මේක විශ්ව විද්‍යාල සන්දියේ වෙච්ච අකරතැබ්බයක්. කොලඹ වෛද්‍ය පීඨය තියෙන්නෙ කින්සි පාරේ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය කිට්ටුවම තමයි අපේ පිරිමි නේවාසිකාගාරය වෙච්ච බ්ලොම්ෆොන්ටේන් එහෙම නැත්නම් බ්ලොම් එක තියෙන්නෙ. වෛද්‍ය ශිෂ්‍යයෝ විදියට අපිට පාඩම් වැඩ බොහොම තිබුණ. ඒ නිසා ජනේරුවට අපි හිටියෙත් නේවාසිකාගාරයේමයි. දෙසම්බර් 31 වෙනිදා රෑට බ්ලොම් එකේ හොඳ හොඳ සෙල්ලම් කෙරෙනවා. බ්ලොම් එකට මීටර 500 විතර දුරින් තියෙන්නේ හමුදාවේ කාන්තා නේවාසිකාගාරයක්. එතන කෙල්ලෝ එක්කත් ලස්සන වැඩ වෙනවා. හැබැයි මේ කතාව වෙන එකක්.
දෙසැම්බර් 31 දවසේ රාත්‍රිය අපි පාටියක් දාන තීරණය කලා. මමයි, කොටියයි, ජොරයි, නිගණ්ටයයි කියන හතර දෙනා තමයි පාටියේ හවුල් කාරයෝ. කින්සි පාර දිගේ ඇවිදගෙන අපි බොරැල්ලට යන්න ගත්තේ ඊ.ඒ.පී. බාර් එකට. මෙන්න හදිස්සියෙන්ම අපි දිහාවට බුරාගෙන පණිනවා දඩෝරියෙක්! මූ එසේ මෙසේ දඩොරියෙක් නෙවී, ආච් බිෂොප් ගේ බල්ලා! (ආච් බිෂොප් නිල නිවස තියෙන්නේ කින්සි පාරේ). මූ ආච් බිෂොප් ගේ හයිය අරන් ද කොහෙද හැමදාම අපි ලඟින් ගියත් බුරනවා. බඩාට මේ වෙලාවේදී විශේෂයෙන් ම මල මේ බල්ලා ගැන. ඉතින් තරහින් පුපුර පුපුර යන බඩාට බොරැල්ල හන්දියේ චීන පටස් වගයක් විකුණන්න තියෙනවා දැකලා එයින් කීපයක් ගන්න හිතුනේ "නින්ජා ගේමක" සටහනකුත් හිතේ ඇඳගෙන.
ඔන්න ඉතින් අපි ඊ.ඒ.පී. ගිහින් ඇඟ රත් කරගෙන කෑම කාලා එහෙම එන්න ලෑස්ති වුණා. ජොරා බොන්නේ නෑ. ඌ බයිට් ඉවර කරනවා (ඒ ගැනත් කතා තියෙනව!) විතරයි. කොටියටයි, නිගන්ටයටයි දැන් පදම්. මට මද පමණට. වැනෙන කට්ටිය වැනි වැනී, පැද්දෙන කට්ටිය පැද්දි පැද්දී අපි ආයෙත් ගමන ආවා. ඊ.ඒ.පී. හන්දියේදී මෙන්න නිගන්ටය කියනව "යකෝ මට චූ බරයි" කියල. මේ පාර් මද්දේ කොහෙන් වැසිකිළි හොයන්නද? ටිකක් ඉවසලා ඉන්න කිවුවත් මූ ඉන්නේ නෑ. කොහොම හරි නිගන්ටයයි, කොටියයි දැන් මූණට මූණ බලන් පාර මැද ඉඳන් මුත්‍රා කරනව. වෙලාව රෑ 12.30. පාරේ බලු බල්ලෙක් නෑ (වැරදුණා! ආච් බිෂොප් ගේ එකා ඇරෙන්න). මේක දැකපු බඩාට ආයෙත් නින්ජා කල්පනාවක් එනවා. හෙමින් සැරෙ චීන පටස් එකක් අරගත්තු බඩා මූණු බලන් මුත්‍රා කරන දෙන්න අතර මැදින් පාරේ දමල ගහනව. චීන පටස් එක පුපුරද්දී කලබල වෙන නිගන්ටයයි, කොටියයි චූ යද්දීම අහවල් එක කලිසම ඇතුලට දමා ගන්න දරන උත්සාහයේදී කලිසමේම මුත්‍රා පහ කර ගන්නව.
කොහොම වුණත් තමන්ට මේ සන්තෑසිය කලේ බඩා කියල දැන ගත්තු දෙන්නම එනවා බඩාට ගහන්න. (මුන් දෙන්නා සිහියෙන් හිටියා නම් බඩාට ගහන්න තුන් හිතකින් හිතන්නේ නෑ. ඒත් මුන්ට වෙරිනේ). ගහන්න එන්නෙත් යාළුවෝ, උන්ට ගහන්නත් බැරි නිසා බඩා කලේ කකුල් දෙකට වැඳලා දුවන්න ගත්තු එක. ඒත් මීටර් කීපයක් දුවද්දී පාරේ සිමෙන්ති ගැට්ටක කකුල හප්ප ගන්න බඩා බිම වැටෙනව. කකුලේ නියපොත්තක් බාගෙට ගැලවිලා එල්ලෙනවා. ලේ හෝ ගාල ගලනවා. පුරුෂ ධෛර්ය හිතට ගත්තු බඩා ලේන්සුවෙන් තුවාලය ගැට ගහගෙන කොර ගගහ කින්සි පාර දිගේ එනව. බඩාට ආයෙත් මල පන්නවමින් ආච් බිෂොප් ගේ බල්ලා බුරාගෙන පණිනවා. බඩත් ඉතින් චීන පටස් එකක් ඇදල අරන් බල්ල ඉස්සරහ ගහන්නේ බල්ලගේ අම්ම මතක් කර කර. චීන පටස් එකට බය වෙන දඩෝරියා කූඩුවේ හැංගිලා වෙවුලනව පෙනෙද්දී අමාරුවෙන් අපි හිනා වුණා. දැන් කට්ටියගෙ වෙරි හිඳිලා, මොකද බඩාට තුවාල නිසා. හදිසි අනතුරු අංශෙට ගිහින් නියපොත්ත ගලවලා බෙහෙත් දාගෙන බඩා බ්ලොම් එකට ඇවිත් නිදා ගත්තා. බඩා පහුවෙනිද උදේ ඇහැරෙන කොටත් නිගන්ටයයි කොටියයි නිදි. ඇඳ පැලඳගෙන දේශන වලට ගියාම මට කෙල්ලෙක් චිට් එකක් දෙනවා. "ඔයා මොකද මරූටි වලට පයින් ගහලා තුවාල කරගන්නෙ?" කියල ඒකේ තියෙනව. ජොරා හෙමින් සැරේම ඇවිත්, බඩාට වෙරි වැඩිවෙලා ගිණි පෙට්ටියක් කියල මරූටියකට පයින් ගැහුවාය කියල බැච් එකම ගිණි තියල!

මරන්ඩ වටිනවනෙ ජොරාව.
ReplyDelete[පොස්ට් පබිලිස් වෙන ස්පීඩ් එකට කියවන්න, කොමෙන්ට් දාන්න වෙලා නෑ වගේ...හෙහ්...හෙහ්....හෙහ්..]
දැන් කතාවේ හැටියට ඔබ තුමාට කිසිම දෙයක් වෙලත් නැහැ,කිසිම දෙයක් කරලත් නැහැ. ඒ කියන්නේ එතන හිටපු හොඳම කෙනා. :D
ReplyDeleteඇයි නියපොත්ත ගැලවිලා මාසයක් කාපු කට්ටම මදි ද? ඇයි අර කතාව නිසා වෙච්ච නව නිංගිරාව?
ReplyDeleteමෙන්න හොඳ බබෙක් (බෙබෙක් නෙවේ හොඳේ...).. අනිත් අය කරන දේවල් බලන් ඉඳලා අත් දෙක බැඳගෙන.... :)
ReplyDeleteඅර ආච් බිෂොප්ගෙ බල්ල ඊට පස්සෙ බිරුවෙ නැද්ද...?
අඩෝ බඩෝ..බොනවා වගේ බොරුවට පෙන්නලා අනිත් උන්ව අන්දලා උන්ව බයිට් කොරන්න යනවට හොඳ වැඩේ උඹට. නියපොත්ත නෙවයි ගැලවෙන්න තිබුනේ. හැබැයි කන්නාඩි ගැලෙව්වම මරුටියකින් ගිනිපෙට්ටියක් වෙන් කරලා අඳුරගන්න බැරි එක නම් ඇත්ත.
ReplyDelete@ මියුරු: අත් දෙක බැඳගෙන නම් බලා හිටියෙ නෑ. සමහර විට වෙරි නැතුව හිටිය නම් නියපොත්ත බේරෙන්නේත් ඉඩ තිබ්බා. ආ ආච් බිෂොප් ගේ බල්ලා එදා ඉඳන් රෑට බුරන්නෙම නෑ. දැන් අළුත් එකෙක් ඉන්නවද කොහෙද. ඒත් රැට පයින් ගමන් නැථි නිසා බුරනවද කියල දන්නේ නෑ
ReplyDelete@ චීටා: පොඩ්ඩක් හිටපන්කෝ චීටෝ, උඹ ගැනත් කතා කීපයක්ම තියෙනවා. උඹත් එක්ක පන්නිපිටියේ පන්ති ගිහිපු කාලේ හොඳ කතා තියෙනව.
විශ්වාස කරන්න බොස් අපේ ඉස්කෝලෙ එහා පැත්තේ තිබ්බේ පල්ලියක්! ඕකෙ පියතුමාගේ නිල නිවසත් ඔතනමයි!ඕකෙ බල්ලත් ඔහොමමයි!මෙලෝ රහකට නැති එකෙක්! ඔය බල්ලො ඔක්කොම එකම ජාතියෙම උන්ද මංදා!
ReplyDeleteහික් හික් අර්ච් බිෂොප් ගේ බව්වා කියලා උට වෙනම නීති නැහැනේ. හොද වැඩේ ඕකාට. හැක හැක හැක
ReplyDeleteබඩා හොඳ වෙලාවට තමයි කකුල හැප්පුනේ සිමෙන්ති කණ්ඩියක කියලා දැන ගත්තෙ. නැත්නම් අපිත් අර ජෙරා කියන කතාව විශ්වාස කරනවනේ....!
ReplyDeleteහැබැයි ඉතිං සයිස් එකේ හැටියට මරුටියකට ගැහැවුවනං ඔච්චර ඩැමේජ් නැහැ කකුලට...
ReplyDeleteහප්පා....
ReplyDelete