Friday, December 16, 2011

මීයා ඇල්ලීම


මේක සිද්ධ වුණේ අපි සරසවියට ආ අළුතම වගේ. ඔය සමහර කට්ටියට වගේ නෙවෙයි, වෛද්‍ය සිසුන්ට නේවාසිකාගාර හම්බ වෙන්නේ ජ්‍යෙෂ්ටත්ව අනුපිළිවෙල අනුව. ඒ නිසා ෆ්‍රෙෂාලා කාලේ අපි නතර වෙලා හිටියේ පුද්ගලික නවාතැන් පොළවල්වල. මේ බෝඩිම් ජ්‍යෙෂ්ටයන්ගෙන් කණිෂ්ටයින්ට යන විදියට තමයි තියෙන්නේ. ඒත්, ජ්‍යෙෂ්ට (උත්තම) යින්ට නේවාසිකාගාර හම්බ වීමත්, අපේ කණ්ඩායම පටන් ගැනීමත් අතර මාසයක් හමාරක් විතර ඉඩ තියෙනව. මේ කාලෙට ඔය බෝඩිම් වහල තියෙන්නේ. සමහරක් ඒවා අළුත්වැඩියා කරන්නත් ඔය කාලෙට.

කොහොමහරි හොරණ පැත්තේ ඉඳල එන අපේ මිත්‍රයාත් ගියේ කාලයක් වහල තිබුණු බෝඩිමකට. හැබැයි අපේ මිත්‍රයාට කලින් කෙනෙක් ඒකේ පදිංචි වෙලා. එසේ මෙසේ එකෙක් නෙවෙයි, මේකා මහ අමාරුකාර  මීයෙක්. මූ කන්නෙම වෛද්‍ය පොත් පත්ම තමයි. (ගිය ආත්මේ දොස්තරෙක්ද මන්දා?). ලොකු පත්තර කොල ගොඩක් ඌටම කන්න වෙන් කරල තියල තිබුණත් මේකා කන්නෙම් කනිංහැම්, ලිපින්කොට්, කුමාර් ඇන්ඩ් ක්ලාක්, බේලි ඇන්ඩ් ලව් වගේ පොත්මයි. පොත් කාලා නිකම් හිටිය නම් ඇති, කාපු තැනම පහරලා යන්නත් මූ රුසියා. (කාව හරි මතක් වෙනවා නේද?) මේ මීයා දවසක් අපේ මිත්‍රයාගේ කකුලේ නියපොත්තකුත් කාලා! ඔතෙන්දි තමයි අපේ මිත්‍රයා හිතුවේ මීයා ගැන "පියවරක්" ගන්න. (අර සමහර හාමුදුරුවරු ඇබිත්තයට කියනව වගේ, "කොලුවෝ ඔය මීය ගැන මොනව හරි කරල දාපං")

අපේ මිත්‍රයා ඉතින් කඩේ ගිහින් ලොකු මී කතුරක් අරන් ආවේ මීයට දෙන්නම් ජම්බු කියාගෙන. මීයා මී කතුරට බෙල්ල දීලා සිරිසඟබෝ වෙන්නේ නැති බව අපේ මිත්‍රයට මතක් වුණේ ටික වෙලාවක් ගිහින්. ඒ නිසා ඇමට මොනව හරි තියන්න කල්පනා කළාලු (ජම්බු දුන්නට කන එකකුත් නෑ). මේ මීයා සුද්දන්ගෙම පොත් කන නිසා, මූ සුද්දන්ගෙ කෑමත් කනව ඇතියි කියල හිතපු අපේ මිත්‍රයා කඩෙන් චීස් පෙත්තක් ගෙනාවේ හරි හිතේ අමාරුවෙන්. (අපේ මිත්‍රයා කුණු ලෝබයා). උදේ ගෙනාපු චීස් පෙත්ත පරිස්සමින් ඔතල තියල මිත්‍රයා දේශන වලට ආවේ රෑට මීයට දෙන්නම් කියල හිතාගෙනම.

දෙශන ඉවර වෙලා බෝඩිමට ගිය අපේ මිත්‍රයාගේ අස් උඩ ගියේ වෙච්ච සංගෙඩිය දැකලා. වෙනදට කනිංහැම් එක කන මීයා මේ සැරේ ඇමට තියන්න ගෙනා චීස් පෙත්තටම වැඩේ දීලා තඩි බෙට්ටකුත් මේසේ උඩ දාල ගිහින්!

ඔය මීයට පිං සිද්ධ වෙන්න අපිට අපේ මිත්‍රයාට ගහන්න නොමිළේම කාඩ් එකකුත් හම්බ වුණා.

18 comments:

  1. හපොයි ඔය මීයෝ.. දැන් ඉන්න මීයෝ මී කතුරු, මී පෙට්ටි වලට අහු වෙන්නෙම නෑ.

    ඒත් ඉතින් හැම මීයමත් එහෙම නෑ නේද ?

    ReplyDelete
  2. දැන් 'දිවියෙක්' කියා ගන්න සතා එහෙම නෙමේ නේද 'මීය' කියල කාර්ඩ් එක අයිති කොරගත්තෙ?

    ReplyDelete
  3. අදනෙ දැක්කෙ මේ කතා ටික....
    අපූරුයි.... ගී රස විනිසත් උපරිමෙන් රස වින්දා..

    ඇල්කෙමියා.

    ReplyDelete
  4. මරු මරු මමත් ආවා ඔන්න මේ පැත්තට.

    ReplyDelete
  5. @Observer:

    මම දන්න විදියට ඔය දිවියා කරන්නෙ දත් ගලවන එක. දිවියගේ වෙනම කතා තියෙනවා. ඔක්කොම කතා 75ක් විතර දැනට තියෙනවා. එකින් එක කියන්නම්

    @ ඉඳුනිල්: ඔව් ඔව්, ඒක ඇත්ත. ඒත් පෙට්ටි කඩා ගෙන යන මීයොත් ඉන්නව

    @ ඇල්කෙමියා: ස්තූතියි!

    ReplyDelete
  6. 'අන්තිම පේලියේ' කොමෙන්ට් වලින් 'දිවිය' ඔය සයිඩ් එකේ සතෙක් කියල අනුමාන කළා, ඒත් හරියටම ස්පෙෂලිටි එක දැනන් උන්නෙ නෑ.දැන් ඉතින් පරිස්සං වෙන එක හොඳා.

    ReplyDelete
  7. බඩා මාමේ ඔය දිවි වරිගේ සතා ඒ රස්සාව අතැරලා ටිකක් කල් නෙව දැන්. මේ දවස් වල කොරන්නේ ඊට වඩා භයානක වැඩක්. චීට හිතන්නේ බඩා මාම ඒ බව දන්නවා කියල. නොදන්නවා නම් අපේ ඇට කටු රෙපෙයාර් කොරන වෙල් ආඳා දොස්තර මහත්තයගෙන් ඇහුවනම්.

    ReplyDelete
  8. දැන් හැදෙන මියොත් මොලේ ඇති මියෝ.කියවන්නේ එසේ මෙසේ පොත් නේවෙයිනේ

    ReplyDelete
  9. කතා සහ බුවා ගේ මගපෙන්වීම මත පැමිණියෙමි
    නිර්මාණ තුනම (බොග් තුනම.) කියෙව්වෙමි. වින්දෙමි.
    නොවැරදීම නැවත් එමි. ම්. .ම් . . . . . . .
    කවි ටික නම් මාර රසයි. .

    ReplyDelete
  10. card eka me bettada?

    ReplyDelete
  11. අද ආවෙ බුවාගෙ පාරෙන්. හොදයි.

    ReplyDelete
  12. බුවාගේ ම්පාරෙන් ආවෙමි. නැවතද එන්නෙමි.

    ReplyDelete
  13. උගත් මීයෙක් . . මම හිටපු බෝඩිමකත් හිටිය ඇඩ්වාන්ස් ඇක්වාකල්චර් කරපු මීයෙක්

    ReplyDelete
  14. @ ඕනයා: මොකද්ද අර ඇඩ්වාන්ස් ඇක්වාකල්චර් කියල කියන්නේ? අනික මීයා මොනවද කරන්නේ?

    @ රාජ්, වෙදනා, මාතලන්: ස්තූතියි

    @ ඇනෝ: බෙටි කතා හැම තැනම කියන්න බැරි නිසා අපි මීයා කියලම කිව්ව

    ReplyDelete
  15. සමහර විට මම හිතන්නෙ ඒ මීයා මේ වෙනකොට දොස්තර විභාගේ පාස් වෙලා ඇති.....!

    මිගාර මල්ලි, මේ කතා කියවනකොට මටත් කතා මතක් වෙනවා. අපේ කම්පැණියටත් මී කතුරක් නිසා ලොකු පාඩුවක් උනා. ඔන්න මම ඒකත් මගේ ෆියුචර් ලිස්ට් එකට දානවා.

    ReplyDelete
  16. මාර මීයෙක්නේ ඒකා.

    ReplyDelete
  17. වල් මීය මගෙ ඇඩ්වාන්ස් ඇක්වකල්චර් පොතම කාලා . . . පොතේ ගන්න දෙයකට කියල ඉතුරු වෙලා තිබුනෙ බයින්ඩ් එක පැත්ත විතරයි. (මට ඒ පොත ටික කාලයක් තිස්සෙ ඇඳ යට අමතක වෙලා තිබුනෙ)

    ReplyDelete