyDelete
  7. පෙර පරිදිමය.තාමත් අපි ඔය කියපු විදිහට කෙල්ලන්ට බොරු කියාගෙන, පච හලාගෙන, කයි දීගෙන, නිදි මරාගෙන, පව්ඩර් නාගෙන, නොකා නොබී කැරම් ගහනවා.

    ReplyDelete
  8. අපි කියලා වෙනසක් නැත!

    ReplyDelete
  9. ඔතන බිලියඩ් මේසෙකුත් තිබුණා ඒ කාලේ.

    වෙන කිසිම විශ්ව විද්‍යාලයක මං දැකලා නෑ බිලියඩ්!

    ReplyDelete
  10. @ ඔබා: එතකොට ඕ.ටී. කැරම් වලට! හරි, හරි, කැරම් ගහන එක අමාරු වැඩක්නෙ.

    @ වෙද ගෙදර මහ වෙදනා: ෂොට්ද කියල අහන්නේ!
    @ නදී: මමත් එහෙම තමයි මුලට හිටියේ. පස්සේ දන්නෙම නැතුව පුරුදු වෙලා!

    @ දූපත් වැසියා: ඒ කියන්නේ අපි පැරදිච්ච කාලත් තිබුණ?

    @ වර්ණා: ලේසියෙන් අමතක වෙන්නේ නැති එකක් තමයි කැරම්

    @ මාතලන්: අපිත් දන්නවා!

    @ දිනුක ජයකොඩි, සබීත්: ඒක මෙඩ්ඩන්ගේ මාලු වලම තියෙන පුරුද්දක්

    @ කතන්දර: තවමත් ඒක තියෙනවා. ඒකත් රස කතා උපද්දන තැනක්.

    ReplyDelete
  11. විබාගෙ දවස් වල කෙල්ලට පච හලාගෙන කැරම් ගහනව තරං සොමියක් තව කොහෙද ????

    ReplyDelete
  12. මොකක්ද වෙලා තියෙන්නේ බල්ලට මොනවත් කරදරයක් වෙලාවත්ද

    ReplyDelete
  13. හප්පා..කැරම් ගහද්දී කියුං බැරිනං කැරම් ගැහිල්ල ලේසි නැහැ... අනිත් පැත්තේ උන්ව මානසිකව වැටිලා අත පය කැඩෙන්නම කියුං කියලා තමා ඉස්සර අපි පටන් ගන්නෙත්... ගමේ මලගෙවල්වල කප් ගහලා හිටිය කාලයක් තිබුනා නෙව මටත්... ඒ කාලේ ඉතිං කැරම් ගැහීම වගේම කියුං වලින් ගැහිල්ලත් ගජරාමෙට කලා..
    අහල තියෙනවද කැරම් කැකුළාවල ගැන..අර එක පාරක් ක්‍රීඩා පත්තරෙත් ගියේ...

    ReplyDelete
  14. අපිත් හොස්ටල් එකේ කැරම්ගැහුව තදින්ම. මිගාර කියල තියන විදියටම අපෙත් තිබුනෙ කැරම් උන්මාදයක්. රෑ දෙකට විතරත් කැරම් ගහනව. දවසක් මාතර ෆාමසියකට ගිහිල්ල බෝරික් කිලෝ එකක් ඉල්ලුවම දෙන්න බෑ කිව්ව. පස්සෙ කැම්පස් එකේ අයිඩී එක පෙන්නල ‍කිව්ව රසායන විද්‍යාවෙ ප්‍රැක්ටිකල් එකකට ගන්න කියල. එහෙමයි අපි බෝරික් ගත්තෙ. බෝරික් වලට ෆන්ඩ් එකකුත් අපි පිහිටවල තිබුන.(ඒක නං හැමදාම හිස්). ඉත්තො 9කින් පැරදුනොත් ඒ දෙන්නගෙ නම් බිත්තියෙ ලියවෙනව.(ඒක ඒකාලෙ ක්‍රිඩකයන්ගෙ තද කළුපැල්ලමක්). මට මතකයි එක සැරයක් දෙන්නෙක් පැරදුනා ඉත්තො 9යි ණය එකකුත් එක්ක.

    ReplyDelete
  15. @ රාජ්: අපේ ඔහොම ලියන්නේ කෙල්ලො දෙන්නෙක්ට කොල්ලො දෙන්නෙක් පැරදුණොත්. බඩා ගෙ නමත් ඔතන තියෙනව! හැබැයි "9 on the board" ගහලත් කීප සැරයක්ම බඩා දිනල තියෙනව.

    ReplyDelete
  16. Kawda yako sudu putha kiyanne? ballanam Mage Honda yaluwa. Thamath ganita bayai

    ReplyDelete
  17. @Kaluwa: සුදු පුතා කිව්වම තේරෙන්නෙ නැද්ද ඌ අම්බානක කලු එකෙක් කියල. අපි මිනිස්සුන්ගෙ අඩු පාඩු වලට හිනා වෙන්නෙ නෑ නෙ?

    ReplyDelete